Followers

Tuesday, April 27, 2021


 දූලි පිරි මහපාරෙ

මාත් එක්ක උඹ උන්නු
එකාලෙ.....
තාම මතකයි මිතුර
අද ඊයේ වාගෙ..
කන්න නැති වේල් වල
අත පා ගත්තු කාසිවල අගේ
උඹෙදැයි මගේදැයි
කිසිම වෙනසක් නැතිව
පෙට්ටි කඩ පෝලිමේ
එක බනිස දෙපලු කර
එක් ප්ලේන්ටියේ පොගාවා
කුස රැවටු ඒකාලේ....
නුඹ හිනැහුනා ඉතින්
මා එක්ක
වගේ වගක් නැතිවා වාගෙ...
මේ එලඹෙනා සති අන්තෙ
ඇගේ අත අරගන්න
නුඹ මැවු ඒ හීන පොදි
මේ දැන් මොහොතක කලින්
හීනයක් කර නුඹ ගියා...
සුදු අසු නොමැති මුත්
මගේ මේ සයිකලේ
ඈ හිඳවන් යන අයුරු...
කොතෙක් කීවාද නුඹ මෙමට
අද උඹ තනිවෙලා
දරකෝටු මිටියක්ව
ලැගේජයෙ ගුලිවෙලා...
හැඩකාර පෝරුව වෙනුවට
දර සෑය ඇති බලා
හෙට නුඹේ පසු පසින්
එන්ට වේදැයි නොදනිමි මිතුර..
නුඹ නොමැති
පාලු වීදියට වැඩිය
නුඹ ගිය දිහා එන්නට
හිත අදී දැන් දැන්ම
ඉතින් ආයුබෝවන් මිතුර
මම එන තෙක් ඉතින්
මගබලන්.......

Monday, April 12, 2021

 #එදා_ගැමිලිය🙂💗ද්


#හිමියෙක්_නැති_ගමන් ❤


එකල ගමන් බිමන් ගියේ බොහෝ විට පා ගමනිනි.


සැමියා නොමැති ව එවැනි ගමනක් ගිය විවාහක කතකට අයුතු යෝජනාවක් ගැමි තරුණයෙකු විසින් කරනු ලබයි.


ඒ මෙසේය.


"අල්ලාගෙන නෙරිය පොටකින් කිම්ද නගෝ 

වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ 

හිමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ

අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ "


තම හිමියාත් නොමැතිව පාළු මග ගිය මේ තරුණිය කළුකුමාරයාට හසුවන්නේ නැත.


 ඒ වෙනුවට ඇය අපූරු පිළිතුරක් කවියෙන්ම සපයන්නීය.


"අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා 

වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හන්දා

බාල මස්සිනා පස්සෙන් එන හන්දා

යඤ්ඤම් අයියණ්ඩි අපේ ගම දුර හින්දා"


ඇය ඉතා අපූරුවට අනතුරෙන් ගැලවෙන්නීය.


ඒ සඳහා අවශ්‍ය වූ තැනේ හැටියට ඇණේ ගැසිය හැකි උපාධි සීයකින්වත් ලබාගත නොහැකි මොළයක් ඇයට තිබිණි.


😓එහෙත් වර්තමානයේ මේ කතාව සිදු වූවා නම් එය අවසන් වන්නේ හෝටල් කාමරයක් තුළදී ය.


ලෝක රටාව දැන් එයයි.


"එයත් එක්ක ගිහින් මට මොනා උනත් කම් නෑ "


මේ බොහෝ යුවතියන්ගේ ආකල්පයයි.


එහි සැබෑ ප්‍රතිඵල දකින්නට එයා එක්ක තරහ විය යුතුය.


ප්‍රතිඵල පසුවදාම අන්තර්ජාලයේ පළවන්නේ තිලංගගේ race by race ප්‍රතිඵල වලටත් වඩා වේගයෙනි.


#දිව_සළු_මොටද ❤


ජන කවියා ගැමි ලියන්ගේ බුද්ධිමත්භාවය නිරතුරුව කවියට නගා ඇත.


ඒ ගැමි ලිය ඉන්නේ අද වෙසෙන මේක් අප් ලියන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.


මේ තවත් එවැනිම සංසිද්ධියකි.


ඇරයුම එන්නේ මේ අයුරිනි.


"බුලත් දෙමැයි නුඹෙ කට තුල පෙවෙන්නට

නාමල් දෙමැයි නුඹෙ වරලස  ගොතන්නට 

දිවසළු දෙමැයි  නුඹෙ තුනු ඉග වසන්නට 

එනවද ළදේ මා වෙත කල් බඳින්නට "


මේ දෙනවා යැයි කියූ දේවල් අතීතයට අදාළ කරගත යුතුය.


සිදුවීම සදාකාලිකය.


💗මොනවා දෙනවා කීවත් ඇය අපේ ඡන්දදායකයා තරම් මෝඩ නැත.


මේ ඇගේ පිළිතුරයි.


"බුලත් මොටද කස්තුරි කපුරු කන මට 

නාමල් මොටද රන්මල් පළඳිනා මට

දිවසළු මොටද රන්සළු පළදිනා මට 

අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට"


ගැමි කාන්තාව සතු හැඳි මිටට එහා ගිය නුවණ නිසා තම නම්බුවත් පවුලත් රැකගැනීමට ඇය සමත් වන්නීය.


 😓අවාසනාව නම් ඇයට පෙනෙන දුරින් කාලක්වත් අද කාන්තාවන්ට නොපෙනීමයි.


අන්තර්ජාලයට ගිය විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටු ගණන් වෙන් වී ඇත්තේ ස්මාට් ෆෝන් ඉදිරියේ සළු පිළි උනා දැමීමට තරම් මුළා වූ කතුන් නිසාය.


ඇතැම් පුද්ගලයින් විසින් කෙසේ හෝ රවටා ගන්නා කාන්තාවන් ගේ නිරුවත රූගත කරන්නේ ඇයටත් හොරාය.


එහෙත් තමන් රූගත කරගත් දෙය එළියට ගන්නට යන්නේ තුන්වෙනි පාර්ශවයක් වෙත ය.


තුන් වැනි පාර්ශවය වැඩේ ඉටුකර මුදලුත් ලබා ගන්නේ තමන්ට ද කොපියක් තබා ගනිමිනි.


මේවා අප වැඩි දුර නොසිතන කරුණු කාරණාය.

Wednesday, March 17, 2021

ලොව පුරා ගිනි යටින් දිය ගෙනියන ඉංදියානු මෘදු බලය හා දේශපාලනය.

     ඉංදියානු රාජ්‍ය මෘදු බලය 



soft power යන්න 1988 දී පමණ සාකච්ඡාවට බඳුන් වූ සංකල්පයකි ජෝශප් නයි මෙන්ම දයා කිෂාන් තුස්සු හා නරේන් චිටිටි මේ පිළිබඳ ගැඹුරු අධ්‍යනයන් කරන විද්වත්හු වෙති. ජෝශප් නායි විසින් ප්‍රකාශ කරන පරිදි,  “මෘදු බලය යනු තර්ජනයකින් හෝ ගැටුමකින් නොව ආකර්ෂණය තුළින් ළඟා කර ගැනීමේ හැකියාවයි. රාජ්‍ය හා විදේශ ප්‍රතිපත්තිය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියද, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට රාජ්‍යයෙන් ස්වාධීනව මෘදු බලය වර්ධනය කර ගැනීමට ද හැකිය.” 

විශේෂයෙන්, අධ්‍යාපන ආයතන දිගු කලක් තිස්සේ ජාතික සීමාවන් ඉක්මවා යන මෘදු බලයේ සැලකිය යුතු ප්‍රමාණයක් රඳවා ගෙන ඇත. දැනුම හුවමාරු කර ගැනීම තුළින් අධ්‍යාපන ආයතනවලට සමාජයේ සහ දේශපාලන ප්‍රභූවරුන් දැනුවත් කිරීම සහ අනාගතය පිළිබඳව බලපෑම් කිරීම සඳහා මෘදු බලය යොදා ගත හැකිය. ඒ අනුව මෙම න්‍යාය හදුනා ගැනීමේදී යුද බලය නොදක්වා එහි පරමාර්තය සාරවත්ව උරා ගැනීමේ අවකාශ අනෙකා වෙත ඇති කරයි. පෙළඹ වීමට හා ආකර්ෂණය කරයි. මෙය ආකල්ප හා අදහස් මත බලපානු ලැබේ. මෙහි දී වඩාත් වටින්නේ අනෙකාගේ හදවත් සහ ආකල්ප දිනා ගැනීමයි. බලය යනු යමක් කිරීමට ඇති හැකියාවයි. අන් අය ලවා යමක් සිදු කිරීමට ඇති හැකියාව බලයයි. බොහෝවිට එය සිදු කරන්නේ බියගැන්වීම මගිනි. නැතහොත් ඒ සඳහා වේතනයක් සිදු කිරීමෙනි. මේ අනුව බලය යනු අණ දීමක් බව අතීතයේ සිදුවීම් හමුවේ හදුනාගත හැකිය. අප ඉදිරිපිට නැතිවිටදීත් අපගේ අණ පිළිපැදීමට සැලැස්වීම අසීරු කරුණකි. දේශපාලන වශයෙන් බලය ව්‍යාප්ත කිරීමට යුද්ධ කරනු ලැබේ. එය hard power වේ. නමුත් soft power යනු බලයෙහි සැඟවුණු සුදු හුණු පිරියම් කල මුහුණතක් වේ.soft power  රැඳී ඇත්තේ අන් අයගේ තෝරාගැනීම් හැඩගැස්වීමට ඇති හැකියාව මතයි. මෙය වක්‍රානුකූල යටි අරමුණු ඔස්සේ ගමන් කරනු ලැබේ. soft power යනු හුදෙක් බලපෑමේ හැකියාවක් පමණක් නොවේ බලපෑම යන්න ය්රා චදඇර මගින් ද කළ හැකිය ිදඓ චදඇර යනු ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙහිදි විස්තර කිරීමට බලාපොරොත්තු වනුයේ ඉංදියාව හා කොරියානු රටවලින් ලොවපුරා මුදාහරිනු ලබන මෘදු බලය වේ. අදවන විට ලොව බලවත් රාජ්‍යන් බවට පත්ව ඇති මෙම රටවල ප්‍රධාන රහස ලෙස මෙම බලය හදුනාගත හැක.

 ශ්‍රී ලංකාව තුළ දී අතීතයේ තිබූ  සංස්කෘතිය අද වන විටත් පවතිනවාද යන්නත් අප ලාංකිකයන් ද යන ගෞරව පට්ටමත් රූකඩානු ස්වරූපයෙන් මතකාවර්ජනයකට පාත්‍ර කරනුයෙ නාමිකව පමණි. එමගින් විවිධ අධිරාජ්‍යන්ගේ දඩුකදන් වල අලංකාරවත් මර උගුළක් බවට නොදැනුවත්වම විවිධ රටවල් පත්වී තිබේ. ඒ අනුව විවිධ රටවල දීර්ග න්‍යාය පත්‍රයන් වල අප එක් න්‍යාය සටහනක් පමණි. ඒ න්‍යාය පත්‍රයට අප හසු වූයේ කෙසේද යන්න අප තවමත් නොදනි. එයට හේතුය ඔවුන් යුධ නොකොට බොර දියේ මසුන් මැරූ මෙම මෘදු බලය උපයෝගි කොටගෙනය. ඒ අනුව ලංකාව මෙන්ම අසියාතික වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා මෙම මෘදු බලයේ මරමස්තානය ලගා වී ඇත. 

මේ සදහා ජන මාධ්‍යන්ට අමතරව විවිධ අන්තර් ක්‍රියාවන් හා මානුෂීය සුදු හුණු ගෑමේ ක්‍රියා පටිපාටීන් ඇමරිකාව ඉංදියාව, චීනය හා කොරියාව ඇතුලුව විවිධ අධිපතිවාදී රටවල් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමගින් ඒඒ රටවල විවිධ බඩගෝසතරවාදී ආර්ථිකයක් හා දේශපාලන තත්වයක් උදාවී ඇත

මෘදු බලශක්ති සම්පත් අනෙක් අය තමන්ගේ නිදහස් කැමැත්තෙන් පිළිගන්නා රටවල ප්‍රතිපත්ති කෙරෙහි නීත්‍යානුකූල බලපෑමක් ඇති කරයි. මෘදු බලයේ වැදගත්කම වටහා ගත් බොහෝ රටවල් මෘදු බලශක්ති සම්පත් සංවර්ධනය කිරීමට කටයුතු කළහ. අධ්‍යයන අධ්‍යයනයට අමතරව, වෙනත් බොහෝ රටවල මෙතෙක් ලබා ඇති ප්‍රතිඵල මැනීම හා සංසන්දනය කිරීම සඳහා, මෘදු බලයේ මූලද්‍රව්‍ය මත පදනම්ව විවිධ මෘදු බල දර්ශක නිර්මාණය කර ඇත.

මෙයට හොඳම උදාහරණය දකුණු චීන මුහුදේ පිහිටි දුපත් සමුහයයි. එහි ඇති ස්ප්‍රට්ලි දුපත් චීනය, වියට්නාමය, මැලේසියාව, පිලිපීනය, සහ බෘනායි අයිතිවාසිකම් කියති. පාර්සල් දුපත් චීනය, තායිවානය සහ වියට්නාමය අයිතිවාසිකම් කියති. එහෙත් චීනය අල්ලා ගෙන සිටියි. මක්ල්ස් ෆීල්ඩ් දුපත මුහුදෙන් උඩට එන්නේ නැති නමුදු චීනය, පිලිපීනය සහ තායිවානය අයිතිවාසිකම් කියති. මුහුදෙන් උඩට ගල් කිහිපයක් පමණක් තිබෙන ස්කාර්බෝරෝ දුපත් වලටද අයිතිකරුවන් තිදෙනෙකි, ඒ චීනය ,තායිවානය සහ පිලිපිනයයි.

එනමුදු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙම මුහුදු සිමා සහ මුහුදු සිමා ප්‍රශ්නය ඉතාමත් සාමකාමී ලෙස විසදා ගෙන ඇති ආකාරය බොහෝ විශාරදයන්ගේ පැසසුමට ලක්වේ. විශේෂයෙන්ම බලගතු රටක් වන ඉන්දියාව සන්සන්දනාත්මකට බොහෝ කුඩා අප වැනි රාජ්‍යයක් සමානයන් සේ සලකා මෙම ප්‍රශ්නය විසදා ගැනීම ප්‍රශංසා කටයුතුය.

වොයිස් ඔෆ් ඇමරිකා වැනි ප්‍රචාරණ කටයුතු, අප කුඩා කල අපට හුරු පුරුදුය. නොමිලේ තැපෑලෙන් ගෙදරටම එවූ සෝවියට් දේශය වැනි සඟරා, හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වලින් ලොව පුරා සිටින නරඹන්නන්ට සංඛේතමය වශයෙන් අදහස් ඇතුලු කිරීම මෘදු බලය පිළිබඳ හොඳ උදාහරණ කිහිපයක් වෙයි. 

දැන් නිපදවෙනනේ එක් ප්‍රේම කතාවක්, ටොයිලට් චිත්‍රපටය පුද්ගලිකව නිෂ්පාදනයක් වූවක් වුවද, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඉන්දියාවේ සියලු පුරවැසියන්ට වැසිකිලි ගොඩනැගීමට පෙලඹවීමට කරන ව්‍යාපෘතියට මහත් පිටුවහලක් වනු ඇත. මෙවැනි ප්‍රචාරණ කටයුතුද රටක් තුල වුවද මෘදු බලය පෙන්නුම් කරන උදාහරණයකි.

චීනය සහ ඉන්දියාව අප්‍රිකාවේ දුප්පත් රාජ්‍ය වල සිදු කරන බොහෝ විට සංඛේතාත්මක සංවර්ධන කටයුතුද මෙවැනි මෘදු බලයක් තම ව්‍යාපාර කටයුතු වලට ලබා ගැනීමට කරන උත්සාහයක් සේ සැලකිය හැක.  

රටක ස්වාභාවික සම්පත් එම රටෙහි ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී වැදගත්කමක් උසුලයි. විශේෂයෙන්ම ඛනිජ තෙල් සංචිත තිබෙන රටවලට මෙම වැදගත්කම තදින් බලපායි. ලෝකයේ සෑම කාර්මික රටකටම ඛනිජ තෙල් පහසු මිලකට එමෙන්ම බාධාවකින් තොර ලබා ගැනීම ඔවුන්ගේ රටවල ආර්ථිකයට ඉතාමත් ප්‍රබල අවශ්‍යතාවයක් වන හෙයින් මෙවැනි සෑම රටක්ම ඛනිජ තෙල් සංචිත පොහොසත් රට වලට බලපෑම් කිරීම ස්වාභාවිකය.

 මෙලෙස එම කාර්මික රටවල ඇති තරඟය නිසා ඛනිජ තෙල් ඇති රටවලට තම ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී විශේසයෙන් සැලකිලිමත් වීමට සිදු වෙයි. එහෙත් මෙම ඛනිජ තෙල් වල ඇති වැදගත්කම ලෝක ශිෂ්ඨාචාරයේ දියුණුව, විකල්ප බල නිෂ්පාදනය, මාධ්‍ය; සමාජ සහ ප්‍රවේනික ප්‍රබල වීම හා වඩාත් කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ නිපදවීම නිසා අඩුවන හෙයින් මෙම බලපෑම් ක්‍රමයෙන් අඩු වී යන බව පෙනේ. 

සම්පත් විශාල වශයෙන් තිබෙන රටකට ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී මුදල් පිළිබඳව කරදර වන්නට සිදු නොවේ. ඔවුනට ලෝකයේ නවතම තාක්ෂණවෙන් යුත් යුධ උපකරණ මිලදී ගන්නට පුලුවන. මැද පෙරදිග ඛනිජ තෙල් නිපදවන රටවල් උදාහරණයක් වශයෙන් ලෝකයේ දියුණුම රටවල නිපදවන අවි ආයුධ සහ උපකරණ මිලදී ගන්නට යොමුවන්නේ  ඔවුනට රටෙහි සාමාන්‍ය යටිතල පහසුකම් සහ පුරවැසි ජීවන තත්වයන් හොදින් පවත්වා ගනිමින් ජාතික ආරක්ෂාවටද සිතැඟි ආකාරයට මුදල් යෙදවීමටද හැකියාව ලැබී තිබෙන නිසාය.  

එහෙත් එතරම් සම්පත් නොමැති අප වැනි රට වලට “තුවක්කුද? බටර්ද?“ යන කියමනේ පරිදි අපට ඇති ධනය ආයෝජනය කල හැක්කේ ඉතාමත් සීමිත ලෙසටය. ඒ නිසා බොහෝ විට දුප්පත් රට වලට ජාතික ආරක්ෂාව සැලසුම් කරද්දී ඉතාමත් සකසුරුවම් ලෙස එය කිරීමට සිදුවේ. නව තාක්ෂණ යොදා ගනිමින් නිර්මාණාත්මකව පෙට්ටගමෙන් පිටතට අදහස් දියුණු කර ගැනීමෙන් අපට විශේෂයෙන් කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම තුවක්කුද බටර්ද ප්‍රශ්නය නිසාය.

''Niyeal Ferguson'' නමැති විද්‍යඥයා මෘදු බලය හඳුන්වාදී ඇත්තේ ''සම්ප්‍රධායික නොවන සංස්කෘතික හා වානිජ භාණ්ඩයක් වැනි බලවේගයක් යනුවෙනී”.

මෘදු බලය යනු කුමක්ද? රටේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී එය අපේක්ෂා කරන්නේ ඇයි? හාර්වඩ් විශ්වවිද්යාලයේ දේශපාලන විශේෂඥයින් පවසන පරිදි මෙම බලය සම්භාවනිය වූ බලයක් වන අතර රටට බලය බලහත්කාරයෙන් යොදා ගැනීම සඳහා අවශ්‍යදේ ඉටු කිරීම අන්අයට පෙන්වා ගැනීමය. මිලිටරි බලය හෝ ආර්ථික අනුග්‍රාහයන්ට වඩා මෘදු බලය සඳහා වැය වන මිල අඩුය.


ඉංදියානු රාජ්‍ය හා මෘදු බලය




ඉන්දියානු ප්‍රචණ්ඩත්වය, යෝගා, චිත්‍රපටල රුපවාහිනිය, නාට්‍ය. සම්භාව්‍ය නර්තනය හා සංගීතය, ජාතියන්තර ආයතන, බහුජන සමාජ ආහාර පාන හා එහි මුලධර්ම ලොව පුරා සිටින ජන නායකයින් ආකර්ෂණය කර ඇත.

මෙහිදී ඉන්දීය විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂක කේ. රජා මෝහන් මහතා  පවසා සිටින්නේ විදේශ ප්‍රතිපත්ති හා අරමුණු ඉදිරියට ගෙනයාම සඳහා මෘදු බලය ශක්තිමත් වාහකයක් බවයි. 2006 වර්ෂයේදී ඉන්දියානු රාජ්‍ය අමාත්‍ය  ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික අංශය පිහිටුවීම හා ලොව පුරා ඉන්දීය සබඳතා වර්ධනය කිරීම සඳහා සැලසුම් ක්‍රියාවලියේදී මෘදු බලය බහුලව භාවිතා කර ඇත.

ඡරසබජැඑදබ ඹබසඩැරිසඑහ, හි මහාචාර්ය ඍදය්බ ඵමන්රටයහ පවසන්නේ ඉන්දියානුවන් මෘදු බලය බහුලව බාවිතා කරන බවයි. මෙම සෑම ක්‍රියාවක් තුළම නිළ රාජ්‍යක තාන්ත්‍රිකත්වය සංස්කෘතික හුවමාරුව මගින් සවිබල ගැන්වීම හා විදේශියන් තුල ඉන්දියාව පිළිබඳව ප්‍රතිරූපය වර්ධනය කරයි.

එක්සත් ජාතීන්ගේ  සංගමය ඇතුළු තවත් පිරිස් මෘදු බලය යන්න ජනප්‍රිරිය බලය ලෙසද හඳුන්වයි. වර්ෂ 1941 දී ජපානය හා ජර්මනිය අතරත්, වර්ෂ 1990 දී සදාම් හුසේන් බලය ඉතාමත් බහුල ලෙස භාවිතා කර ඇති බව පෙනේ.

 මෘදු බලය යනු ආකර්ෂණීය දෙයකි. එය කිසිඳු විටකත් දෘඪ බලය මත රදා නොපවතී. වරක් ඉන්දියානු විදේශ  තනාපතිවරයෙකු කාබුල් නම් නඟරයට ගුවනින් ගමන් කරන විට ඉන්දියානු චිත්‍රපට හි සංගීත තැටි ගෙන ගිය බව වාර්ථාවෙයි. 

මේ ආදරයයි - Yeh Hai Mohabbatein  - සිරස නාලිකාවේ විකාශය වන ඉන්දියානු හඩ කැවූ ටෙලිනාට්‍යයන් අතරින් ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. මේ ආදරයයි මෙහි ඉන්දියානු නාමය යේ හේ මොහාබ්බත්තිය.ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වන මෙම නාටකය විකාහය ආරම්භ කර ඇත්තේ 2013 දෙසැම්බර් 3 වැනි දින සිටයි

සදහටම ඔබ මගේ - Meri Ashiqi Tumse Hi   -දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන සදහටම ඔබ මගෙයි නාට්‍ය ඉන්දියාවේ විකාශය වන්නේ මෙරි ආශිකි තුම්සේ හායි නමිනි. ඒ කලර්ස් රූපවාහිනි නාලිකාව හරහාය. මෙය 2014 ජුනි මස 24 දින විකාශය ආරම්භ කරන ලදි.

දෝණි Udaan - හිරු නාලිකාව ඔස්සේ විකාශය වන තවත් ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයකි. උදාන් සප්නෝන්කි 2014 අගෝස්තු 18 සිට විකාශනය ලොව පුරා සිදුකරනන්ට විය.

ජෝදා අක්බර් Jodha Akbar  - හිරු නාලිකාව ඔස්සේ විකාශය වන ඉතා ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් ලෙස ජෝදා අක්බර් ප්‍රේම වෘතාන්තය හදුනා ගත හැකිය. 

මීට අමතරව මගේ සද ඔබයි (Saath Nibhana Sathiya), ප්‍රේම දඩයම(Naagina Mahabbat Aur Integaam Ki Dastaan), අධිරජ ධර්මාශෝක(Chakra Varthin Ashika Samrat), ආදරෙයි මං ආදරෙයි :(Kum Kum Bhagya),  සූරයන්ගේ සූරයෝ :(Bhal Veer),    ලාංකේය මෙගා රැල්ලට මුල පිරූ ඉන්දීය මෙගා රැල්ල ගැන අපට අමතක නැත. එදා වේල යාන්තමින් සරි කර ගත්තවුන් පවා හත අට වෙද්දී රූප පෙට්ටිය වට කර ගත්තේ තමන්ගේ කුසගින්දරට වඩා දැවෙන ප්‍රශ්න වූ ශාන්තිගේ, ප්‍රගතිගේ, ප්‍රවීණාගේ ප්‍රශ්නවලට කන් දෙන්නට ය. තම සමීපතමයන්ගේ පීඩාවන් අභියස කඳුලක් නො හෙළු නෙත්, මෙගා නාටිකාංගනාවන්ගේ රංගනය ඉදිරිපිට කඳුළු ගංගා හෙළන්නට වූහ. එයට කිව යුත්තේ සංවේදී බව කියා නො වේ; එතැන ඇත්තේ මායාවෙන් මිදීමේ නො හැකියාවයි, මවා පෑමට වඩා සැබෑව වෙනස් බව හඳුනා ගැනීමේ නො හැකියාවයි. ඒ අනුව මෙම ඉංදියානු මෘදු බලයේ ප්‍රතිපලයක් ලෙස ලාංකික සංහිදියාව තුරන් කිරීමක් වශයෙන් හදුනාගත හැකිය. අද අතීතයේ තිබූ ආර්‍ය යැයි සංස්කෘතියක් හදුනාගත නොහැකි බවත් එය ඉංදියානු කසී සලු කුරුතා මංගල්‍යක් බවට පත් කරමින් ඉංදියානු කසී සලුවේ පරපෝෂිත ආදායමට ලාංකිකයා පත්කර ආර්තික ලාභ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මෙමගින් ඔවුන්ගේ ආර්තික සංවර්ධන ප්‍රයන්තයට සාධාරණයක් ලබාගෙන ඇත . 

ඒ බොහෝ ඉන්දියානු නාට්‍යයන් දුගී ඉන්දියානුවන්ට පෙන්වූයේ ධනවත් පවුල්වල මහරාජාවරුන්ගේ කථා ය. ඉන් සමාජයට ඉන්දියාවේ සැබෑ දිළිඳු මුහුණුවර සඟවා තැබුවා පමණක් නො ව, මිනිසුන්ට එවන් කාමභෝගී ජීවිත ලබා ගැනීමට උවමනා වන, කිසි දිනෙක සැබෑ නො වන සිහිනයක් ද ලබා දුණි. අවසානයේ ඉන්දියාවේ සිදු වූයේ හොරකම් වැඩි වීම ය, මංකොල්ල කෑම් ශීඝ්‍රයෙන් ඉහළ යෑම ය, සමාජ අපචාර හා දූෂණ බහුල වීම ය. ඉන්දියාවෙන් ගුරුහරුකම් ලද ලංකාවේ ද තත්ත්වය මෙයට නො දෙවෙනි ය. අද පෙන්වන මෙගා නාට්‍යයන්ගෙන් ලාංකේය පොදු ජන ජීවිතය නියෝජනය වන්නේ කීයෙන් කීයක ද? දුගී දුප්පත් සාමාන්‍ය ජනතාව පෙනී සිටින්නේ කීයෙන් කීයක ද? ඒ සැබෑ ශ්‍රී ලාංකේය ජීවන රටාවන් මෙගා තිරයේ පණ නැගෙන්නේ අල්ප වශයෙනි. යම් තරමක හෝ ඉහළ මට්ටමකින් ඒ සාමාන්‍ය ජනයා නියෝජනය වූව ද ඒවායේ ද පෙන්වන්නේ ම ඔවුන්ට ඇති එක ම, සදාකාලික, දැවෙන ප්‍රශ්නය පෙම් පලහිලව් පමණක් ම වන බව ය. මෙය කෙතරම් අවාසනාවක් ද? තත්කාලීන ජන සමාජය හා ඔවුන් ගෙන හැර පෙන්වන දෙය අතර කෙතරම් පරතරයක් පවතිනවා ද? 

අතීත සාම්ප්‍රධායික භාරතය හා නූතන ඉන්දියාව දේදුන්නක්සේ විවිධාකාරය, වර්ණවත්ය. බිලියන 1.2ක ජන ග්‍රාණයකින් ද එකිනෙකට විවිධ භාෂාවන් 24  සමන්විත භාෂණ සාහිත්‍යක් ඇති ප්‍රාන්ත රාජ්‍ය 28 කින් සමන්විත ඉන්දියාව පෘතුවියේ ඇති ඉපැරණිම ඉතිහාසයට උරුමකම් කියයි. මිලියන  ගණනක්වූ කලා සාහිත්‍යයන්ගේ නිජබිම වන්නේ ඉන්දියාවයි. නඩරාජා පිළිමය අදත් ලොව පුරා සිටින බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙයි.

 මෙවැනි නිර්මාණ වල ප්‍රතිඵල වශයෙන් හදුනා ගැනීමේ දී ආසිරි වනිගරත්න යනුද මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක්කම්කටොලු මකන්නට විවිධාකාර විජ්ජා මවා පා සිය ජීවනෝපාය සරිකරගන්නෙකි. විටෙක ඔහු ෆෙන්ෂුයි නම් ලෝක පරිමාණ සරුවපිත්තල බඩු ජාවාරමේ වෙළෙඳ නියෝජිතයෙකි. තවත් වරෙක ෆෙන්සුයි සමඟ මෙලෝ සම්බන්ධයක් නැති ගණ දෙවියා, විෂ්ණු දෙවියා, ස්කන්ධ කුමාර සහ සරස්වතී විකුණාගෙන කන පූසාරියෙකි. තවත් වරෙක විභාගයට ලියන්නට ආත්ම ශක්තියක් නැති දරුවන්ට මැජික් පෑන් සපයා ඔවුන් මිථ්‍යාවේ අන්ධකාරයට ඇදගෙන යන තුට්ටුදෙකේ මැජික්කාරයෙකි. එයින් ඉංදියානු ආර්ථික දේශපාලන සංවර්ධන ක්‍රියාදාමයන්ගේ මහත්ඵල ආනිසංස භුක් තිවිදිනු ලැබේ.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සෞදි ධන කුවේරයෙකුගේ ආධාරයෙන් ඉස්ලාමීය ශරියා නීතිය ඉගැන්වීම සදහා මඩකලපුව, පූනානි හි ඉදිකල එම විශ්ව විද්‍යාලය පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක් විය. මෙයද සෞදි රජයේ නිරමාණාත්මක බල කොටුවේ අධ්‍යාපනික මෘදු බලයකි.

නාට්‍ය, රූකඩ, සිනමාව, කතකලි නර්ථනය, භරත නර්ථනය කතක් මෙන්ම කුච්ච්පුඩි හා ඔඩිස්සි යන  සාම්ප්‍රදායික හා ශක්තිමත් ඉන්දියානු සාහිත්‍යය ලොව පුරා ඇති සංගීත ප්‍රභේධයන් ඉන්දීය කලාවට හිමිකම් කියයි. විදේශීය රාජ්‍යයන් සමඟ මෘදු බලය බහුලව යොදාගන්නා ආකාරයත් ඒ සඳහා සාම්ප්‍රධායික ඉන්දීය සාහිත්‍ය භාවිතා කරන ආකාරයක් හඳුනාගත හැකිය. 
චිත්‍රපට
සිනමාව
මූර්ති ශිල්පය
ප්‍රදර්ශන
භාරතීය නැටුම්
ගාන්ධි ජයන්ති උත්සවය
ටෙලිනාට්‍ය
යෝගා සම්ප්‍රදායන්
ආහාරපාන 
      සුහදශීලි පිළිගැනීම වැනි දේවල් සඳහන් කළහැකිය. චීන ජාතික  පඩිවරයන් පවසා ඇත්තේ ඉන්දියානු මිනිසුන්ගේ සිනහව කිසිවිටෙකත් චීන මිනිසුන්ගේ සිනහවට සමාන කළ නොහැකි බවයි. ඒ මන්දයත් ඉන්දියානුවන් සිනහවකින් පමණක් මෘදු බලය පතුරමින් මිනිසුන් ආකර්ෂණය කිරීමට සමත්ය යන්නයි. මේ සඳහා උදාහරණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. 
 ජර්මන් හා බර්සිලෝනා වැනි නඟරවල ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය සම්ප්‍රධාය දැකගත හැකිය. (ලංකාවෙහි නිෂ්පාදනය කරන ලද රූපවාහිනි නාට්‍යවල ද මෙම අංග අඩු වැඩි වශයෙන් දැකගත හැකිය. 

ඉන්දියානු යෝගා ඉගැන්වීමේ පාසල් ඇමරිකාවේ කැලිෆෝනියා නඟරයෙහි ස්ථාපිත කර තිබීම මෙන්ම 'Chicken tikka masala’ නමැති ඉන්දියානු ආහාරය බි්‍රතාන්‍ය තුළ ජාතික ආහාරයක් ලෙස පිළිගැනීමත් ඔසපඉමනඑම නම් නඟරයෙහි බොලිවුඞ් චිත්‍රපට ප්‍රදර්ශණය ඉන්දීය සුපිරි ගායකA'R Rahman  ගායනා කරන ලද Jai Ho…’  ගීතය  සඳහා ස්පාඤ ජාතිකයින් අපූරු රංගනයක යෙදීම ''Chhaiyyan chhaiyyan....'' නමැති ඉන්දියානු ගීතය සඳහා ඉන්දියානුවන් හා ඉන්දුනීසියානුවන් එකට එක්ව නර්ථනයෙහි යෙදීම ඉංදියානු මෘදු බලයට කදිම සාක්ෂියක් වේ.

ඒ වගේම මෙම චිත්‍රපටියේ මන්මෝහන් සිං චරිතයට පණ පෙවූ අනුපම් කේර් කියන්නේ බීජේපි පක්ෂයේ ප්‍රධාන ආධාරකරුවෙක්. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි කිරන් කේර් B.J.P ය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද වනවා. මේ තුළින් අපිට වැටහෙන්නේ බීජේපි පක්ෂය සිනමාව අවියක් කරගෙන තම දේශපාලන විරුද්ධවාදීන් පවා ඉලක්ක කරගන්නා බවයි.

2018 වසරේ තිරගත වූ මෙම රාසි චිත්‍රපටය මෙඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක්. මෙම කතාව සත්‍ය කතාවක්  පදනම් කරගෙන 2008 වසරේ හරින්ද සික්කා විසින් රචිත Calling Sehmat  නම් නවකතාව ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටයක් වනවා. මෙහි ප්‍රධාන රංගන දායකත්වය ආලියා භාත් සහ විකි කෞෂාල්ගෙන්. කතාව ගෙතෙන්නේ පාකිස්තාන ආරක්ෂක නිලධාරියෙකු සමග විවාහ වී එරට ආරක්ෂක අංශ තොරතුරු ඉන්දියාවට ලබා දෙන ෂෙහෙමත් ඛාන් නමැති රෝ ඔත්තුකාරිය වටාය. පාකිස්තාන (මුස්ලිම්) ජාතිකත්වයට එරෙහිව ඉන්දියානු (මුස්ලිම්) ජාතිකත්වය ඔසවා තබන්නට චිත්‍රපටය විශාල වෑයමක් දරා තිබෙනවා. පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමත් කාශ්මීරය මූලික කර ගනිමින් ඇති වී තිබෙන ගැටුම් වගේම විවාදයට තුඩුදුන් පුරවැසි පනත (මෙය සම්මත වූයේ 2019 වසරේදී) හේතුවෙනුත් පාකිස්තානය සමග තානාපති සබඳතා පළුදු වී තිබෙන මෙවැනි බී.ජේ.පි පාලන වකවානුවක රාසි වැනි චිත්‍රපට නිර්මාණය වීම ඉන්දියානු ජන සමාජය ජාතිකානුරාගයෙන්  මත් කරන්නට හේතු වෙනවා. එය බීජේපි පාලක පක්ෂයට වරප්‍රසාදිත වටාපිටාවක් සකස් කරන බව කිව යුතුයි.

  Letcherzs හා Seminar    පැවැත්වීම මඟින් ඉන්දියානුවන් ගැන හා ඉන්දියානුවන්ගේ විදේශ ප්‍රතිපත්තීන් ගැන දැනුවත් කිරීමට උත්සහ කිරීම මෙන්ම,

       තරුණ නියෝජිතයින් අප්‍රිකාවෙන් 50, නේපාලයෙන් 48, දෙනෙකු ද ඉන්දියානු යෞවුන් පාර්ලිමෙන්තුව සඳහා ඉන්දියාවට ගෙන්වා ගැනීම පළාත් නියෝජිතයින් සඳහා 11 දෙනෙක් කන්දහාර් වලින් ගෙන්වා ගැනීමද මෙම දේශපාලන හා ආර්ථිකයේ ඉංදියානු ආධිපත්‍යයි.

ඉන්දියානු මහජන වැඩසටහන් සදහා (Public outreach program)  විශ්වවිද්‍යාල ශීෂ්‍ය නායකයින් සවුදි අරාබියාවෙන් 43 ක් ද, ඇමරිකාවෙන් 7 දෙනෙකු ද වශයෙන් ඉන්දියාවට ගෙන්වීම මඟින් ඉන්දායානු මෘදු බලය මහජන සම්බන්ධතා හැසුරු කොටගෙන බෙදා හැරීමට උත්සහ කිරීම ජාත්‍යත්තර වශයෙන් මෘදු බලය සාර්ථකව යොදාගත් නිසා ඉහත ප්‍රතිපල ලැබුනු බව සඳහන් කළහැකිය. 

මෘදු බලය බහුලව යොදාගන්නා අවස්ථාවන් ලෙස ඉන්දියානුවන් හා පකිස්ථානය අතර සාමය හා ආගම පිළිබඳව ඇතිවන ගැටලූවලදී ඉන්දියානු සාගරයෙහි බලපෑම පිළිබඳ ඉන්දියානු නියමයන් වලදී ඉන්දියානු බංගලාදේශ අරාබියානු බලපෑම් ඇමරිකානු හා ඉන්දියා ආසියාතික අනාගත සබඳතා වලදී හා 21 වන සියවසේ ඉන්දීය ජපන් සබධතාවලදී මෘදු බලය බහුලව භාවිතා කරන බව ෂක්ක්ෂ -  ෂක්‍ක්‍ෂ - PD Monthly Foreign Policy Forum  සම්මන්ත්‍රණ යෙහිදී සඳහන්කර ඇත.

 ඇෆ්ගනිස්ථානය නැවත පිහිටුවීම ආසියාව හා මියන්මාරය සම්බන්ධ කෙරෙන ආකාරයෙන් ඉදි කෙරෙන මාර්ග යෝජනා ක්‍රමය Indian Perspectives in 17 languages    යනුවෙන් මාසික වශයෙන් විදේශීය භාෂාවලට පොත් ලිවීම 1981 හා 2011 වර්ෂ දක්වා ජාත්‍යන්තර සබඳතා නිරූපණය වන ආකාරයෙන් වාර්ථා චිත්‍රපට 300 ක් නිපදවීම ‘Indian Diplomacy’  වෙබ් පිටුවක් පවත්වාගෙනයාම හා මෙමගින් තරුණ පිරිස සමඟ බලපෑම්කාරීව කටයුතු කිරීම මඟින් මෘදු බලය ව්‍යාප්ත ක්ිරීම සඳහා පසුබිමක් නිර්මාණය කර ඇත. 

මිළියන 2.3 ක පිරිසක් අතර හා වාර්ෂිකව 1,50,000  පිරිසක් අතරTwitter" YouTube    භාවිතය මඟින් ඉන්දියානු මෘදු බලය පිළිබඳව තොරතුරු හුවමාරුවවෙයි. ‘Advancing India’s conversation with the world’ යනුවෙන් Face Book  ගිණුමක් පවත්වාගෙනයාම මඟින් ‘India Africa - A shared future campus’" Outreach events  — Ad dis Aruba University  ඉන්දියාව හා අප්‍රිකාව අතර පර්යේෂණ සිඳුකරයි. 

India is global video challenge හා  India is Face Book      පිටු මඟින්ද මෘදු බලය ව්‍යාප්ත කරන ආකාරය හඳුනාගත හැකිය. ITEC face book    පිටුව මඟින් ජාත්‍යන්තරය තුළ ඉන්දීය ප්‍රතිරූපය ගොඩනංවන ආකාරය මෘදු බලයක් වශයෙන් හඳුනාගත හැකිය.

මහත්මා ගාන්ධීතුමා, සුභාෂ් චන්ද්‍රබෝෂ්, ජවහල්ලා නේරුතුමා, හබ්දුල් කලාම් හා මහා කවි සුප්‍රමන්ය භාරතියාර් යන අයගෙන් සුපෝෂිත වූ අතීත ඉන්දියාව කලා කෞශල්‍යන්ගෙන් හා විවිධ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් පිරිපුන් ශක්තිමත් රටකි. වර්ථමාන ඉන්දියාවෙහි මෘදු බලය ජාත්‍යන්තරයවෙතට ගෙනයාමේ පුරෝගාමියා ලෙස නරේන්ද්‍ර මෝදී මහතා හඳුන්වාදිය හැකිය. ඉන්දියාවෙහි පවත්නා පෞර්ෂත්ව හැකියාවල ප්‍රසන්නබව, ථලදායීතාවය, කාර්යක්ෂමතාවය, ආර්ථික ශත්තිමත්බව,  නායකත්ව ගුණාංග හා ජාත්‍යන්තරය තුළ අනෙක් රාජ්‍යයන් සමඟ සබඳතා ගොඩනංවා ගැනීමට ඇති කැමැත්ත යන සාදක ඔහුව ජාත්‍යන්තර සන්නාමයක් “Modi is a Brand'' ලෙස ඔසවා තැබීමට සමත්විය. එය නව මාධ්‍ය හැසුරුකොටගෙන ගොඩනැගුණු නිසාSuper power of social media ලෙස ඔහු හා ඉන්දියානු ප්‍රතිරූපය ඔහු විසින් මෘදු බලය යොදාගෙන සිඳු කරන ආකාරය හඳුනාගත හැකිය.

‘Hello China’ looking forward to interacting with Chinese friends through welbo’ යන්න මෝධි මහතාගේ ට්විටර් ගිණුමෙහි සඳහන්ව තිබුණි. මෙම ජායාරූපමය පණිවිඩය මිලියන 12 ක් දෙකකදඅ  කර ඇති අතරල චීන ව්‍යාපාරිකයෙකු වනBrand India Beckons පවසන්නේ  හා චීනය අතර මෘදු බලය භාවිතයට ගන්නා තවත් එක් අවස්ථාවක් ලෙස චීන කුංෆු කලාව හා ඉන්දියානු යෝගා ක්‍රම මෙන්ම චීන කටු චිකිස්ථාව හා පෞරාණික ඉන්දියානු ආයුර්වේද වෙදකම උපයෝගි කරගන්නා ආකාරය පෙනේ. ලොව පුරා ව්‍යාප්ත වු සංධි සුදා සන්නාමයද ආයුරුවේදයට කදිම නිදසුනකි.

 ලොව බල සම්පන්නම හා ආර්ථික ක්‍රේන්ද්‍රස්ථානයෙහි ඉහළින්ම ඇත්තේ මහජන චීන සමූහාණ්ඩුවයි. 45,000 ක පමණ ඉන්දියානුවන් ප්‍රමාණයක් චීනය තුළ අද වන විට වාසය කරයි. චීන ප්‍රධාන වෙළඳපල තුල රැකියා උත්පාදන ක්‍රියාවලියේදී ඉන්දායානුවන්ද දායකත්වය ලබාදී ඇති අතර ඔහුන් ඉතාමත් සාමකාමීව චීනරජය තුළ ජීවත්වන්නේ ඉන්දියානු මෘදු බලය නිසාවෙන්ය. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය චීනය තුලත් ව්‍යාප්තව ඇත. එහිදී ඉන්දියානු වාර්ථාග ‘PK’  චිත්‍රපටය චීන චිත්‍රපට ශාලාවල ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් වාර්ථා කරන ලදී. 

      Modi visit India - China Think Thank Forum'  2017 වර්ෂයේදී මෝධී මහතා ලංකාවට පැමිණි අතරඉන්දියානු හා ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා දියුණු කිරීම සඳහා ඉන්දියානු මුදල් ආධාර ඇතිව ත්‍රිකුණාමල ප්‍රදේශයෙහි රෝහලක් ඉදිකිරීම සඳහා ආධාර ලබාදුන්නේ ජාත්‍යන්තරය තුළ ඉන්දියානුවන්ගේ බලය පෙන්වීමටයි. 

ඇමරිකානු රාජ්‍ය තුළත් ඉන්දියානුවන් විවිධ සංස්කෘතික උත්සව පවත්වමින් තම සදාචාරමය පැතිකඩයන් නිරූපණය කිරීමට උත්සහ කරයි. වඩාත් හොඳ මෘදු බලයක් අත්කර ගැනීම සඳහා ඉන්දියාව තම ශක්තිය යොදාගත හැකි උපක්‍්‍රමයන් ලොව 4 වෙනි විශාලතම ආර්ථික ශක්තිමත් රට වන්නේ ඉන්දියාවයි.
   I'M'F  නමැති ඉන්දියානු බැංකුව ලොව ඇති 8 වෙනි විශාලතම බැංකුවයි. ලොව 4 වෙනි විශාලතම ත්‍රිවිධ හමුදා බල ඇණියක් සහිත ශක්තිමත් රට වන්නේ ඉන්දියාවයි. Nuclear  තාක්ෂණයෙන්ද වර්තමාන ඉන්දියාව සවිමත්ය.

Microsoft" Motorola" HP Invent" IBM" Samsung   වැනි දැවැන්ත සමාගම්වල මව් බිම ඉන්දියාවයි.   
Sun Micro systems" Intel Pentium 4" Hot Mail වැනි අති විශිෂ්ඪ පරිගණක මෘදුකාංගයන් සොයාගන්නා ලද්දේ ඉන්දියානු පුරවැසියන් විසිනි. නමුත්, 1948-8-15 ඉන්දියාවට නිදහස ලැබුණු අතර, හින්දු මුස්ලිම් සටන, ගාන්ධි තුමාගේ සමුගැනීම, 41.6% ක පමණවූ දරිද්‍රතාවය හා අනෙකුක් විවිධ කාරණාවන් නිසා ඉන්දියාව තවමත් මදක් පසුබෑමේ ලක්ෂණ සහිතව ජාත්‍යන්තරය තුළ කටයුතු කරන ආකාරය හඳුනාගත හැකිය. 

ඒ කෙසේ වෙතත් බුදුදහම, හින්දු දහම, තාක්ෂණය, සංස්කෘතික ස්ථාන, කලාව, සාහිත්‍යය, ආහාරවිවිධත්වය, ආයුර්වේදය, යෝගා කලාව, ඉන්දියානු විලාසිතා, කාන්තා රූපලාවන්‍ය ක්ෂේත්‍රය, ඉන්දියානු සංගීත සංස්කෘතිය, යන කරුණු පදනම් කරගෙන ඉන්දියානු දේශපාලන හා දේශපාලන නොවන අවස්ථාවන් වලදී මෘදු බලය සූක්ෂමව හා ක්‍රමානුකූලව භාවිතා කරන ආකාරය පැහැදිලිය.

pmadhuranga921@gmail.com


Saturday, February 13, 2021

ආදරය ශාපයක් කරගත් ලංකාවේ වැලන්ටයින් ( ඔබ රහසේ කියාදුන්න ආදරයද මේ )

 



ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙසද හැඳින්වෙන වැලන්ටයින් දිනය වාර්ෂිකව පෙබරවාරි 14 වන දින සමරනු ලැබේ. බටහිර ක්‍රිස්තියානි මංගල්‍ය දිනයක් ලෙස වැලන්ටිනස් නම් මුල් සාන්තුවරයන් දෙදෙනෙකුට ගෞරව කිරීම, වැලන්ටයින් දිනය සැලකිය යුතු සංස්කෘතික, ලොව පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රේම සම්බන්ධතා සහ ආදර ප්‍රේමය ආගමික හා වාණිජමය වශයෙන් සැමරීම.

ආදරවන්තයන්ගේ දිනය  1909 වැලන්ටයින් කාඩ්පත ද හැඳින්වේ ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය විසින් නිරීක්ෂණය කරන ලදී බොහෝ රටවල ජනතාව; කතෝලික පල්ලිය [1] ඇන්ග්ලිකන් හවුල ( දින දර්ශනය බලන්න) ලුතරන් පල්ලිය ( දින දර්ශනය බලන්න) වර්ගය ක්රිස්තියානි, ආදර, සංස්කෘතික, වාණිජමය සැමරීම වැදගත්කම ශාන්ත වැලන්ටයින්ගේ මංගල්ය දිනය; ආදරය හා සෙනෙහස සැමරීම නිරීක්ෂණ සුබපැතුම් පත් සහ තෑගි යැවීම, ආලය කිරීම, පල්ලියේ සේවාවන් දිනය පෙබරවාරි 14 ( කතෝලික පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 6 ( නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 30 (නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) සංඛ්‍යාතය වාර්ෂික  ශාන්ත වැලන්ටයින් පෙබරවාරි 14 වන දිනට සම්බන්ධ විවිධ වැලන්ටයින් හා සම්බන්ධ ප්‍රාණ පරිත්‍යාග කථා රාශියක් ඇත. [3] රෝමයේ ශාන්ත වැලන්ටයින් විවාහය තහනම් කළ සොල්දාදුවන්ට විවාහ උත්සව පැවැත්වීම සහ රෝම අධිරාජ්‍යය යටතේ පීඩා විඳි කිතුනුවන්ට උපස්ථාන කිරීම සම්බන්ධයෙන් සිරගත කිරීම පිළිබඳ ලිඛිත විස්තරයක් ද ඇතුළුව. [4] පුරාවෘත්තයට අනුව, ශාන්ත වැලන්ටයින් තම විනිසුරුවරයාගේ අන්ධ දියණියට පෙනීම යථා තත්වයට පත් කළේය. [5] ඔහු මරණීය දණ්ඩනයට පෙර සමුගැනීමක් ලෙස "ඔබේ වැලන්ටයින්" යනුවෙන් අත්සන් කළ ලිපියක් ලිවීය. ක්‍රි.ව. 266 දී මියගිය රෝමයේ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයාට ගෞරව දැක්වීම සඳහා ක්‍රි.ව. 496 දී පළමුවන ජෙලසියස් පාප්තුමා විසින් ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ආරම්භ කරන ලදී. 

රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනපරියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව පරකට කාරණාවක්. මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්යත්වය නො වන නිසා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වේ.


අද කාලයේ ආදරය ලෙස ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ විනෝදය, ලිංගික සතුට , තෑගිබෝග වැනිදේවල්ය. වැලන්ටයින් කීවාම අපිට මතක් වෙන්නේද , රාගයෙන් මත්වූ තරුණ ජෝඩු හොරෙන් පෙම්සුව විඳින දසුන්ය.වැලන්ටයින් කියද්දී සිහියට නැගෙන දෙවල් අතර , රූම්ස් , බීච් , පාර්ක් සහ බොක්ස් යන දේවල් පෙරමුනේ සිටී. එහෙත් අද කාලයේ ආදරය පලාගොස් ලිංගිකත්වය ඉතිරීවී තිබේ..ප්රථම ලිංගික එක්වීමේදී තම සහකාරියගේ හැසිරීම් රටාව, ඇය පුදුම වෙන ආකාරය, ඇය සතුටුවෙන ආකාරය ඕනෑම කොල්ලෙක් සිතින් අත්විදී.එය ඔහුගේ ජීවිතයේ වටිනාම දවස්වලින් එකකි. එහෙත් කනගාටුවට කාරණාවනම්........අද කාලේ ගොඩක් ගෑනු ළමයි එම සුන්දර අත්දැකීම , තම ජීවන ගමන් මගේ මුනගැහෙන නොවදගත් පුද්ගලයකුට, පරණ පෙම්වතාට, විනෝදයට ඇසුරු කරන පෙම්වතෙකුට ලබාදීමයි.

මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති

එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්රවේසම් වීමට මතක් කරදෙයි

මෙවැනි සංකර සිරිත් ශ්රී ලංකාව වැනි බෞද්ධ රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැත ......ඒ බව අනගාරික ධර්මපාලතුමා ජීවතුන් අතර සිටියදී හොඳින් දැනගෙන සිටියේය ....මේ එතුමාගේ වදන් පෙළකි ...

" මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා."

එදා අනගාරික ධර්මපාලතුමා මෙලෙස පැවසූයේ වර්තමානයේ බෞද්ධයන් සංකර සිරිත්වලට මේ ආකාරයෙන් ගොදුරුවීම නොවේද ?

මෙය දැනටමත් ජාතික ප්රශ්නයක් වී හමාරය..මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල දැරියන්ය .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් දෙයනම් මේ වැලන්ටයින්ය ..මේ දවසට අපේ දැරියන් කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ?...ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ... ආදරේ කරන්න විශේෂ එක් දවසක් ඕන නැත ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි.. දැරියනි ,,මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කර නොගන්න ....මුස්ලිම් ජාතිකයන් මේ වැඩ කරන්නෙ නැත ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...දැරියනි මේ කපටි වැඩ වලට හසුනොවන්න

මෙවැනි දුරාචාර දේවල් අරභයා තමන්ගේ නම ඇඳී තිබීම පිළිබඳව ශාන්ත වැලන්ටයින් පියතුමා දන්නේ නම් සිය දහස් වාරයක් කණගාටුවනවාටද සැක නැත...

වර්තමානයේ ලංකාවේ පමණක් වැලන්ටයින් දිනය තුලදී තරුණියන් 10, 000 කට පමණ කන්‍යාභාවය අහිමි වීම් සිදුවෙන බව වාර්තා වෙනවා.මෙයට මූලික හේතුව කුමක්ද?හේතු ගණනාවක් තිබෙනවා.ඉන් එකක් නම් ආදරය යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබීමයි.ආදරය සහ ආකර්ෂණය එකිනෙක පටලවා ගෙන ඒ තුල ජීවිතය සොයන්නට කාමර ගානේ රස්තියාදු වන තරුණ තරුණියන් වැලන්ටයින් සමරන්නේ මහත් ඉහලින්.එහෙත් සැබෑ ආදරයට වැලන්ටයින් යනු අතිශය සාමාන්‍ය දිනකි.මාධ්‍යකරුවන් සහ වෙළෙන්දන් සිය වෙළඳ උපක්‍රම භාවිතා කරමින් වැලන්ටයින් වෙනුවෙන් විවිධ packages පවා  ඔබට ලබාදෙන්න උත්සහ කරනවා. මේවා මිලදී ගැනීමේ හෝ තෑගී දීමේ වරදක් නොමැති වුනත් ඔබට තමන් ආදරය කරන පුද්ගලයා ට ත්‍යාගයක් දෙන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?නැත්නම් ආදරය හඳුනාගන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?අවුරුද්දේ අනෙක් දවස් 364 ම රණ්ඩු කරගන්නා පෙම්වතුන් සහ තමන්ගේ විවාහ සංවත්සරයවත් මතක නැති ස්වාමි බිරින්දෑවරුන් වැලන්ටයින් දිනයට පමණක්  තෑගි හුවමාරු කරගන්නේ ඇයි? මිල අඩු නිසාද?එසේනම් ඔබ නොදැනුවත්වම වැලන්ටයින් ඔබේ අයිතිය අහිමි කර ඇති බවක් හැඟෙන්නේ ද?


වැලන්ටයින් දිනයට වඩා ආදරය ගැන කියාදෙන්න,හඳුනාගන්න බොහෝ කරුණු දැනගත යුතු කාලයකි මේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට තරුණ තරුණියන් එළඹීමේ සම්භාවිතාවය මේ වන විට වැඩිවී ඇත්තේ ද මෙවන් වූ වෙළඳ උපක්‍රම හේතුකොට ගෙන ය.උලුප්පා දක්වන ව්‍යාජ වැලන්ටයින් දිනය සැබෑ ආදරය යැයි හඳුනාගන්නා ඉතා ලාබාල  දරුවන් නිසි වයසටත් පෙර පවා ආදර සම්බන්ධතා ඇතිකරගනිමින්  සිය පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ දෙමව්පියන්ටත් වඩා වටින්නේ යයි සිතාගෙන අම්මා තාත්තා දෙන  පන්ති සල්ලි එකතු කර ඉගෙනීම කපාහැර වැලන්ටයින් දිනයේ තෑගි මිලටගන්නේ සිය අනාගතයම අඳුරු වේ යන බියක් හෝ නැතුවය.එය ගිනි දැල්ලට  ලං වන පළඟැටියෙකු වැනිය.පළඟැටියා සිතන්නේ එය කදිම අවස්ථාවක් ලෙසයි.එහෙත් වෙන්න ඕනේ දේවල් සිදු වූ පසු “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැඳිරි එළියටත් බයයිනේ” කියා නම් කිසිදු පලක් නොමැත.

ආදරය කිරීම සමාජ සම්මත විවාහය දක්වා දුරදිග යාම ඉතා වැදගත්ය.සැබෑ ආදරය යනු එකිනෙකා ගේ ජිවිත ගැන තීරණය කරන්නට ලැබෙන මැජික් කෙවිටක් නොවේ.අපගේ ජිවිත වල තීරණ ගත යුත්තේ අපිමය.ආදරේ නාමයෙන් කියා කාම සේවනයේ යෙදෙන තරුණ තරුණියන් සිතන්නේ ආදරය එයයි කියාය.ඉතින් වැලන්ටයින් නේද කියමින් කාමර වලින් ආදරය සොයන පෙම්වතුන්  ආදරය  ලිංගිකත්වය ලෙස දැකීම  පුදුමයට කරුණක් නොවේ.”සැබෑ ආදරයක් ඇති අයකු කිසිදා සිය පෙම්වතා හෝ පෙම්වතියට අවැඩක්,අවනම්බුවක්,කරදරයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයේ  කිසිදු දෙයක් යෝජනා හෝ කරන්නේ නැත” යන සරල වුවත් වැදගත්ම කරුණ තේරුම් ගන්නට තරම් වත් අද සමාජය බුද්ධිමත් නැත කියා කීම සම්පුර්ණයෙන්ම නිවැරදි නැත.ඇත්තටම සිදුවන්නේ එය තේරුම්ගැනීමට උත්සහ ගන්නේ නැතිකමය.ඉතින් අවසානයේ මේවා කෙලවර වන්නේ අම්මා තාත්තා නොදක මියයන පුංචි දරුවන්ගෙන්  සහ  විවිධ සමාජ රෝග වලින්ය.

විශේෂයෙන්ම කිවයුතු තවත් කරුණක් ඇත.කන්‍යාභාවය අහිමි වීම පවතින්නේ වැලන්ටයින් දිනය මත පමණක් නොවේ.වැලන්ටයින් නොවුනත් හැම දිනකම සිය පවිත්‍රත්වය ස්ව කැමැත්තෙන්ම අහිමි කරගන්නා තරුණියන් තරුණයන් ඕනෑතරම් සිටියි.ඒවාටම සැදුම්ලත් කූට වෙළෙන්දන් ද මීළඟ බිල්ල කවුදැයි කියා බලාගෙන සිටියි.ඔබ සැබෑ ආදරය හඳුනාගන්න දිනයට  ඔබේ පවිත්‍රත්වය ද ආරක්ෂා  වනු ඇත.සිතන්න,වැලන්ටයින් නමින් ඔබ සමරන්නේ සැබෑවටම ඔබ හඳුනාගත් ආදරය ද? වෙළෙන්දන්ගේ වාණිජ දිනයක්ද?

https://dhamma.ifbcnet.org

https://www.womanly.lk/2017/02/1434/

Monday, February 8, 2021

ආනන්දවත් වූ නමෝ විත්තිය

 සිරිලක ජාතික ගීය පබැඳූ ආනන්ද සමරකෝන්



යම් රටක රාජ්යයක් විසින් අනුමත කරගන්නා ලද ගීතයක් හෝ භාවිතය නිසාම සුවිශේෂී ජන‍ප්‍රසාදය දිනාගත් ගීතයක් එහි ජාතික ගීතයක් විය හැකිය. ජාතික ගීය යනු රටක දේශාභිමානය, ජාතිවාත්සල්යය පමණක් නොව සංස්කෘතිය සහ සම්ප්රදායන් හුවා දක්වන රචනයක් වශයෙන් සරලව දැක්විය හැකිය.
ජාතික ගීය පිළිබඳ විශේෂ අවධානයක් 19 වන සියවසේ යුරෝපයේ ඇති වූ අතර ඉතිහාසයට අනුව ලොව පළමු විධිමත් ජාතික ගීය වශයෙන් සැලකෙන්නේ නෙදර්ලන්තයේ (ඕලන්දයේ) ජාතික ගීයයි. නෙදර්ලන්ත ජාතික ගීය රචනා කර තිබෙන්නේ ක්රි.ව. 1568 - 1572 කාල වකවානුවේදී බව පිළිගැනේ. ඉන් පසුව ක්රි.ව. 1745 වසරේදී පළමුවෙන්ම ගායනා කරන ලද ජාතික ගීය වශයෙන් සැලකෙන්නේ මහා බි්රතාන්යයේ ජාතික ගීතයයි. බි්රතාන්ය ජාතික ගීයෙන් පසුව ස්පාඤ්ඤ ජාතික ගීය ක්රි. ව. 1770 දීද ප්රංශ ජාතික ගීය ක්රි. ව. 1795 වසරේ දීද ප්රකාශයට පත්විය. ඉංග්රීසි, ප්රංශ, ජර්මන්, ස්පාඤ්ඤය වැනි බටහිර ජාතීන්ගේ යටත් විජිත වශයෙන් පැවැති රටවල් බොහොමයක් 20 වන සියවසේදී නිදහස දිනා ගැනීමට සමත් වුවත් එම රටවල් ද බටහිර රටවල් අනුකරණය කරමින් ජාතික ගී නිර්මාණය කරගන්නා ලද බව පැහැදිලිය. කෙසේ වුවත් ශ්රී ලංකාව, ඉන්දියාව, ඉරානය, චීනය වැනි රටවල් ජාතික ගීය සකස් කරගෙන තිබෙන්නේ දේශීය සංගීතයේ ද උපකාරය සහ ආභාෂය ලබාගෙනය.
යම් රටෙක ගීත රචකයෙකු අතින් රචිත ගීයක් එරට ජාතික ගීය බවට පත් වේ නම් එම රචකයාගේ නාමය යුග ගණනක් රැව් පිළිරැව් දේ. ඒ දුර්ලභ අවස්ථාව ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන ආනන්ද සමරකෝන් මහතාට හිමි වන්නේද ඔහුගේ වාසනා ගුණය නිසයි. ශ්රී ලංකා ජාතික ගීයෙහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශුරීන් ගීත රචකයෙකු, ගායකයෙකු, සංගීතඥයෙකු, චිත්ර සහ මූර්ති ශිල්පියෙකු ආදී සකලවිධ ලලිත කලාවන්හි දක්ෂතා පෙන්වූ මෙරට සිටි අග්රගණ්ය කලා ශිල්පියෙකි. 1911 ජනවාරි 13 වනදා කොළඹ දිස්ත්රික්කයේ, පාදුක්ක ප්රදේශයේ, වටරැක ලියන්වල නම් ග්රාමයේදී එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්රඩ් අල්විස් සමරකෝන් යනුවෙන් උප්පත්තිය ලැබූ ඔහුගේ ජාතිය සිංහල වන අතර ආගම ක්රිස්තියානි ධර්මය විය. ඔහුගේ පියා වන සැමුවෙල් සමරකෝන් එවකට යුරෝපීයන් සතුව පැවති මතුරට සමූහ ව්යාපාරයට අනුබද්ධ වග වතුයායේ ප්රධාන ලිපිකරු වශයෙන් කටයුතු කළ අතර මව නුගේගොඩ නාවල ප්රදේශයෙහි පදිංචි ඩොමින්ගා පීරිස් නම් විය. ඔහු පිරිමි ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය.
පිළියන්දල වෑවල ගම්මානයේ පිහිටි රජයේ පාසලෙන් සහ එංගලන්ත සභාවේ මිෂනාරිවරුන් විසින් ශ්රී ලංකාවේ පිහිටුවන ලද ප්රථම පාසල් දෙකෙන් එකක් වන කෝට්ටේ ක්රිස්තියානි විද්යාලයෙන් ඔහු අධ්යාපනය ලැබීය. 1929 මාර්තු මාසයේදී කොළඹ පවත්වන ලද ඊ. ඇස්. ඇල්. සී. (English School Leaving Certificate) විභාගයට පෙනී සිටි ඔහු ලිවීම, අංක ගණිතය, ඉංග්රීසි යන අනිවාර්ය විෂයන් සමඟ භූගෝල විද්යාව සහ චිත්ර කර්මය යන උභය විෂයන්ගෙන් ප්රථම පංති සාමර්ථ්යයක් ලැබූ අතර එවකට අවුරුදු 23ක් වූ සමරකෝන් මහතා 1934 දී කෝට්ටේ ක්රිස්තියානි විද්යාලයෙහි ආචාර්ය මණ්ඩලයට බැඳුනේ චිත්ර සහ සංගීත ගුරුවරයෙකු වශයෙනි. 1937 දී ඔහු සිය මුල් නම අතහැර ආනන්ද සමරකෝන් යන නම භාවිත කරන්නට විය.
1948 පෙබරවාරි 04 දින ශ්රී ලංකාවට නිදහස හිමි වන තුරුම ගායනා කරන ලද්දේ ‘ඨදා ී්ඩැ එයැ ූමැැබ’ නම් වූ බි්රතාන්ය ජාතික ගීයයි. නමුත් ලංකාව බි්රතාන්ය පාලනයෙන් නිදහස ලබා ගැනීමත් සමඟ ජාතික ගීයක අවශ්යතාව මෙරටට තදින් දැනෙන්නට විය. ලංකාවේ සංගීත කලාව දියුණු කිරීමේ අරමුණින් යුතුව පිහිට වූ ගාන්ධර්ව සභාව වෙත එම වගකීම භාර දුනි. ගාන්ධර්ව සභාව විසින් ඒ සඳහා තරගයක් පැවැත්වූ අතර ගාන්ධර්ව සභාවේම නියෝජිතයන් විසින් ඊට නිර්මාණ ඉදිරිපත් කළේය. තරගයෙන් ජයග්රහණය කරන ලද්දේ ද එසේ ගාන්ධර්ව සභාවේ නියෝජිතයන්ගේ ගීයකි. කෙසේ නමුත් ඒ ගීතය ප්රතික්ෂේප වූ අතර ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය වශයෙන් තෝරා ගැණුනි. 1952 නොවැම්බර් 22 වනදා ඒ සඳහා අනුමැතිය ලැබිණි.
“නමෝ නමෝ මාතා” ගීතය සමරකෝන් මහතා රචනා කරන ලද්දේ 1940 දී ගාල්ල මහින්ද විද්යාලයේ ගුරුවරයෙකුව ඉන්නා කාලයේ දී ය. ඔහු මේ ගීතය ලියන ලද්දේ රටේ ජාතික ගීය කිරීමේ අදිටනින් නොවන අතර මහින්දයේ සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කුඩා කල පටන් ගීත රචනයේ දස්කම් පෑ සමරකෝන් මහතා ඉන් නොනැවතී කවි, මුද්රා නාට්ය සහ චිත්ර කලාවන් ඔස්සේ අධිරාජ්යවාදීන්ගෙන් රට මුදා ගැනීමට ජාතිය පුබුදුවාලීය.
1939 දී ගී පද රචනය අරඹන මෙතුමා ලියන ලද පළමු ගීතය වනුයේ ‘ජන සැම මන අධිපතියෙනි තුති වේ’ ගීයයි. ගුවන් විදුලි ගීත වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරමින් ආනන්ද සමරකෝන් මහතා ගුවන්විදුලියට සම්බන්ධ වේ. එවකට ලංකාවේ බොහෝ කලා නිර්මාණ ඉන්දියානු ආරක් ගත් අතර කොපි නිර්මාණ බිහිවීමට හේතු වූයේද ඉන්දියානු අනුකාරක භාවයයි. නමුත් දේශීය ජන සංගීතය ආශ්රයෙන් ගී රචනා කරමින් ගායනා කළ සමරකෝන් මහතා මෙරට චිත්රපට සහ වේදිකා නාට්ය සඳහාද ගී රචනා කරන ලද්දේ සියලු කලා ක්ෂේත්රයන් තුළට දේශීයත්වය රැගෙන යමිනි.
චිත්ර හා සංගීත ගුරුවරයෙක් ලෙස ගුරු වෘත්තිය කරා එළැඹි මෙතුමා රවීන්ද්රනාත් තාගෝර් තුමාගේ මඟපෙන්වීම මත ඉන්දියාවේ ශාන්ති නිකේතනයටද එක් විය. සමරකෝන් මහතා විසින් රචිත ‘කුමුදිනී’ නම් කවි පොතට ද නමෝ නමෝ මාතා ගීතය එක් කරන ලදී. මෙරට ජාතික ගීය තේරීමේ තරගය සඳහා මෙම ගීතය ඉදිරිපත් කරන ලද්දේ සමරකෝන් මහතාගේ ප්රිය බිරිඳයි. කෙසේ වෙතත් මෙරට ජාතික ගීය වශයෙන් තේරී පත් වූ “නමෝ නමෝ මාතා” ගීතය සඳහා ආනන්ද සමරකෝන් මහතා හට රු. 2500 ක මුල්යමය ත්යාගයක් හිමි වන ලදී. සමරකෝන් මහතා ‘කුමුදිනී’ නම් කවි පොත සඳහා මේ ගීය එක් කළ බැවින් එම කෘතියේ මුද්රණකරු සහ ප්රකාශක විසින් නඩු කියා ඔහුට හිමි වූ මුදල උදුරා ගත්තේ ඔහුට කර්තෘ හිමිකමවත් පැවරීමෙන් තොරවයි. 1949 පෙබරවාරි 4 වැනිදා කොළඹ ටොරින්ටන් පිටියේදී මියුසියස් බාලිකාවන් 50 දෙනෙකු ප්රථම වරට ජාතික ගීය ගායනා කරන්නට වූවාය.
1950 දශකයේ ලාංකික ජාතික ගීයේ මුල් වචන අරබයා විවිධ මතභේදාත්මක අදහස් පළ විය. ජාතික ගීයේ ගණ වැරදි බවත් අපායාක්ෂරයකින් එනම් නමෝ නමෝ හි ‘න’ ආරම්භ වන බැවින් නමෝ නමෝ යන්න වෙනුවට
‘ශ්රී ලංකා මාතා’ යන වදන් එක් කරමින් 1961 දී ජාතික ගීයේ පද රචකයාගේ අනුදැනුමකින් තොරව වෙනස් කරන ලදී. පෙර සිදුවීම සේම ජාතික ගීයේ වචන තම අනුදැනුමකින් තොරව වෙනස් කිරීම එතුමා තුළ දැඩි සිත් තැවුලක් ඇති කිරීමට හේතු විය. 1950 දශකයේ අගභාගය වන විට මෙරට ජාතික ගීය කෙතරම් විවේචනයට පාත්රවූයේද යත් එය ජාතියේ වස් කවිය බඳු විය. ආණ්ඩු පෙරළියක් සිදුවීමටත් ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයටත් එකල සිදු වූ බොහෝ විපත්වලටත් හේතු වූයේ ජාතික ගීයේ ‘න’ අක්ෂරය යන මතය පැතිර යාම හේතුවෙන් එය ආනන්ද සමරකෝන් මහතාගේ ජීවිතය කලකිරවීමට සමත් විය. 70 දශකයේදී ද මෙරට ජාතික ගීය යළි මතභේදයට ලක් විය.
1956 සිරිමාවෝ බණ්ඩාරනායක අග්රාමාත්යවරියගේ අදහසකට අනුව මෙරට කලා ශිල්පීන්ට අතදීමේ අරමුණින් සංස්කෘතික කටයුතු අමාත්යාංශය පිහිටුවනු ලැබීය. එහි කලා සහකාර තනතුරක් පමණක් ලැබූ ආනන්ද සමරකෝන් නන් අත විහිදුනු කලා හැකියාවන්ගෙන් යුත්තෙක් විය. හේතු විරහිතව තනතුරෙන් ද සමරකෝන් කලාකරුවා පහකරන ලද්දේ දැඩි අසාධාරණයක් එතුමාගේ කලා ජීවිතයට එක් කරමිනි.
ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන් මහතාගේ පවුල් ජීවිතයද දැඩි ලෙස වියවුල් තත්ත්වයට පත්ව තිබුණි. පසු කලෙක එතුමා දැඩි මානසික පීඩනයට සහ දුර්වල ශාරීරික තත්ත්වයන්ට ලක් විය. දැඩි මානසික අවපාතය හේතුවෙන් මෙරට ජාතික ගීයේ නිර්මාතෘවරයා නිදි පෙති පානය කර 1962 අප්රේල් 5 දින සිය දිවි හානි කරගන්නේ සමස්ත ජාතියටම සිය අගය පෙන්වා දෙමිනි. ගීත රචකයෙක්ගේ අවසරයකින් තොරව මෙලෙස මෙරට ජාතික ගීයේ වචන වෙනස් කිරීම සමරකෝන් මහතා හඳුන්වා දී ඇත්තේ ”ගීතයේ ගෙල සිඳීමක්” ලෙසයි.
කෙසේ වුවත් ශ්රී ලංකාවේ ජාතික ගීය අභිමානයෙන් යුතුව ගායනා කරන සෑම වාරයක් පාසාම එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන්හට ජාතියේ ප්රණාමය, ගෞරවාදරය හිමි වන්නේ නිතැතිණි.
(හෂිනි ඉරේෂා ගුණවර්ධන)