රන්වන් සිරි දෙනා ගත තරුණයි මාර
කන්දෙන් එහා වෙල් යායයි සරු සාර
මන්දැයි රෙද්ද පොරවාගෙන අව් කාර
කැන්දන් යන්න එන්නද මං හැම වාර
අනේ එපා කරදර මට කොරන්නට
යන්න තියෙනවා තව දුර ගමන්කොට
අම්මා ඉන්නවා පන්විලෙ යහන්කොට
උන්දෑ කන්නෙ මොනවද මම ඉන්නකොට
රේණු තලා මල තළලා වරින් වර
ගෑණු පතා මම ඉන්නව සෙමින් වර
රාළ කියා මට තැලුවා තදින් වැර
ගෑණු සොයා මම ඉන්නව මරණ කොර
ගිය මාසේ පෝය දිනෙයි මල පිපුනේ
අම්මා ගියේ ඒ දිනයෙයි සිල් රකිනේ
මාව අනේ තනි වූවෙයි නොසිතු දිනේ
නෑනෙ පිනේ ඇති සැපතයි සැමද විනේ
උබෙ අම්මට ඇත කුසගිනි තා හින්දා
යන්නට පලයන් යන්න තව දුර වැඩි හන්දා
වැදපන් බුදුන් දම් සග ගුණ දන රන්දා
දෙන්නට එපා දුක් කම් බල ගෙන නින්දා
ගොම්මන් වෙලේ දොළ අයිනේ ඉන්න මම
ගන්නෙමි බොජුන් පුලුටුත් ලේ රස පදම
ඉන්නම් බලන් තගෙ අරුමෙට කරන සැම
දුටුවොත් වැරදි උඹ කැන්දන් යාවි මම
-ප්‍රමෝද්-