ආදරවන්තයන්ගේ
දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙසද හැඳින්වෙන වැලන්ටයින් දිනය වාර්ෂිකව පෙබරවාරි 14 වන දින සමරනු ලැබේ. බටහිර ක්‍රිස්තියානි මංගල්‍ය දිනයක් ලෙස වැලන්ටිනස් නම් මුල් සාන්තුවරයන් දෙදෙනෙකුට ගෞරව කිරීම, වැලන්ටයින් දිනය සැලකිය යුතු සංස්කෘතික, ලොව පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රේම සම්බන්ධතා සහ ආදර ප්‍රේමය ආගමික හා වාණිජමය වශයෙන් සැමරීම.ආදරවන්තයන්ගේ දිනය  1909 වැලන්ටයින් කාඩ්පත ද හැඳින්වේ ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය විසින් නිරීක්ෂණය කරන ලදී බොහෝ රටවල ජනතාව; කතෝලික පල්ලිය [1] ඇන්ග්ලිකන් හවුල ( දින දර්ශනය බලන්න) ලුතරන් පල්ලිය ( දින දර්ශනය බලන්න) වර්ගය ක්රිස්තියානි, ආදර, සංස්කෘතික, වාණිජමය සැමරීම වැදගත්කම ශාන්ත වැලන්ටයින්ගේ මංගල්ය දිනය; ආදරය හා සෙනෙහස සැමරීම නිරීක්ෂණ සුබපැතුම් පත් සහ තෑගි යැවීම, ආලය කිරීම, පල්ලියේ සේවාවන් දිනය පෙබරවාරි 14 ( කතෝලික පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 6 ( නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 30 (නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) සංඛ්‍යාතය වාර්ෂික  ශාන්ත වැලන්ටයින් පෙබරවාරි 14 වන දිනට සම්බන්ධ විවිධ වැලන්ටයින් හා සම්බන්ධ ප්‍රාණ පරිත්‍යාග කථා රාශියක් ඇත. [3] රෝමයේ ශාන්ත වැලන්ටයින් විවාහය තහනම් කළ සොල්දාදුවන්ට විවාහ උත්සව පැවැත්වීම සහ රෝම අධිරාජ්‍යය යටතේ පීඩා විඳි කිතුනුවන්ට උපස්ථාන කිරීම සම්බන්ධයෙන් සිරගත කිරීම පිළිබඳ ලිඛිත විස්තරයක් ද ඇතුළුව. [4] පුරාවෘත්තයට අනුව, ශාන්ත වැලන්ටයින් තම විනිසුරුවරයාගේ අන්ධ දියණියට පෙනීම යථා තත්වයට පත් කළේය. [5] ඔහු මරණීය දණ්ඩනයට පෙර සමුගැනීමක් ලෙස "ඔබේ වැලන්ටයින්" යනුවෙන් අත්සන් කළ ලිපියක් ලිවීය. ක්‍රි.ව. 266 දී මියගිය රෝමයේ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයාට ගෞරව දැක්වීම සඳහා ක්‍රි.ව. 496 දී පළමුවන ජෙලසියස් පාප්තුමා විසින් ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ආරම්භ කරන ලදී.
රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනප්‍රියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව ප්‍රකට කාරණාවක්. මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්යත්වය නො වන නිසා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වේ.
අද කාලයේ ආදරය ලෙස ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ විනෝදය, ලිංගික සතුට , තෑගිබෝග වැනිදේවල්ය. වැලන්ටයින් කීවාම අපිට මතක් වෙන්නේද , රාගයෙන් මත්වූ තරුණ ජෝඩු හොරෙන් පෙම්සුව විඳින දසුන්ය.වැලන්ටයින් කියද්දී සිහියට නැගෙන දෙවල් අතර , රූම්ස් , බීච් , පාර්ක් සහ බොක්ස් යන දේවල් පෙරමුනේ සිටී. එහෙත් අද කාලයේ ආදරය පලාගොස් ලිංගිකත්වය ඉතිරීවී තිබේ..ප්රථම ලිංගික එක්වීමේදී තම සහකාරියගේ හැසිරීම් රටාව, ඇය පුදුම වෙන ආකාරය, ඇය සතුටුවෙන ආකාරය ඕනෑම කොල්ලෙක් සිතින් අත්විදී.එය ඔහුගේ ජීවිතයේ වටිනාම දවස්වලින් එකකි. එහෙත් කනගාටුවට කාරණාවනම්........අද කාලේ ගොඩක් ගෑනු ළමයි එම සුන්දර අත්දැකීම , තම ජීවන ගමන් මගේ මුනගැහෙන නොවදගත් පුද්ගලයකුට, පරණ පෙම්වතාට, විනෝදයට ඇසුරු කරන පෙම්වතෙකුට ලබාදීමයි.
මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති
එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්රවේසම් වීමට මතක් කරදෙයි
මෙවැනි සංකර සිරිත් ශ්රී ලංකාව වැනි බෞද්ධ රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැත ......ඒ බව අනගාරික ධර්මපාලතුමා ජීවතුන් අතර සිටියදී හොඳින් දැනගෙන සිටියේය ....මේ එතුමාගේ වදන් පෙළකි ...
" මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා."
එදා අනගාරික ධර්මපාලතුමා මෙලෙස පැවසූයේ වර්තමානයේ බෞද්ධයන් සංකර සිරිත්වලට මේ ආකාරයෙන් ගොදුරුවීම නොවේද ?
මෙය දැනටමත් ජාතික ප්රශ්නයක් වී හමාරය..මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල දැරියන්ය .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් දෙයනම් මේ වැලන්ටයින්ය ..මේ දවසට අපේ දැරියන් කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ?...ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ... ආදරේ කරන්න විශේෂ එක් දවසක් ඕන නැත ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි.. දැරියනි ,,මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කර නොගන්න ....මුස්ලිම් ජාතිකයන් මේ වැඩ කරන්නෙ නැත ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...දැරියනි මේ කපටි වැඩ වලට හසුනොවන්න
මෙවැනි දුරාචාර දේවල් අරභයා තමන්ගේ නම ඇඳී තිබීම පිළිබඳව ශාන්ත වැලන්ටයින් පියතුමා දන්නේ නම් සිය දහස් වාරයක් කණගාටුවනවාටද සැක නැත...
වර්තමානයේ ලංකාවේ පමණක් වැලන්ටයින් දිනය තුලදී තරුණියන් 10, 000 කට පමණ කන්‍යාභාවය අහිමි වීම් සිදුවෙන බව වාර්තා වෙනවා.මෙයට මූලික හේතුව කුමක්ද?හේතු ගණනාවක් තිබෙනවා.ඉන් එකක් නම් ආදරය යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබීමයි.ආදරය සහ ආකර්ෂණය එකිනෙක පටලවා ගෙන ඒ තුල ජීවිතය සොයන්නට කාමර ගානේ රස්තියාදු වන තරුණ තරුණියන් වැලන්ටයින් සමරන්නේ මහත් ඉහලින්.එහෙත් සැබෑ ආදරයට වැලන්ටයින් යනු අතිශය සාමාන්‍ය දිනකි.මාධ්‍යකරුවන් සහ වෙළෙන්දන් සිය වෙළඳ උපක්‍රම භාවිතා කරමින් වැලන්ටයින් වෙනුවෙන් විවිධ packages පවා ඔබට ලබාදෙන්න උත්සහ කරනවා. මේවා මිලදී ගැනීමේ හෝ තෑගී දීමේ වරදක් නොමැති වුනත් ඔබට තමන් ආදරය කරන පුද්ගලයා ට ත්‍යාගයක් දෙන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?නැත්නම් ආදරය හඳුනාගන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?අවුරුද්දේ අනෙක් දවස් 364 ම රණ්ඩු කරගන්නා පෙම්වතුන් සහ තමන්ගේ විවාහ සංවත්සරයවත් මතක නැති ස්වාමි බිරින්දෑවරුන් වැලන්ටයින් දිනයට පමණක් තෑගි හුවමාරු කරගන්නේ ඇයි? මිල අඩු නිසාද?එසේනම් ඔබ නොදැනුවත්වම වැලන්ටයින් ඔබේ අයිතිය අහිමි කර ඇති බවක් හැඟෙන්නේ ද?

වැලන්ටයින් දිනයට වඩා ආදරය ගැන කියාදෙන්න,හඳුනාගන්න බොහෝ කරුණු දැනගත යුතු කාලයකි මේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට තරුණ තරුණියන් එළඹීමේ සම්භාවිතාවය මේ වන විට වැඩිවී ඇත්තේ ද මෙවන් වූ වෙළඳ උපක්‍රම හේතුකොට ගෙන ය.උලුප්පා දක්වන ව්‍යාජ වැලන්ටයින් දිනය සැබෑ ආදරය යැයි හඳුනාගන්නා ඉතා ලාබාල දරුවන් නිසි වයසටත් පෙර පවා ආදර සම්බන්ධතා ඇතිකරගනිමින් සිය පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ දෙමව්පියන්ටත් වඩා වටින්නේ යයි සිතාගෙන අම්මා තාත්තා දෙන පන්ති සල්ලි එකතු කර ඉගෙනීම කපාහැර වැලන්ටයින් දිනයේ තෑගි මිලටගන්නේ සිය අනාගතයම අඳුරු වේ යන බියක් හෝ නැතුවය.එය ගිනි දැල්ලට ලං වන පළඟැටියෙකු වැනිය.පළඟැටියා සිතන්නේ එය කදිම අවස්ථාවක් ලෙසයි.එහෙත් වෙන්න ඕනේ දේවල් සිදු වූ පසු “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැඳිරි එළියටත් බයයිනේ” කියා නම් කිසිදු පලක් නොමැත.
ආදරය කිරීම සමාජ සම්මත විවාහය දක්වා දුරදිග යාම ඉතා වැදගත්ය.සැබෑ ආදරය යනු එකිනෙකා ගේ ජිවිත ගැන තීරණය කරන්නට ලැබෙන මැජික් කෙවිටක් නොවේ.අපගේ ජිවිත වල තීරණ ගත යුත්තේ අපිමය.ආදරේ නාමයෙන් කියා කාම සේවනයේ යෙදෙන තරුණ තරුණියන් සිතන්නේ ආදරය එයයි කියාය.ඉතින් වැලන්ටයින් නේද කියමින් කාමර වලින් ආදරය සොයන පෙම්වතුන් ආදරය ලිංගිකත්වය ලෙස දැකීම පුදුමයට කරුණක් නොවේ.”සැබෑ ආදරයක් ඇති අයකු කිසිදා සිය පෙම්වතා හෝ පෙම්වතියට අවැඩක්,අවනම්බුවක්,කරදරයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයේ කිසිදු දෙයක් යෝජනා හෝ කරන්නේ නැත” යන සරල වුවත් වැදගත්ම කරුණ තේරුම් ගන්නට තරම් වත් අද සමාජය බුද්ධිමත් නැත කියා කීම සම්පුර්ණයෙන්ම නිවැරදි නැත.ඇත්තටම සිදුවන්නේ එය තේරුම්ගැනීමට උත්සහ ගන්නේ නැතිකමය.ඉතින් අවසානයේ මේවා කෙලවර වන්නේ අම්මා තාත්තා නොදක මියයන පුංචි දරුවන්ගෙන් සහ විවිධ සමාජ රෝග වලින්ය.
විශේෂයෙන්ම කිවයුතු තවත් කරුණක් ඇත.කන්‍යාභාවය අහිමි වීම පවතින්නේ වැලන්ටයින් දිනය මත පමණක් නොවේ.වැලන්ටයින් නොවුනත් හැම දිනකම සිය පවිත්‍රත්වය ස්ව කැමැත්තෙන්ම අහිමි කරගන්නා තරුණියන් තරුණයන් ඕනෑතරම් සිටියි.ඒවාටම සැදුම්ලත් කූට වෙළෙන්දන් ද මීළඟ බිල්ල කවුදැයි කියා බලාගෙන සිටියි.ඔබ සැබෑ ආදරය හඳුනාගන්න දිනයට ඔබේ පවිත්‍රත්වය ද ආරක්ෂා වනු ඇත.සිතන්න,වැලන්ටයින් නමින් ඔබ සමරන්නේ සැබෑවටම ඔබ හඳුනාගත් ආදරය ද? වෙළෙන්දන්ගේ වාණිජ දිනයක්ද?
https://dhamma.ifbcnet.org
https://www.womanly.lk/2017/02/1434/
25 comments:
Best one👌👍👍
Important
All right
Best
Good 👍👍
Best
Best
Great
Niyamay 🥰
Good 👍👍
👍👍👍👍
Great👌👌
ගොඩක් වැදගත් 💛🥂
ගොඩක් වැදගත් 💛🥂
කාලීන වැදගත් ලිපියක්
Great🎉️🎉️
Great
👍👍
Super 👍
💜️💜️💜️
නොදන්න බොහෝ දේ දැනගෙන..දැනන් ඉන්න බොහෝ දේ අයෙත් පෙන්නලා දෙන දැක්කත් නොදැක්ක වගේ ඉන්න දේවල් ඇහැටම අලවපු ලිපියක්❤❤
ගොඩක් වටිනා ලිපියක් සර්,හැමෝම තේරුම් ගන්නවනම් මේ ලෝකය ගොඩක් ලස්සන ..
Important article
great job...
Post a Comment