Followers

Monday, November 23, 2020

කන්ද උඩ ගින්දර මෙතරම් සීතලද?

 "කන්ද උඩ ගින්දර" - ජැක්සන් ඇන්තනී
         ‘කන්ද උඩ ගින්දර’ යනු සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂිම කෘතියක් බව ප්‍රථමයෙන් ම කිව යුතු ය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය. ජැක්සන් ඇන්තනී යනු අපට හුරැ පුරැදු නාමයකි. අපට ජැක්සන් ඇන්තනී මීට පෙර චිත්‍රකතා ශිල්පියකු, විශිෂ්ට රංගවේදියකු, සිනමාකරුවකු, තිර නාටක රචකයකු, ප්‍රවීණ සමිප්‍රවෙිශකයකු ලෙස මුණ ගැසුණමුත් ජැක්සන් ඇන්තනී නවකතාකරැ නාමය නම් අපට එතරමි හුරැපුරැදු නොවේ. 
           ඉතිහාසයට බොහෝ සෙයින් ලැදි අයකු ලෙස ජැක්සන් ඇන්තනි රචනා කරන ලද කුළුඳුල් නවකතාවට පාදක වන්නේම ඓතිහාසික වෘතාන්තයකි. ඒ දස්කොන් - ප්‍රමිලා ,ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ තුන්කොන් පෙමිකතාවයි. නමුත් නවකතාකරැවා අප දන්නා පෙමි වෘතය එපරිද්දෙන්ම නවකතාව තුළට අලවා නොමැත. සෙංකඩගල පුරවරයේ පළමු විමලධර්මසූරියගේ ලේ ධාතුව වු පටිටිය බණ්ඩාරගේ රාජ උරැමය වෙනුවෙන් සටන් වදින ආකාරයත්, ලක්දිව රාජ්‍යත්වයේ එක්තරා සංධිස්ථානයන් වු නායක්කාර් වංශිකයන්ගේ ආධිපත්‍යය ලක්දිව සිංහාසනය පුරා අරක් ගන්නට ලැබෙන පිටිවහලත් අනුවෙිදනීය අයුරින් කතුවරයා රචනාකර තිබෙනවා. මහනුවර යුගය ලංකාවේ අඳුරුතම කාලපරිච්ඡේදයක්,අඳුරැතම යුගයක් ලෙස හැඳින්වූ බව ඔබ අසා ඇති. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි.
   සිංහාසනය වෙනුවෙන් සටන් වදින පටිටිය බණ්ඩාරගේ මරණය වෙනුවෙන් ශෝකය උපදී. කරැණා රසය උපදවයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( කුණ්ඩසාලේ කුමාරයා ) දස්කොන්, මොණරවිල කුමාරිහාමි , ප්‍රමිලා දේවිය ඉතිහාසයේ අපට හෙළි කළ සහ නොකළ කතා දැන ගන්න ඔබ මේ කෘතිය කියවා බැලිය යුතුමයි. කන්ද උඩ රට රාජධානිය සමයේ පැවති දේශපාලන ගැටුම් , චාරිත්‍ර වාරිත්‍ර , අභිචාර විධි, අන්‍යාගමික බලපෑම් සහ බෞද්ධාගම පිහිටිම පිළිබඳව පමණක් නොව රාජකීය මාලිගාවේ රන් දෝලිය සහ යකඩ දෝලිය අතර ඇති වෙනස්කම් සහ ගැටුමි,ඒවා රාජ උරැමයක් ගොඬනැඟෙන්නට බලපාන අයුරැ පිළිබඳව සුක්ෂම ආකාරයෙන් කතුවරයා රචනා කර තිබෙනවා.
                  අප දන්නා ඉතිහාස කතා වාර්තාමය තත්ත්වයෙන් ඔබිබට ගොස් ඊට සාහිත්‍යයමය වටිනාකමක් ලබා දෙන්නට කතුවරයා කෘතිය හරහා සාක්ෂාත් කරගෙන තිබෙනවා. දස්කොන් ප්‍රමිලා ‘ කතා වස්තුව ලෙස හැඳින්වූ නමුත් මෙහි කුණ්ඩසාලේ හා මොනරවිල කුමාරිහාමි ‘ ආදර අන්දරයට විශාල තැනක් හිමිව තිබෙනවා. ආදරය විඳගන්නටත් රැක ගන්නටත් මිනිසුන් තුළ තිබූ සමත්කම් සහ අසමත්කම් ඒ හරහා අප හමුවට එනවා. දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, දස්කොන් අධිකාරම, ප්‍රමිලා දේවි, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමෙි, රමිමොලක මහාධිකාරම, යාලේගොඩ දෙවන අධිකාරම, ලෙවිකේ නිලමෙි, වැලිවිට සරණංකර සාමණේර, සූරියගොඩ උන්නාන්සේ, පටිටිය බණ්ඩාර, පිටිටි නායක්කර්, ජාකෝමෙි ගොන්සාල්වෙිස් පියතුමා, ඉග්නේෂියස් අල්මෙිදා පියතුමා, කීරවැල්ල බිසෝ බණ්ඩාර, උනමිබුවෙි කුමාරයා, විජයරාජ කුමාරයා ආදී ඓතිහාසික චරිත සමුහයක්ම මෙි වෘතාන්තය තුළ ජීවත් වෙයි. එහෙත් ඔවුන්ව අපට හමුවන ඉතිහාස මුලාශ්‍රවල ඇත්තේ චරිත විස්තරයක් සහ සිද්ධි දාමයක් පමණී. මෙි චරිත අතර ඇතිවන ගැටුමි සහ අන්තර්සබඳතා "කන්ද උඩ ගින්දර" තුළ අන්වික්ෂණය කරන්නට කතුවරයා උත්සහා දරා ඇත.
         කතුවරයා නවකතාව රචනා කරද්දී චරිත සහ ඓතිහාසික සිද්ධි එකිනෙක ගැලපීමට යොදා ඇති භාෂා ප්‍රයෝග අපුරැ ය. නවකතාව අලංකාර කරන කාව්‍යාත්මක භාෂා ශෛලිය විස්මයාන්විත විදියට සිත් ඇද බැඳ ගන්නට සමත්කමි දක්වයි. ජැක්සන් ඇන්තනි මහතා දක්ෂ රංගධරයෙකු පමණක් නොව කතාන්දර කීමේ සමතෙකු බව දැනගන්නට "කන්ද උඩ ගින්දර" කළ ඇති විස්මයාන්විත භාෂා ප්‍රයෝග සහ සිද්ධි නිර්මාණයන් ප්‍රමාණවත් ය. නවකතාව පරිචයකින් පරිචයට ආරමිභ කරන අපුරැ පරිසර වර්ණනාවන් දෙවරක් කියවන්නට බල කරයි. ඓතිහාසිකත්වය බැඳි කතාන්තරයන් කියවන්නට රැචි පාඨකයන්ට නමි ඉහළින්ම නිර්දේශ කළ හැකි විශිෂ්ට කෘතියක් බව කියන්නට රිසියෙමි. අත්‍යන්තයෙන්ම “කන්ද උඩ ගින්දර” යනු සැබැවින්ම ඔබේ පොත් රාක්කයේ තිබිය යුතුම අපුරැ කෘතියක් බව කිව යුතු මනා ය.