Followers

Wednesday, July 28, 2021

සංවර්දන සංන්නිවේදනය දෙවන ලෝක යුද්ධයෙන් පසු 1980 දක්වා වු ක්‍රියාත්මක වීම හා ඉන් අනතුරුව අද දක්වා ක්‍රියාත්මකවීම.

 

(සංවර්ධන සංන්නිවේදන නිර්වචන ආකෘති පර්යේෂණ හා සංකල්පීය ක්‍රමවේද ) 


සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයයි. ඒ 1950 දශකයේ අග භාගයේදීයි. 1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල්වරට භාවිත කෙරිණ. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේය. එනම්, “සංවර්ධන සන්නිවේදනය යනු රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදා ගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවකි. එමගින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකිය.” දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකෙරිණ. ඒවායේ ප්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක්‍රමෝපායන්  හඳුනා ගැණින. එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිකිරීමට සාධක විය. තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා - අප්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකි අතර මේවා නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල් වශයෙන් හදුනාගත හැකි වේ. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකය ලෙස හැඳින්වෙයි. ඒ අනුව දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.

බටහිර සංවර්ධන ක්‍රමෝපායන් - 

නවීකරනය -

නවීකරණ පරමාදර්ශය තුළ ජනමාධ්‍යයට කේන්ද්‍රීය ස්ථානයක් හිමි විය. ප්‍රයෝජනවත් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහාවූ මාධ්‍ය සහගැන්වීම සඳහා වන මාධ්‍ය, දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපදයේ මනෝවිද්‍යාත්මක යුධ පර්යේෂණ, ව්‍යාප්ති අධ්‍යාපනය වැනි දෑ ප්‍රදේශවලට මාරු කරන ලදී. සංවර්ධනමය තොරතුරු, කෘෂිකාර්මික හා සෞඛ්‍ය ආදී අංශ ව්‍යාප්ත කරමින් මෙම නවීකරනය සදහා ජනමාධ්‍ය ව්‍යාප්ත කරනන්ට විය. එබැවින් අධ්‍යාපනය ක්‍රියාවලිය වේගවත් කිරීමේ තීරණාත්මක වගකීම ජනමාධ්‍ය හරහා පවරා ඇති අතර මෙය බටහිර රටවලට හිතෛෂිව සිදු කරන්නට විය. සංවර්ධනය වෙමින් පවතින රටවල මානව සම්පත් බළමුලු ගැන්වීම මොවුන්ගේ ප්‍රධාන අරමුණවන අතර මේ සදහා ජනමාධ්‍ය යොදාගන්නට විය. සංවර්ධිත රටවලින් ඔවුන්ගේ නව අදහස් හා ආකෘති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රකාශ කිරීම සඳහා නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ගම්බද ප්‍රදේශ දක්වා තොරතුරු විකාශණය කර නවීකරනය කරන්නට විය. රොජර්ස් සහ ස්වේනිං විසින් 1969 වසරේ දක්වන්නේ ඔවුන් බලවත් යැයි සිතා, සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගල හැසිරීම් කෙරෙහි ඒකාකාරී හා සෘජු බලපෑම් ඇති කරනන්ට වූ බවය.   නවීකරණය යන්න අර්ථකථනය කිරීමේදි සමාජ විද්‍යා විශ්වකෝෂයේ ඇති අදහස ද බෙහෙවින් වැදගත් වේ. එහි සඳහන් වන අන්දමට “ නවීකරණය යනු ආර්ථික සංරචක මත සමාජ වෙනස් වීමේ ක්‍රියාවලියයි.” නවීකරණය වු සමාජ ලබා ගත් පොදු සමානකම් පිළිබඳව සැලකීමේදි මෙම ලක්ෂණය බටහිර රටවල, උතුරු ඇමරිකානු රටවල හා ජපානය වැනි රටවලද දැකිය හැකිය. (^International Encyclopedia of the Social Semces" 1968" Page 387) නවීකරණය පිළිබඳ දක්වා ඇති අදහස් අතර පහත  සඳහන් නිර්වචනීය අදහස් ද වැදගත් වෙයි.

මාරියන් ජේ ලෙවි-

 “කාර්යක්ෂම ලෙස මෙවලම් භාවිත කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස නවීකරණය සැලකිය හැක.”       

ඩී. ඒ. රස්ටෝ - 

“වේගවත් ලෙස පුළුල් වෙමින් හා පාළනය වෙමින් ස්වාභාවිකත්වය හරහා මිනිසාට සමීප වුදෙයකි.”

රොබට් එම් කෙන්ඩි -    

“ආසියාවේ හා බොහෝ රටවල පවතින සමාජීය, ආර්ථික, දේශපාලන, මනෝ විද්‍යාත්මක අංශයන්හි සිදුවන සංකීර්ණ පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි නවීකරණය.”         

එස්. සී. ඩියුබි -

 “කිසියම් ක්‍රියාවලියක් සාම්ප්‍රදායික ක්‍රමයේ සිට තාක්ෂණික ක්‍රමයට හැඩගැසීම  සඳහා හවුල් වු  සමාජ ආකෘති, වටිනාකම්, හැඩගැසීම් හා පෙළඹවීම් යනාදියේ එකතුවකි.”         

විසරනය -

මෙම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයේ කේන්ද්‍රීයව කටයුතු කළ එවරට් එම් රොජර්ස් පහත සඳහන් ප්‍රධාන දේ හඳුනා ගත්තේය. අදහසක් හෝ නවෝත්පාදනයක් ව්‍යාප්ත කිරීම පිළිබඳ ඕනෑම විශ්ලේෂණයක මූලද්‍රව්‍ය: (1) නවෝත්පාදනය, කුමක් හෝ කිසියම් අදහසක් ලබන්නා විසින් අළුත් දෙයක් ලෙස සලකන්නේද, (2) ඇතැම් නාලිකා හරහා එහි සන්නිවේදනය,(3) සමාජ පද්ධතියක සාමාජිකයන් අතර සහ (4) කාලයත් සමඟ යනාදී අදියර පහක් සංකල්පිතව ඍදටැරි සහ ීයදැප්නැර 1971 කාලයේ දී විස්තාරණය කර තහවුරු කර ඇත. ඒ අනුව මොවුන්ගේ එකම පරමාර්ථය වූයේ සංවර්ධනය වෙමින් පවත්නා යටත් විජිතානුකූල රටවල් තම බල කේන්ද්‍රීය වෙත ඈදෑ ගැනීම වේ. මේ සදහා මොවුන් ජනමාධ්‍ය භාවිතා කොට ඉතා සූක්ෂම ලෙස ඉහළ සිට පහළ තෙක් තොරතුරු ව්‍යාප්ත කරන්නට විය. 

සමාජ වෙළද පොල -

සන්නිවේදන ව්‍යාපාර සමඟ ඒක මාර්ගිකව, ඉහළ සිට පහළ සහ මූළාශ්‍රයනගේ සිට ග්‍රාහක සම්ප්‍රේෂණ ආකෘති භාවිතා කර ඇත. ඉලක්කයට පණිවිඩය ලැබුණු වහාම බලපෑම් ස්වයංක්‍රීයව සිදුවනු ඇතැයි විශ්වාස කරන බව රොජර්ස් විසින් 1973 අදහස් දක්වා ඇත.  මෙමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ මතය හා නායකයින්, වෙනස් කිරීම සඳහා ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය ඒත්තු ගැන්වෙන පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමට භාවිතා කරන ලදී. මෙම උපාය මාර්ගවල උපකල්පනය වූයේ එයයි. එනම්  දැනුම යනු සේවාවක් හෝ නිෂ්පාදනයක් සඳහා භාවිතා කිරීමේ සම්බන්ධව නොවේ එය හුදෙක්ම බටහිර මොවුන්ගේ එකම බලාපොරොත්තුව සංවර්ධනය වෙමින් පවතින රටවල බටහිර සමාජ වෙළදපොළක් ඇති කිරීම වේ. 1970 දශකයේ සමාජ අලෙවිකරණ ශිල්පීය ක්‍රම මගින් අභියෝග ක්‍රමානුකූලව අවධාරණය කරන ලදී. සාරධර්ම හා දැනුම වෙනස් කිරීම මෙන්ම චර්යා රටාවන් ලබන්නන්. සමාජ අලෙවිකරණය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට 1971 දී කෝට්ලර් විසින් හඳුන්වා දෙන ලදී. සැල්ට්මන් විසින් 1971 කාලයේ දක්වන්නේ මෙම සංකල්පය වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාළනය කිරීම මෙන්ම සමාජ අදහස් පිළිගැනීමේ හැකියාව කෙරෙහි සලකා බැලීමට සහ සලකා බැලීමට සම්බන්ධ විය. නිෂ්පාදන, සැලසුම්, මිලකරණය, සන්නිවේදනය, බෙදා හැරීම සහ අලෙවිකරණ පර්යේෂණ මෙම සංකල්පය තුළින් ක්‍රියාත්මක් වන්නට විය.


විනෝදාත්මක අධ්‍යාපන ප්‍රවේශය-

ලෝක යුද්ධයෙන් පසු බටහිර ජාතීන් ක්‍රියාත්මක කළ සංකල්පයක් ලෙස මෙම සංකල්පය හදුනාගත හැකිය. විනෝදාස්වාද හා අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී උපාය මාර්ගයක් නියෝජනය කරයි. සමාජ ගැති අදහස් විනෝදාත්මක මාධ්‍ය නිෂ්පාදන තුළ අන්තර්ගත වේ, සාමාන්‍යයෙන් විශාල කොටසක සමාජ අලෙවිකරණ ව්‍යාපාරය මෙම ප්‍රවේශයේදී අධ්‍යාපනික අන්තර්ගතයන් මාධ්‍ය තුළ අන්තර්ගත වේ. ගුවන්විදුලිය, රූපවාහිනිය, සංගීතය, වීඩියෝ සහ ජන නාට්‍ය වැනි වැඩසටහන් ීසබටය්ක සහ ඍදටැරි විසින් 1999 දී පෙන්වා දෙන්නේ ඒ ඒ වැඩසටහන් සෘජුව හෝ වක්‍රව සමාජ විපර්යාස සඳහා පහසුකම් සපයන බවයි. සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගත හැකි පෙළඹවීම් උපායමාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිවිය. යම් රටක සමස්ත ප්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහලකි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංකල්පය බිහිවිය. 1980 දශකයේදී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරඹිණ. එහිදී සංවර්ධන සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද, යනාදී කරුණු එහිදී අවධානයට ගැණින. රටක ජාතික සංවර්ධන ක්‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකිය. සාම්ප්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි. සංවර්ධනය යන්නෙන් ආර්ථික,  සමාජ,  සෞඛ්‍ය,  සංස්කෘතික හා අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.

ඒ අනුව මෙම සංවර්ධනය සඳහා විවිිධ විද්වතුන් විවිධ අදහස් නිර්වචනය කොට ඇත. ඒ අනුව එම නිර්වචන කිහිපයක් ලෙස,  

සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ බටහිර මතවාද

මහාචාර්ය විල්බර් ශ්‍රාම් - 

“ජාතික අපේක්ෂා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජාතිකත්වය පිළිබඳ හැඟීම තහවුරු කිරීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇතිකිරීමට ජනමාධ්‍ය භාවිත කළ හැකි බවත් ශ්‍රාම්ගේ මතයෙහි දැක්වෙයි. සාම්ප්‍රදායික සමාජවල නව හැකියා ව්‍යප්තියට ජනමාධ්‍ය භාවිතයට ගත හැකිය. පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ද තිබේ.”

එවර්ට් එම්. රොජර්ස් - 

සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාව මැනවින් තේරුම් ගැනීමටත් - නවෝත්පාදන විසරණයටත් සංවර්ධන සන්නිවේදනය භාවිත කෙරේ. ජාතික න්‍යාය පත්‍රය සැකසීමත් - සංවර්ධනය පිළිබඳ විවිධ ගැටලූ සාකච්ඡුාවට පසුබිම සැකසීමත් -සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර සම්බන්ධතාව වටහා ගැනීමටත් සංවර්ධන සන්නිවේදනය පිටිවහලකි.

ඩැනියල් ලර්නර් - 

“මැද පෙරදිග කලාපයට විශේෂිතව කරන ලද පර්යේෂණ අනුව මෙම මතවාදය ඉදිරිපත් කෙරිණ. නාගරීකරණය - සාක්ෂරතාව - ජනමාධ්‍ය භාවිතය - දේශපාලන සහභාගීත්වය ආදී කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මීට අමතරව අදහස් මතවාද වෙනස්කිරීමේ ක්‍්‍රියාවලියට සහවේදනය බලපාන බව ද ඩැනියල් ලර්නර් පෙන්වාදෙයි.

ලූෂන් පායි - 

පෞද්ගලික මත හා සංකල්ප සමාජීය පදනමක් තුළ ඉදිරිපත් කිරීම හා විග්‍රහ කිරීම ජනමාධ්‍යවලින් ඉටුවිය යුතුය. සන්නිවේදන හා දේශපාලන ක්‍්‍රියාවලි අතර ඇති සම්බන්ධතා එමගින් ඔහු විග්‍රහ කරයි. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමෙන් පසු දේශපාලනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබාගත හැකි බව මින් පෙන්වා දී තිබේ.”

පෝල් පී. ස්ටීවන් - 

“සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැකියාව හා සමාජ අසමානතාවයි.”

          මේ අනුව බටහිරවාදී සංවර්ධන ක්‍රියාවන් සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවලට හුදෙක් ගැලපුනේ නැත. සංස්කෘතිය, ඇදහිළි, විශ්වාස හා  සාම්ප්‍රධායිකත්වය ආදී ක්‍රමවේද මත බටහිර ජනමාධ්‍ය හා බැඳි සංවර්ධනය ආගන්තුක විය. ඒ අනුව මහාචාර්ය විමල් දිසානායක වැනි විද්වතුන් විසින් මෙම සාම්ප්‍රධායික සංවර්ධනය බටහිර උගුලෙන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද යොදවා ඇත. මීට අමතරව මහත්මා ගාන්ධි, නායර් වයිට්, මාවෝ සේතුං, පෝල් පී ලැසාෆීල්ඩ් ආදී පුද්ගලයන්ගේ පර්යේෂණ මත සංවර්ධනය වෙමින් පවතින්නා වු රටවල සාර්තක ලෙස සංවරධනය කරන්නට විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ  දේශීය ජනයාගේ ඒකරාශි කරලීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනගාරික ධර්මපාල වැනි සුවිශේෂි චරිතයන් ලංකාව තුළ ජනමාධ්‍ය භාවිතා නොකොට මානව හා භෞතික සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වූ පර්යේෂණ සංකල්ප ආදී බිහිවන්නට විය. මහාචාර්ය විමල් දිසානායක මහතා මෙම සංවර්ධනය පිළිබඳ දක්වන්නේ “ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.”

චීනය තුළ සංවර්ධන සන්නිවේදනය

මාඕ සේතුං විසින් චීනය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු මූලික ලක්ෂණ 04 ක් හඳුන්වා දෙන ලදි.

1. ප්‍රජානනය

2. සාරාංශකරණය

3. ප්‍රමාණීකරණය 

4. ක්‍රියාවට පරිවර්තනය කිරීම

ප්‍රජානනය යනු, චීනයේ විවිධ සේවා ශේණි වල නියුක්ත තරුණ කොටස් සමස්ථ චීනයේ ගම් නියම්ගම් වලට පිටත් කර ජනතාව සමඟ වාසය කරමින් ඒ ඒ ප්‍රදේශ වල මානව චර්යාව, මානව අවශ්‍යතා, අදහස් හා ආකල්ප, පහසුකම්, සම්පත් හා අඩුපාඩු හඳුනා ගැනීමත්, ඒ ඒ ප්‍රදේශ වලට වඩාත් උචිත සංවර්ධන ව්‍යාපෘති මොනවාදැයි තෝරා ගැනීමත්ය.

සාරාංශකරණය යනු, ප්‍රජානනය අවස්ථාවේදී එක්රැස් කරගත් තොරතුරු සාරාංශ ගතකොට පාලක පක්ෂය වෙත ඉදිරිපත් කිරීමයි.

ප්‍රමාණීකරණය යනු, පාලක පක්ෂය වෙත ඉදිරිපත් කරනු ලැබූ කරුණු තවදුරටත් ගැඹුරින් විමර්ශනය කර, ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ගැනීමයි.

ක්‍රියාවට පරිවර්තනය කිරීම යනු, පාලක පක්ෂයේ අනුමැතිය ලද ක්‍රියාමාර්ග, සැලසුම් හා ව්‍යාපෘති ප්‍රාදේශිය මට්ටමින් ක්‍රියාවට නැංවීමයි. මේ අනුව පහළ සිට ඉහළට කුඪා කණ්ඩායම් සන්නිවේදනය යොදාගන්නට විය.


ඉන්දියානු සංවර්ධන ආකෘති:- 

ඉන්දියාවේ මහාචාර්ය ලක්ෂ්මන් රාඕ පෙන්වා දෙන්නේ, දේශීය අවශ්‍යතාවයන් හඳුනාගෙන, දේශයට ගැලපෙන සේ සංවර්ධනය, සැලසුම් කළයුතු බවයි. මතවාද සකස් විය යුතු බවයි.  එමෙන්ම ඉන්දියාවේ මහත්මා ගාන්ධි ද පෙන්වා දෙන්නේ රටට ගැලපෙන පරිදි රටෙහි ඇති සම්පත් පරිභෝජනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

ඉන්දියානු බහුජන සන්නිවේදන සම්ප්‍රදායෙහි අන්තර්ගත කොටසක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද ආගමික හා සංස්කෘතික වාග් ව්‍යවහාර ගාන්ධිතුමා විසින් භාවිත කරන ලදී. ගාන්ධිගේ සන්නිවේදන භාවිතයේ දී යොදා ගන්නා ලද්දේ ඉන්දීය ජන සංස්කෘතිය හා භගවත් ගීතාවයි. එසේ ම හින්දු සම්ප්‍රදායෙහි යෙදුම් හා සංකේත ද ගාන්ධිතුමා විසින් යොදා ගන්නා ලදී. ගාන්ධිතුමා විසින් යම් යම් සම්ප්‍රදායික පද ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති වන පරිදි යොදා ගනු ලැබීය. එහි දී ඔහු යොදා ගත්තේ සංස්කෘත සම්ප්‍රදායේ වාග් මාලාවයි. ලුණු - චරකය හා ස්වරාජ් යන පද ඒ අතර ප්‍රධාන වේ.

ලුණු මගින් නිරූපණය වූයේ ඉංග්‍රීසි විරෝධී සමාජ භාවිතයකි. එය බැඳුණේ ලුණු බද්ද සමග ය. මේ නිසා ඉංග්‍රීසි විරෝධයේ නිර්නායකයක් ලෙස ලුණු භාවිතයෙන් වැළකී සිටීමට ජනයා පොළඹවා ගැනීමට හැකි විය.


චරකය මගින් ස්වදේශීය නිෂ්පාදන පිළිබඳ සංකල්පය ගොඩ නංවන ලදී. චරකය යොදා ගත්තේ අතින් රෙදි විවීම සඳහා ය. ඒ අනුව ඝණ කදාර් රෙදි හැඳීම ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහි අරගලයක් ලෙස ජනයා පිළි ගත්හ.


එසේ ම රාජ රාජ්‍යය පිළිබඳ සංකල්පය ද ඉතා බලවත් ලෙස යොදා ගන්නට ගාන්ධිතුමන්ට හැකි විය. එය යොදා ගත්තේ වීරත්වයෙන් යුතු සමාජයක් බවට ඉන්දියානු සමාජය පත් කර ගැනීමට ය.


ලිපීනයේ මැංගලින් න්‍යාය:-  

මුළු මහත් අග්නිදිග ආසියාවටම පූර්වාදර්ශය සැපයූ පිලිපීන සංවර්ධන සන්නිවේදන ආකෘතියේ ද පැහැදිලි ලෙසම ප්‍රජා ග්‍රාහක කේන්ද්‍රීය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරයි.  එහිදී පෙන්වා දෙන්නේ, “ඔවුන් දන්නා දෙයකින් පටන් ගන්න”, “ඔවුන් සතු දෙයකින් ගොඩනඟන්න” යනුවෙනි.

පෝල් ලැසාෆීල්ඩ් ආකෘතිය -

1940 දී පෝල් ලැසාෆීල්ඩ් විසින් හඳුන්වා දුන් මෙම ආකෘතිය අනුව සංවර්ධන සංදේශයක් ගමන් කරන්නේ පියවර දෙකකිනි. පළමුවන පියවරේ දී සංදේශය ජනමත නායකයන් වෙත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත නායකයන් යනු සමාජයේ අන්‍යයන් පිළි ගන්නා ප්‍රමුඛ කණ්ඩායමකි. ජනමත නායකයන් විසින් තමන් ලබා ගන්නා ලද සංදේශය වඩාත් සංවේදී ලෙස ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම සිදු වේ. සෘජුව ම ප්‍රජාව වෙත සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම පියවර දෙක අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව ලැසාෆීල්ඩ් විසින් පෙන්වා දුන්නේ ය. මෙම ආකෘතිය වඩාත් උචිත වූයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා සන්නිවේදනය භාවිත කිරීමට ය.

නායර් හා වයිට්ගේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ හුවමාරු මාදිලිය

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ව්‍යාප්තික ක්ෂේත්‍ර අත්හදාබැලීමක් යටතේ මෙම මාදිලිය යොදවා පර්යේෂණයට ලක් කරන ලදී. එය මෙහෙයවන ලද්දේ පූනා විශ්ව විද්‍යාලය විසිනි. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ මෙම මාදිලියේ සංකල්ප තහවුරු කර ගැනීමත්, එය තව දුරටත් පැහැදිලි කර ගැනීමත් ය.

1. පර්යේෂණ කාර්ය මණ්ඩලය විසින් කණ්ඩායම් ගොඩ නැගීම පිළිබඳ අත්හදා බැලීම කරන ලද්දේ, එකිනෙකා අතර අර්ථාන්විත ක්‍රියාවන් ගොඩ නංවමිනි. එයට ගොවීහු ක්‍රියාකාරී ලෙස සහභාගි වී ඇත.

2. සහභාගිත්ව ප්‍රවේශයක් යොදා ගැනීම මගින් ගම්වැසියන් දිරි ගන්වන්නට හැකි විය. ඒ සඳහා ක්‍රියාකාරී සංවාද ප්‍රයෝජනවත් විය. එම සංවාදයට පර්යේෂකයෝ ද, විශේෂඥයෝ ද ගොවීහු ද එක් වූහ.

3. සහභාගිත්ව සංදේශ සංවර්ධනය සඳහා විද්‍යුත් මාධ්‍ය ප්‍රයෝජනයට ගැනිණි. එහි දී වීඩියෝ ප්‍රධාන විය. එක් අවස්ථාවක දී එක් ගොවි කාන්තාවක් විසින් සංවර්ධනය තුළ ඔවුන්ගේ භූමිකාව නිරූපණය කරන හා ඔවුන්ගේ ගැටලු අනාවරණය කරන වීඩියෝ පටයක් නිර්මාණය කරන ලද්දේ ය. එක් ගම්මානයක දී පර්යේෂකයන් විසින් කාන්තාවකගේ අදහස් ප්‍රකාශ කිරීමේ වීඩියෝ පටයක් සකසා එය ගමේ කාන්තා රැස්වීමක දී ඉදිරිපත් කරනු ලැබීය. එය නැරඹූ කාන්තාවෝ බොහෝ උනන්දුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන පර්යේෂණ හා ක්‍රමවේද

සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක  ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරික සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ද තම තමන්ගේ සංවර්ධනාත්දක අරමුණු ජය ගැනීම සදහා විවිධ ආකෘති භාවිත කරයි. 

යුනෙස්කෝව මඟින් කරනු ලැබූ අධ්‍යයනයකින් ද පෙන්වා දෙන්නේ, සංවර්ධනය මනිනු ලබන දර්ශකයන් වන දළ දේශීය ආදායම, සාක්ෂරතාව, නාගරීකරණය සහ කාර්මීකරණය යන සාධක හොඳින් වර්ධනය වූ ජනමාධ්‍ය පද්ධතියක් මත රඳා පවතින බවයි.  එමෙන්ම මැක් බ්‍රයිට් විසින් එළිදක්වනු ලැබූ “එක් ලොවක් සඳහා විවිධ හඩවල් (Many Voice and one World) වාර්තාව තුළින් යහපත් ජනමාධ්‍ය වටපිටාවක් පැවැතීම, සංවර්ධනය මැනීමේ සාධකයක් ලෙස පෙන්වා දෙන ලදි.  ඒ අනුව ජනගහනයෙන් බහුතරයකට ඇති රූපවාහිනි පරිහරණය, ගුවන්විදුලි, පුවත්පත් පරිහරණය, සිනමා ශාලා සහ ආසන සංඛ්‍යාව, සාක්ෂරතා ගුණය වැනි සාධක සංවර්ධනය සමඟ ඇති සබඳතාවය පෙන්වා දෙන ලදි. 

ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සදහා ජනමාධ්‍ය භාවිතය පිළිබද විමසීමේ දී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන් විදුලියක් ලෙස කටයුතු  කරමින් ජනතාවගේ  විවිධාකාර වූ සංවර්ධනයක් සදහා විශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ප්‍රජා ගුවන් විදුලි සේවා පිහිටුවීම මගින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සදහා ගුවන් විදුලී මාධ්‍යට කල හැකි උපරිම සේවාවක් ද සකසා ඇත. 1963 වර්ෂයේ දී ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මගින් ග්‍රාමීය සැදෑ කාලයේ වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිනි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එමපණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු  කරගත් වැඩ සටහන් ද විකාශනය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම , සංස්කෘතිය ආදි විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති, ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.

1970 සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබද පස් අවුරුදු සැලැස්ම සමග සංවර්ධන සන්නිවේදනය පිළිබදව නව අත්දැකීම් ශ්‍රී  ලංකාවට ලැබිණි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා තිබු අතර ආරම්භයේ දී ම 1972 ලේක් හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා  ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරිමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත් විය. එසේ වූවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන  ලද 1967 වර්ෂයේ දී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙසේ දක්වා ඇත. “එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තුවී ඇත.”

1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තුළ ගුවන් විදුලිය සම්පූණයෙන්ම යොමු කරන ලද්දේ එවකට ක්‍රියාත්මක කරමින් තිබු වගා සංග්‍රාමය පිළිබද පණිවිඩය ජනයා වෙත ගෙන යාමටය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සදහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක, කාර්යයකි. එය මාධ්‍යක් වශයෙන් කෙසේ සාර්ථක වූයේ ද යන්න වෙනම විමසා බැලිම යුක්තකි. එසේම වූවත් එකල ප්‍රවෘත්ති, උදා ගී, සංවර්ධනාත්මක පණිඩිඩ රැගත් විවිධ සාකච්ඡා , ප්‍රබුද්ධ ගී, දේශාභිමානි ගී ආදිය ගුවන් විදුලි සමාජ පිහිටුවීත්, ඒවා සමග කෘෂි සංවර්ධ නිලධාරින් හා පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී “කුරුළු බැද්ද”, “දියනිල්ලේ රාළ” සහ “කිවුලේ කුඹුර” යන නාට්‍ය මඟින් ප්‍රභල සංවර්ධන සන්නිවේදන කාර්යයන් ඉටුකර තිබේ. ගොවි දැනුම මෙන්ම විනෝදය ද එයින් සපයා ඇත. විශේෂයෙන් “කිවුලේ කුඹුර” වැනි නාට්‍යය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර ඇත.  “මුවන්පැලැස්ස” සහ “කුඹරේ ගම” යන නාට්‍යය සෘජුවම සංවර්ධනය තේමා කරගෙන තිබේ.  “කොලරාව, මැලේරියාව” මර්ධනය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මක තොරතුරු, ගැමි ජීවන රටාව, මිනිස්කම් ආදිය පිළිබඳ තොරතුරු ද එමඟින් සන්නිවේදනය කර ඇත.  කුඹුරේගම නාට්‍යය තුළින් ග්‍රාම සංවර්ධන සමිති, තරුණ සංවිධාන හා විවිධ ගොවි සමිති පිළිබඳව සාකච්ඡා කර ඇත.  “පහන් සිළුව” වැනි ගුවන්විදුලි නාට්‍ය ප්‍රජා සෞඛ්‍ය හා පවුල් සංවිධාන යන තේමාව මත ගොඩනැඟී තිබේ.

ප්‍රජා ගුවන්විදුලිය -

නූතනයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වේ.  නේපාලයේ “මදන් පොක්රා” ගුවන්විදුලිය, “ලුම්බිණි” ගුවන්විදුලිය ලාභ ලබමින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා ගුවන්විදුලි වේ.  පිලිපීනයේ “තාම්බුලී” නමින් හැඳින්වෙන ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වෙයි. ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ගුවන්විදුලි තුළ බහුල වශයෙන් ඉදිරිපත් වන්නේ, ප්‍රජාවට අවශ්‍ය වන්නා වූ කෘෂිකාර්මික, ආර්ථික, සමාජ සංස්කෘතික තොරතුරුය. මෙම ගුවන්විදුලි, ගොවියන්, ධීවරයින් හා කුඩා ව්‍යාපාරිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩල මඟින් පාළනය කරයි.  තාම්බුලි ගුවන්විදුලිය ක්‍රියාත්මක වන්නේ, පීපෝ සංකල්පයට අනුවය.

1. සහභාගිත්වය 

2. ජනතාව 

3. බලය 

4. බහුවිධකරණය 

මහවැලි ප්‍රජා ගුවන්විදුලිය:- 1981 දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ කරන මෙම ගුවන්විදුලිය පසුව, ගිරාඳුරුකෝට්ටේ සහ මහඉලුප්පල්ලම ලෙස ප්‍රජා ගුවන්විදුලි සේවා දෙකකට වෙන් කරනු ලැබීය.  භෝග වගාව පිළිබඳව, පළිබෝධ පාලන ක්‍රම පිළිබඳව, පොහොර භාවිතය පිළිබඳව, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව, සෞඛ්‍ය තොරතුරු ආදිය ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය:- 1989 යුනෙස්කෝ සංවිධානයේ ආධාර මඟින් ආරම්භ කරන ලද මෙම ගුවන්විදුලිය පසු කාලයේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙස ද පුළුල් කරන ලදි.  සිංහල සහ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින්, කෘෂිකාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමත්, අන්තර්ජාල පහසුකම් ඔස්සේ නවීන තොරතුරු ජනතාවට ළඟාකරදීමත් මෙමඟින් සිදුවේ.

ඌව ප්‍රජා ගුවන්විදුලිය:- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් ලෙස ආරම්භ වන ඌව ප්‍රජා ගුවන්විදුලිය, ඌව පළාතේ වෙසෙන සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන කෘෂිකාර්මික, සංස්කෘතික වැඩසටහන් රැසක් දියත් කරනු ලබයි.  අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම ජාතීන් අතර සුහඳතාවය වර්ධනය කරන වැඩසටහන් කෙරෙහි ද  මෙහිදී අවධානය යොමු වී තිබේ.


රූපවාහිනිය හා සංවර්ධන සන්නිවේදනය

අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධන ක්‍රියාවලියේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නයිජීරියාව, පැමෝවා දේශය, කොලොම්බියාව, අයිවරිකෝස්ට්, ඇල්ජීරියාව ආදී රටවල කරන ලද පර්යේෂණ මඟින් ද එය තහවුරුවී තිබේ.  විධිමත් අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම නොවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ද එහිදී විශේෂ වෙයි.  උදාහරණ:- ත්‍රී ටූ පයිව්, අධ්‍යාපන විකාශය, නුග සෙවන, ලෝකප්‍රකට සෙසම්වීදිය වැඩසටහන. මීට අමතරව ජපානයේ සංවර්ධනය සඳහා ප්‍රධාන ලෙස ඔෂින් වැනි රූපවාහිනී වැඩසටහන් යොදාගන්නට විය.

ජනප්‍රිය රූපාවාහිනි වැඩසටහන් ආකෘතියක් වන ටෙලිනාට්‍යය ද සංවර්ධන අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකිය.  විවිධ දේශපාලනික මතවාද ඉදිරිපත් කිරීම, දූෂණ වංචා හෙළිදරව් කිරීම, මාතෘ හා ළමා සෞඛ්‍ය, ලිංගික සෞඛ්‍ය, බෝවන ලෙඩ රෝග ආදිය පිළිබඳව ද තොරතුරු එමඟින් ඉදිරිපත් කළහැකිය.  උදාහරණ, අප්‍රිකානු මහාද්වීපය තුළ ප්‍රචලිත “විලේජ් හෙඩ් මාස්ටර්” (මුල් ගුරුතුමා),  “ඉඳුරු දොර”, “ඇල්ල ලඟ වලව්ව” ආදී නාට්‍ය මඟින් ඒඩ්ස් රෝගය සහ ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීම, “සුර අසුර”, “මේ පාරෙන් එන්න” ආදී නාට්‍ය මඟින් සමාජ ඒකාබද්ධතාවයක් ඇති කිරීම. කෘෂිකාර්මික වැඩසටහන් මඟින් නව බෙහෙත්, පොහොර වර්ග, බීජ වර්ග, වගා නඩත්තුව, පළිබෝධ පාලන ක්‍රම, අස්වනු නෙලීමේ තාක්ෂණය, ජල කළමණාකරණය, පසු අස්වනු තාක්ෂණය, ගබඩා තාක්ෂණය, පසු නිෂ්පාදන ආදිය පිළිබඳ දැනුම සමාජගත කළහැකිය.  උදාහරණ:- “අපි වවමු - රට නගමු”, “ගොවි බිමට අරුණළු”, “රන් කහවනු”. ආදී වැඩසටහන් මෙන්ම ඉහත දැක්වූ ක්‍රමවේද උපයෝගී කොට සංවර්ධනය මේ දක්වා ක්‍රියාත්මක විය.

මූළාශ්‍ර- 

https://www.researchgate.net/publication/236886547_Changing_Development_Models_Post-war_International_Development_and_Developing_Country_Needs

https://www.jstor.org/stable/23620201

https://doi.org/10.1080/17447143.2018.1491585


Friday, July 23, 2021

භාෂාවේ ප්‍රභවය සහ ඒ සඳහා ඇති න්‍යායන් හා විද්වත් මතයන් පිළිබඳව හැදින්වීමක්

 සංක්‍ෂේපය

      මිනිසා සාමූහික සත්ත්වයෙකි - සමූහ වශයෙන් ජීවත් වීමට කැමැති සත්ත්වයෙකි. සාමූහික ජීවිතයේ අත්‍යවශ්‍ය ලක්ෂණය සන්නිවේදනය යි. එනම්, එකකු ගේ අදහස් අනෙකාට දැන්වීමයි. එබඳු සන්නිවේදනයෙකින් තොරව සාමූහික ජීවිතයක් පවත්වාගෙන යාහැකි නොවේ. මනුෂ්‍ය ඥානයෙන් නිර්මිත විශිෂ්ටතම නිර්මාණ සේ ගැනෙන භාෂාවේ උත්පත්තිය මේ සන්නිවේදනය පදනම් කොට සිදු වේ. අනෙකාට යමක් හැඟැවිය යුතු වූ කල්හි මුලින් ම අභිනයෙන් - අතින් - පයින්, ඉඟි - බිඟියෙන් - එය දැක්වූ මිනිසා පසුව යම් යම් ශබ්ද නිකුත් කොට ඒ කාර්යය කරගන්නට ගත් උත්සාහය අභිවර්ධනය වීමෙන් භාෂාව පහළවී යැයි කිව හැකිය. භාෂාව යන වදනෙහි අරුතිනුදු ඒ බව තීරණය වේ. සංස්කෘතයේ “භාෂ්” ධාතුවෙන් උපන් “භාෂා” යන්න භාෂණය, කථා කිරීම යන අරුත් දනවයි. භාෂාවේ කාර්ය භාරය පුළුල්ව පැතිරයත්ම, භාෂණය, ලේඛනය යන දෙකම උදෙසා අවිශේෂයෙන් මේ පදය යෙදෙන්නට විය. අප අද “භාෂා” යන්න යොදන්නේ මේ ද්විතීය අර්ථයෙනි. ලොවෙහි හැම මිනිසකු ගේම කාලයෙන් වැඩි කොටසක් වැය වනුයේ කථාවට යි. ගොළු නොවන සියල්ලෝ කථාවෙහි යෙදෙන්නෝය. කෙළවරක් නැතිව තැන නොතැන නො බලා කථා කරන්නෝ “වාචාලයන්” යැයි හැඳින්වෙති. වාචාල යනු වචනයට ආදරය ඇති (වාක් + ආල) යන අර්ථ ඇත්තේය. එසේ අර්ථය අනුව බලතොත් ලොවින් වැඩි කොටස වාචාලයෝ ය. එහෙත්, තමා වාචාලයෙකැයි කීමට කිසිවකු කැමැති නොවනු ඇති. ඒ අනුව භාෂාවේ කාර්‍යභාරයන් හදුනාගැනීමේදී එය හුදෙක් සීමා මායිම් දමා කොටුකර තැබිය නොහැකිය. මානව උත්පත්තියේ සිට මිනිසාගේ මරණය දක්වාම මිනිසා විවිධ අවස්තා හා සිද්ධි සදහා භාෂාව ප්‍රයෝජනයට හා භාවිතයට ගනු ලැබේ. ඒ අනුව මෙම මානව ජීවන චක්‍රය තුළ භාවිත කරන නැතහොත් මානවයා අනෙකුත් තිරිසන් සතුන්ගෙන ව්‍යුත්පන්න කිීරීමේ  වෙනස වන භාෂාව සහ එම භාෂාව යොදාගෙන සමාජිය සත්වයකු වශයෙන් මානවයා විසින් කුමන අවස්තා සහ සිදුවීම සදහා මෙම භාෂාව භාවිතා කරනුයේද යන්න මෙම පර්යේෂණ පත්‍රිකාව තුළින් සිදුකරනු ලැබේ.

   

හැදින්වීම

මනුෂ්‍යයන් සියලූ හපන්කම් කරනුයේ තමන් සහ අන්‍යයන් අතර මනා සන්නිවේදනයක් ඇති කිරීමට හැකිවූ නිසයි. හරවත් වචන මාලාවක් භාවිත කිරීම මෙහිදී කැපී පෙනේ. ක්‍රි.පූ 100,000 සහ 40,000 අතර කාලයේ ආදි මනුෂ්‍යයන්ට එවන් භාෂා දැනුමක් හෝ වාග් මාලාවක් තිබුණේ නැත. එහෙයින් ඔවුන්ට සිය හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමට සිදු වූයේ අංග චලනයෙන් හා ශබ්ද නැඟීමෙන් පමණි. භාෂාව වනාහි පුද්ගලයා උරුම කර ගනුයේ ඔහු ජීවත් වන පරිසරය තුළිනි. කුඩා දරුවෙකු භාෂාව ඉගෙන ගන්නේ තමා හැදෙන වැඩෙන පරිසරය තුළිනි. භාෂාව පහළවීමට ගතවූ කාලය නම් අති දීර්ඝ ය. අප කිසිවෙකු නොදත් සමයෙක අප නොදත් තැනක කවුරු හෝ මනුෂ්‍යයෙකු භාෂාවේ මුල්ම වචනය මුවින් පිට කළේ ය. ඒ පිළිබඳ කිසිම තොරතුරක් අප හමුවේ නැත. වසර දහස් ගණනක් පුරා විද්වත් මනුෂ්‍යයෝ භාෂාවේ සම්භවය පිළිබඳව විවිධාකාර අනුමාන උපකල්පන සහ න්‍යාය ඉදිරිපත්කොට ඇත. එහෙත් එය තවමත් මුළුමනින්ම අනාවරණය නොවූ අභිරහසක්ව පවතී. භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණ භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණයන් සිදු කළේ මිසර ජාතිකයෙකි. නූතන විද්‍යාත්මක අර්ථයෙන් නම් එය සැබවින්ම පාලනය කරන ලද තත්ත්වයන් යටතේ සිදු වූ සම්පරීක්ෂණයකි. මේ පිළිබඳව ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් තම ග්‍රන්ථයක සඳහන් කරයි. ඒ අනුව සම්මැටික්ස් නම් මිසර රජු සම වයසේ පසු වූ කුඩා බිලිඳුන් දෙදෙනකු සොයා ගත්තේ ය. ඉන්පසු ඔවුන් කවර මිනිස් කටහඬක් වත් නොඇසෙන ලෙස හුදෙකලා කොට හදා වඩා ගත්තේ ය. එසේ කළ ඔවුන් නිසි වයසේ කථා කිරීම පටන් ගත් විට තමන්ට ආවේණික භාෂාවෙන් කථාකරනු ඇත’ යන විශ්වාසය ඇතිවය. එයින් එක් බිලිඳෙක් නිසි වයසේ දී මුලින්ම ඊෑණධී යන ශබ්දය නැඟීය. වහාම එම වචනය පිළිබඳව තම රටෙනුත් විදේශයන්ගෙනුත් තොරතුරු සෙවූ රජුට එය එවකට තම රටට යාබදව පැවති ෆ්‍රීජියා යෙදෙන වචනය බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව ඔහු අර දරුවාට ආවේණික බස ෆ්‍රීජියන් බස යැයි නිගමනය කළේ ය. අනෙක් දරුවා ගැන හෙරඩෝටස් කිසිවක් කියා නැත.

භාෂාව පිළිබඳ මතු වූ මූලික ප්‍රශ්න භාෂාව පිළිබඳව ගවේෂණය කළ යුගයේ විද්වතුන් ඉස්මතු කළ ප්‍රශ්න 

 1- මුලින්ම භාෂාවක් කථා කළේ කවුද?

 2- එම බස කථා කළේ කොතැනකදී ද?

 3- මනුෂ්‍යයින් කථා කිරීමට පටන් ගත්තේ මන් ද?

 4- තමන් මුලින් සත්ත්වයන් සේ නැගූ විවිධ ශබ්දවලට අර්ථ දීමට මනුෂ්‍යයින්ට හැකි වූයේ කෙසේ ද?  

 5- මිනිසා මුවින් පිට කළ ප්‍රථම වචනවල ශබ්ද කෙබඳු වීද?

 6- එම වචන ඔහු බිණූයේ කෙබඳු අවස්ථාවකදී ද?

විද්වතුන් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තුළදී දැඩි අපහසුතාවලට ලක්ව ඇත. භාෂාවේ සම්භවය පිළිබඳව මෙතෙක් පහළ වී ඇති මතවාද උපකල්පන සහ අදහස් ආදිය ඉතා විවිධ ය. ඒවා විමසන විට භාෂාව යනු ඉතා සංකීර්ණ වූත් පහසුවෙන් නිගමනවලට එළඹිය නොහැකි වූත් ඵලයක් බව පෙනේ. භාෂාවක පෞද්ගලික සාමූහික ලක්ෂණ බොහෝ වෙති. භාෂාව පිළිබඳ අධ්‍යනයේ දී පුද්ගලයෙකුගේ කථා කිරීම මෙන්ම ජන සමූහයක් තුළ සිදුවන අන්තර් කථා බහ හෙවත් සමූහ සන්නිවේදනය ද අධ්‍යනය කළ යුතුව ඇත. භාෂාව පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නොමැති වීට අධ්‍යනයන්ට සංකීර්ණතා ඇති කරවයි. භාෂාව සතු මූලික කටයුත්ත මනුෂ්‍යයන් අතර ගනුදෙනු වශයෙන් පණිවිඩ හුවමාරුව යැයි ඇතැම් විද්වත්හු කියති. තවත් අය භාෂාව මාධ්‍යක් සේ සලකති. වාචික ශබ්දයක් වචනයක් වන්නේ අන්‍යයෙකු විසින් එය අසනු ලැබ ඊට පිළිතුරු දෙතැයි යන අපේක්ෂාවක් ශබ්දය නැගූ අය තුළ තිබුණොත් පමණි. තවත් විද්වතුන්ට අනුව භාෂාව මනුෂ්‍යයෙකු තම සිතෙහි ජනිත වන අදහස් ප්‍රකාශ කිරීමට නඟන ශබ්දයක් සේ ගනිති. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් භාෂාව හැඳින්වූයේ සික සහ පෞරුෂය යන දෙකින් සමන්විත ආත්මයක් සහිත ශබ්දයක් ීධඹභෘ උෂඔ්‍ය ් ීධඹඛ නූතන භාෂාවේදියෙකු වූ ජේම්ස් හර්බට් ස්ටෑම් ෂභූඹෂඍෂෑී ෂභඔධ ඔ්‍යෑ ධඍෂඨෂභෑ ධත්‍ ඛ්භඹ්ඨෑී නම් සිය ග්‍රන්ථයෙහි ඇරිස්ටෝටල්ගේ මතය සමඟ එකඟ වන බවක් පළකරමින් මෙසේ කියයි. ගිරව් තූර්ය භාණ්ඩ සහ සුළඟ දැවටෙන රුක් අතු පතර විවිධාකාර ශබ්ද නඟති. එහෙත් එම ශබ්ද පිටුපස කිසියම් චින්තනයක් නොමැත. එබැවින් අපට එම ශබ්ද ආත්මයක් සහිත භාෂාවක් යැයි හැඳින්විය නොහැකිය. විද්වත් ස්ටෑන් ඉන් අදහස් කරන්නේ භාෂාව සහ චින්තනය දැඩි සේ එකට බැඳීගෙන සමගාමීව නිෂ්පාදනය වන බවයි. භාෂාව නිර්වචනය කරන තවත් විද්වත්හු එහි උපයෝගීතාව ප්‍රයෝජනය කෙරෙහි බැව් අවධානය යොමු කරති. ඔවුන්ගේ අදහස භාෂාව මිනිසා තම අරමුණු ඉටුකර ගැනීම පිණිස භාවිත කරන මෙවලමක් බවයි. එය සැබෑ ය. ඔහු තමන්ට අවැසි දෙය අත්පත් කර ගැනීම උදව් උපකාර ලබාගැනීම ආරංචි පැතිරවීම සහ හැඟීම් ප්‍රකාශ කිරීම ආදි විවිධ අවශ්‍යතා සඳහා භාෂාව යොදා ගනී. 

 ක්‍රි.ව 6 වන සියවස හා නව වන සියවස අතර එංගලන්තයෙහි භාවිත වූ ඇන්ග්තෝ සැක්සන් හෙවත් පැරණි ඉංග්‍රීසි බස කථා කළ ජනයාට පනස්දහසක් තරම් වචන ඇති වාග් මාලාවක් තිබුණි. නමුත් 21වන ශතවර්ෂයෙන් පසු ඉංග්‍රීසි බස කථා කරන්නවුන් සතුව තමන්ට රිසි පරිදි තෝරා ගැනීමට එමෙන් දහදෙළොස් ගුණයක වාග් මාලා වේ. මීට හේතුව විසි එක්වන ශතවර්ෂයේ වාසය කරන මිනිසා 6-9 සියවස් අතර කාලය තුළ විසූ මිනිසුන්ට වඩා කාර්යබහුල වීමයි. මනුෂ්‍ය යන නාමය ලැබීමට සුදුසු වන්නේ ඔවුන්ට පමණක් සීමාවූ භාෂාව නිසා ය. යන කියමනෙන් සත්‍ය ප්‍රකාශ වේ. 17 වන සියවසේ විසූ ප්‍රංශ දාර්ශනික රෙනී ඩෙකාට්ස් මිනිසා සතුන්ට සහ යන්ත්‍ර සූත්‍රවලට වඩා ඉහළ තලයක සිටින්නේ ඔහු සතු භාෂාවක් කථා කිරීමේ හැකියාව නිසා ය ලෙස පැවසිය. මිනිසාට භාෂාව නිපදවිය හැක්කේ ඔහුගේ මොළයට වචන නිපදවීමේ ශක්තිය ලැබුණාට පසුවය. 

 භාෂාව යනු නිර්මාණශීලීත්වයේ යතුර ලෙස විද්වතෙකු වන වර්ජිනියා ක්ලාක් පවසයි. භාෂාව සංගීතය හා චිත්‍ර ශිල්පයෙන් සිදුවනවාක් මෙන් වචනවලින් සිදුවන්නේ ද පරිකල්පන ශක්තිය උත්තේජනය වීම බව දක්වයි. භාෂාවක් යනු හුදෙක් වචන හා වාක්‍ය රැුසක් නොව ඒ දෙවර්ගය ඇසුරෙන් පහළ වන නිෂ්පාදනයක් යැයි ජර්මන් ජාතික හේමාන් ස්ටීටයින්තාල් පැවසීය. භාෂාව හා නිර්මාණශීලීත්වය එකට බැඳී ඇති සේ සලකන ස්ටීටයින්තාල් ප්‍රධාන විද්වත් පිරිස් භාෂාවේ උපත මිනිසාගේ ප්‍රථම නිර්මාණාත්මක ප්‍රකාශනය සේ සලකති. විද්වතුන් භාෂාවෙහි පවතින සංකීර්ණත්වය නිසා තනි තනි මත සහ න්‍යායවලින් භාෂාවේ සම්භවය පිළිබඳ ගැටලූ විසඳිය නොහැකි බව දැන ඒ සඳහා උපකල්පනා අනුමාන සහ මතිමතාන්තර වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ ආදියේ සහය ලබා ගත යුතු යැයි කල්පනා කළහ.

 භාෂාව පිළිබඳ දේවධර්මවාදීහු බයිබලය සහ යුදෙව් ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ පාදක කරගෙන අදහස් දැක්වූහ. ඉතිහාසඥයෝ ඵෙතිහාසික පුරාවෘත්ත ඇසුරින් අදහස් ඉදිරිපත් කළහ. දාර්ශනිකයන් තර්කානුකූල චින්තනය භාවිත කළහ. භාෂාවේ සම්භවය පිළිබඳව සෙවූ යුරෝපීය විද්වත්හු 18 -19 සියවස්වල පැරිස් සහ බර්ලින් අගනගරවල තිබූ සොසයිටි හා ඇකඩමි යන නම්වලින් බිහි වූ ශාස්ත්‍රීය මධ්‍යස්ථානවලට නිතර රැුස් වූහ. මෙහිදී භාෂාවේ සම්භවය පිළිබඳව එකඟතාවන් අවසානයක් නොමැතිව එක දිගට වාද විවාද ගෙන ගියහ.

1865 දී ප්‍රංශයේ පැරිස් සංගමය නම් ශාස්ත්‍රීය ආයතනයේ අධිකාරිය මඟින් එහි සාමාජිකයන් එම ආයතනය තුළ භාෂාවේ සම්භවය සම්බන්ධතාව සාකච්ඡුා නොකළ යුතු යැයි තහංචියක් පනවන ලදී. මීට හේතු වශයෙන් ඔවුන් ගෙන ආවේ භාෂාවේ සම්භවය කෙසේ සිදුවීද? යන ප්‍රශ්නයට ඔබ කිසිවෙකු අතින් සත්‍යෙක්ෂණය කළ හැකි ආකාරයට පිළිතුරු සෙවීමකි සිදු නොවේ. සප්‍රමාණ සාක්ෂිද ඉදිරිපත් නොකරේ. සාධක රහිතව අනුමාන මත පමණක් පාදක කොටගෙන වාද විවාද කිරීම සැබවින්ම නිශ්පලය යන්නය. 19වන සියවසේ අවසාන භාගයේදී විද්වත්හු නව ක්‍්‍රමයකට අනුව භාෂාව පිළිබඳව විමසන්නාට පෙළඹුණහ. එය විද්‍යාත්මක ක්‍්‍රමය ලෙස හැඳින්විණ. විද්‍යාත්මකව සොයාගත් කරුණු භාෂා ගවේෂකයන් අතට පත් කළ අතර ඒ ආශ්‍රයෙන් අර්ධ වශයෙන් හෝ සත්‍යෙක්ෂණය කළ හැකි නව මත වර්ධනය කිරීම එම ගවේෂකයන්ට හැකිවිණ. මෙම ක්‍රියාවලියට මිනිසාගේ ශබ්ද යාන්ත්‍රණය මිනිස් චින්තනය මිනිස් චර්යාව මිනිස් සිරුරේ ජෛව රසායන ආදී මානවයන්ගේ තොරතුරු ඇතුළත් වී ඇත. භාෂාව පිළිබඳ ගවේෂණය තුළදී විවිධ දුෂ්කරතා මතු වී ඇත. ජේ. ජී හර්ඩර්ට අනුව භාෂාවේ සම්භවය පිළිබඳව ගවේෂණය කරන්නා යන්නේ වල් බිහි වූ මං පෙතක් ඔස්සෙ ය. එය කෙමෙන් කෙමෙන් අඳුරුවන මාර්ගයක් දිගේ අන්ධකාර දේශයකට පස්සෙන් පස්සට යාම වැන්න. ඔ්‍යෑ ෂභත්‍්භක්‍ශ ධත්‍ ීඡෑෑක්‍්‍ය ්භෘ ඔ්‍යෑ ීඡෑෑක්‍්‍ය ධත්‍ ෂභත්‍්භක්‍ශ ග්‍රන්ථය ලෙස ලියූ ලියෝපෝල්ඞ් ස්ටෙයින් මේ උත්සාහය පිළිබඳ මෙසේ පවසයි.

වසර මිලියන පහකට පමණ පෙර විසූ මනුෂ්‍යයින් කථා කළ භාෂාවේ ස්වරූපය සෙවීමට සහ එහි මෙබඳු යැයි විස්තර කිරීමට විසිවන සියවසේ ජීවත් වන අප විසින් ගනු ලබන ආයාසය මුළු ක්‍රියාවක් යැයි සරදමට ලක්වීමටද බැරි නැත. භාෂාව පිළිබඳ විමර්ශනය කරන විද්වතුන්ට මතුවූ ගැටලූ තර්ක විතර්ක බොහෝය. මෙහි පළමු වැන්න මිනිසා කථා කරන භාෂාව ඉගෙන ගන්නේ පරිසරයෙනි. ඉංග්‍රීසි ජාතික ළමයෙකු ඉංග්‍රීසි බස උගන්නා ආකාරය ගතහොත් ඔහුගේ පළමු භාෂා ගුරුවරුන් වන්නේ ඒ බස කථා කරන දෙමාපියන්ය. ඒ දෙමාපියන් ඉංග්‍රීසි බස කථා කිරීමට ඉගෙන ගන්නේ ඒ අයගේ දෙමාපියන්ගෙනි. ලෙස පරම්පරාවෙන් පරම්පරාවට එම භාෂාවේ කථා කිරීමේ හුරුව උරුම විය. කවර බසක් වුව හුරු ලෙස පරම්පරාවෙන් පරම්පරාවට එම භාෂාවේ මුලින් කථා කිරීමේ හුරුව උරුම විය. කවර බසක් වුව හුරු වන ආකාරය මෙයයි. එසේ නම් මිනිස් භාෂාව මුලින්ම කථා කළ තැනැත්තාගේ ගුරුවරුන් වූයේ කවුරුද? මිනිස් ගුරුවරුන් නැතිව ඒ තැනැත්තා භාෂාව උගත්තේ කෙසේද?

දෙවැන්න භාෂාව මිනිස් චින්තනය සමඟ දැඩි සේ එකට බැඳී තිබෙන්නකි. චින්තනයට භාෂාව නිපදවිය හැකිය. භාෂාව පෙරළා චින්තනය පහසු කරයි. මෙය අනොන්‍ය පෝෂණයකි. චින්තනය හා කථාව යන දෙකම නොතිබූ ආදි කාලීන සමාජවල විසූ මනුෂ්‍යයින් එයින් එකක් හෝ උපාර්ජනය කළේ කෙසේද?

ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට විද්වතුන් බොහෝ දෙනකු හැරුණේ බටහිර සංස්කෘතියේ මුල් බැස ගෙන ඇති මහා නිර්මාණය පිළිබඳ පුරාවෘත්තය වෙතටයි. ඒ ඇසුරෙන් ඔවුන් විසින් ගොඩනගාගත් පිළිතුර මෙසේයි. දෙවියන් වහන්සේ ලෝකය මැවූහ. මිහිමත ප්‍රථම මනුෂ්‍යයින් වූ ආදම් සහ ඒව ගහකොළ සතා සීපාවා ඇතුළු සියලූ දේ උන්වහන්සේ විසින් මවන ලදී. එලෙස දෙවියන් වහන්සේ මිහිමත පැවැත්ම පිළිබඳ මහා දාමය නම් නොවෙනස් වන විධිමත් ක්‍රියාදාමය ස්ථාපනය කළ සේක. ලෝකය වසර හයදහසක් පුරා ඒ ආකාරයෙන්ම පැවැතිණි. 

 දේව සම්භව න්‍යාය දෙවියන් වහන්සේ මිනිසාගේ චින්තනයේ සහ භාෂාවේ මූලාශ්‍රය යන න්‍යාය ස්ථිර කිරීම බයිබලයේ පැරණි ගිවිසුමේ සහ නව ගිවිසුමේ ඇතුළත් ජෝන්ගේ සුපුවතේ එන මුලදී වාක්‍යාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක. වාක්‍යාණෝ දෙවියන් වහන්සේම වූ සේක යන ආරම්භක පාඨයත් උත්පත්ති කථාවේ දෙවැනි පරිච්ඡේදයේ එන දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද සියලූම සත්ත්වයන් නම් තබනු පිණිස මිනිසා වෙත පැමිණ වීය. එවිට මිනිසා උන් එකිනෙකාට නම් තැබිය යනුවෙන් කියැවෙන පුවතක් ඉදිරිපත් කළහ. මේ අනුව ඔවුහු මෙසේ කීහ. දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද ආදම්ට කතා කිරීමේ හැකියාව දුන් සේක. මිනිසා දෙවියන් වහන්සේගේ ඉල ඇටයෙන් මවා දුන් අනෙක් මිනිස් ජීවියාට කතාකොට මුලින් ඇයට ස්ත්‍රිය යැයිද දෙවනුව ඒව යැයිද නම් තැබුවේය. අඹු සැමියන් වශයෙන් ජීවත් වූ ආදම්ට සහ ඒවට ලැබුණු ආබෙල් සහ කායින් දරුවන්ට තම දෙමාපියන්ගෙන් කතාව පුරුදු විය. 

 මෙම අදහස සනාථ කිරීම සඳහා ඔවුහු ස්වාමීන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි’ යි ඒව කළ ප්‍රකාශයත් කායින් සිය සොහොයුරු ආබෙල් අමතාිඅපි එළිමහන් කෙතට යමුයි’ කළ ඉල්ලීමත් දෙවියන් වහන්සේ නුඹේ සහෝදර ආබෙල් කොහිදැයි විමසූ විටිමම නොදනිමියි’ මම මගේ සහෝදරයාගේ භාරකරුදැයි දෙවියන් වහන්සේට දුන් පිළිතුරත් ඉදිරිපත් කළහ. එම භාෂාව කතා කිරීමේ හැකියාව මිනිසාගේ පරපුරෙන් පරපුරට උරුම වූ බවත් හීබෲ බස් මුලින්ම මිනිස් බස බවත් එයින් තවත් භාෂා රැුසක් පහළ වූ බවත් ඔවුන් සඳහන් කර සිටියහ. 

භාෂාව ලැබීම පිළිබඳ ආදිකාලීන හා මධ්‍යකාලීන මත

ක්‍්‍රි.පූ.3400 පමණ ඈත කාලයේ විසූ මිසරවරු තමන්ට භාෂාව තෑගි කළේ f:ාත් නම් වූ නිර්මාණවලට අධිපති දෙවිඳු යැයි විශ්වාස කළෝය. 

ක්‍රි.පූ.2000 පමණ ඈත කාලයේ විසූ චීන ජනතාව ෂැංටි නම් දෙවිඳු විසින් ඉබ්බෙකුගේ පිටේ ආදර්ශ අකුරු ලියා චීන ජනතාවට ත්‍යාගයක් ලෙස ඌ චීනයට එවූ බවත් එම අකුරු අනුව චීන භාෂාව තනන ලද බවත් විශ්වාස කළෝය. 

ක්‍රි.පූ. 2000 ඉන්දියාවේ විසූ ආර්ය ජනයා තම භාෂාව වූ සංස්කෘත තමන්ට ත්‍යාග කළේ මහා බ්‍රහ්මයා යැයි විශ්වාස කළහ. 

ක්‍රි. පූ. 2000 පමණ ඈත කාලයේ විසූ බැබිලෝනියාවරු තමන්ට භාෂාව ප්‍රධාන කළේ නාබු නම් දෙවිඳු යැයි විශ්වාස කළෝය. 

ක්‍රි.ව. 9-10 සියවස අතර ස්කැන්ඩිනේවියානු රටවල විසූ ජනතාව තමන්ට භාෂාව ප්‍රදානය කළේ ඕඩන් නමැති දෙවිඳු බව සලකති. 

දේව සම්භාව න්‍යායේ පුරෝගාමී විද්වතුන්

ප්‍රංශ ජාතික දාර්ශනික ඊ. බී. කොංදියාක් 

අපේම මුල්ම දෙමාපියන් වූ ආදම්ට සහ ඒවට දෙවියන් වහන්සේ චින්තන ශක්තිය සහ භාෂාව ප්‍රධාන කළ සේක.

ජර්මන් ජාතික දාර්ශනික ගොට්වොල්ඞ් ලෙසිං 

 දෙවියන් වහන්සේ වර්තමාන දෙමාපියන් කරන්නා සේ ආදම් සමඟ නිරන්තරයේ කතාවේ යෙදෙමින්   ඔහුට භාෂාව ඉගැන් වූ සේක 

ජර්මන් ජාතික චින්තක ජොහෑන් පීටර් සුන්විල්ච්-

මිනිස් භාෂාවේ ඇති අලංකාරය සහ විධිමත් බව සලකන කල එහි කිසිදාක මිනිසා විසින් නිපදවන ලද්දක් යැයි කිව නොහැක. ස්ථිරවම එය දේව බලයෙන් නිර්මාණය වූවකි.

ජර්මන් ජාතික දාර්ශනික ජොහෑන් වුල්ෆ් ගැං ගතේ-

දෙවියන් වහන්සේ මිනිසාට ඇවිදීමේ හැකියාව දුන්නා සේ භාෂා හැකියාව ද දුන් සේක. මිනිසාට දේවමය සම්භවයක් ඇති බැවින් භාෂාවද එහි අවශ්‍යයෙන්ම ඇතුළත්ය.

ඉංග්‍රීසි ජාතික අර්වින් තෝමස් අෂර්-

ලෝකය නිර්මාණය කරනු ලැබුවාට අනතුරුව ආදම් ඒව සුරදූතයන් සහ දෙවියන් වහන්සේ යන සියලූ දෙනා ඉතා සුහදව ඔවුහු ඔවුනොවුන් සමඟ සතුටු සාමීචියෙහි යෙදුණහ. එම සංවාද මගින් ආදම්ට සහ ඒවට භාෂාව කථා කිරීමේ හැකියාව ලැබුණි.

  මෙම දේව සම්භව න්‍යාය ප්‍රතික්ෂේප කළ විද්වතුන් පහත පරිදි අදහස් දැක්වූහ.

ඇමරිකන් ජාතික නෝතෝප් ෆ්‍රයි -

භාෂාවක් කථා කිරීමේ හැකියාව කිසිවෙකුගෙන් තවත් කෙනෙකුට ලැබිය හැකි ත්‍යාගයක් නොවේ. එය කෙනෙකු විසින් ආයතනයෙන් උගත යුත්තකි.

ජර්මහන් ජාතික ජේ. ජී. හර්ඩර්- 

නොවෙනස් වන පරිදි නිමැවුම් කරන දෙවියන් වහන්සේ භාෂාවද නිර්මාණය කළේ නම් එය වෙනස් විය නොහැක. වෙනස් ස්වරූප ගත නොහැක. එහෙත් භාෂාව නිරන්තරයෙන් වෙනස් වේ. නව ස්වරූප ගනී.

ඕලන්ත ජාතික ගීසා රෙවිස්-

 භාෂාව පිළිබඳ දෙව සම්භව න්‍යාය කියන්නේ දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කළේ වසර 6000 කට පමණ ඉහත දී බවයි. එහෙත් පුරාවිසාඥයන්ට හමුව ඇති මානවයන්ගේ පොසිල සත්ත්ව හා ශාක ආදියේ පොසිල ඊට වඩා වසර සිය දහසක් පැරණිය. එයින්ම දේව සම්භව න්‍යාය ප්‍රතික්ෂේප වෙයි.

ස්වභාවික න්‍යාය

  ස්වභාව ධර්මය තුළ මහා ඥාන සම්භාරයක් ඇත. මිනිස් මනසට පරිබාහිරව මිනිස් මනසින් භාෂාව සැපයුණේ එයිනි. භාෂාව වාග් මාලාව සහ රචනා පිළිවෙළ යන සියල්ල දේව නිර්මාණයක් වූද ඉතා විධිමත් වූද ස්වභාව ධර්මයේ අන්තර්ගතව තිබේ. ඒ ගුරුත්වාකර්ෂණය ස්වභාව ධර්මයේ නිසඟ අංගයක් වන පරිද්දෙනි. ආදි මනුෂ්‍යයා අවට ස්වභාව ධර්මයෙන් තමන්ට ඇසුණු සිව්පාවුන් සහ පක්ෂීන් ආදීන්ගේ හඬ හා අහස් ගිගුරුම වැනි ශබ්ද අනුකරණය කළේ ය. ඔහුට එසේ කිරීමට නිසඟ හැකියාවක් තිබුණි. 

 මෙම න්‍යාය පිළිබඳ විද්වතුන් පළ කළ අදහස් කිහිපයක් පහත පරිදි වේ. 

ජර්මන් ජාතික හයින්රිච් ෂූබර්ට් 

සුළං හමන විට මිනිසා වුෂ් යන ශබ්දයත් අහස ගුගුරන විට බුම් යන ශබ්දයත් වහින විට පිටර් පැටර් යන ශබ්දයත් පක්ෂයෙකු ගී ගයන ඇසෙන විට කුකු යන ශබ්දයත් අනුකරණය කරන්නට ඇත. යට කී ශබ්ද පසුව වදන් බවට පත්විය. කාලයාගේ ඇවෑමෙන් යළි යළි අනුකරණය කරන ලද එම ශබ්ද පසුව සැබෑ ශබ්දයේ නියෝජනයක් විය. 

ජර්මන් ජාතික ජෝර්ජ් හමාන් 

ස්වභාවික න්‍යායට ඉතා සමීප මුල්ම අදහස ඉදිරිපත් කළ විද්වතා ග්‍රීක ජාතික ප්ලේටෝ ය. ඊට බොහෝ කලකට පසු හයින්රිච් වොන් ෂූබර්ට්, මැක්ස් ම්‍යුලර් සහ ජොහැන්නස් ජෝර්ජ් හමාන් යන විද්වත්හු එම අදහස න්‍යායක් ලෙස ඉදිරිපත් කිරීමට දායක වූහ. මෙහිදී ජෝර්ජ් හමාන් දැක්වූ පරිදි අදහස් මෙසේය. රක්ෂාව ගින්දර වැන්න. එය ස්වභාව ධර්මයේ පැවැතිණ. මිනිසා එය සොයාගත්තේය. ගුරුත්වාකර්ෂණයද ස්වභාවධර්මයේ පැවතිණ. අයිසෙක් නිව්ටන් එය සොයා ගත්තේය. භාෂාව ද ඒ ආකාරයෙන් ස්වභාව ධර්මයෙන් සොයාගත යුතුය. භාෂාව අප්‍රකට මහද්වීපයක් වැන්න. ක්‍රිස්ටෝපර් කාළොම්බස් ඇමරිකාව නිපදවූයේ නැත. ඔහු පෙර සිට පැවැති දෙයක් සොයා ගත්තා පමණි. මිනිසා ද ස්වභාව ධර්මයේ පැවැති භාෂාව සොයා ගත්තේ එපරිද්දෙනි. මෙයට ප්‍රතිපක්ෂව අදහස් බිහිවී ඇත. බෙල්ජියම් ජාතික ලියෝපොල්ඞ් ස්ටෙයින් භාෂාව කලින් සිතන මතන ලද්දේ සැලසුම් හා රටා පරිද්දෙන් ස්වභාව ධර්මයේ පවතිණි යයි කීය අමනෝන්‍යය. මිනිසා කතා කිරීමට නම් කථා කළ යුතු දේ ඔහුට අදහස් විය යුතුය. ඔහු තමාට අවශ්‍ය පරිදි භාෂාව වෙනස් කළ යුතුය. එමෙන්ම එම අපේක්ෂිත කාර්යයට සරිලන පරිදි වචන තෝරා ගත යුතුය.ස්වාභාවික න්‍යාය තුළ ඒ කිසිවෙකුට ඉඩක් නැත. එහි ඇත්තේ පූර්ව ස්ථාපිත වාතාවරණයකි. 1980 දශකය වන විට දේව සම්භව න්‍යාය ,අභ්‍යන්තර ජීව සාර න්‍යාය,ස්වාභාවික න්‍යාය යන සියල්ලම මේ වන විට ප්‍රතික්ෂේප වී තිබේ.රෙවිස් ස්ටෙයින් සහ ජොහැනනස් ස්මිට් මෙහි ප්‍රතිපක්ෂණයේ පුරෝගාමී වූහ. 

සෑම මනුෂ්‍යයගේම මනස හිස් පුවරුව කි. ඉන්ද්‍රියන් පහෙන් ලැබෙන පණිවුඩ එහි සංවේදන හෙවත් සරල අදහස් ලෙස සටහන් වේ.මනස මෙම සංවේදන එකිනෙක සම්බන්ධ කරයි. මෙම සම්බන්ධක ක්‍රියාවලියේ දී ඒවා එක්වීම සහ වෙන්වීම මඟින් සාමාන්‍ය අදහස් ජනිත වේ. එම සාමාන්‍ය අදහක් ඇසුරෙන් මනස තුළ සංකීර්ණ අදහස් පහළ වේ. 

භාෂාව බිහිවීම පිළිබඳ මුස්ලිම් මතවාදය -මුස්ලිම් මතවාදයට අනුව ලෝකය හා එහි ජීවී අජීවී සියල්ල මවන ලද්දේ දෙවියන් විසිනි. මෙයට අමතරව භාෂාව මවන ලද්දේ ද දෙවියන් විසිනි. 

හින්දු දහමේ මතවාදය 

හින්දු දහමට අනුව බ්‍රහ්ම විසින් ලෝකය සහ එහි ජීව අජීව සියල්ල මවන ලදී. බ්‍රහ්මයාගේ භාර්යාව වූ සරස්වතී දිව්‍යාංගනාව භාෂාවට හා ශබ්දයට අධිපති දේවතාව වශයෙන් නම් කෙරිණි. 

ශබ්ද අනුකරණාත්මක න්‍යාය

ඩිං ඩොං උපන්‍යාසය 

 මිනිසා ඔහුගේ අවට පරිසරයෙන් අසන්නට ලැබුණු ශබ්ද අනුකරණය කිරීම ඔස්සේ වචන වූ බව පිළිගනී. ශබ්ද අනුකරණාත්මක වචන රාශියක් භාෂාවක දක්නට ලැබේ. කෙසේ හෝ මෙවැනි වචන ඕනෑම භාෂාවක දක්නට ලැබේ. කෙසේ හෝ මෙවැනි වචන ඕනෑම භාෂාවක ඇත්තේ සීමිත ගණනකි. එසේම ශබ්ද නොකරන වස්තුවලට නම් කිරීම කෙසේ සිදු වීද ? යන්න පිළිබඳ ගැටලූ මතු වීම. ව්‍යාකරණාත්මක වචනවල බිහිවීම කෙසේ ඇතිවීද? යන්න සහේතුක නොවීම ආදී වශයෙන් ශබ්ද අනුකරණ න්‍යායේ ගැටලූ පවතී. භාෂාවක ශබ්දයට අනුව උච්චාරණය වන වචන අසාමාන්‍ය ලෙස සීමා වීම මත භාෂාවේ උත්පත්තිය ගැන කථා කරන විට ඩිං ඩොං උපන්‍යාසය සම්පූර්ණ න්‍යායක් වශයෙන් ඉදිරිපත් කිරීමට සාධක නොසපයන බවට මතය යි. 

පුෆ් පුෆ් උපන්‍යාසය 

තවත් උපන්‍යාසයක් ලෙස පුෆ් පුෆ් උපන්‍යාසය දැක්විය හැකිය. මෙමඟින් ස්වාභාවික හැඟීම්, වේදනාව, කේන්තිය හා සතුට යන භාවමය ප්‍රකාශයන් ස්වාභාවිකව ඉදිරිපත් වීම පාදක කරගෙන භාෂා උත්පත්තිය සිදුවන්නට ඇතැයි තර්ක කරයි. 

යෝ හෝ හෝ උපන්‍යාසය 

මිනිසා යම් කාර්යයක් කරන විට නිකුත් වන හඬ පාදක කරගෙන භාෂාවේ මූලික වචන බිහිවන්නට ඇතැයි මින් සැලකේ. ශ්‍රමය සන්තර්පණය කර ගැනීමේ උපකරණයක් වශයෙන් භාෂාව බිහිවන්නට ඇතැයි මෙයින් ගම්‍ය වේ. 

බව් බව් උපන්‍යාසය

මිනිසා සත්ත්ව හඬ හා පාරිසරික හඬ අනුකරණය කරමින් මූලික වචන සාදා ගන්නට ඇතැයි යන්න මතය යි.

 



Sunday, May 30, 2021

පොස් අක්කා



යන්නට කියා නැංගමිය                             උදේ 
කන්නටවත් දෙයක් තිබ්බේ නෑනෙ            උදේ
පණුවොත් තරහ වී ඇතිදැයි සිතුව             කුසේ 
ගත්තෙමි කඩල ගොට්ටක් ඒ කොටුවෙ     කඩේ  

නැංගා කොටුව පහළොව               අනුරාධපුරේ 
උන්දෑ යාන්තම් ගත්තා                 ආසනේ රතේ 
අක්කා කෙනෙක් ඉදගත්තේ                  හනිකේ 
දැක්කා තරුණ බව මූණේ                   ආලේපේ 

අක්කා මුහුණ වහගෙන මුඛ              වාඩමෙන් 
දැක්කා නමුත් දැක්කේ නැත         සෝබනෙන්  
ගස්සා හැරෙනකොට දුටුවේ            දර්ශනෙන්  
හංගා ඇරියේ පඩක්  බස්                  වාතයෙන්  

ගත්තෙය අක්කා හනිකට            සැන්සයිටරේ 
අරගෙන අමන්දා ගත්තෙමි              අත්දෙකේ 
යන්තම් පඩේ ගඳ කැපුනා                බස් එකේ 
දැක්කෙමි දෙයියෝ සිටියා පුරෙ       බස් එකේ 

බොන්නටවත් කියා වතුර ඉල්ලුවෙ      අක්කා 
දුන්නා වතුර පුරවාගත් බෝතලේ         ගෙනා 
බිව්වා හනික උගුරට පොශ් වත්        නොසිතා 
දැක්කා කටේ දත් තුනකුත් නෑ         නොකියා   



                                                                                                                                


Saturday, May 8, 2021

කොපුවක වත ගොත

  



උපත් පාලනය ප්‍රචලිත කරන්නට
එන් ජී ඕ එකක් ඇවිදිල්ලා ගමට
කොපුවක් යොදන ආකාරය පිළිවෙලට
කියලා දුන්නා නෝනා කෙනෙක් ගැමියනට

ගම රැස් කරල අරමුණ පැහැදිලි කරලා
බනිසුත් එක්ක කිරිපැකට් එකක් බෙදලා
පවුලේ වැඩිවීමේ ආදීනව කියලා
විසඳුම රබර් කොපුවක් බව පෙන්වාලා

ගම දුශ්කරයි විදුලියවත් නෑ තිබුනේ
කීවට ගැමියාගේ ඔලුවට නෑ වැටුනේ
නෝනා කියන දේ නිශ්පල බව හැඟුනේ
ප්‍රායෝගිකව පෙන්වන ක්‍රමයක් සිතුනේ

හැබෑවට දමා පෙන්වනු නොහැකි නිසා
ගැලපෙන වෙනත් ආදේශක නොතිබු නිසා
කොස්සේ මිට හොඳයි අනෙකක් නොමැති නිසා
නෝනා දාලා පෙන්නන්වා පුරුදු නිසා

ආ සැම සඳහාම සීයක් බැගින් බෙදමින්නේ
ඉදිරියේ මේලෙස මෙය ගෙන පලඳින්නේ
දවස් පතා සිටියත් රති කෙලිමින්නේ
පවුලේ ලොකුවීම මෙතැනින් නවතින්නේ

වසර තුනක් හතරක් වගේ පහුව ගියා
නෝනා ආව ආයෙත් ගම ගැමියො සොයා
සොයා බැලුව තම අරමුණ හරිද කියා
වෙලා තිබුනේ නෑ පාලනයක්ය කියා

නොනා ගියා ගෙන් ගෙට දොස් සොයාගෙන
තොගයම හිල්වෙලාවත්දෝ සිතාගෙන
ගැමියෙක් බොහෝ වෙහෙසක්වී අල්ලගෙන
ඇහුවා උගෙන් කොපුවට කිමදෝ කරන

ගැමියා යටහත්ව පැත්තට පාත්වෙලා
නොනා අසනුමැන මාහට සමා වෙලා
ඒ කෙම් ක්‍රමය දිගටම මම ඇත කරලා
එනමුත් නොමැත ප්‍රතිඵලයක්නම් මට ලැබිලා

හැමදා නාලා අමුඩය මගෙ සෝදාලා
නෝනා දුන් එකක් කොසුමිටකට දාලා
කරනා නමුත් මම සැමදේ පේ වීලා
අර ගෑනිද කොහෙද ඇත කිල්ලට අහු වීලා

නෝනා ගැමියාගේ ගෙදරට ගිහිල්ලා
බැලුවම නෝනාගේ ඇස් උඩ ගිහිල්ලා
කොසු පහ හයක් රබර් වලින් වසාලා
දරුවන් රැලක් ඇත ගේ තුල පුරෝලා