යන්නට කියා නැංගමිය උදේ
කන්නටවත් දෙයක් තිබ්බේ නෑනෙ උදේ
පණුවොත් තරහ වී ඇතිදැයි සිතුව කුසේ
ගත්තෙමි කඩල ගොට්ටක් ඒ කොටුවෙ කඩේ
නැංගා කොටුව පහළොව අනුරාධපුරේ
උන්දෑ යාන්තම් ගත්තා ආසනේ රතේ
අක්කා කෙනෙක් ඉදගත්තේ හනිකේ
දැක්කා තරුණ බව මූණේ ආලේපේ
අක්කා මුහුණ වහගෙන මුඛ වාඩමෙන්
දැක්කා නමුත් දැක්කේ නැත සෝබනෙන්
ගස්සා හැරෙනකොට දුටුවේ දර්ශනෙන්
හංගා ඇරියේ පඩක් බස් වාතයෙන්
ගත්තෙය අක්කා හනිකට සැන්සයිටරේ
අරගෙන අමන්දා ගත්තෙමි අත්දෙකේ
යන්තම් පඩේ ගඳ කැපුනා බස් එකේ
දැක්කෙමි දෙයියෝ සිටියා පුරෙ බස් එකේ
බොන්නටවත් කියා වතුර ඉල්ලුවෙ අක්කා
දුන්නා වතුර පුරවාගත් බෝතලේ ගෙනා
බිව්වා හනික උගුරට පොශ් වත් නොසිතා
දැක්කා කටේ දත් තුනකුත් නෑ නොකියා

7 comments:
👍👍👍
👌👌
👍👍👍
🥳💕
🤩
සංස්කෘතිකyi ekagayi
Post a Comment