සංක්‍ෂේපය
මිනිසා සාමූහික සත්ත්වයෙකි - සමූහ වශයෙන් ජීවත් වීමට කැමැති සත්ත්වයෙකි. සාමූහික ජීවිතයේ අත්‍යවශ්‍ය ලක්ෂණය සන්නිවේදනය යි. එනම්, එකකු ගේ අදහස් අනෙකාට දැන්වීමයි. එබඳු සන්නිවේදනයෙකින් තොරව සාමූහික ජීවිතයක් පවත්වාගෙන යාහැකි නොවේ. මනුෂ්‍ය ඥානයෙන් නිර්මිත විශිෂ්ටතම නිර්මාණ සේ ගැනෙන භාෂාවේ උත්පත්තිය මේ සන්නිවේදනය පදනම් කොට සිදු වේ. අනෙකාට යමක් හැඟැවිය යුතු වූ කල්හි මුලින් ම අභිනයෙන් - අතින් - පයින්, ඉඟි - බිඟියෙන් - එය දැක්වූ මිනිසා පසුව යම් යම් ශබ්ද නිකුත් කොට ඒ කාර්යය කරගන්නට ගත් උත්සාහය අභිවර්ධනය වීමෙන් භාෂාව පහළවී යැයි කිව හැකිය. භාෂාව යන වදනෙහි අරුතිනුදු ඒ බව තීරණය වේ. සංස්කෘතයේ “භාෂ්” ධාතුවෙන් උපන් “භාෂා” යන්න භාෂණය, කථා කිරීම යන අරුත් දනවයි. භාෂාවේ කාර්ය භාරය පුළුල්ව පැතිරයත්ම, භාෂණය, ලේඛනය යන දෙකම උදෙසා අවිශේෂයෙන් මේ පදය යෙදෙන්නට විය. අප අද “භාෂා” යන්න යොදන්නේ මේ ද්විතීය අර්ථයෙනි. ලොවෙහි හැම මිනිසකු ගේම කාලයෙන් වැඩි කොටසක් වැය වනුයේ කථාවට යි. ගොළු නොවන සියල්ලෝ කථාවෙහි යෙදෙන්නෝය. කෙළවරක් නැතිව තැන නොතැන නො බලා කථා කරන්නෝ “වාචාලයන්” යැයි හැඳින්වෙති. වාචාල යනු වචනයට ආදරය ඇති (වාක් + ආල) යන අර්ථ ඇත්තේය. එසේ අර්ථය අනුව බලතොත් ලොවින් වැඩි කොටස වාචාලයෝ ය. එහෙත්, තමා වාචාලයෙකැයි කීමට කිසිවකු කැමැති නොවනු ඇති. ඒ අනුව භාෂාවේ කාර්‍යභාරයන් හදුනාගැනීමේදී එය හුදෙක් සීමා මායිම් දමා කොටුකර තැබිය නොහැකිය. මානව උත්පත්තියේ සිට මිනිසාගේ මරණය දක්වාම මිනිසා විවිධ අවස්තා හා සිද්ධි සදහා භාෂාව ප්‍රයෝජනයට හා භාවිතයට ගනු ලැබේ. ඒ අනුව මෙම මානව ජීවන චක්‍රය තුළ භාවිත කරන නැතහොත් මානවයා අනෙකුත් තිරිසන් සතුන්ගෙන ව්‍යුත්පන්න කිීරීමේ වෙනස වන භාෂාව සහ එම භාෂාව යොදාගෙන සමාජිය සත්වයකු වශයෙන් මානවයා විසින් කුමන අවස්තා සහ සිදුවීම සදහා මෙම භාෂාව භාවිතා කරනුයේද යන්න මෙම පර්යේෂණ පත්‍රිකාව තුළින් සිදුකරනු ලැබේ.
හැදින්වීම
මනුෂ්‍යයන් සියලූ හපන්කම් කරනුයේ තමන් සහ අන්‍යයන් අතර මනා සන්නිවේදනයක් ඇති කිරීමට හැකිවූ නිසයි. හරවත් වචන මාලාවක් භාවිත කිරීම මෙහිදී කැපී පෙනේ. ක්‍රි.පූ 100,000 සහ 40,000 අතර කාලයේ ආදි මනුෂ්‍යයන්ට එවන් භාෂා දැනුමක් හෝ වාග් මාලාවක් තිබුණේ නැත. එහෙයින් ඔවුන්ට සිය හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමට සිදු වූයේ අංග චලනයෙන් හා ශබ්ද නැඟීමෙන් පමණි. භාෂාව වනාහි පුද්ගලයා උරුම කර ගනුයේ ඔහු ජීවත් වන පරිසරය තුළිනි. කුඩා දරුවෙකු භාෂාව ඉගෙන ගන්නේ තමා හැදෙන වැඩෙන පරිසරය තුළිනි. භාෂාව පහළවීමට ගතවූ කාලය නම් අති දීර්ඝ ය. අප කිසිවෙකු නොදත් සමයෙක අප නොදත් තැනක කවුරු හෝ මනුෂ්‍යයෙකු භාෂාවේ මුල්ම වචනය මුවින් පිට කළේ ය. ඒ පිළිබඳ කිසිම තොරතුරක් අප හමුවේ නැත. වසර දහස් ගණනක් පුරා විද්වත් මනුෂ්‍යයෝ භාෂාවේ සම්භවය පිළිබඳව විවිධාකාර අනුමාන උපකල්පන සහ න්‍යාය ඉදිරිපත්කොට ඇත. එහෙත් එය තවමත් මුළුමනින්ම අනාවරණය නොවූ අභිරහසක්ව පවතී. භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණ භාෂාව පිළිබඳ ප්‍රථම ගවේෂණයන් සිදු කළේ මිසර ජාතිකයෙකි. නූතන විද්‍යාත්මක අර්ථයෙන් නම් එය සැබවින්ම පාලනය කරන ලද තත්ත්වයන් යටතේ සිදු වූ සම්පරීක්ෂණයකි. මේ පිළිබඳව ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් තම ග්‍රන්ථයක සඳහන් කරයි. ඒ අනුව සම්මැටික්ස් නම් මිසර රජු සම වයසේ පසු වූ කුඩා බිලිඳුන් දෙදෙනකු සොයා ගත්තේ ය. ඉන්පසු ඔවුන් කවර මිනිස් කටහඬක් වත් නොඇසෙන ලෙස හුදෙකලා කොට හදා වඩා ගත්තේ ය. එසේ කළ ඔවුන් නිසි වයසේ කථා කිරීම පටන් ගත් විට තමන්ට ආවේණික භාෂාවෙන් කථාකරනු ඇත’ යන විශ්වාසය ඇතිවය. එයින් එක් බිලිඳෙක් නිසි වයසේ දී මුලින්ම ඊෑණධී යන ශබ්දය නැඟීය. වහාම එම වචනය පිළිබඳව තම රටෙනුත් විදේශයන්ගෙනුත් තොරතුරු සෙවූ රජුට එය එවකට තම රටට යාබදව පැවති ෆ්‍රීජියා යෙදෙන වචනය බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව ඔහු අර දරුවාට ආවේණික බස ෆ්‍රීජියන් බස යැයි නිගමනය කළේ ය. අනෙක් දරුවා ගැන හෙරඩෝටස් කිසිවක් කියා නැත.
භාෂාව පිළිබඳ මතු වූ මූලික ප්‍රශ්න භාෂාව පිළිබඳව ගවේෂණය කළ යුගයේ විද්වතුන් ඉස්මතු කළ ප්‍රශ්න
1- මුලින්ම භාෂාවක් කථා කළේ කවුද?
2- එම බස කථා කළේ කොතැනකදී ද?
3- මනුෂ්‍යයින් කථා කිරීමට පටන් ගත්තේ මන් ද?
4- තමන් මුලින් සත්ත්වයන් සේ නැගූ විවිධ ශබ්දවලට අර්ථ දීමට මනුෂ්‍යයින්ට හැකි වූයේ කෙසේ ද?
5- මිනිසා මුවින් පිට කළ ප්‍රථම වචනවල ශබ්ද කෙබඳු වීද?
6- එම වචන ඔහු බිණූයේ කෙබඳු අවස්ථාවකදී ද?
විද්වතුන් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තුළදී දැඩි අපහසුතාවලට ලක්ව ඇත. භාෂාවේ සම්භවය පිළිබඳව මෙතෙක් පහළ වී ඇති මතවාද උපකල්පන සහ අදහස් ආදිය ඉතා විවිධ ය. ඒවා විමසන විට භාෂාව යනු ඉතා සංකීර්ණ වූත් පහසුවෙන් නිගමනවලට එළඹිය නොහැකි වූත් ඵලයක් බව පෙනේ. භාෂාවක පෞද්ගලික සාමූහික ලක්ෂණ බොහෝ වෙති. භාෂාව පිළිබඳ අධ්‍යනයේ දී පුද්ගලයෙකුගේ කථා කිරීම මෙන්ම ජන සමූහයක් තුළ සිදුවන අන්තර් කථා බහ හෙවත් සමූහ සන්නිවේදනය ද අධ්‍යනය කළ යුතුව ඇත. භාෂාව පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නොමැති වීට අධ්‍යනයන්ට සංකීර්ණතා ඇති කරවයි. භාෂාව සතු මූලික කටයුත්ත මනුෂ්‍යයන් අතර ගනුදෙනු වශයෙන් පණිවිඩ හුවමාරුව යැයි ඇතැම් විද්වත්හු කියති. තවත් අය භාෂාව මාධ්‍යක් සේ සලකති. වාචික ශබ්දයක් වචනයක් වන්නේ අන්‍යයෙකු විසින් එය අසනු ලැබ ඊට පිළිතුරු දෙතැයි යන අපේක්ෂාවක් ශබ්දය නැගූ අය තුළ තිබුණොත් පමණි. තවත් විද්වතුන්ට අනුව භාෂාව මනුෂ්‍යයෙකු තම සිතෙහි ජනිත වන අදහස් ප්‍රකාශ කිරීමට නඟන ශබ්දයක් සේ ගනිති. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් භාෂාව හැඳින්වූයේ සික සහ පෞරුෂය යන දෙකින් සමන්විත ආත්මයක් සහිත ශබ්දයක් ීධඹභෘ උෂඔ්‍ය ් ීධඹඛ නූතන භාෂාවේදියෙකු වූ ජේම්ස් හර්බට් ස්ටෑම් ෂභූඹෂඍෂෑී ෂභඔධ ඔ්‍යෑ ධඍෂඨෂභෑ ධත් ඛ්භඹ්ඨෑී නම් සිය ග්‍රන්ථයෙහි ඇරිස්ටෝටල්ගේ මතය සමඟ එකඟ වන බවක් පළකරමින් මෙසේ කියයි. ගිරව් තූර්ය භාණ්ඩ සහ සුළඟ දැවටෙන රුක් අතු පතර විවිධාකාර ශබ්ද නඟති. එහෙත් එම ශබ්ද පිටුපස කිසියම් චින්තනයක් නොමැත. එබැවින් අපට එම ශබ්ද ආත්මයක් සහිත භාෂාවක් යැයි හැඳින්විය නොහැකිය. විද්වත් ස්ටෑන් ඉන් අදහස් කරන්නේ භාෂාව සහ චින්තනය දැඩි සේ එකට බැඳීගෙන සමගාමීව නිෂ්පාදනය වන බවයි. භාෂාව නිර්වචනය කරන තවත් විද්වත්හු එහි උපයෝගීතාව ප්‍රයෝජනය කෙරෙහි බැව් අවධානය යොමු කරති. ඔවුන්ගේ අදහස භාෂාව මිනිසා තම අරමුණු ඉටුකර ගැනීම පිණිස භාවිත කරන මෙවලමක් බවයි. එය සැබෑ ය. ඔහු තමන්ට අවැසි දෙය අත්පත් කර ගැනීම උදව් උපකාර ලබාගැනීම ආරංචි පැතිරවීම සහ හැඟීම් ප්‍රකාශ කිරීම ආදි විවිධ අවශ්‍යතා සඳහා භාෂාව යොදා ගනී.
ක්‍රි.ව 6 වන සියවස හා නව වන සියවස අතර එංගලන්තයෙහි භාවිත වූ ඇන්ග්තෝ සැක්සන් හෙවත් පැරණි ඉංග්‍රීසි බස කථා කළ ජනයාට පනස්දහසක් තරම් වචන ඇති වාග් මාලාවක් තිබුණි. නමුත් 21වන ශතවර්ෂයෙන් පසු ඉංග්‍රීසි බස කථා කරන්නවුන් සතුව තමන්ට රිසි පරිදි තෝරා ගැනීමට එමෙන් දහදෙළොස් ගුණයක වාග් මාලා වේ. මීට හේතුව විසි එක්වන ශතවර්ෂයේ වාසය කරන මිනිසා 6-9 සියවස් අතර කාලය තුළ විසූ මිනිසුන්ට වඩා කාර්යබහුල වීමයි. මනුෂ්‍ය යන නාමය ලැබීමට සුදුසු වන්නේ ඔවුන්ට පමණක් සීමාවූ භාෂාව නිසා ය. යන කියමනෙන් සත්‍ය ප්‍රකාශ වේ. 17 වන සියවසේ විසූ ප්‍රංශ දාර්ශනික රෙනී ඩෙකාට්ස් මිනිසා සතුන්ට සහ යන්ත්‍ර සූත්‍රවලට වඩා ඉහළ තලයක සිටින්නේ ඔහු සතු භාෂාවක් කථා කිරීමේ හැකියාව නිසා ය ලෙස පැවසිය. මිනිසාට භාෂාව නිපදවිය හැක්කේ ඔහුගේ මොළයට වචන නිපදවීමේ ශක්තිය ලැබුණාට පසුවය.
භාෂාව යනු නිර්මාණශීලීත්වයේ යතුර ලෙස විද්වතෙකු වන වර්ජිනියා ක්ලාක් පවසයි. භාෂාව සංගීතය හා චිත්‍ර ශිල්පයෙන් සිදුවනවාක් මෙන් වචනවලින් සිදුවන්නේ ද පරිකල්පන ශක්තිය උත්තේජනය වීම බව දක්වයි. භාෂාවක් යනු හුදෙක් වචන හා වාක්‍ය රැුසක් නොව ඒ දෙවර්ගය ඇසුරෙන් පහළ වන නිෂ්පාදනයක් යැයි ජර්මන් ජාතික හේමාන් ස්ටීටයින්තාල් පැවසීය. භාෂාව හා නිර්මාණශීලීත්වය එකට බැඳී ඇති සේ සලකන ස්ටීටයින්තාල් ප්‍රධාන විද්වත් පිරිස් භාෂාවේ උපත මිනිසාගේ ප්‍රථම නිර්මාණාත්මක ප්‍රකාශනය සේ සලකති. විද්වතුන් භාෂාවෙහි පවතින සංකීර්ණත්වය නිසා තනි තනි මත සහ න්‍යායවලින් භාෂාවේ සම්භවය පිළිබඳ ගැටලූ විසඳිය නොහැකි බව දැන ඒ සඳහා උපකල්පනා අනුමාන සහ මතිමතාන්තර වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ ආදියේ සහය ලබා ගත යුතු යැයි කල්පනා කළහ.
භාෂාව පිළිබඳ දේවධර්මවාදීහු බයිබලය සහ යුදෙව් ක්‍රිස්තියානි ආගමික ග්‍රන්ථ පාදක කරගෙන අදහස් දැක්වූහ. ඉතිහාසඥයෝ ඵෙතිහාසික පුරාවෘත්ත ඇසුරින් අදහස් ඉදිරිපත් කළහ. දාර්ශනිකයන් තර්කානුකූල චින්තනය භාවිත කළහ. භාෂාවේ සම්භවය පිළිබඳව සෙවූ යුරෝපීය විද්වත්හු 18 -19 සියවස්වල පැරිස් සහ බර්ලින් අගනගරවල තිබූ සොසයිටි හා ඇකඩමි යන නම්වලින් බිහි වූ ශාස්ත්‍රීය මධ්‍යස්ථානවලට නිතර රැුස් වූහ. මෙහිදී භාෂාවේ සම්භවය පිළිබඳව එකඟතාවන් අවසානයක් නොමැතිව එක දිගට වාද විවාද ගෙන ගියහ.
1865 දී ප්‍රංශයේ පැරිස් සංගමය නම් ශාස්ත්‍රීය ආයතනයේ අධිකාරිය මඟින් එහි සාමාජිකයන් එම ආයතනය තුළ භාෂාවේ සම්භවය සම්බන්ධතාව සාකච්ඡුා නොකළ යුතු යැයි තහංචියක් පනවන ලදී. මීට හේතු වශයෙන් ඔවුන් ගෙන ආවේ භාෂාවේ සම්භවය කෙසේ සිදුවීද? යන ප්‍රශ්නයට ඔබ කිසිවෙකු අතින් සත්‍යෙක්ෂණය කළ හැකි ආකාරයට පිළිතුරු සෙවීමකි සිදු නොවේ. සප්‍රමාණ සාක්ෂිද ඉදිරිපත් නොකරේ. සාධක රහිතව අනුමාන මත පමණක් පාදක කොටගෙන වාද විවාද කිරීම සැබවින්ම නිශ්පලය යන්නය. 19වන සියවසේ අවසාන භාගයේදී විද්වත්හු නව ක්‍්‍රමයකට අනුව භාෂාව පිළිබඳව විමසන්නාට පෙළඹුණහ. එය විද්‍යාත්මක ක්‍්‍රමය ලෙස හැඳින්විණ. විද්‍යාත්මකව සොයාගත් කරුණු භාෂා ගවේෂකයන් අතට පත් කළ අතර ඒ ආශ්‍රයෙන් අර්ධ වශයෙන් හෝ සත්‍යෙක්ෂණය කළ හැකි නව මත වර්ධනය කිරීම එම ගවේෂකයන්ට හැකිවිණ. මෙම ක්‍රියාවලියට මිනිසාගේ ශබ්ද යාන්ත්‍රණය මිනිස් චින්තනය මිනිස් චර්යාව මිනිස් සිරුරේ ජෛව රසායන ආදී මානවයන්ගේ තොරතුරු ඇතුළත් වී ඇත. භාෂාව පිළිබඳ ගවේෂණය තුළදී විවිධ දුෂ්කරතා මතු වී ඇත. ජේ. ජී හර්ඩර්ට අනුව භාෂාවේ සම්භවය පිළිබඳව ගවේෂණය කරන්නා යන්නේ වල් බිහි වූ මං පෙතක් ඔස්සෙ ය. එය කෙමෙන් කෙමෙන් අඳුරුවන මාර්ගයක් දිගේ අන්ධකාර දේශයකට පස්සෙන් පස්සට යාම වැන්න. ඔ්‍යෑ ෂභත්‍්භක්‍ශ ධත් ීඡෑෑක්‍්‍ය ්භෘ ඔ්‍යෑ ීඡෑෑක්‍්‍ය ධත් ෂභත්‍්භක්‍ශ ග්‍රන්ථය ලෙස ලියූ ලියෝපෝල්ඞ් ස්ටෙයින් මේ උත්සාහය පිළිබඳ මෙසේ පවසයි.
වසර මිලියන පහකට පමණ පෙර විසූ මනුෂ්‍යයින් කථා කළ භාෂාවේ ස්වරූපය සෙවීමට සහ එහි මෙබඳු යැයි විස්තර කිරීමට විසිවන සියවසේ ජීවත් වන අප විසින් ගනු ලබන ආයාසය මුළු ක්‍රියාවක් යැයි සරදමට ලක්වීමටද බැරි නැත. භාෂාව පිළිබඳ විමර්ශනය කරන විද්වතුන්ට මතුවූ ගැටලූ තර්ක විතර්ක බොහෝය. මෙහි පළමු වැන්න මිනිසා කථා කරන භාෂාව ඉගෙන ගන්නේ පරිසරයෙනි. ඉංග්‍රීසි ජාතික ළමයෙකු ඉංග්‍රීසි බස උගන්නා ආකාරය ගතහොත් ඔහුගේ පළමු භාෂා ගුරුවරුන් වන්නේ ඒ බස කථා කරන දෙමාපියන්ය. ඒ දෙමාපියන් ඉංග්‍රීසි බස කථා කිරීමට ඉගෙන ගන්නේ ඒ අයගේ දෙමාපියන්ගෙනි. ලෙස පරම්පරාවෙන් පරම්පරාවට එම භාෂාවේ කථා කිරීමේ හුරුව උරුම විය. කවර බසක් වුව හුරු ලෙස පරම්පරාවෙන් පරම්පරාවට එම භාෂාවේ මුලින් කථා කිරීමේ හුරුව උරුම විය. කවර බසක් වුව හුරු වන ආකාරය මෙයයි. එසේ නම් මිනිස් භාෂාව මුලින්ම කථා කළ තැනැත්තාගේ ගුරුවරුන් වූයේ කවුරුද? මිනිස් ගුරුවරුන් නැතිව ඒ තැනැත්තා භාෂාව උගත්තේ කෙසේද?
දෙවැන්න භාෂාව මිනිස් චින්තනය සමඟ දැඩි සේ එකට බැඳී තිබෙන්නකි. චින්තනයට භාෂාව නිපදවිය හැකිය. භාෂාව පෙරළා චින්තනය පහසු කරයි. මෙය අනොන්‍ය පෝෂණයකි. චින්තනය හා කථාව යන දෙකම නොතිබූ ආදි කාලීන සමාජවල විසූ මනුෂ්‍යයින් එයින් එකක් හෝ උපාර්ජනය කළේ කෙසේද?
ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට විද්වතුන් බොහෝ දෙනකු හැරුණේ බටහිර සංස්කෘතියේ මුල් බැස ගෙන ඇති මහා නිර්මාණය පිළිබඳ පුරාවෘත්තය වෙතටයි. ඒ ඇසුරෙන් ඔවුන් විසින් ගොඩනගාගත් පිළිතුර මෙසේයි. දෙවියන් වහන්සේ ලෝකය මැවූහ. මිහිමත ප්‍රථම මනුෂ්‍යයින් වූ ආදම් සහ ඒව ගහකොළ සතා සීපාවා ඇතුළු සියලූ දේ උන්වහන්සේ විසින් මවන ලදී. එලෙස දෙවියන් වහන්සේ මිහිමත පැවැත්ම පිළිබඳ මහා දාමය නම් නොවෙනස් වන විධිමත් ක්‍රියාදාමය ස්ථාපනය කළ සේක. ලෝකය වසර හයදහසක් පුරා ඒ ආකාරයෙන්ම පැවැතිණි.
දේව සම්භව න්‍යාය දෙවියන් වහන්සේ මිනිසාගේ චින්තනයේ සහ භාෂාවේ මූලාශ්‍රය යන න්‍යාය ස්ථිර කිරීම බයිබලයේ පැරණි ගිවිසුමේ සහ නව ගිවිසුමේ ඇතුළත් ජෝන්ගේ සුපුවතේ එන මුලදී වාක්‍යාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක. වාක්‍යාණෝ දෙවියන් වහන්සේම වූ සේක යන ආරම්භක පාඨයත් උත්පත්ති කථාවේ දෙවැනි පරිච්ඡේදයේ එන දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද සියලූම සත්ත්වයන් නම් තබනු පිණිස මිනිසා වෙත පැමිණ වීය. එවිට මිනිසා උන් එකිනෙකාට නම් තැබිය යනුවෙන් කියැවෙන පුවතක් ඉදිරිපත් කළහ. මේ අනුව ඔවුහු මෙසේ කීහ. දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද ආදම්ට කතා කිරීමේ හැකියාව දුන් සේක. මිනිසා දෙවියන් වහන්සේගේ ඉල ඇටයෙන් මවා දුන් අනෙක් මිනිස් ජීවියාට කතාකොට මුලින් ඇයට ස්ත්‍රිය යැයිද දෙවනුව ඒව යැයිද නම් තැබුවේය. අඹු සැමියන් වශයෙන් ජීවත් වූ ආදම්ට සහ ඒවට ලැබුණු ආබෙල් සහ කායින් දරුවන්ට තම දෙමාපියන්ගෙන් කතාව පුරුදු විය.
මෙම අදහස සනාථ කිරීම සඳහා ඔවුහු ස්වාමීන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි’ යි ඒව කළ ප්‍රකාශයත් කායින් සිය සොහොයුරු ආබෙල් අමතාිඅපි එළිමහන් කෙතට යමුයි’ කළ ඉල්ලීමත් දෙවියන් වහන්සේ නුඹේ සහෝදර ආබෙල් කොහිදැයි විමසූ විටිමම නොදනිමියි’ මම මගේ සහෝදරයාගේ භාරකරුදැයි දෙවියන් වහන්සේට දුන් පිළිතුරත් ඉදිරිපත් කළහ. එම භාෂාව කතා කිරීමේ හැකියාව මිනිසාගේ පරපුරෙන් පරපුරට උරුම වූ බවත් හීබෲ බස් මුලින්ම මිනිස් බස බවත් එයින් තවත් භාෂා රැුසක් පහළ වූ බවත් ඔවුන් සඳහන් කර සිටියහ.
භාෂාව ලැබීම පිළිබඳ ආදිකාලීන හා මධ්‍යකාලීන මත
ක්‍්‍රි.පූ.3400 පමණ ඈත කාලයේ විසූ මිසරවරු තමන්ට භාෂාව තෑගි කළේ f:ාත් නම් වූ නිර්මාණවලට අධිපති දෙවිඳු යැයි විශ්වාස කළෝය.
ක්‍රි.පූ.2000 පමණ ඈත කාලයේ විසූ චීන ජනතාව ෂැංටි නම් දෙවිඳු විසින් ඉබ්බෙකුගේ පිටේ ආදර්ශ අකුරු ලියා චීන ජනතාවට ත්‍යාගයක් ලෙස ඌ චීනයට එවූ බවත් එම අකුරු අනුව චීන භාෂාව තනන ලද බවත් විශ්වාස කළෝය.
ක්‍රි.පූ. 2000 ඉන්දියාවේ විසූ ආර්ය ජනයා තම භාෂාව වූ සංස්කෘත තමන්ට ත්‍යාග කළේ මහා බ්‍රහ්මයා යැයි විශ්වාස කළහ.
ක්‍රි. පූ. 2000 පමණ ඈත කාලයේ විසූ බැබිලෝනියාවරු තමන්ට භාෂාව ප්‍රධාන කළේ නාබු නම් දෙවිඳු යැයි විශ්වාස කළෝය.
ක්‍රි.ව. 9-10 සියවස අතර ස්කැන්ඩිනේවියානු රටවල විසූ ජනතාව තමන්ට භාෂාව ප්‍රදානය කළේ ඕඩන් නමැති දෙවිඳු බව සලකති.
දේව සම්භාව න්‍යායේ පුරෝගාමී විද්වතුන්
ප්‍රංශ ජාතික දාර්ශනික ඊ. බී. කොංදියාක්
අපේම මුල්ම දෙමාපියන් වූ ආදම්ට සහ ඒවට දෙවියන් වහන්සේ චින්තන ශක්තිය සහ භාෂාව ප්‍රධාන කළ සේක.
ජර්මන් ජාතික දාර්ශනික ගොට්වොල්ඞ් ලෙසිං
දෙවියන් වහන්සේ වර්තමාන දෙමාපියන් කරන්නා සේ ආදම් සමඟ නිරන්තරයේ කතාවේ යෙදෙමින් ඔහුට භාෂාව ඉගැන් වූ සේක
ජර්මන් ජාතික චින්තක ජොහෑන් පීටර් සුන්විල්ච්-
මිනිස් භාෂාවේ ඇති අලංකාරය සහ විධිමත් බව සලකන කල එහි කිසිදාක මිනිසා විසින් නිපදවන ලද්දක් යැයි කිව නොහැක. ස්ථිරවම එය දේව බලයෙන් නිර්මාණය වූවකි.
ජර්මන් ජාතික දාර්ශනික ජොහෑන් වුල්ෆ් ගැං ගතේ-
දෙවියන් වහන්සේ මිනිසාට ඇවිදීමේ හැකියාව දුන්නා සේ භාෂා හැකියාව ද දුන් සේක. මිනිසාට දේවමය සම්භවයක් ඇති බැවින් භාෂාවද එහි අවශ්‍යයෙන්ම ඇතුළත්ය.
ඉංග්‍රීසි ජාතික අර්වින් තෝමස් අෂර්-
ලෝකය නිර්මාණය කරනු ලැබුවාට අනතුරුව ආදම් ඒව සුරදූතයන් සහ දෙවියන් වහන්සේ යන සියලූ දෙනා ඉතා සුහදව ඔවුහු ඔවුනොවුන් සමඟ සතුටු සාමීචියෙහි යෙදුණහ. එම සංවාද මගින් ආදම්ට සහ ඒවට භාෂාව කථා කිරීමේ හැකියාව ලැබුණි.
මෙම දේව සම්භව න්‍යාය ප්‍රතික්ෂේප කළ විද්වතුන් පහත පරිදි අදහස් දැක්වූහ.
ඇමරිකන් ජාතික නෝතෝප් ෆ්‍රයි -
භාෂාවක් කථා කිරීමේ හැකියාව කිසිවෙකුගෙන් තවත් කෙනෙකුට ලැබිය හැකි ත්‍යාගයක් නොවේ. එය කෙනෙකු විසින් ආයතනයෙන් උගත යුත්තකි.
ජර්මහන් ජාතික ජේ. ජී. හර්ඩර්-
නොවෙනස් වන පරිදි නිමැවුම් කරන දෙවියන් වහන්සේ භාෂාවද නිර්මාණය කළේ නම් එය වෙනස් විය නොහැක. වෙනස් ස්වරූප ගත නොහැක. එහෙත් භාෂාව නිරන්තරයෙන් වෙනස් වේ. නව ස්වරූප ගනී.
ඕලන්ත ජාතික ගීසා රෙවිස්-
භාෂාව පිළිබඳ දෙව සම්භව න්‍යාය කියන්නේ දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කළේ වසර 6000 කට පමණ ඉහත දී බවයි. එහෙත් පුරාවිසාඥයන්ට හමුව ඇති මානවයන්ගේ පොසිල සත්ත්ව හා ශාක ආදියේ පොසිල ඊට වඩා වසර සිය දහසක් පැරණිය. එයින්ම දේව සම්භව න්‍යාය ප්‍රතික්ෂේප වෙයි.
ස්වභාවික න්‍යාය
ස්වභාව ධර්මය තුළ මහා ඥාන සම්භාරයක් ඇත. මිනිස් මනසට පරිබාහිරව මිනිස් මනසින් භාෂාව සැපයුණේ එයිනි. භාෂාව වාග් මාලාව සහ රචනා පිළිවෙළ යන සියල්ල දේව නිර්මාණයක් වූද ඉතා විධිමත් වූද ස්වභාව ධර්මයේ අන්තර්ගතව තිබේ. ඒ ගුරුත්වාකර්ෂණය ස්වභාව ධර්මයේ නිසඟ අංගයක් වන පරිද්දෙනි. ආදි මනුෂ්‍යයා අවට ස්වභාව ධර්මයෙන් තමන්ට ඇසුණු සිව්පාවුන් සහ පක්ෂීන් ආදීන්ගේ හඬ හා අහස් ගිගුරුම වැනි ශබ්ද අනුකරණය කළේ ය. ඔහුට එසේ කිරීමට නිසඟ හැකියාවක් තිබුණි.
මෙම න්‍යාය පිළිබඳ විද්වතුන් පළ කළ අදහස් කිහිපයක් පහත පරිදි වේ.
ජර්මන් ජාතික හයින්රිච් ෂූබර්ට්
සුළං හමන විට මිනිසා වුෂ් යන ශබ්දයත් අහස ගුගුරන විට බුම් යන ශබ්දයත් වහින විට පිටර් පැටර් යන ශබ්දයත් පක්ෂයෙකු ගී ගයන ඇසෙන විට කුකු යන ශබ්දයත් අනුකරණය කරන්නට ඇත. යට කී ශබ්ද පසුව වදන් බවට පත්විය. කාලයාගේ ඇවෑමෙන් යළි යළි අනුකරණය කරන ලද එම ශබ්ද පසුව සැබෑ ශබ්දයේ නියෝජනයක් විය.
ජර්මන් ජාතික ජෝර්ජ් හමාන්
ස්වභාවික න්‍යායට ඉතා සමීප මුල්ම අදහස ඉදිරිපත් කළ විද්වතා ග්‍රීක ජාතික ප්ලේටෝ ය. ඊට බොහෝ කලකට පසු හයින්රිච් වොන් ෂූබර්ට්, මැක්ස් ම්‍යුලර් සහ ජොහැන්නස් ජෝර්ජ් හමාන් යන විද්වත්හු එම අදහස න්‍යායක් ලෙස ඉදිරිපත් කිරීමට දායක වූහ. මෙහිදී ජෝර්ජ් හමාන් දැක්වූ පරිදි අදහස් මෙසේය. රක්ෂාව ගින්දර වැන්න. එය ස්වභාව ධර්මයේ පැවැතිණ. මිනිසා එය සොයාගත්තේය. ගුරුත්වාකර්ෂණයද ස්වභාවධර්මයේ පැවතිණ. අයිසෙක් නිව්ටන් එය සොයා ගත්තේය. භාෂාව ද ඒ ආකාරයෙන් ස්වභාව ධර්මයෙන් සොයාගත යුතුය. භාෂාව අප්‍රකට මහද්වීපයක් වැන්න. ක්‍රිස්ටෝපර් කාළොම්බස් ඇමරිකාව නිපදවූයේ නැත. ඔහු පෙර සිට පැවැති දෙයක් සොයා ගත්තා පමණි. මිනිසා ද ස්වභාව ධර්මයේ පැවැති භාෂාව සොයා ගත්තේ එපරිද්දෙනි. මෙයට ප්‍රතිපක්ෂව අදහස් බිහිවී ඇත. බෙල්ජියම් ජාතික ලියෝපොල්ඞ් ස්ටෙයින් භාෂාව කලින් සිතන මතන ලද්දේ සැලසුම් හා රටා පරිද්දෙන් ස්වභාව ධර්මයේ පවතිණි යයි කීය අමනෝන්‍යය. මිනිසා කතා කිරීමට නම් කථා කළ යුතු දේ ඔහුට අදහස් විය යුතුය. ඔහු තමාට අවශ්‍ය පරිදි භාෂාව වෙනස් කළ යුතුය. එමෙන්ම එම අපේක්ෂිත කාර්යයට සරිලන පරිදි වචන තෝරා ගත යුතුය.ස්වාභාවික න්‍යාය තුළ ඒ කිසිවෙකුට ඉඩක් නැත. එහි ඇත්තේ පූර්ව ස්ථාපිත වාතාවරණයකි. 1980 දශකය වන විට දේව සම්භව න්‍යාය ,අභ්‍යන්තර ජීව සාර න්‍යාය,ස්වාභාවික න්‍යාය යන සියල්ලම මේ වන විට ප්‍රතික්ෂේප වී තිබේ.රෙවිස් ස්ටෙයින් සහ ජොහැනනස් ස්මිට් මෙහි ප්‍රතිපක්ෂණයේ පුරෝගාමී වූහ.
සෑම මනුෂ්‍යයගේම මනස හිස් පුවරුව කි. ඉන්ද්‍රියන් පහෙන් ලැබෙන පණිවුඩ එහි සංවේදන හෙවත් සරල අදහස් ලෙස සටහන් වේ.මනස මෙම සංවේදන එකිනෙක සම්බන්ධ කරයි. මෙම සම්බන්ධක ක්‍රියාවලියේ දී ඒවා එක්වීම සහ වෙන්වීම මඟින් සාමාන්‍ය අදහස් ජනිත වේ. එම සාමාන්‍ය අදහක් ඇසුරෙන් මනස තුළ සංකීර්ණ අදහස් පහළ වේ.
භාෂාව බිහිවීම පිළිබඳ මුස්ලිම් මතවාදය -මුස්ලිම් මතවාදයට අනුව ලෝකය හා එහි ජීවී අජීවී සියල්ල මවන ලද්දේ දෙවියන් විසිනි. මෙයට අමතරව භාෂාව මවන ලද්දේ ද දෙවියන් විසිනි.
හින්දු දහමේ මතවාදය
හින්දු දහමට අනුව බ්‍රහ්ම විසින් ලෝකය සහ එහි ජීව අජීව සියල්ල මවන ලදී. බ්‍රහ්මයාගේ භාර්යාව වූ සරස්වතී දිව්‍යාංගනාව භාෂාවට හා ශබ්දයට අධිපති දේවතාව වශයෙන් නම් කෙරිණි.
ශබ්ද අනුකරණාත්මක න්‍යාය
ඩිං ඩොං උපන්‍යාසය
මිනිසා ඔහුගේ අවට පරිසරයෙන් අසන්නට ලැබුණු ශබ්ද අනුකරණය කිරීම ඔස්සේ වචන වූ බව පිළිගනී. ශබ්ද අනුකරණාත්මක වචන රාශියක් භාෂාවක දක්නට ලැබේ. කෙසේ හෝ මෙවැනි වචන ඕනෑම භාෂාවක දක්නට ලැබේ. කෙසේ හෝ මෙවැනි වචන ඕනෑම භාෂාවක ඇත්තේ සීමිත ගණනකි. එසේම ශබ්ද නොකරන වස්තුවලට නම් කිරීම කෙසේ සිදු වීද ? යන්න පිළිබඳ ගැටලූ මතු වීම. ව්‍යාකරණාත්මක වචනවල බිහිවීම කෙසේ ඇතිවීද? යන්න සහේතුක නොවීම ආදී වශයෙන් ශබ්ද අනුකරණ න්‍යායේ ගැටලූ පවතී. භාෂාවක ශබ්දයට අනුව උච්චාරණය වන වචන අසාමාන්‍ය ලෙස සීමා වීම මත භාෂාවේ උත්පත්තිය ගැන කථා කරන විට ඩිං ඩොං උපන්‍යාසය සම්පූර්ණ න්‍යායක් වශයෙන් ඉදිරිපත් කිරීමට සාධක නොසපයන බවට මතය යි.
පුෆ් පුෆ් උපන්‍යාසය
තවත් උපන්‍යාසයක් ලෙස පුෆ් පුෆ් උපන්‍යාසය දැක්විය හැකිය. මෙමඟින් ස්වාභාවික හැඟීම්, වේදනාව, කේන්තිය හා සතුට යන භාවමය ප්‍රකාශයන් ස්වාභාවිකව ඉදිරිපත් වීම පාදක කරගෙන භාෂා උත්පත්තිය සිදුවන්නට ඇතැයි තර්ක කරයි.
යෝ හෝ හෝ උපන්‍යාසය
මිනිසා යම් කාර්යයක් කරන විට නිකුත් වන හඬ පාදක කරගෙන භාෂාවේ මූලික වචන බිහිවන්නට ඇතැයි මින් සැලකේ. ශ්‍රමය සන්තර්පණය කර ගැනීමේ උපකරණයක් වශයෙන් භාෂාව බිහිවන්නට ඇතැයි මෙයින් ගම්‍ය වේ.
බව් බව් උපන්‍යාසය
මිනිසා සත්ත්ව හඬ හා පාරිසරික හඬ අනුකරණය කරමින් මූලික වචන සාදා ගන්නට ඇතැයි යන්න මතය යි.
No comments:
Post a Comment