වැසි දින කුසගිනි නැගෙනා ගානේ
උන්ගේ බඩ ගෙඩි පිපිරේවා
වැසි දින හෙළනා කදුලක් ගානේ
උන්ගේ රුහිරය වියලේවා
රට විකුණන බිම් අගලක් ගානේ
උන් තබනා පය පැකිලේවා
මේ රට පාළක නායක නරි රැළ
අංග භංග වී වැනසේවා..
හෙළබිම පණ දී රැකි විරුවන්ගේ
සෙවනැලි සැරිසරනා ලක් දෙරණේ
මගෙ රට බුදිනා දෙස පාලුන්ගේ
බොටු මිරිකාපන් රෑ මැද්දේ..
සතරවරම් දෙවි අණ ඇති යකුනේ
බිලි බලි රිසිනම් වර හනිකේ
දියවන්නාවේ පෙරේත ගොටුවක
නර බිලි හොද ජාමෙට ඇත්තේ ..
සොදුරු වදන් ඇති සිංහල බාසේ
ලියනට කවි ගී සිත් මිහිරේ
පපුව රිදුම් දෙයි රට ගැන දෝසේ
සිත්තම් කොට මහ රෑ නිදි පැදුරේ
ඒකයි හෙන ඉල්ලා ගී ගැයුවේ
ඇති මගෙ පුදු වෛරෙකට නොවේ
දවසක ලියනෙමු අමා වතුර ගී
රට කෑ හිවලුන් නැති දෙරණේ
No comments:
Post a Comment