Followers

Friday, January 14, 2022

සේකර ජීවමානයි 💐



1929 අප්‍රියෙල් මස 27 වැනි දින සියනෑ කෝරළයේ රදාවාන ග්‍රාමයේ දී  ජෝන් අප්පුහාමි හා රණවන ආරච්චිලාගේ රොසලින්නෝනා යුවළගේ දරුවකු ලෙස මෙලොව එළිය ලැබරදාවානේ ප්‍රාථමික පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබ කිරඳිවැල මිශ්‍රපාඨමාලාවෙන් වැඩිදුර  අධ්‍යාපනය ලැබූ මහගම සේකර  තම උසස්  අධ්‍යාපනය නිමා කරන ලද්දේ ... සිංහල ගුරුවරුන් සදහා වූ  චිත්‍රකර්ම චිභාගයෙන් සමත් වීමෙනිඉක්බිතිව  නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබපුහුණු ගුරුවරයෙකු  වශයෙන්තම වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු රජයේ භාෂාව දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකුගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන්සම්පාදකයකුරජයේ ලලිත කලා ආයතනයේ විද්‍යාලයේ විදුහල්පතිවරයකු හා අධ්‍යාපනය අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපනයඅංගයේ අධ්‍යාපන නිලධාරියකු වශයෙන්  සේවය කළේය.


ඉතා දුර්ලභගණයේ ප්‍රතිභාවකින් 

හෙබි සේකර නවකතාවකරුවකුකෙටිකතාවකරුවකුකවියකුගේයපද රචකයකුළමා කතාරචකයකු   නාට්‍ය රචකයකුපරිවර්තකයකුශාස්ත්‍රීය පර්යේෂකයකු , චිත්‍රශිල්පියකුකංචුක නිර්මාණශිල්පියකු හා සිනමාකරුවකුද  වූයේයඔහු විසින් රචිතකෘතීන් බොහොමයකිඒවා පිළිවෙලින් මෙසේ

.         


ධවල සේනාංකයක -1956 යන පරිවර්තනය කෘතිය  ,පුංචි අපට කයිකතන්දර -1958, සරු පොළොවක් අපට ඇතේ - 1973, කොටි වලිගය-1990 යන ළමා කෘතීන්   ව්‍යංගා  කේජයතිලක මහතා සමග ) - 1960, සක්වාලිහිණි- 1962, හෙට ඉරක්පායයි-1963, මක්නිසාදයත්- 1964, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත-1967, බෝඩිම -1970, නොමියෙමි -1973 , ප්‍රබුද්ධ - 1977 යන කාව්‍යය සංග්‍රහයන්   සත්දන්ත සහ තවත් නාටක -1961, මුහුදු පුත්තු ( ගුණසේන ගලප්පත්ති මහතා සමග ) - 1964, හංස ගීතය සහ වෙනත් නිර්මාණය -1985 යන නාට්‍ය කෘතීන්   තුංමංහංදිය -1967, මනෝමන්දිර -1971 යන නවකතා මහගම සේකරගේ ගීත -1972, මහගම සේකරගේ  නොපළ ගීත -1984 යන ගීත සංග්‍රහයන්  මහගම සේකරගේ කෙටිකතාහා චිත්‍ර -1981, පීතර සහ තවත් කෙටිකතා  - 2007 යන කෙටිකතාව සංග්‍රහයන්   තුංමංහංදිය  තිර රචනය -1997 යනසිනමා තිර රචනය  .සිංහල ගද්‍ය පදය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ-2001  (තම ආචාර්ය උපාධිය නිබන්ධනය වේ.


සේකර වැඩි වශයෙන් මෙරට සාහිතකාමීන් අතර ජනප්‍රියත්වයට හා සම්භාවනාවට පාත්‍රවී ඇත්තේ  සුබාවිත ගේයපද  රචකයකුවශයෙනිගුවන් විදුලි සරල ගීත ( විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟින් කරන ලද "මධුවන්තිගුවන් විදුලි සංගීතවැඩසටහන ) මෙන්ම නාට්‍ය - චිත්‍රපට ගීතද ඔහුගේ පන්හිඳෙන් රචනා වී ඇතහෙතෙම නිරන්තරයෙන්ම ගැමිවහර , ජනකවියගුරු කොට ගනිමින් තම ගේයපද රචනා කළ බව පෙනේඒවා අතර පිලේ පැදුර , ඉරට මුවාවෙන් ,

වක්කඩ ළඟරත්තදීප ජන්ම භූමිදීප දීප නව-රත්තදීප අපේ දේශයයිසන්නාලියනේ , ඇසේ මතුවන කඳුළු බිදු ගෙනමල ඉරබසිනා සැන්දෑ යාමේගී පොතයි මී විතයි , පාළු අඳුරු නිල් අහස මමයිඔබේ නමින් සෑය බදිමි , ඉහළ වෙලේ ඉස්මත්තේවනන්තරේ වන පසුමල්කන්ද උඩින් එන ගෝමරියේ,

නිරිදුනි මේ මහ සීගිරි කූටයේගලා බසින ජලධාරාවක් සේඔබ මා තුරුලේ ගී ගයනාවිටමා මල දවසක ,

නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ බිංදු බිංදු මල් අතු අග පිපි මල්පටු අදහස් නම් පවුරින් ලෝකයසීතල දිය පිරිසුනිල විලයි  යන ගුවන් විදුලි සරල ගීතද ඈත කදුකර හිමව් අරණේ , අන්න බලන් සඳ රන්තැටියෙන් , මුහුදු පතුලයට  ඉඳලා  යනනාට්‍ය ගීතද  ඉතා ජනාදරයට පත්විය.එපමණක්ද නොව ගැටවරයෝ - 1964, සාරවිට - 1965 , ආදරයයි කරුණාවයි -- 1965, 

වෙසතුරු සිරිත - 1966, දෙලොවක් අතර -- 1966, පරසතු මල් -- 1966, රන්සළු-- 1967, සත් සමුදුර -1967,  බිනරමලී - 1969,  තුංමංහන්දිය - 1970, වෙස්ගත්තෝ - 1970, සිහින ලොවක් - 1972 යනාදී චිත්‍රපටවලට සේකර විසින් රචනා කරන ලදගීතවලින් ඇතැම් ගීත සදහා සරසවි සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබුවේ .


සේකරගේ නවකතා යුගල අතර සුවිශේෂී නවකතාව වන්නේ තුංමංහන්දිය - 1967 යි .තම ආත්මකථයනය  වූ මෙමගින් අව්‍යාජගැමි දිවියේ දුක හා වේදනාවද සතුට හා සැනසීමද  අතිශයින්ම සෞන්දර්යාත්මක හා මානව දයාවෙන් යුතුව විවරණය කරන්නේතවත් අතකින් මෙම නවකතාව අපේ ගැමි කලාකරුවාගේ ශෝකී ජීවන ගීතය වශයෙන් සැලකිය හැකියසේකර 

විසින් තම නවකතාව 1970 දී සිනමාවට නැගීයමෙරට සිනමා වංශකථාවේ නිර්මාණය වූ හොදම චිත්‍රපට විසිපහෙන් මුල්පෙලේචිත්‍රපටයක් වූ තුංමංහන්දිය  1971  චෙකොස්ලෝවැකියාවේ දී පවත්වන ලද ටෂ්කන්ට් චිත්‍රපට උළෙලේදී  ඩිප්ලෝමා ( Diploma ) සහතිකය  දිනා ගැනීමට සමත් විය.


තුංමංහන්දි  චිත්‍රපටය අධ්‍යකෂණය කිරීමෙන්  සේකර ශ්‍රී ලාංකේය සිනමාවේ තමාගේම නවකතාවක් සිනමාවට නැගූ පළමු ශ්‍රීලාංකේය අධ්‍යක්ෂකවරයා බවට පත්වූ අතර පළමු ආසියාතිකයාද වූයේය. ( දෙවැනි ආසියාතික සිනමාකරුවා වූයේ ඉන්දියානුශ්‍රේෂ්ඨ සිනමාකරු සත්‍යජිත් රායි  [ Sathyajth Ray 1921 - 1992 ] ඔහු 1977 දී  තමාගේ Chess players යන නවකතාවShatranj Ke Khilari යන නමින් සිනමාවට නැගුවේය.)


1975 දී පමණ සේකර තමාගේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන ප්‍රබුද්ධ 

චිත්‍රා බාලසූරියගේ නිෂ්පාදනයක් ලෙස සිනමාවට නැගීමට සූදානම් වූ බව කියැවේ එනමුත් ඔහුගේ දෛවය ඊට හරස් විය.


සේකරගේ අවසාන හා විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වනුයේ "ප්‍රබුද්ධයි . එය ප්‍රකාශයට පත් වන්නේ ඔහුගේ අකල් මරණයෙන් පුරාවසරක් ගතවීමෙන් ඉක්බිතිව එය සමකාලීන සමාජයේ ආධ්‍යාත්මික පීඩනය වස්තු විෂය කොට ගැනුණකි.එහි ප්‍රධාන චරිතයවන ප්‍රබුද්ධ මාර්ගයෙන්  කවියා ( එනම් සේකර ) පුද්ගල යථාර්තය විචිත්‍රණය කිරීමේ ප්‍රයත්නයක නිරත වේ.

ධනේශ්වර සමාජ ක්‍රමයේ බලවේග හා පීඩනය හමුවේ මනුෂ්‍යත්වයට  අත්වන ශෝචනීය ඉරණම හා පවත්නා සමාජයට එරෙහිවසිදුවන නැගිටීම්ද 

 ඇසුරෙන්  සිදුවෙතැයි ප්‍රාර්ථිත නව යුක්තිගරුක සාධාරණ සමාජය පිළිබඳ අපේක්ෂාවෙන් දැල්වුණු මනුෂ්‍ය ජීවිතය පිළිබඳවිචිත්‍රණය කෙරෙන ප්‍රබුද්ධ කාව්‍ය බස හා එහි රිද්මය  කවිය හා සමාජ යථාර්තය  පිළිබඳව ගතහැකි මෙරට කාව්‍ය සාහිත්‍යයේවූ විශිෂ්ටතම උදාහරණයක්  වන්නේය


වෙසෙසින්ම සිංහල සාහිත්‍යයේ නව මංපෙත් සොයා අතිදුෂ්කර ව්‍යායාමයක යෙදුණු  සේකර  බෞද්ධ දර්ශනයේ  කියැවෙනමරණීය ධර්මතාවය  ලොවට පසක් කර දෙමින් 1976 ජනවාරි මස 

14 වැනි දින  හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සදහටම තම දෙනෙත් පියා ගත්තේ 


මල ඉර බසිනා සැන්දෑ යාමයේ 

      ඔබගෙන් සමුගෙන මා යන්නම් ..


මහගම සේකර කවිය පිළිබඳව මෙසේ කීය


"කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය

මිස අනිකක් නොවේකවිය දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි.කවියා සංයමයෙන් යුත්ත වන තරමට කවියෙහිසංයමය ඇති වෙයිකවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වෙයි."


නවකතාකරුවකු , ගේයපද රචකයකු 

වූ මඩවල එස්රත්නායක මෙසේ කියයි.


"මිනිස්කම හොදින් දැනසිටි මහගම සේකර  මහඟු ගුණය තම කලා නිර්මාණ තුළින්  මැනවින් ප්‍රකට කළේය."


විශේෂ කාරණාව  -------


මෙහි උපුටා දක්වන ලද ඡායාරූපවල අයිතිය මුල්ම ඡායාරූපශිල්පීන් හා පුවත් සතුවන බව කරුණාවෙන් සලකන්න.  


           ~පූජ්‍ය ඇතිපොළ මංගල හිමි සහ ඡායාරූප ශිල්පීන්ට මූලික අයිතිය හිමිවේ. -

No comments: