Followers
Monday, November 23, 2020
කන්ද උඩ ගින්දර මෙතරම් සීතලද?
Saturday, October 24, 2020
ඔබත් ආදරණීය ප්‍රේමවන්නතයෙක් හෝ ප්‍රේමවන්තියක්ද?
පේ‍්‍රමය පිළිබඳ මනෝවිද්‍යාව (Psychology of Love) ❤️
ආදරය වූ කලී උත්තරීතර මනුෂ්‍ය හැඟීම්කි. එකී හැඟීම් මේ මිහිමත වසන සෑම ජීවියෙකුට ම පොදු වූවක් වන අතර ආදරය යන නාමය කියූ සැණින් නිතැතින් ම අපගේ මතකයට නැගෙන්නේ ස්ත‍්‍රී පුරුෂ හෙවත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන ආදරය යි. නැතහොත් පේ‍්‍රමය යි. ආදරය යනු මිනිසාගේ කායික, මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනයට සමගාමීව පරිණතවන්නකි.👀
කුඩා කල තම දෙමව්පියන්ට සහ ඥාතීන්ට ආදරය දැක්වූ දරුවෙක් ක‍්‍රමයෙන් සමාජයීය අත්දැකීම් ලබන විට තමාටම ආවේණික වූ මිත‍්‍ර කණ්ඩායම් ගොඩනගා ගනු ලබයි. මෙසේ ගොඩනඟා ගනු ලබන මිත‍්‍රකම් කණ්ඩායම් අතුරින් තමාට වඩා ආකර්ෂණීය යැයි හැගෙන මිතුරන් වඩාත් සමීප හා කුළුපග මිතුරන් ලෙස ඇසුරු කරයි. මෙසේ සීමිත පිරිසකට පමණක් විශේෂිත ආකර්ෂණීය හැගීමක් ඇති වීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් සාධක කිහිපයක් ඉවහල් වේ.😍
එනම්,
Physical Attraction
Familiarity
Similarity
Likelihood
Friendship
Physical Facts
මේ අතුරින් Friendship හෙවත් මිත‍්‍රත්වය යන්න වඩාත් ප‍්‍රබලතම සාධකය වේ. මන්දයත් දිගුකල් කාලයක් තිස්සේ දැන් හැඳින ගැනීමෙන් හා අන්‍යෝන්‍ය අදහස්වල සමාන බව හා එකිනෙකා අතර ගොඩනැගී ඇති විශ්වාසය හා කැමැත්ත මත එක්තරා අනුක‍්‍රමයකින් බොහෝ විට මෙම මිත‍්‍රත්වය ම පේ‍්‍රමයක් බවට පරිවර්තනය වේ. ඒ අනුව මෙම පේ‍්‍රමය යන්නට විවිධ අන්වර්ථ නාමයන් පවතින අතර ඒවා අතර ද යම් යම් පරස්පර විරෝධී අර්ථ සහිත වේ.🤲
ශුද්ධ වූ පවාවුළු තුමා කොරියන්තිවරුන්ට ලියන ලද පළමු ලිපියේ සඳහන් වී ඇති පරිදි පේ‍්‍රමය යන්න මෙසේ හඳුන් හඳුන්වනු ලබයි.
“පේ‍්‍රමය ඉවසිලිවන්තය – කරුණාවන්තය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරන්නේ නැත, අවිනීතව නොහැසිරීම හා පරාර්ථකාමී ය. ක්ෂණිකව නොකිපේ. නපුර සිතේ සටහන් කර නොගනී. අනුන්ගේ වරදක දී ප‍්‍රීති නොවේ. සියල්ල උසුලයි. විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවටට හා ඉවසීමට නිමක් නැත. එය සදාකාලික යි.”
එහෙත් ආලය යනු විශේෂයෙන් ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් හා සබැඳි සෑමවිට ම විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවන හුදු සිය ආශාවන් සන්තර්පණය කරගනු පිණිස ඇතිවන ආත්මාර්ථකාමී හැඟීමකි. ඒ අනුව මෙම ආදරය හා ආලය පිළිවෙලින් වැඩිහිටි වියේදී හා තරුණ හෙවත් නව යෞවන අවධියේ දී විද්‍යාමාන කරනු ලබයි. මේ අනුව ආදරයේ ප‍්‍රධාන ස්වරූප දෙකක් හඳදුනාගත හැක.🥰
එනම්,
1.රාගාන්විත පේ‍්‍රමය – Passionate and Romantic Love
2.ආවේදනාත්මක පේ‍්‍රමය – Compassionate and Affectionate Love
රාගාන්විත පේ‍්‍රමය යනු ලිංගිකත්වය මුසු හැඟීම් මත පදනම් වූ සංකීර්ණ චිත්තවේගයකි. එනම්, ඒ තුළ සතුට, බිය, කාංසාව, ඊර්ෂ්‍යාව, ලිංගික තෘප්තිය සහ හුදු විනෝදය යනාදී සියලූ ම හැඟීම් අන්තර්ගතව පවතී. වර්ෂ 1960 දී ඇමරිකාවේ සිදු කරන ලද පර්යේෂණයකට අනුව එරට ස්ත‍්‍රීන්ට වඩා පුරුෂයන් රාගාන්විත පේ‍්‍රමය ට වැඩි වටිනාකමක් ලබා දී ඇති අතර වර්ෂ 1980 වනවිට ස්ත‍්‍රීන් ද පිරිමින් හා සමානව ම එම ආකල්පය දරන්නට විය.
ආවේදනාත්මක පේ‍්‍රමය යනු රාගාන්විත පේ‍්‍රමයට වඩා ස්ථාවර, තම සහ සහකරුවාගේ විශ්වාසය හා සතුට රැුකගැනීම වෙනුවෙන් කැප කැපකිරීම් සිදු කරන, රාගාන්විත පේ‍්‍රමයෙහි ඇති සියලූ නිශේධනාත්මක ලක්ෂණයන්ගෙන් තොර වූ හැඟීමකි.
Elaine Hatfield නම් මනෝ විද්‍යාඥයා සහ ඔහුගේ සගයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව ආවේදනාත්මක පේ‍්‍රමය යනු අන්‍යෝන්‍ය ගරුත්වය, විශ්වාසය, සෙනෙහස යනාදිය පිළිබඳව අවබෝධයක් සහිත වූවකි. මේ නිසාම එකිනෙකා අතර හොඳ සබඳතාවක් ගොඩනනගා ගැනීමට හේතුවේ.
රාගාන්විත පේ‍්‍රමය යනු මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. මෙහිදී වරින්වර දෙදෙනා අතර තීව‍්‍ර චිත්තවේග ඇති කරයි. Hatfield ගේ සොයාගැනීම් වලට අනුව රාගාන්විත පේ‍්‍රමය සාමාන්‍යයෙන් මාස හයක් හෝ මාස තුනක් අතර කාලයක් පමණක් පවතී. එනම්, මෙය අස්ථිර බැඳීමකි. එහෙත් එය බොහෝ ම කලාතුරකින් කාලානුරූපීව ආවේදනාත්මක පේ‍්‍රමයක් බවට ද පරිවර්තනය විය හැක. එමෙන් ම මෙම රාගාන්විත පේ‍්‍රමය බොහෝවිට නව යොවුන්වියේදී ඇතිවන අතර ඊට ප‍්‍රධාන හේතුව ලෙස එකල නව යෞවනයා තුළ ඇතිවන සීඝ‍්‍ර කායික මානසික සහ ශරීර අභ්‍යන්තරික රසායනික වෙනස් වීම් වල බලපෑම් ලෙස හැඳින්විය හැක. එහෙත් පුද්ගලයා සංවර්ධනය වෙත්ම මැද වැඩිහිටිවියට ළඟා වන විට එකී රාගාන්විත පේ‍්‍රම සම්බන්ධතාවන්ට වඩා ආවේදනාත්මක ස්ථාවර සම්බන්ධතා ගොඩනඟා ගැනීම දැකගත හැකි වේ. මේ නිසා බොහෝවිට එය විවාහය සඳහා හේතුවන ස්ථිර දිගුකාලීන බැඳීමක් ලෙස ගොඩනැගේ.
මෙකී ද්විත්ව සංකල්පයන්ට අමතරව විවිධ මනෝවිද්‍යාඥයන් විසින් ආදරය පිළිබඳ විවිධ පර්යේෂණයන් සිදු කර ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ආදරය පිළිබඳ තවත් න්‍යායන් කිහිපයක් ම නිර්මාණය වී තිබේ. එනම්,
Liking Vs. Loving Theory
The Color wheel model of Love
Lee’s Six style of Love
Triangular Theory of Love
සමාජ මනෝ විද්‍යාඥයෙකු වූ Zick Rubin විසින් ඉදිරිපත් කර ඇති Liking Vs. Loving න්‍යායට අනුව ආදරය ප‍්‍රධාන මූලිකාංග තුනක් මත පදනම් වන්නකි. එනම්, Attachment, Caring iy Intimacy යනාදිය යි. මොහුගේ අර්ථකථනයට අනුව ආදරය කරන අයෙකු සෑමවිට ම අනෙක් පුද්ගලයාගේ කායික, භෞතික, හා මානසික අවශ්‍යතා ඉටු කරමින් තම පෞද්ගලික හැඟීම් ද එකිනෙකා අතර හුවමාරු කර ගත යුතුය. මෙහිදී එකිනෙකා අතර පවත්වනු ලබන අක්ෂි සබඳතා හෙවත් Eye Contacts ආදරය තව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වේ.
මීට අමතරව වර්ෂ 1973 දී John Lee නැමැත්තා විසින් රචනා කරන ලද The Color of Love නම් කෘතියේ සඳහන් වන පරිදි ආදරයේ ප‍්‍රාථමික වර්ණයන් තුනක් පවතී. එමෙන් ම එම ප‍්‍රධාන වර්ණ තුන මුසුවී අනු වර්ණයන් ද ගොඩනැගේ. එනම්,
Basic Primary Colors :
Eros – Living an ideal person
Ludos – Love as a game
Storge – Love as a friendship
Sub Colors :
Eros + Ludos = Obsessive Love 🡪 Mania Love
Ludos + Storge = Realistic and Practical Love 🡪 Pragma Love
Storge + Eros = Selfless Love 🡪 Agape Love
මේ අතුරින් Mania Love යන්න නව යොවුම්වියේදීත් Pragma Love සහ Agape Love යන්න මැද වැඩිහිටිවියේදීත් වර්ධනය වේ.
යොවුන්වියේ පටන් වර්ධනය වන විරුද්ධ ලිංගිකයන් කෙරෙහි පවත්නා ආදරය කාලානුරූපීව වෙනස් ලෙසින් වර්ධනය වන බවට හඳුනා ගත හැක. යොවුන්වියේ පැවති රාගය මුසු ආශාවන් සන්තර්පණය කිරීම ප‍්‍රධාන කාරණාව බවට පත් වූ ආදරය සමාජය හා ගැටෙමින් ජීවිත අත්දැකීම්වලින් පරිණත වනවිට අන්‍යයන් පිළිබඳ අවබෝධයක් හා විශ්වාසය ගොඩනැගෙන විට කාරුණික පේ‍්‍රමයක් බවට පරිවර්තනය වේ. ඊට හේතුව යොවුන්විය හා සංසන්දනය කරන කල වැඩිහිටියා තුළ පවත්නා දූරදර්ශීබව, සාපේක්ෂ බව, යථාර්ථවාදී බව, අත්දැකීම් වලින් පරිණතවීම, නිරවුල් පුද්ගලාන්තර සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව යනාදිය මත ආදරය යන්න ද වඩාත් ගැඹුරු, පරිණත හා පරිපූර්ණ ස්වභාවයක් ගනු ලබයි.
මේ අනුව කාලානුරූපීව ජීවිතය ගලා යන විට පුද්ගලයා කායිකව හා මානසිකව වැඩෙත් ම ආදරය යනු සුන්දර හැඟීම්ක් ලෙසත් එය විවිධ වෙනස්කම්වලට මුහුණ පාමින් බිදෙමින් නැවත ශක්තිමත් වෙමින් අලූත් වෙමින් ස්ථාවර බැඳීමක් දක්වා වර්ධනය වී විවාහය නැමැති බැදීම ගොඩනැඟී ජීවිතයේ අවසානය තෙක් ම එකිනෙකාට සහයෝගය දක්වමින් වර්ධනය වේ.
Wednesday, October 14, 2020
හමාරයක් නොවූ පියකුගේ අඩහැරය ..
හමාරයක් නොවූ පියකුගේ අඩහැරය ..
පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ……..
පියකු තම ජීවිතයේ අවසානයේ අජීවී මළ කඳක් ජීවමාණව තම පුතා සමග සිදු කරනු ලබන ස්ංවේදී භවමය මානුශීය ආත්ම ගත
ගනුදෙනුවක් ගෙනහැර පාන මෙමෙ පද්‍ය පංතිය තුළින් හදුනාගත හැකිය. ඒ අනුව ඉහත සදහක් කරන ලද අදහසට අනුව තම පියාගේ ආත්මගත ජීවණ අත්දැකීමක් ලෙස මෙය හදුනගත හැකිය. මෙම පියා මිය යන්නට පෙර ගමේ ඇති මේ සොහොන බිම පසු කරමින් කොපමණ ගමන්
කරන්න ඇති ද, එය මෙම පියා තුළ ඇති එක් මතක ආවර්ජනයක් වන්නට විය. නමුත් මෙම පියා පණ
නළ තිබියදී ගමන් කරපු මෙම සොහොක් මාවත වෙතට දැන් ගමන් කිරීමට අවස්තාව උදා වී ඇති අතර
කිසිදා නොසිතූ ඉරණමකට මෙම පියාගේ අවසන් හුස්ම පොද භාර කර හමාරය. වෙනදා ඒ මගහැරුනු මේ
සොහොන් බිම වෙත අද ඇත්තටම මට එන්න වෙලා මගෙ
පුතේ.
වේනදා මෙම පියා මේ සොහොන් මාවතේ රැයක් දවාලක් නොමැතිව ගමන් කරා ඒ කිසිවෙකු
සමග නොව තනියමයි පියා ජීවත්ව සිටි කාලයේ ඔහුගේ පව්ල් ජීවනාලිය පෝෂණය කරේ තනියමය. එදා
කාගෙන්වත් කිසිදු හව් හරණක් නොමෙතිව සිටි මොහුගේ මේ මළගමට ගොඩක් දෙනෙක් ඇව්දින්. ජීවත්
ව සිටි කාලය තුළ උදව්වක් උපකාරයක් නොකල අය වෙනදා මෙන් නොව මෙම පාලු සොහොන් මාවතේ තනිව
ගමන් කරපු මට අද හඩා වැළපෙමින් මගෙ පසුපස ගමන් කරනවා ,මෙයයි මනුෂ්‍ය ජීවිතේ සැබෑ ස්භාවය.
කෙනෙකු ජීවත්ව සිටි කාලයේදී නොව ඔහුගේ වටිනාකම
දැනෙන්නේ ඔහු මෙලොවින් සමු දී යන ඒ සංවේදී අවස්තාවේ බව මෙම කව්‍ය පද්‍ය තුළින් පසක්
කර දෙනු ලැබේ.
කවමදාවත් මගේ බර
උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින තියපන්
රිදෙනවා ඇති අත් නුබේ….
මගේ තනියට තවත් අය ඇති
අදුරගන්නම් හෙට උදේ…
මෙම පියාගේ ජීවිතයේ සතය සංවේදී බව මෙම පද පේළි තුළින් හදුනාගත හැක ,මගෙ
පුතේ උඹ අද මෙතනට උස් මහත්කලේ ලෙඩක් දුකක්
නොදී උඹව මම බලාගත්තා ,සමහර දවස්වල මම වැඩ කරද්දී ගොඩක් වෙහෙසට පත් උනා. කටුක ජීවණ
අත්දැකීම් වලට මුහුණපෑවා.මම කවදාකවත් මම විදපු මේ සංසාරගත දුක්ඛිත ජීවිතය උඹට භාර කලේ
නෑ.ජීවත් වුන කාලයේ උඹලාට මගෙන් කිසිදු බරක් නොදුන්නේ නෑ .මගේ මළගම අවසානයේ උඹ ගොඩක්
දුර මගෙ මළසිරුර කරගහන් ආවා. උබේ ඔය අත්දෙක වාරු නැතිබව මම දන්නවා. දැන් මේ ලී පෙට්ටිය
බිමින් තියලා උඹ නිදයස් වෙනිනින්,මෙලෙස පියකු හද තුළ ඇති අනුපමේය දයානුකම්පාව මෙහිදී ඉදිරිපත්
කෙරේ.
කන්ද පාමුළ සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුර ගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුංඩුව අරන් පළයන් අම්මගේ………
වෙනදා පසු කරගෙන ගිය මේ පාලු සොහොන් කනත්තෙ කවදා නොසිතූ විලසට මට භූමිය
ඔප්පුවෙලා ,ජීව්ත්වෙලා හිටි කාලයේ ගෙවුනේ උඹලා එක්කයි. ඒත් අද උඹලා සියල්ලෝම අතහැරලා මේ සොහොනේ අද මට තනිවෙන්න
වෙලා මගෙ පුතේ ,මට තාම මේ සොහොන හුරු නෑ පුතේ .ඒ උනාට මම දන්නවා ගමේ හිටපු ගොඩක් අය
ඉන්න බව , අලියා ගහලා මැරුණ පියදාස අයියා ,ගහෙන් වැටුන ගුණෙ අයියා එහෙමත් ඇති.ඒ නිසා
මට තනිකමක් දැනෙන්නෙ නැතිවෙයි ,තාම කුලුදුල් මම ,මෙ අය අදුරාගන්නම් මේ නිසොල් රැය ගෙවුන
පසු ,මෙමගින් අපට ලබාදෙනු පණිවඩය වනුයේ කුමන
සැම සම්පත් වින්ද ද, මෙම මනුෂ්‍යසංහතියේ ජීවමාන ඉරණම මෙම සොහොන් ගැබ තුළට එක්වන බව සොහොනක ඇති ජීවමාන ස්වරූපය ඔප්පු කිරීමට ඉරේෂා හේමමාලී
කිවිඳියවෙර දරා ඇත.
බුදු දහමට අනුව මරණය අප සියලු දෙනාටම පොදු මූළධර්මයක් ලෙස ඔබ මෙන්ම
මා ද, දනිමි.ඒ අනුව මේ ලෝකේ පවතින සියල්ලක්ම නැති වී යන සේක.අප ගෞතමබුදුන් වහන්සේද
පිරිනිවන් පෑ සේක. මරණින්පසු අපට රැගෙන යන්න දෙයක් නොමැත,ඉඩ කඩම් ,යාන වාහන සෑම දෙයක්ම
දමා යායුතු අතර අප ජීවත් වූ කාලයේ කල හොද නරක පමණයි රැගෙන යන්නේ .ඒනිසා පුතේ මම ස්භාදහමට
පිටුපාන්නෑ කවදාවත්., මම එයට අවනතයි. මෙයයි මගේ ජීවණ යාත්‍රාවේ අවසානය,උඹලාමේ ගොම්මන් අඳුරු සොහොනේ මා දමා ගිය පසු
මම යනවා මා කරගත්තා වූ හොද නරක තෝරා ගන්න.ඉතින් අවසරයි මගෙ පුතේ උඹලා දැන් සිටියා ඇති
මට නික්ම යන්න සුදුසු කාලයයි මේ.
පුතේ මේකත් දැනගනින් උඹේ අම්මා ලෙඩ උන දවසේ ඉදලා මම උඹවයි අම්මවයි රැකගත්තා
අඩුවක් නොදී.ඒත් පුතේ අදින් පස්සේ උඹට ඒ අඩුව පුරවන්න තාත්තෙක් නෑ. ඒ වුනාට උඹ පව්ලේ
බර කරට ගනින් මගෙ පුතේ,උඹ හදා වදාපු අම්මා අමතක කරන්න එපා,අම්මට අසනීපයි දැන් ,හොදින්
උපස්තාන කොට බලාගනින්. ලෙසට මෙම පද්‍ය පෙළහර නික්ම වේ.අද වත්මන් සමාජයේ ද මෙවැනි දුක්ඛිත
සංවේදී සිදුවීම් වලට මුහුණ දීමට සිදු වී ඇති අතර පිය සෙනෙහසට විරලව ගුණ ගැයුනු මෙවන්
යුගයක ඉරේෂා හේමමාලී කිවිදියනි ඔබ මහත් සමාජයටම ආශිර්වාදයකි.
මෙය මා හිත තුළ අතරමන්
වූ අදහසක් පමණි. ස්තූති.
( pmadhuranga
921@gmail.com)
Saturday, October 10, 2020
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
"පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුණේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"
පොඩ්ඩිගේ මව තම ශරීර සමාජීය
රති උන්මත්තකයින්ගේ අදෝනාවට රහ මෙරක් වනුයේ ඇගේ පව්ල් කුටුම්බිය තුළ
ඇති කුස ගින්දරට සාධාරණීයත්වයක් ලබා දීමට ඇති සුජාතවත් අරමුණකින් යුතුන බව
නොඅවඩුමානය. නමුත් ඇය මිළට තබනුයේ ස්ත්‍රීයකු තුළ තිබිය යුතු සුන්දරත්වය මිස උතුම් වූ මව් පදවිය නොවන බව "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම" මෙම වාග්මාලංකාරය
සාක්ෂි දරන බව ඔබට මෙන්ම මා හටද පසක් වේ. පොඩ්ඩිගෙ මවද මවක් බව්
ටිම්‍රාන්ගේ විමසුමට ලක්වී හමාරය.
කොවුල් බිජු පුපුරනනේ බක්මාසය නොහොත්
සිංහල අලුත් අව්රුදු කාලය උදාවීමත් සමගමය.එය මහත් ඛේදනීයකත්වයකට හිමිකම් කියන බැව්
ඔබ මෙන් මා ද දනිමි.මෙම බිජු පිපිරීමේ ඉරණමේ තත්වය පොඩ්ඩිගේ ගෙදරට ද උදාවී හමාරය.
සිංහල අව්රුදු කාලයට ග්‍රාමීය ගැමි ජනයා මුහුණ පාන ඒ දුක්ඛිත ආර් තිකමය අවපාතයට මෙම
අහිංසක පව්ල පත්වී ඇති අතර පියකුගේ ඇති අඩුව මේ සදහා බෙහෙවින් බලපා ඇත. අයියා දැන සිටී අම්මාගේ සංචාරක ජීවිතය
නංගීට පසුකලක පසක්වීමත්, අම්මා ගණිකාවක් බවත් අපේ මූනේ දැලි ගාන බවත් ය,ඊට ප්‍රති
උත්තර වශයෙන් පොඩ්ඩී තම අම්මාට පවා වැදීම පිළිකුල් කරනුයේ තමා හදාවඩා ගත් බැව් ද
අමතක කොටගෙනය. නමුත් අයියා ඒ බව "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම" උඹයි මමයි නිසා නොවේද
අම්මට එහෙම උනේ , නොමැතිනම් ඇය මේ සංසාර ගමනාන්තයේ ගණිකාවක් වෙන්නැති බව නංගී හට අයියා
විසින් අම්මා යනු කවරෙකු දැයි පෙන්වා දේ.
"තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන ඵල විස වී නම්
නගේ දැන් යමන් පඩිපුර ගිනි තියපන්..."
කන්නගී ගේ සැමියා වන කෝවලන්ව මදුරාසියේ රජු විසින් නිරපරාදේ මරා දැමුවාට කන්නගිය ෂාප කරනුයේ ඇගේ වම් පියයුර කඩා පොළොවේ ගැසූ කළ මුළු මදුරා පුරයම ගිනි ගෙන දැවෙනවා. නිර්මල හදවතින් රැකි උත්තම පතිවතේ අනුහසින් කන්නගිය, සිද්ධ පත්තිනියවී දේවත්වය ලබනවා. ඉතිං අපේ අම්මත් පොඩ්ඩියේ මේ හැමදේම අත හැරලා, සදාචාරාත්මකව පතිවතත් රැක්කනන් ඇය ද"දේවත්වයට" ගියා නම් නංගියේ අපි දෙන්නා මෙලහකටත් හාමතේ මැරිලා
ගොඩක් කල් පොඩ්ඩියේ..ඒ නිසා උඹ අම්මාට වදින්න ඕනෑ අනිවාර්යයෙන් අද.
වෙස්සන්තර ලා බවුන් වඩා නිවන් දකින්නට පාර හොයද්දි, වනය පුරා ඇවිදලා පල-වැල හොයාගෙන දරුවන්ගේ කුස පිරෙව්වේ මන්ද්රි දේවිය. ඒවගේ තමා අපේ අම්මා අමාරුවෙන් හරි ඇගේ ඇග විකුණලා හරි අමාරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නේ අපි දෙන්නට . ඒක දැන් උඹට විෂ වෙලාද නංගියේ.එහෙනම් අපි දෙන්නට වගේ ඉන්න අම්මලා මේ තත්වෙට පත් කරපු ඒ කුරිරු රාගික සමාජෙට අපි ගිනි තියමු.
"සතා කියා ඉදහිටකදී ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත්
ද
යකා වැහෙන්නට පෙර උඹෙ
අයියාට
කතන්දර එපා වැදපන්
අම්මාට. "
අරයා මෙහෙම මෙයා මෙහෙමයි
කියන ඔය සුදු හුණු ගා හත්ත අම්මන්ඩිලා ඔක්කොම බෝසත් ද පොඩ්ඩියේ ..නෑ…හොද නෑ. නමුත්
අපෙ අම්මා ගණිකාවක් නමුත් ඇයට එය උරුම උනේ නංගියේ උඹයි මමයි නිසා.ඒ හිංදා මට
කේන්ති ගේන්නැතුව උඹ කරුණාකර වැදපන් ,මේ ඉන්නේ අපේ අම්මා.
"දං කද නැති දාට රං කද වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්ද ගේ ඇහෙ නයි කදුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා.."
අපෙ අම්මට පංසලට අරන් යන්න දානේ නෑ , නමුත් පංසලට ගියපු අපෙ අම්මා පංසලේ ලොකු හාමුදුරුවන්ට පෙනුනේ දානය ගේන උපාසිකාවක් විලස නොව අපෙ අම්මා රත්තරන් කදක් විලසටය.ඒ තරමටම ලොකු හාමුදුරුවන්ගේ සීලය දුෂ්සීල වෙලා තිබුනා නංගී…ඒ ඔක්කොම උනේ මේ බුදුන් වදින බුදුගේ ඇතුළේ , එම සංසිද්ධිය පෙනුන බුදු හුමි වටා දරණ වූ මුචලින්ද නාග පිළිමයනුත් කදුලු වැටුන බව මෙහිදී පසක් කරනුයේ අද සමාජය හොද යැයි සළකන මෙවන් යුගයක මෙවන් පාපතර පුද්ගලයන් සිටීමෙන් ස්භාවික මෙන්ම අස්වාභාවික පරිසරය ද කම්පාවන බව මෙහිදී සංකේතාත්මකව පෙන්වා දේ.ඒ හිංදා නංගී බුදු හිමි දවසත් අම්බපාළිය සිටියා. නමුත් අවසානයේ ඇය උතුම් බුදු දහම තේරුම් ගත්තා. අපෙ අම්මත් එහෙමයි නංගී. ඇග විකුණුවාට බුදු බණ පදයක් අහන්නට කැමතියි. එක් සිල් පදයක් කැඩුවාට මාතෘත්වයේ නාමයෙන් ඇය පිං පුරන්නට කැමතියි. ඒ නිසා උඹ වැදපන් නංගී මේ අපේ අම්මා.
"රත්වුණු යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකේ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..."
යකඩ කර් මාන්තයේ යෙදෙන කාන්තාවන් මේ රත් උනු යකඩ කොච්චර තලනවා ද.ඒ තරමට
සමාජයේ මේ සදහා ඉල්ලුමක් තියෙනවා නංගී, මිනිසුන් වෙසගනන් වෙයි ද ඉල්ලුම් කරුවෝ
නැත්තම්.,හිතලා බලන්න මේ සමාජය ගැන. පාරට ගිහින් බලන්න අසහනය උපරිම වූ රත් වු යකඩයක් මෙන් රාගික වූ පුරුෂයා, සොයා යන කාන්තාව වේසාවියක් ද විය හැකිය. බඹරු රොන් ගන්නේ නැවුම්
වූ මලෙන් .නමුත් අද සමාජයේ අම්මා, නංගී කියා නැහැ . ඔවුන්ට ඕනේ ඔවුන්ගේ ආශාව ලබා
ගැනීම පමණි. ඒ නිසා බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා.ඒ නිසා නංගී ඔය හොද කියන කාගෙ කාගෙත් ඇගේ තුත්තිරි ඇලිලා
තියෙනවා.උඹ ඒවා බලලා හොදින් ජීවත් වෙනින්,අපි දෙන්නා මෙච්ච්රකල් ඇති දැඩි කලේ අපේ
අම්මා .ඒ නිසා උඹ කාටවත් නෙවෙයි අපෙ අම්මට ආදරය කරපන්..
මෙය මා හිතට නැගුණු අදහසක්
පමණි.,ස්තූති.
pmadhuranga921@gmail.com


