"පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුණේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"
පොඩ්ඩිගේ මව තම ශරීර සමාජීය
රති උන්මත්තකයින්ගේ අදෝනාවට රහ මෙරක් වනුයේ ඇගේ පව්ල් කුටුම්බිය තුළ
ඇති කුස ගින්දරට සාධාරණීයත්වයක් ලබා දීමට ඇති සුජාතවත් අරමුණකින් යුතුන බව
නොඅවඩුමානය. නමුත් ඇය මිළට තබනුයේ ස්ත්‍රීයකු තුළ තිබිය යුතු සුන්දරත්වය මිස උතුම් වූ මව් පදවිය නොවන බව "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම" මෙම වාග්මාලංකාරය
සාක්ෂි දරන බව ඔබට මෙන්ම මා හටද පසක් වේ. පොඩ්ඩිගෙ මවද මවක් බව්
ටිම්‍රාන්ගේ විමසුමට ලක්වී හමාරය.
කොවුල් බිජු පුපුරනනේ බක්මාසය නොහොත්
සිංහල අලුත් අව්රුදු කාලය උදාවීමත් සමගමය.එය මහත් ඛේදනීයකත්වයකට හිමිකම් කියන බැව්
ඔබ මෙන් මා ද දනිමි.මෙම බිජු පිපිරීමේ ඉරණමේ තත්වය පොඩ්ඩිගේ ගෙදරට ද උදාවී හමාරය.
සිංහල අව්රුදු කාලයට ග්‍රාමීය ගැමි ජනයා මුහුණ පාන ඒ දුක්ඛිත ආර් තිකමය අවපාතයට මෙම
අහිංසක පව්ල පත්වී ඇති අතර පියකුගේ ඇති අඩුව මේ සදහා බෙහෙවින් බලපා ඇත. අයියා දැන සිටී අම්මාගේ සංචාරක ජීවිතය
නංගීට පසුකලක පසක්වීමත්, අම්මා ගණිකාවක් බවත් අපේ මූනේ දැලි ගාන බවත් ය,ඊට ප්‍රති
උත්තර වශයෙන් පොඩ්ඩී තම අම්මාට පවා වැදීම පිළිකුල් කරනුයේ තමා හදාවඩා ගත් බැව් ද
අමතක කොටගෙනය. නමුත් අයියා ඒ බව "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම" උඹයි මමයි නිසා නොවේද
අම්මට එහෙම උනේ , නොමැතිනම් ඇය මේ සංසාර ගමනාන්තයේ ගණිකාවක් වෙන්නැති බව නංගී හට අයියා
විසින් අම්මා යනු කවරෙකු දැයි පෙන්වා දේ.
"තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන ඵල විස වී නම්
නගේ දැන් යමන් පඩිපුර ගිනි තියපන්..."
කන්නගී ගේ සැමියා වන කෝවලන්ව මදුරාසියේ රජු විසින් නිරපරාදේ මරා දැමුවාට කන්නගිය ෂාප කරනුයේ ඇගේ වම් පියයුර කඩා පොළොවේ ගැසූ කළ මුළු මදුරා පුරයම ගිනි ගෙන දැවෙනවා. නිර්මල හදවතින් රැකි උත්තම පතිවතේ අනුහසින් කන්නගිය, සිද්ධ පත්තිනියවී දේවත්වය ලබනවා. ඉතිං අපේ අම්මත් පොඩ්ඩියේ මේ හැමදේම අත හැරලා, සදාචාරාත්මකව පතිවතත් රැක්කනන් ඇය ද"දේවත්වයට" ගියා නම් නංගියේ අපි දෙන්නා මෙලහකටත් හාමතේ මැරිලා
ගොඩක් කල් පොඩ්ඩියේ..ඒ නිසා උඹ අම්මාට වදින්න ඕනෑ අනිවාර්යයෙන් අද.
වෙස්සන්තර ලා බවුන් වඩා නිවන් දකින්නට පාර හොයද්දි, වනය පුරා ඇවිදලා පල-වැල හොයාගෙන දරුවන්ගේ කුස පිරෙව්වේ මන්ද්රි දේවිය. ඒවගේ තමා අපේ අම්මා අමාරුවෙන් හරි ඇගේ ඇග විකුණලා හරි අමාරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නේ අපි දෙන්නට . ඒක දැන් උඹට විෂ වෙලාද නංගියේ.එහෙනම් අපි දෙන්නට වගේ ඉන්න අම්මලා මේ තත්වෙට පත් කරපු ඒ කුරිරු රාගික සමාජෙට අපි ගිනි තියමු.
"සතා කියා ඉදහිටකදී ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත්
ද
යකා වැහෙන්නට පෙර උඹෙ
අයියාට
කතන්දර එපා වැදපන්
අම්මාට. "
අරයා මෙහෙම මෙයා මෙහෙමයි
කියන ඔය සුදු හුණු ගා හත්ත අම්මන්ඩිලා ඔක්කොම බෝසත් ද පොඩ්ඩියේ ..නෑ…හොද නෑ. නමුත්
අපෙ අම්මා ගණිකාවක් නමුත් ඇයට එය උරුම උනේ නංගියේ උඹයි මමයි නිසා.ඒ හිංදා මට
කේන්ති ගේන්නැතුව උඹ කරුණාකර වැදපන් ,මේ ඉන්නේ අපේ අම්මා.
"දං කද නැති දාට රං කද වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්ද ගේ ඇහෙ නයි කදුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා.."
අපෙ අම්මට පංසලට අරන් යන්න දානේ නෑ , නමුත් පංසලට ගියපු අපෙ අම්මා පංසලේ ලොකු හාමුදුරුවන්ට පෙනුනේ දානය ගේන උපාසිකාවක් විලස නොව අපෙ අම්මා රත්තරන් කදක් විලසටය.ඒ තරමටම ලොකු හාමුදුරුවන්ගේ සීලය දුෂ්සීල වෙලා තිබුනා නංගී…ඒ ඔක්කොම උනේ මේ බුදුන් වදින බුදුගේ ඇතුළේ , එම සංසිද්ධිය පෙනුන බුදු හුමි වටා දරණ වූ මුචලින්ද නාග පිළිමයනුත් කදුලු වැටුන බව මෙහිදී පසක් කරනුයේ අද සමාජය හොද යැයි සළකන මෙවන් යුගයක මෙවන් පාපතර පුද්ගලයන් සිටීමෙන් ස්භාවික මෙන්ම අස්වාභාවික පරිසරය ද කම්පාවන බව මෙහිදී සංකේතාත්මකව පෙන්වා දේ.ඒ හිංදා නංගී බුදු හිමි දවසත් අම්බපාළිය සිටියා. නමුත් අවසානයේ ඇය උතුම් බුදු දහම තේරුම් ගත්තා. අපෙ අම්මත් එහෙමයි නංගී. ඇග විකුණුවාට බුදු බණ පදයක් අහන්නට කැමතියි. එක් සිල් පදයක් කැඩුවාට මාතෘත්වයේ නාමයෙන් ඇය පිං පුරන්නට කැමතියි. ඒ නිසා උඹ වැදපන් නංගී මේ අපේ අම්මා.
"රත්වුණු යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකේ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..."
යකඩ කර් මාන්තයේ යෙදෙන කාන්තාවන් මේ රත් උනු යකඩ කොච්චර තලනවා ද.ඒ තරමට
සමාජයේ මේ සදහා ඉල්ලුමක් තියෙනවා නංගී, මිනිසුන් වෙසගනන් වෙයි ද ඉල්ලුම් කරුවෝ
නැත්තම්.,හිතලා බලන්න මේ සමාජය ගැන. පාරට ගිහින් බලන්න අසහනය උපරිම වූ රත් වු යකඩයක් මෙන් රාගික වූ පුරුෂයා, සොයා යන කාන්තාව වේසාවියක් ද විය හැකිය. බඹරු රොන් ගන්නේ නැවුම්
වූ මලෙන් .නමුත් අද සමාජයේ අම්මා, නංගී කියා නැහැ . ඔවුන්ට ඕනේ ඔවුන්ගේ ආශාව ලබා
ගැනීම පමණි. ඒ නිසා බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා.ඒ නිසා නංගී ඔය හොද කියන කාගෙ කාගෙත් ඇගේ තුත්තිරි ඇලිලා
තියෙනවා.උඹ ඒවා බලලා හොදින් ජීවත් වෙනින්,අපි දෙන්නා මෙච්ච්රකල් ඇති දැඩි කලේ අපේ
අම්මා .ඒ නිසා උඹ කාටවත් නෙවෙයි අපෙ අම්මට ආදරය කරපන්..
මෙය මා හිතට නැගුණු අදහසක්
පමණි.,ස්තූති.
pmadhuranga921@gmail.com

13 comments:
වටින අදහසක්...
අම්මා එකම කෝණයෙන් එකම අදහසක් පමණී..වටින ලස්සන අදහසක්
අම්මා❤️🌼
ගොඩක් ලස්සන අදහසක්👍👌
Great 😘💖
අකුරු තුනක් විය හදවත තුල මැවුණ
මිතුරු කමක් විය හිතවත්කම් පිරුණ
අහස තරම් විය ආදරෙ ඈ දුන්න
ඇයට දුවෙක් විය පිනකට පෙර තිබ්බ
Good job..
❤👍
Good job
🤘👌💛
👌❤️❤️
Super හිතට වදින්න
good design & best article
Post a Comment