පේ‍්‍රමය පිළිබඳ මනෝවිද්‍යාව (Psychology of Love) ❤️
ආදරය වූ කලී උත්තරීතර මනුෂ්‍ය හැඟීම්කි. එකී හැඟීම් මේ මිහිමත වසන සෑම ජීවියෙකුට ම පොදු වූවක් වන අතර ආදරය යන නාමය කියූ සැණින් නිතැතින් ම අපගේ මතකයට නැගෙන්නේ ස්ත‍්‍රී පුරුෂ හෙවත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන ආදරය යි. නැතහොත් පේ‍්‍රමය යි. ආදරය යනු මිනිසාගේ කායික, මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනයට සමගාමීව පරිණතවන්නකි.👀
කුඩා කල තම දෙමව්පියන්ට සහ ඥාතීන්ට ආදරය දැක්වූ දරුවෙක් ක‍්‍රමයෙන් සමාජයීය අත්දැකීම් ලබන විට තමාටම ආවේණික වූ මිත‍්‍ර කණ්ඩායම් ගොඩනගා ගනු ලබයි. මෙසේ ගොඩනඟා ගනු ලබන මිත‍්‍රකම් කණ්ඩායම් අතුරින් තමාට වඩා ආකර්ෂණීය යැයි හැගෙන මිතුරන් වඩාත් සමීප හා කුළුපග මිතුරන් ලෙස ඇසුරු කරයි. මෙසේ සීමිත පිරිසකට පමණක් විශේෂිත ආකර්ෂණීය හැගීමක් ඇති වීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් සාධක කිහිපයක් ඉවහල් වේ.😍
එනම්,
Physical Attraction
Familiarity
Similarity
Likelihood
Friendship
Physical Facts
මේ අතුරින් Friendship හෙවත් මිත‍්‍රත්වය යන්න වඩාත් ප‍්‍රබලතම සාධකය වේ. මන්දයත් දිගුකල් කාලයක් තිස්සේ දැන් හැඳින ගැනීමෙන් හා අන්‍යෝන්‍ය අදහස්වල සමාන බව හා එකිනෙකා අතර ගොඩනැගී ඇති විශ්වාසය හා කැමැත්ත මත එක්තරා අනුක‍්‍රමයකින් බොහෝ විට මෙම මිත‍්‍රත්වය ම පේ‍්‍රමයක් බවට පරිවර්තනය වේ. ඒ අනුව මෙම පේ‍්‍රමය යන්නට විවිධ අන්වර්ථ නාමයන් පවතින අතර ඒවා අතර ද යම් යම් පරස්පර විරෝධී අර්ථ සහිත වේ.🤲
ශුද්ධ වූ පවාවුළු තුමා කොරියන්තිවරුන්ට ලියන ලද පළමු ලිපියේ සඳහන් වී ඇති පරිදි පේ‍්‍රමය යන්න මෙසේ හඳුන් හඳුන්වනු ලබයි.
“පේ‍්‍රමය ඉවසිලිවන්තය – කරුණාවන්තය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරන්නේ නැත, අවිනීතව නොහැසිරීම හා පරාර්ථකාමී ය. ක්ෂණිකව නොකිපේ. නපුර සිතේ සටහන් කර නොගනී. අනුන්ගේ වරදක දී ප‍්‍රීති නොවේ. සියල්ල උසුලයි. විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවටට හා ඉවසීමට නිමක් නැත. එය සදාකාලික යි.”
එහෙත් ආලය යනු විශේෂයෙන් ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් හා සබැඳි සෑමවිට ම විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවන හුදු සිය ආශාවන් සන්තර්පණය කරගනු පිණිස ඇතිවන ආත්මාර්ථකාමී හැඟීමකි. ඒ අනුව මෙම ආදරය හා ආලය පිළිවෙලින් වැඩිහිටි වියේදී හා තරුණ හෙවත් නව යෞවන අවධියේ දී විද්‍යාමාන කරනු ලබයි. මේ අනුව ආදරයේ ප‍්‍රධාන ස්වරූප දෙකක් හඳදුනාගත හැක.🥰
එනම්,
1.රාගාන්විත පේ‍්‍රමය – Passionate and Romantic Love
2.ආවේදනාත්මක පේ‍්‍රමය – Compassionate and Affectionate Love
රාගාන්විත පේ‍්‍රමය යනු ලිංගිකත්වය මුසු හැඟීම් මත පදනම් වූ සංකීර්ණ චිත්තවේගයකි. එනම්, ඒ තුළ සතුට, බිය, කාංසාව, ඊර්ෂ්‍යාව, ලිංගික තෘප්තිය සහ හුදු විනෝදය යනාදී සියලූ ම හැඟීම් අන්තර්ගතව පවතී. වර්ෂ 1960 දී ඇමරිකාවේ සිදු කරන ලද පර්යේෂණයකට අනුව එරට ස්ත‍්‍රීන්ට වඩා පුරුෂයන් රාගාන්විත පේ‍්‍රමය ට වැඩි වටිනාකමක් ලබා දී ඇති අතර වර්ෂ 1980 වනවිට ස්ත‍්‍රීන් ද පිරිමින් හා සමානව ම එම ආකල්පය දරන්නට විය.
ආවේදනාත්මක පේ‍්‍රමය යනු රාගාන්විත පේ‍්‍රමයට වඩා ස්ථාවර, තම සහ සහකරුවාගේ විශ්වාසය හා සතුට රැුකගැනීම වෙනුවෙන් කැප කැපකිරීම් සිදු කරන, රාගාන්විත පේ‍්‍රමයෙහි ඇති සියලූ නිශේධනාත්මක ලක්ෂණයන්ගෙන් තොර වූ හැඟීමකි.
Elaine Hatfield නම් මනෝ විද්‍යාඥයා සහ ඔහුගේ සගයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව ආවේදනාත්මක පේ‍්‍රමය යනු අන්‍යෝන්‍ය ගරුත්වය, විශ්වාසය, සෙනෙහස යනාදිය පිළිබඳව අවබෝධයක් සහිත වූවකි. මේ නිසාම එකිනෙකා අතර හොඳ සබඳතාවක් ගොඩනනගා ගැනීමට හේතුවේ.
රාගාන්විත පේ‍්‍රමය යනු මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. මෙහිදී වරින්වර දෙදෙනා අතර තීව‍්‍ර චිත්තවේග ඇති කරයි. Hatfield ගේ සොයාගැනීම් වලට අනුව රාගාන්විත පේ‍්‍රමය සාමාන්‍යයෙන් මාස හයක් හෝ මාස තුනක් අතර කාලයක් පමණක් පවතී. එනම්, මෙය අස්ථිර බැඳීමකි. එහෙත් එය බොහෝ ම කලාතුරකින් කාලානුරූපීව ආවේදනාත්මක පේ‍්‍රමයක් බවට ද පරිවර්තනය විය හැක. එමෙන් ම මෙම රාගාන්විත පේ‍්‍රමය බොහෝවිට නව යොවුන්වියේදී ඇතිවන අතර ඊට ප‍්‍රධාන හේතුව ලෙස එකල නව යෞවනයා තුළ ඇතිවන සීඝ‍්‍ර කායික මානසික සහ ශරීර අභ්‍යන්තරික රසායනික වෙනස් වීම් වල බලපෑම් ලෙස හැඳින්විය හැක. එහෙත් පුද්ගලයා සංවර්ධනය වෙත්ම මැද වැඩිහිටිවියට ළඟා වන විට එකී රාගාන්විත පේ‍්‍රම සම්බන්ධතාවන්ට වඩා ආවේදනාත්මක ස්ථාවර සම්බන්ධතා ගොඩනඟා ගැනීම දැකගත හැකි වේ. මේ නිසා බොහෝවිට එය විවාහය සඳහා හේතුවන ස්ථිර දිගුකාලීන බැඳීමක් ලෙස ගොඩනැගේ.
මෙකී ද්විත්ව සංකල්පයන්ට අමතරව විවිධ මනෝවිද්‍යාඥයන් විසින් ආදරය පිළිබඳ විවිධ පර්යේෂණයන් සිදු කර ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ආදරය පිළිබඳ තවත් න්‍යායන් කිහිපයක් ම නිර්මාණය වී තිබේ. එනම්,
Liking Vs. Loving Theory
The Color wheel model of Love
Lee’s Six style of Love
Triangular Theory of Love
සමාජ මනෝ විද්‍යාඥයෙකු වූ Zick Rubin විසින් ඉදිරිපත් කර ඇති Liking Vs. Loving න්‍යායට අනුව ආදරය ප‍්‍රධාන මූලිකාංග තුනක් මත පදනම් වන්නකි. එනම්, Attachment, Caring iy Intimacy යනාදිය යි. මොහුගේ අර්ථකථනයට අනුව ආදරය කරන අයෙකු සෑමවිට ම අනෙක් පුද්ගලයාගේ කායික, භෞතික, හා මානසික අවශ්‍යතා ඉටු කරමින් තම පෞද්ගලික හැඟීම් ද එකිනෙකා අතර හුවමාරු කර ගත යුතුය. මෙහිදී එකිනෙකා අතර පවත්වනු ලබන අක්ෂි සබඳතා හෙවත් Eye Contacts ආදරය තව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වේ.
මීට අමතරව වර්ෂ 1973 දී John Lee නැමැත්තා විසින් රචනා කරන ලද The Color of Love නම් කෘතියේ සඳහන් වන පරිදි ආදරයේ ප‍්‍රාථමික වර්ණයන් තුනක් පවතී. එමෙන් ම එම ප‍්‍රධාන වර්ණ තුන මුසුවී අනු වර්ණයන් ද ගොඩනැගේ. එනම්,
Basic Primary Colors :
Eros – Living an ideal person
Ludos – Love as a game
Storge – Love as a friendship
Sub Colors :
Eros + Ludos = Obsessive Love 🡪 Mania Love
Ludos + Storge = Realistic and Practical Love 🡪 Pragma Love
Storge + Eros = Selfless Love 🡪 Agape Love
මේ අතුරින් Mania Love යන්න නව යොවුම්වියේදීත් Pragma Love සහ Agape Love යන්න මැද වැඩිහිටිවියේදීත් වර්ධනය වේ.
යොවුන්වියේ පටන් වර්ධනය වන විරුද්ධ ලිංගිකයන් කෙරෙහි පවත්නා ආදරය කාලානුරූපීව වෙනස් ලෙසින් වර්ධනය වන බවට හඳුනා ගත හැක. යොවුන්වියේ පැවති රාගය මුසු ආශාවන් සන්තර්පණය කිරීම ප‍්‍රධාන කාරණාව බවට පත් වූ ආදරය සමාජය හා ගැටෙමින් ජීවිත අත්දැකීම්වලින් පරිණත වනවිට අන්‍යයන් පිළිබඳ අවබෝධයක් හා විශ්වාසය ගොඩනැගෙන විට කාරුණික පේ‍්‍රමයක් බවට පරිවර්තනය වේ. ඊට හේතුව යොවුන්විය හා සංසන්දනය කරන කල වැඩිහිටියා තුළ පවත්නා දූරදර්ශීබව, සාපේක්ෂ බව, යථාර්ථවාදී බව, අත්දැකීම් වලින් පරිණතවීම, නිරවුල් පුද්ගලාන්තර සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව යනාදිය මත ආදරය යන්න ද වඩාත් ගැඹුරු, පරිණත හා පරිපූර්ණ ස්වභාවයක් ගනු ලබයි.
මේ අනුව කාලානුරූපීව ජීවිතය ගලා යන විට පුද්ගලයා කායිකව හා මානසිකව වැඩෙත් ම ආදරය යනු සුන්දර හැඟීම්ක් ලෙසත් එය විවිධ වෙනස්කම්වලට මුහුණ පාමින් බිදෙමින් නැවත ශක්තිමත් වෙමින් අලූත් වෙමින් ස්ථාවර බැඳීමක් දක්වා වර්ධනය වී විවාහය නැමැති බැදීම ගොඩනැඟී ජීවිතයේ අවසානය තෙක් ම එකිනෙකාට සහයෝගය දක්වමින් වර්ධනය වේ.

1 comment:
good article..
Post a Comment