Followers

Tuesday, February 2, 2021

පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කල පුවත්පත් කලා වේදියා

පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කල පුවත්පත් කලා වේදියා 

                                                       ඩී. ආර්. විජේවර්ධන. 


ඩී. ආර්. විජේවර්ධනයන් උපත ලැබුවේ 1886 පෙබරවාරි 23 වැනිදාය. පුතුන් හත් දෙනකු සහ දියණියන් දෙදෙනකුට උපත දුන් මුහන්දිරම් තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන සහ හෙලේනා වීරසිංහ මාතාවට දාවයප්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම වෙනුවෙන් සේදවත්ත පාසලට ඇතුළත් වූ එතුමා ද්විතීය අධ්‍යාපනය ලබාගත්තේ මුතුවල්හි ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. එතැන් පටන් අධ්‍යාපනය වෙනුවෙන් තම කාලය වැය කළ තරුණ විජේවර්ධනයන් කේම්බ්‍රිජ් පීටර් හවුස්හි අධ්‍යාපනය ලැබූ අතර එහිදී එතුමන් ලාලා රාජ්පත් රාජ්, බෙපින් චන්ද්‍රලාල්, සුරේන්ද්‍රනාත් බෙනජි සහ ගෝපාල් ක්‍රිෂ්ණ වැනි සුප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරේ තම දැනුම බෙදාගන්නට සමත් විය. එවන් වූ ඉන්දීය අනාගත නායකයන් ඇසුරු කළ විජේවර්ධනයන් අධ්‍යාපනය හැදෑරීමෙන් අහවරව මුලින්ම බැරිස්ටර්වරයකු වශයෙන් පත්වීම් ලැබීය.

නැවතත් තරුණ විජේවර්ධනයන් තම මවුබිමට පා තැබූයේ 1912 දීය. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස තම උපන් බිමට සේවයක් කිරීමේ අරමුණෙනි. නීතිඥයකු ලෙස දිවුරුම් දුන් එතුමා තම හැකියාවන් තුළින් දිගු කලක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළී සිටින්නට විය. මේ අතරතුර 1917 වසරේදී ලංකා පාබල හමුදාවට බැඳුණු තරුණ විජේවර්ධනයන් ලුතිනන්වරයකු ලෙස උසස්වීම් ලබන්නට විය. එතැනින් පසු ඇරඹෙන්නේ ලාංකේය පුවත්පත් කලාවේ නැවුම් ආරම්භයක මඟහසර හෙළිපෙහෙළි වීමයි.
                                              
                                             මුද්‍රිත මාධ්‍ය තෝරා

 

මේ අනුව 19 වන සියවස මුල් කාලයේ සිටම මෙරට පුවත්පත් රැසක් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පළ විය. එම පුවත්පත් විවිධ අරමුණු සහ දේශපාලන මතවාද අනුව පළ වූ පුවත්පත් වූ අතර එසේ ඇරැඹි පුවත්පත්වල පැවැත්මද කෙටි කාලීන විය. යම් තාක් කාලයක් පුවත්පත පැවැතියද එහි පැවැත්ම අසංවිධානාත්මක විය. අනෙක් පසින් එම යුගය වන විට පුවත්පත් කලාව ඇරැඹි තිබුණද පුවත්පත් කලාව සංවිධානාත්මක ව්‍යාපාරයක මුහුණුවර ගෙන නොතිබුණි. එනිසා පුවත්පත් කලාව සමාජයේ ගරුත්වය හිමිකර ගත දෙයක් වුවද එහි දිගුකාලීන පැවැත්ම ගැන සහතිකයක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වුයේ පුවත්පත් පළ වුවද ඒවායේ ප්‍රමිතිය ප්‍රශ්න සහගත වීමය. එවකට පළ වූ ඉංග්‍රීසි පුවත්පත් යම්කිසි ස්ථාවර තත්ත්වයක තිබුණද එය සිංහල පුවත්පත් කලාවට බලපෑවේ නැත. මෙම ක්‍රමය වෙනස් කිරීමට සමත් අයෙකුද එවක සමාජයේ නොසිටි අතර එය විශාල අඩුවක් ලෙස කැපී පෙනුනි.

ඩී. ආර් විජේවර්ධන මහතා වැනි උගත් නව අදහස් ඇති තරුණයන් සමාජයේ කැපී පෙනෙන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. විජේවර්ධන මහතා වැනි තරුණයන් මෙරට ගමන් කළ මාවත වෙනස් කිරීමටත් නව අදහස් ක්‍රියාත්මක කරන්නටත් සැලසුම් කළේද මේ කාලයේදීය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විජයවර්ධන මහතා ගේ සමකාලීනයන් වූයේද ජාතික අරමුණු ඔස්සේ සමාජ වෙනසකට මග සැලසූ ඩී එස් සේනානායක , ෆ්‍රැන්සිස් මොලමුරේ වැනි මහත්වරුය. විජේවර්ධන මහතාමේ අයගේ ඇසුරද තම මතවාදීමය සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් සැලසීය. සේනානායක, මොලමුරේ මහත්වරු ඒ සඳහා සෘජුව දේශපාලනය තෝරා ගත්තද විජයවර්ධන මහතා දේශපාලනයට වෙනුවට තොරා ගත්තේ සමාජයේ මතවාද තැනිය හැකි දේපාලනයට නිසි මග පෙන්වා දිය හැකි ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි. ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනයෙන් පසුව බ්‍රිතාන්‍ය කේන්බ්‍රිජ් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලද ඩී ආර් විජයවර්ධන මහතා යළිත් මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. 1912 දී නැවත මෙරටට පැමිණෙන ඔහුට පහසුවෙන්ම නීති අංශයෙන් හෝ තම පිය පාර්ශ්වයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයාමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණද විජේවර්ධන මහතා එම පහසු මග තෝරා ගත්තේ නැත. ඒ වන විටත් ඔහුගේ සිත ඇදී ගොස් තිබුණේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය වෙතය. ඔහුගේ එම කැමැත්තට ලොකු තල්ලුවක් ලබා දුන්නේ ඔහුගේ සමීතමයකු වන ඩී. බී ජයතිලක මහතාය.


                                                  දිනමිණ පුවත්පත

වර්ෂයේ ආරම්භ වූ දිනමිණ පුවත්පත එම කාලයේ දී මෙරට ජනප්‍රියත්ම පුවත්පතක්ව තිබූ අතර එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච් එස් පෙරේරා මහතා අතර ඔහුගේ රෝගාතුරු වීම නිසා දිනමිණ පුවත්පත පවත්වාගෙන යාම ගැන ගැටලුවක් මතුව තිබුණි. ඒ තත්ත්වය තුළ විජේවර්ධන මහතා තීරණය කළේ ජනප්‍රිය සහ සමාජයට විශාල සේවයක් කළ දිනමිණ වැනි පුවත්පතක් වැසීයා නොදී එහි කලමණාකාරීත්වය පවරා ගැනීමය. ඒ සමග දිනමිණ පුවත්පතට නව පණක් ලැබුණ අතර එයට තිබූ ජනප්‍රියත්වය දෙගුණ විය. මුල්වරට විධිමත් ලෙස පුවත්පතක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය හඳුන්වා දුන් විජේවර්ධන මහතා 1917 වන විට සිලනීස් නමින් පැවැති මුද්‍රණාලයක්ද මිලට ගන්නා අතර එහි අරමුණ වූයේ දිනමිණ මූලික කර ගත් පුවත්පත් සමූහයක් ආරම්භ කිරීම වූ අතර එම අරමුණ සඵල කර ගනිමින් 1918 වන විට ඩේලි නිව්ස් පුවත්පත ආරම්භ වන අතර ස්වදේශිකයකු ආරම්භ කළ ඉංග්‍රීසි පුවත්පතක් ලෙස දේශීය මතවාද අදහස් අධිරාජ්‍යවාදීන් වෙත වහණය කිරීමට මෙම පුවත්පත මහා මෙහෙවරක් කළ බව විචාරකයෝ සඳහන් කරති.

නිදහස් සටන නව වටයකින් ආරම්භ කිරීමේ කඩඉමක් ලෙස මෙම අවදිය සඳහන් කළ හැකි අතර අවි නොදරා මතවාදීමය තලයේ නිදහස් සටන දියත් කිරීමට විජේවර්ධන මහතාගේ පුවත්පත් කලාව විශාව සහයක් ලබා දුන්නේය. එවකට විවිධ අන්තවාදී මතවාද ඔස්සේ ජාතික සටන දියත් කිරීමට සමහර බලවේග කටයුතු කළද විජයවර්ධන මහතා තම පුවත්පත් ඔස්සේ පෙරට ගෙන ආවේ මැදහත් සහ අන්තවාදී නොවන ප්‍රගතිශීලී අදහස්ය.ඔහු කිසිදු විටෙක සිංහල ජාතියට සහ ඉංග්‍රීසි ඌරුවට පමණක් ඇළුම් කළ අයකු යැයි සඳහන් කළ නොහැක්කේ ඔහු විසින් තිනකරන් සහ වාරමංජරී යන දෙමළ ප්‍රකාශන පළ කළ නිසාය.1930 වන විට ප්‍රථමවරට සියලු අංශ නියෝජනය කරන සාහිත්‍ය දේශපාලනය ආගමික යන තුන් පාර්ශවයම රැගත් ඉරිදා පුවත්පතක් ලෙස සිළුමිණ පුවත්පත ආරම්භ කරන අතර අවුරුද්දක් ඇතුළත සිළුමිණ මෙරට ජනප්‍රියතම සිංහල සති අන්ත පුවත්පත වූ අතර ශත දහයේ විශ්වවිද්‍යාලය යන විරුදාවලිය ලබන්නට සිළුමිණ සමත් වන්නේ ඩී ආර් විජේවර්ධන මහතා තුළ තිබූ ඉතා උසස් චින්තන සහ සංකල්ප නිසාය.

 

                                      නිදහස් සටන හා පුවත්පත් කලාව

විජේවර්ධන මහතා ගේ පුවත්පත් සටන සම්පූර්ණ වන්නේ ඉංග්‍රීසි ජාතිකයකු සතුව තිබූ සිලෝන් ඔබ්සවර් පුවත්පත විජේවර්ධන පුවත්පත් ගොන්නට එක් වීම නිසාය. 1932 පමණ වන විට විජේවර්ධන මහතා සතුව භාෂා තුනෙන්ම පළවන ජනප්‍රියම පුවත්පත් හයක් තිබුණි. එනම් දිනමිණ, සිළුමිණ, තිනකරන්,වාරමංජරි, ඩේලිනිව්ස් සහ සන්ඩේ ඔබ්සවර්ය. මෙම පුවත්පත් සමූහය එක ගොන්නක පුවත්පත් වශයෙන් මෙරට නිදහස් සටනට අවශ්‍ය මාධ්‍ය ශක්තිය ලබා දුන් අතර මෙරට එවකට සිටි හොඳම සාහිත්‍යවේදීන් පුවත්පත් කලාවේදීන් වැඩිම ප්‍රමාණයක් එක්ව සිටි අතර සමාජයට දැනුම ලබා දෙන විශ්වවිද්‍යල පද්ධතියක් බවට මෙම පුවත්පත් පත්ව තිබූ අතර කොළඹ කොටුව ලේක්හවුස් මන්දිරය වෙත මෙම සියලු පුවත්පත් එකට ගොණුව තිබුණි.

විජේවර්ධන මහතා තුළ දේශීයත්වය, අපේකම ගැන විජයවර්ධන දැක්ම කෙතෙක්ද යන්න කොළඹ කොටුවේ ලේක්හවුස් මන්දිරය පරික්ෂාවෙන් සනාථ කර ගත හැකිය. දේශීය කැටයම් දේශීය හැඩතල සහ එහි පසුබිම තුළින් තහවුරු කරගත හැකිය. විජේවර්ධන මහතා බටහිර අධ්‍යාපනය තුළින් ජීවිතය ගොඩනගා ගත්තෙකු වුවද ඔහු කැමැති වුයේ දේශීයත්වය, අපේකමටය. තම මතවාදය නිබඳවම තම පුවත්පත් ඔස්සේ ඉදිරියට ගෙන ගියේය.

1915 කැරැල්ල ඇතිවන විට ඩී.ආර්. විජයවර්ධනගේ දිනමිණ පත‍්‍රය රට පුරා ජනතාව කියවමින් සිටියේය.මේ ඓතිහාසික සංසිද්ධියේ දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඇලෙක්සැන්ඩර් විජයවර්ධන ද, සර් ඩී.බී. ජයතිලක, ඩබ්ලියු. . ද සිල්වා, ඞී.ඇස්. සේනානායක සහ සී, බටුවන්තුඩාවේ සමග බි‍්‍රතානය පාලකයන් සැකපිට සිරගත කොට තිබිණි. මේ අර්බුදකාරී යුගයේ අදහස් ප‍්‍රකාශනය තහංචි පනවා තිබිණි. රට සංසුන් වූ වහාම ඩී.ආර්. විජයවර්ධන වැදගත් යයි කල්පනා කළ සියලූ ලේඛන සහ කතු වැකි ප‍්‍රසිද්ධ කිරීමට වග බලා ගත්තේය.

මේ සිද්ධිය චිත‍්‍රනය කරන්නේ ඩී.ආර්. විජයවර්ධන නම් පුවත් පත් ව්‍යාපාරිකයා තුළ සැඟවී සිටි සටන්කාමී පත‍්‍ර කලාවේදියාගේ ආක‍්‍රමණික ස්වරූපය වෙයි.එකල රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ව්‍යවස්ථාදායකය වුණාට සැක නැත. එය සාකල්‍යයෙන්ම සුදු ආණ්ඩුකාරයා විසින් පත් කරනු ලැබු රජයේ සුදු නිලධාරීන් සහ ජාතීන් වෙනුවෙන් පත් වූ යුරෝපීය සහ බර්ගර් ජාතිකයන්ගේ පමණක් සමන්විත එකක් විය. එහි දේශීය ලාංකික නියෝජනයක් හෙවත් රටේ බහුජන වුවමනා සඳහා නිල වේදිකාවක් තිබුණේම නැත.ඩී.ආර්. විජයවර්ධනගේ මේ ජවාධික ක‍්‍රියා ශූරත්වය ලංකා ජාතික සංගමයේ ලේකම් පදවියට ඔසවා තැබීමට හේතු විය. ඒ වන විට ඔහු යන්තම් විසිහත් වියට ලැබුවා පමණකි. එය සිදුවුණේ 1917 ඔක්තෝබර් මස 23 වැනි දාය.


ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා ලෙස ඩී.ආර්. විජයවර්ධන සමග ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුනාචලම් ආදීන් පෙළ ගැසුණේ මෙසේය.ඔහු සර් පොන්නම්බලම් අරුනාචලම් ලවා කොළඹ වික්ටෝරියා ශාලාවෙහි, ‘‘අපේ දේශපාලන  ඕනෑකම්’’ යනුවෙන් ප‍්‍රසිද්ධ කතාවක් කරවීය. එය විසිවැනි සියවසේ ලංකා නිදහස් සටනෙහි පළමු වෙඩිල්ල විය. එය රට තුළ ආන්දෝලාත්මක දේශනයක් විය. සර් පොන්නම්බලම් අරුනාචලම් සිය කතාව අවසන් කළේ නිහඬවත් බාහිර පෙනුමෙන් තොරවත්, වැඩ කරන නමුත්, ඔහු ස්වාභාවධර්මයේ බල වේගයක් මෙන් ක‍්‍රියාශීලී යයි ඩී.ආර්. විජයවර්ධන ජාතියට හඳුන්වා දෙමිනි. ඒ විශිෂ්ට දමිළ පුරවැසියා තම සිංහල ප‍්‍රතිවාදියා පරදවා මුළු ජාතියේම සංකේතය ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පිවිසියේ මේ පදනම යටතේය.අවශ්‍ය වූ සියලූ ශක්තීන් ඔවුන් විසින් ගොනු කරන ලද්දේ සාමාන්‍ය පුරවැසි සංවිධානයක් ලෙසය. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණවාදි හඬ දිනමිණ පත‍්‍රය හරහා රටක් ජාතියක් අවදි කළේය. එය DAILY NEWS  පත‍්‍රය හරහා හිරු නොබසින අධිරාජ්‍යයේ බිහි දොර අසල දෝංකාර දුන්නේ යළි යටත් විජිත පාලනයට භූමි කම්පා ඇති කරවමිනි.

දිනමිණ සහ Dilly news ඒ වන විට ඩී.ආර්. විජයවර්ධනගේ ප‍්‍රවෘත්ති පත‍්‍ර ව්‍යාපාර සතු විශිෂ්ට ප‍්‍රකාශන විය. මෙසේ අධිරාජ්‍යවාදීන් ලවා ආරම්භ කරවූ 1920 ප‍්‍රතිසංස්කරණය. ඩොනමෝර් කොමිෂන් සභාව, සෝල්බරි කොමිෂන් සභාව ආදී ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිටුපස සිටි ඩී.ආර්. විජයවර්ධන සටන අත් නොහැර සිටියේය. එය කෙළවර වුණේ සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය හරහා මේ රට ස්වාධීනත්වය ලැබීමෙනි. සෝල්බරි කොමිෂමේ කොමසාරිස්වරුන් මේ රටෙන් නික්ම යාමට පෙර විජයවර්ධනගේ ආගන්තුකයන් ලෙස එක් සති අන්තයක් දියතලාව සුප‍්‍රකට ආකේඩියා නිවාසයෙහි ගත කළ බව කියැවේ.සෝල්බරි සාමි වරයා විසින්1945අපේ‍ල් මස 06 වැනි දින විජයවර්ධනයන් අමතා ලියූ ලිපියේ මෙසේ දැක්වේ. ‘‘හෙට උදේ අප පිටත්ව යන බැවින් ඔබට ආයුබෝවන් කීමටත්, මටත් කොමිෂමටත් ඔබ කළ සියල්ල ගැන අපේ අවංක ස්තුතිය පිරි නැමීමටත් මේ ලිපිය ලියමි. දුෂ්කර ප‍්‍රශ්නයක් විසඳීමේදී ඔබ අපට දුන් උපදෙස් සහ ආධාර ඉතාමත් උපකාරි විය හැකිය. අද ඬේලි නිවුස් පත‍්‍රයෙහි අප ගැන කාරුණිකවූත්,  උදාරවූත්, වචන වලින් ලියා තිබුණ කතු වැකිය අපට කොතරම් ප‍්‍රසාද ජනක වී ද යත් මම ඒ ගැන ඔබට කෘතඥ වෙමි.’’අපේක්‍ෂා කළ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව බි‍්‍රතාන්‍යයේ කල් මැරීම ඩී.ආර් විජයවර්ධන මෙසේ සිය මිත‍්‍ර ග‍්‍රහණය තුළ සිර තිබුණි. ඩී.ආර්. විජයවර්ධනගේ සහ ඞී.ඇස්. සේනානායකගේ අපේක්‍ෂාව වූයේ බිරතාන් සම්ප‍්‍රදායයේ කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. එය මග හැර යාමට සෝල්බරි කොමිෂමට නොහැකි විය.ඩී.ආර්. විජයවර්ධන සත්‍ය වශයෙන්ම සියල්ල කළේ තම රට ගැන ඇතිවූ කැක්කුමෙනි. ඔහුගේ ලේක් හවුස් පත‍්‍ර සම්ප‍්‍රදාය ඒ ජාතික සේවාව ඔහුට හිමි කළ ඇතුරු පලයක් ලෙස කල්පනා කිරීම ඔහුට කරන ගෞරවයකි.

                             විජේවර්ධනගේ මාධ්‍ය අධිරාජ්‍ය ගොඩ නැංවීම

මහා මාධ්‍ය අධිරාජ්‍යක් ගොඩ නගන්නට විජේවර්ධන මහතා කටයුතු කළද ඔහු කිසිදු විටෙක දේශපාලනය වෙත අවතීර්ණ වීමට සිතුවේ නැත. විජේවර්ධන මහතා ගේ මුලික පරමාර්ථය වුයේ දේශීය අදහස් මතවාද සමඟ මෙරට නිදහස් සටන ශක්තිමත් කිරීම සහ ඒ ඇසුරෙන් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමය. 1940 ,1950 දශකවල ඇතිව 60,70 දශක දක්වා පැතිර ගිය සාහිත්‍ය අධ්‍යාපන ප්‍රමෝදයට මූලිකත්වය ලබා දුන් කරුණ වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහය ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.සිංහල භාෂාවට ඉහළ තැනක් ලබාදීමත්, මෙරට සමාජයෙන් එතෙක් සැඟව තිබූ දියුණු ලෝකයේ දැනුම තොරතුරු ලබා දීම වැනි කරුණුවලදි විජේවර්ධන මහතාගේ ලේක්හවුස් පුවත්පත් සමූහය විශාල කාර්යයක් ඉටුකළේය. හෙතෙම තුළ තිබූ විශ්වාසය වූයේ නිදහස් ජාතියක් යනු සැම අතින්ම දැනුම්වත් වූ පිරිසක් විය යුතුය යන්නයි. ඔහු ඒ සඳහා උපයෝගී කරගත් මාර්ගය වූයේ පුවත්පත් කලාවයි.

මුදල් ඉපැයීම පමණක් අරමුණු කර නොගත් නිසා පුවත්පත් කලාව තෝරාගත් ඩී. ආර් විජේවර්ධන මහතා පුවත්පත් කලාවට වෘත්තීයභාවයක් සහ කර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු කළේ යැයි සඳහන් කිරීම වඩාත් උචිතය. අද මෙරට පුවත්පත් කලාව යම් ඉහළ ප්‍රමිතියකින් තිබේ නම් කර්මාන්තයක් ලෙස ගොඩ නැගී තිබේ නම් එහි නිර්මාතෘවරයා වන්නේ ඩී. ආර් විජේවර්ධන මහතාය.

විජේවර්ධන මහතා ව්‍යාපාරයක් වශයෙන් පුවත්පත් කර්මාන්තයට සවියක් ලබා දීමෙන් නොනැවතී ලේක්හවුස් ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් සේවකයන් ඇතුළු සැම තරාතිරමකම සේවකයකුගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කළේය. විජේවර්ධනයන් මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ නායකයකු බවට මෙය හොඳම නිදර්ශනයකි.

බොහෝ විට විජයවර්ධන මහතා ගැන අවධානය යොමුකරන බොහෝ අය සිතන්නේ ඔහු පුවත්පත් කලාවටම සියල්ල සීමා කරගත්තෙකු බවය. එහෙත් ඔහුට ඉන් එහා ගිය සටන් ඉතිහාසයක්ද තිබේ. එනම් ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවන සටනයි. එවකට බහුතරයක සහාය තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවිය යුතු බවට මතයයි. එම මතය පිළිගත් විජේවර්ධන මහතා තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින් මේ සටනට සහාය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ රමණීය භූමියක ස්ථාපිත කෙරුණි. විජේවර්ධන මහතා නිතරම සාධාරණ සහ ප්‍රගතිශීලී සටන්වලදී හොඳ සටන් කරුවකු වූ බවට මෙය එක් උදාහරණයක් පමණි.

ඩී ආර් විජේවර්ධන මහතා බිහිකළ පුවත්පත් සමූහය සහ ඔහු ගොඩනැගූ ලේක්හවුස් මන්දිරය අදත් නොසැලී සිටින අතර විජේවර්ධන නාමය සදාකාලික වන්නේ මෙම පුවත්පත් සමූහය ලේක්හවුස් මන්දිරය පමණක් නොව විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය පෙරට රැගෙන යාමය.

                                    

                                  ලේක්හවුස් ආයතනය

 

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය.

මෙරට ප්‍රමුඛතම දිනපතා පුවත්පතක් වන "දිනමිණපුවත්පත ආරම්භ වූයේ 1909 වර්ෂයේ දී එච්.එස්.පෙරේරා මහතාගේ කර්තෘත්වය හා රොබට් බටුවන්තුඩාවේ මහතාගේ කළමනාකාරිත්වය යටතේය. එහෙත් එම පුවත්පත නතර වන තත්වයක් උද්ගත වූ නිසා වර්ෂ 1914 දී ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් තම සොහොයුරා සමඟ එක්ව එම පුවත්පත මිලට ගන්නා ලද අතර එම වර්ෂයේ පටන් පුවත්පතක් ලෙස එය නැවත පළවන්නට විය.

දිනපතා පළ කරනු ලබන ඉංග‍්‍රීසි පුවත්පතක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටි ඩී.ආර්.විජේවර්ධන මහතාට The Ceylonese පුවත්පත වෙන්දේසි කරන බවට ලද ආරංචිය මත එය මිලට ගෙන Daily News නමින් 1918 වර්ෂයේ සිට ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසුව එම පුවත්පත එවකට ජනප‍්‍රියව පැවති Morning Leader පුවත්පත සමඟ කරට කර සටනක නියැලී නොබෝ කලකින්ම එම පුවත්පත අභිබවා යාමට සමත් විය.

දිනපතා පළකරනු ලැබූ පුවත්පත් පවත්වාගෙන ගිය ද ඉරිදාට පමණක් පළවන පුවත්පතක් නොතිබුණු නිසා එම අඩුව සම්පූර්ණ කරමින් ලේක්හවුස් ආයතනයෙන් සිළුමිණ පුවත්පත 1930 වර්ෂයේ දී අරඹන ලදි. එම පුවත්පතේ ප‍්‍රථම කර්තෘත්වයට පියසේන නිශ්ශංක මහතා පත් කිරීම තුළ එම පුවත්පතට ශාස්ත‍්‍රීය මුහුණුවරක් එක්වීම ඔස්සේ "ශත දහයේ විශ්වවිද්‍යාලයනමින් එම පුවත්පත ප‍්‍රකට විය. තව ද කාලයක් පුරා පළවුණු Ceylon Observer පුවත්පත මිලට ගෙන එය ඉරිදා දින පළවන ලංකාවේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පුවත්පත බවට පත් කළේය. එසේම ද්‍රවිඩ බස භාවිත කරන පාඨකයින් වෙනුවෙන් 1932 දී තිනකරන්පුවත්පත අරඹන ලදි.

 මෙසේ භාෂා ත‍්‍රිත්වයෙන්ම මෙරට ජනතාව වෙත පුවත් හා දැනුම සම්පාදනය කළ මෙම පුවත්පත් සමූහය වර්ෂ 1938 දී ලේක්හවුස් ගොඩනැඟිල්ල තුළ ස්ථානගත වීම මඟින් එවකට ක‍්‍රියාත්මක වූ ප‍්‍රබලතම පුවත්පත් ආයතනය බවට මෙම ආයතනය පත්විය1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව ලේක්හවුස් ආයතනයේ කොටස්වලින් 75% ක ප‍්‍රමාණයක් රජයට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ දී මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින පුවත්පත් ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වේ.

.



 

·        නිහාල්.පී.අබේසිංහ    -   "පත්තර මහගෙදරින් මහ මෙහෙවරක් කල ඩී.ආර්.විජේවර්ධන"

                                    2018.02.17

·        චන්ද්‍රසිරි සෙනවිරත්න -    "ජාතිය නැංවීමට අතදුන් ඩී.ආර්.විජේවර්ධන"

 

·        Https:// srilanka.mom.rsf.org/.lk

·        www.silumina.lk

■ (බුදුසරණ) 2015-02-18 සිරිසමන් විජේතුංග
















Monday, January 25, 2021

එන්නත් තුනක කතාවක් 😷😷😷

 එන්නත් තුනක කතාවක්… 


එන්නත් ගැන බහුලව කතා කරන මේ කාලයේ, අපේ පාඨක ප්‍රජාව සමග පොදුවේ එන්නත් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති විය යුතු බවට අපි විශ්වාස කරනවා. බොහොම සරළව කියනවා නම්, එන්නතකින් කරන්නේ යම් රෝගයකට මුහුණ දීමට අපගේ ශරීරයේ ස්වභාවිකව තියෙන ප්‍රතිශක්තිය සකස් කර දීමයි. 


ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙන ලිපි මාලාවක ආරම්භයක් විදිහට අද අපි කතා කරන්නේ ලෝක ඉතිහාසය කණපිට හරවපු එන්නත් තුනක් ගැන.


1. වසූරිය 


වසූරිය කියන්නේ අපි හැමදෙනෙක්ම වගේ අහල තියෙන ඒත් වාසනාවට ගොඩක් අය දැකල නැති අසනීපයක්.


ඊජිප්තු යුගයේ ඉදලම පැවතගෙන ඉන්නවයි කියලා සැලකෙන මේ රෝගයේ ඇතැම් ප්‍රභේද වැළඳෙන තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට මරණය අත්වෙන තරමට භයානකයි. විසිවෙනි සියවස තුළ පමණක් මේ රෝගය නිසා ජීවිත මිලියන 300 ක් අහිමි වෙනවා. මේ වෛරසයෙන් ජීවිතය ගලවා ගත් අයගෙනුත් සෑහෙන්න කොටසකට අන්ධභාවය වැනි දරුණු විපාකවලට මුහුණදීමට සිද්ධ වෙනවා.


1960 ගණන් වෙනවිට වසරකට මෙම රෝගය නිසා මිලියන දෙකක් පමණ දෙනා මිය යෑමේ ප්‍රවණතාවක් ඇති වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝකයටම වසූරිය එන්නත ලබාදීමේ විශේෂ ක්‍රියාන්විතයක් අරඹන්නේ මේ කාලයේදී යි. අතිශයින්ම සාර්ථක වෙන මේ ක්‍රියාන්විතය නිසා 1980 වෙනකොට මුළු ලෝකයෙන්ම මේ රෝගය අතුගා දමන්නට මිනිසුන්ට හැකි වෙනවා. 


මෙය කෙතරම් සාර්ථක ද කියනවා නම්, මෙම රෝගය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කර, තවදුරටත් එන්නත් කිරීම අවශ්‍ය නොවන තත්ත්වයකට අද අපි පැමිණ සිටිනවා. එය මුළු ලෝක වාසී ජනතාවගේම ජයග්‍රහණයක්. මේ හේතුව නිසා අද ජීවත්වෙන බොහෝ දෙනා මෙම රෝගය දෑසින් දැක නොතිබීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා.


2. පෝලියෝ


පෝලියෝ කියන්නේ මීට තරමක් වෙනස් කතාවක්. මේ වෛරසය ශරීරගත වන අයගෙන් සියයට හැත්තෑවක් විතර කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. 25% ක් පමණ උණ, උගුරේ අමාරුව, හිසරද වැනි බොහොම සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි පෙන්වන්නේ. හැබැයි, රෝගය වැළඳෙන දෙසීයකගෙන් එක් අයෙක් විතර අංශභාගය (paralysis) වැනි තත්ත්වයක් කරා යනවා. මේ තත්ත්වයට ලක් වෙන අයගෙන් ඇතැම් දෙනා මරණයට ලක් වෙන අතර, කොටසක් දෙනා සම්පූර්ණයෙන් සුවය ලබනවා. තවත් කොටසක් ජීවිත කාලයක් පුරා පවතින ශරීර කොටසක් පණ නැති වීමේ ආබාධයකට ලක් වෙනවා. මේ තත්ත්වයට ලක්වෙන කුඩා දරුවන්ට ජීවිත කාලයක් පුරාවට මේ ආබාධ සමඟ ජීවත් වීමට සිදු වීම ඒ වකවානුවේ බහුලව දක්නට ලැබුණ ඉතාම අවාසනාවන්ත සිද්ධියක්.


මේ ලෝකය පුරා වගේම ලංකාවෙත් කාලයකට පෙර දුලභ නොවූ රෝග තත්ත්වයක්. ඒත් ලෝකය පුරා පෝලියෝ එන්නත ලබාදීමත් සමඟ පෝලියෝ රෝගය බොහෝ රටවල් වල සාර්ථකව පාලනයට ලක් වෙනවා.


ශ්‍රී ලංකාව තුළ අද දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන එන්නත් වැඩසටහන නිසා අවසාන වරට පෝලියෝ රෝගියෙක් වාර්තා වන්නේ 1993 දීයි. අද අපේ දරුවන් පෝලියෝ නොමැති වටපිටාවක සතුටින් ජීවත් වෙනවා. දරුණු යුද්ධයක නටබුන් වගේ කුඩාකල පෝලියෝ රෝගයට ගොදුරු වුණු, දැන් වැඩිහිටියන්ව සිටින පුද්ගලයින් සමාජයේ වරින් වර අපට මූණ ගැසෙන්නේ මෙම දරුණු රෝගය තුරන් කිරීමට වෙහෙස වුණු සියලු දෙනාම සහ ඉන් විපතට පත් පුද්ගලයින් ආවර්ජනය කරන්නාක් මෙනි.

පෝලියෝ කතාවේ වෙනස මෙන්න මේකයි. පෝලියෝ රෝගය තවමත් ලෝකයේ රටවල් වාර්තා වෙන්නේ පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ පමණයි. සිවිල් යුද්ධ පවතින ඇතැම් ප්‍රදේශ වල එන්නත්කරණය පිළිබඳ පැතිර ගොස් ඇති විවිධ දුර්මත හා යුධමය වාතාවරණය මෙයට හේතු විය හැකි බවට වාර්තා වල සඳහන් වෙනවා.


ලෝකයේ රටවල් දෙකක වුවත් තවදුරටත් මෙම වෛරසය නිදැල්ලේ පැවතීම නිසා, තවමත් රෝගය නැවත පැතිරීමේ අවදානමක් තියෙනවා.  එනිසාවෙන් ලංකාව ඇතුළු ලෝකයේ රටවල් තවදුරටත් එම ප්‍රතිශක්තිකරණ වැඩසටහන පවත්වාගෙන යනවා.


3. සරම්ප


සරම්ප කියන්නේ හරිම සරල ලෙඩක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ අද ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක දියුණුව නිසා සරම්ප වල මරණ ප්‍රතිශතය ඇතැම් දියුණු රටවල සියයට 0.3 ක් වැනි කුඩා අගයක් ගැනීම නිසයි. එන්නත් නිසා සාර්ථකව පැතිරීම පාලනය කිරීමත් සමග මේ රටවල ඇතැම් අයට මේ රෝගය තියෙන බරපතලකම කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අමතක වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල වේගවත් පැතිරීමත් එක්ක, මේ දියුණු රටවල්වල එන්නත් පිළිබඳව වැරදි විශ්වාස වගේම, එන්නත් වෙනුවට ලබා දිය හැකි යැයි කියැවෙන විවිධ වැරදි ප්‍රතිකාර ක්‍රම ගැන වේගයෙන් තොරතුරු පැතිර යන්නේ මේ කාලයේදී යි. 


ඒකෙන් සමජගත්වුනු මේ වැරදි විශ්වාස වගේම, රෝගයේ බරපතලකම හරිහැටි නොදැනීම නිසා මේ රටවල ඇතැමුන් මෙම එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවයක් 2012 සිට වරින් වර දක්නට ලැබුනා. මේ නිසා දකින්නට ඇතිවුණු ඉතාමත්ම අවාසනාවන්ත කාරණය තමයි, එක දිගට එන්නත් ලබා දීම නිසා පාලනය කරගෙන තිබූනු සරම්ප වගේ රෝග තත්ත්ව 2018 පමණ කාලයක සිට මේ රටවල් තුළ ශීඝ්‍රයෙන් හිස එසවීමක් දක්නට ලැබීමයි. 2018 දී පමණක් සරම්ප නිසා අහිමි වූ ජීවිත ගණන එක්ලක්ෂ හතලිස් දාහක්. 


…….…..

ශ්‍රී ලංකාවේ අපි මේ අතින් අනික් රටවල් වලට වඩා ගොඩක් වෙනස්. දියුණු වෙමින් පවතින රටක් වුණත් රජයෙන් නොමිලේ ලබාදෙන එන්නත් නිසා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් අතරින් ලෝකයේ ඉදිරියෙන්ම පවතින වැඩසටහනක් අපිට හිමියි.


සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා අපි පෝලියෝ, සරම්ප, රුබෙල්ලා වැනි ඇතැම් රෝග ලෝකයේ අනෙක් රටවල පවතිද්දීත්, අපි අද වෙනකොට සාර්ථකව පාලනය කර තියෙනවා. ඒ විදිහට සාර්ථකව පාලනය කරගත්ත වගේම  ඉදිරියටත් එසේ පවතින්න රධානම සාධකයක් වෙන්නේ ශ්‍රී ලංකික බුද්ධිමත් ජනතාවයි. 


දියුණු යැයි සැලකෙන රටවල් පවා වැරදි විශ්වාස හා කටකතා නිසා විවිධ වෛරස නැවත හිස එසවීමේ තර්ජනයකට මුහුණ දෙමින් තියෙන අවස්ථාවක, අපි ඒ රෝග සාර්ථකව පාලනය කරගෙන තිබීමේ ගෞරවය හැම කාලයකම වගේ අදටත් නිදහස් සෞඛ්‍ය සේවය යටතේ නොමිලේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉදිරියට ගෙන යාමට කැපවී සිටින රජයන් හා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන සෞඛ්‍ය සේවකයන්ට පමණක් නොව ඒ වැඩසටහන් වලට උද්යෝගයෙන් සහයෝගය දෙන අපේ රටේ බුද්ධිමත් ජනතාවට හිමිවිය යුතුම බව අපි විශ්වාස කරනවා.

Monday, January 18, 2021

 මගේ චූටි දූ බලන්න මා ගියදා...



මේ කියන කතාව මට කිවුවෙ මගේ හිතවත් අක්කා කෙනෙක්. එයා වැඩ කරන ප්රදේශයේ සිසුවුන දෙයක් මේ. මේ සිදුවීමත් ගීතයත් එකිනෙකට පෑහෙන නිසා ගීතයත් එක්ක සම්බන්ධ කරගෙන යම් යම් කොටස් එකතු කරගෙන මෙහෙම ලියන්න හිතුනා. මේ කතාව සත්ය කතාවක් නිසා මෙහි භාවිකා කරල තියන නම් ගම් සත්ය ඒවා නොවන බව සලකන්න.
"අනේ බලන්නකො සුමනෙ අන්න අදත් දුව කොන්දෙ කැක්කුමයි කියල ඉස්කෝලෙ ඉදන් ගෙදර එක්කන් ආවා. කී දොහක ඉදන් මේ දරුවට කොන්දෙ අමාරුව තියනවද.. ?" නිමලි එහෙම කිවුවෙ කම්මුලට අත තියාගෙන..
"ඒකනෙ මාත් බැලුවෙ.. මේ දරුවට දැන් මාසයක් දෙකක් බේත් කලානෙ.. කෝ වෙනසක් ඇත්තෙම නැහැනෙ.." සුමනදාස එහම කිවුවෙ තමන්ගෙ පන වැනි දියනියගෙ අසනීප තත්වය හිතාගන්න බැරි විදියට නරක අතට හැරෙමින් තිබුන හන්දා...
සුමනදාසලා ජීවත් වුනේ අනුරාධපුරේ නොචිචියාගම පැත්තෙ... ඔවුන් ගොවිතැන් කරල තමයි ජීවත් වුනේ... සුමාලි තමයි ඔවුන්ගෙ වැඩිමල් දියනිය.. ඊට පස්සෙ පුතෙක් ඉපදුනත් තමන්ගෙ ජීවිතේට ආව පලවැනි දරුව නිසා සුමනදාස සුමාලිට ගොඩක් ආදරේ කලා. ඒත් කවමදාකවත් ඔහු ඒක පෙන්නනන්න ගියේ නෑ. ඒත් මේ වගේ වෙලාවක දෝරේ ගලන ඒ සෙනෙහස නිරායාසයෙන්ම එලියට එනවා.
සුමාලි අසනීප වෙන්න ගත්තෙ පාසලේ 10 වසරේ අවසානෙදි.. සාමාන්ය පෙලට ලෑස්ති වෙන කාලෙ. නොච්චියාගම ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයාගෙන් කොච්චර බේත් කලත් අඩුවක් නැති හන්දා ඔවුන් තීරණය කරනවා අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට යන්න..
එහෙදි කරපු පරීක්ෂණ ගනනාවකින් පස්සෙ තමයි දැනගන්නෙ තමන්ගෙ ආදරනීය දියනියට හැදිල තියෙන්නෙ වකුගඩු අසනීපය කියල... එතන ඉදන් ඔවුන් කොච්චර මහන්සි උනාද තමන්ගෙ දියනිය බේරගන්න..
අනුරාධපුර ඉස්පිරිතාලෙ දොස්තර මහත්තයෙක් සුමාලි ගැන නිතරම හොයලා බැලුවා. බේත් හේත් වලින් යම් සහනයක් දෙන්න හැදුවත් ටික දවසකින් ඒක කරන්න අමාරු බව දොස්තර මහත්තයාට තේරුණා. ඉන්පස්සෙ මාස තුනකට පාරක් ලේ මාරුකරන්න ගත්තා. ඉන් පස්සෙ මාස දෙකකට පාරක්. එයින් පස්සෙ මාසෙකට පාරක්. එතනින් ඒක නැවතුනේ නෑ. ඊලගට සතියකට පාරක්. එහෙම හිටියෙ සති දෙකතුනයි. සුමාලිව රොහලේ දිගටම නවත්තන්න වුනා. එතනින් පස්සෙ හැමදාම ලේ මාරුකරන්න වුනා. එහෙම වෙලා දවස් හතරයි හිටියේ.
සුමාලි ගමේ හිටිය ලස්සනම ගෑණු ළමයින්ගෙන් එක්කෙනෙක්. මේ අසනීප තත්වය නිසා ඇයට සාමාන්යපෙළ විභාගයට වාඩිවෙන්න බැරි වෙනවා. 2016 සැප්තැම්බර් මාසෙ 5 වෙනිදා ඇය සදහටම දෙනෙත් පායාගන්නවා.
සුමාලිගෙ හුස්ම ටික යනකොට ඇය ළග හිටියෙ ඇයගෙ අම්මා. අම්මා විලාප තියලා අඩන්න ගත්තා. ඒ ඇගේ විදිය. ඇයට අඩන්න කදුලු නැති වෙනකල්ම ඇය ඇඩුවා.
මලගෙදර ඉවර වෙලා මිනිය සොහොනට අරන් ගියා... ඒත් තමන්ගෙ පණ වගේ දියනියව පස් වලට යට කරනව බලන්න සුමනදාසට හයියක් තිබුනෙ නෑ සොහොනට යන්න. සුමනදාසගෙ හදවත කෑ ගහලා ඇඩුවා. ඒත් ඔහු ඒක පිටට පෙන්නුවේ නෑ. දරාගන්න පුලුවන් උපරිමයෙන් දරා ගත්තා. ඒත් පසුවදා තනියම ඔහු සොහොනට යනවා.. ගිහින් කෑගහල අඩාලා කියනවා තමන්ගෙ සිතේ තමන්ගෙ දුවට තියෙන ආදරේ....
මගේ චූටි දූ බලන්න මා ගියදා
මහා වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා
වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කීවා කෑගහලා...
මගේ ආදරේ කීවා කෑගහලා...
ඇයි සුදු දෝනී නුඹ තනියෙන් ඉන්නේ
ඇයි නුඹ මාහට එන්නට නොකියන්නේ
මා මෙහි ආවත් නුඹ දුරුකරයි ඉන්නේ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නේ..
තමන් පණ වගේ ආදරය කරපු දියණිය අද තනියම සොහොනකට වෙලා. පුන්චි කාලෙ කියපු හුරතල් කතා ඔහුගෙ ඇස් ඉදිරියේ මැවිල පෙනෙන්න ගත්තා. අප්පච්චී අප්පචී කිය කිය පස්සෙන් එන හැටි මැවිලා පෙනෙන්න ගත්තා. ඔහුගෙ හිතට දැනෙන්නේ ඔහුටත් ඇය ලගටම යන්න තිබුනනම් කියන හැගීම. ඔහුට දැනෙනවා අඩුම තරමේ නුඹගෙ හඩවත් ඇහෙනවා නම් හිත හදාගන්න පුලුවන් කියලා. ඒත් කොච්චට අහන් හිටියත් ආයෙ කවදාවත් ඔහුට ඒ හඩ අහන්න වෙන්නේ නෑ. ඒ නිසාම ඔහු සොහොන ලග කෑ ගහලා හඩා වැටෙනවා.
මල් ගස් වල මල් පිපිලා පරවෙන්නේ
ඒ මල් විතරද නුඹෙ තනියට ඉන්නේ..
නිහඩව සිටියත් ඇස් නැහැ උහුලන්නේ
ඒවා මාකන්නද මහ වැසි ඇද වැටුනේ...
දරු පැටව් හරියට මල් වගේ . සොහොනෙ පිපිලා තියන මල් වලිනුත් ඔහු දකින්නේ ඔහුගේ දියණියව. ඇය හැමෝම අතෑරලා තනියම ආපු මේ ගමනේ ඇයගෙ තනියට මේ මල් පිපිලා තියනවා වගේ ඔහුට දැනෙනවා. සොහොන ලග ඉන්නකොට ඇද වැටුන මහ වැස්ස ඔහුගෙ ඇස් වලින් ගලපු කදුළු මකන්න වැහැපු වැස්සක් වගෙයි ඔහුට දැනුනේ.
තනිවම මහා දුකක් දරාගත්ත මේ අප්පච්චී තනිවම සොහොනට ඇවිත් කෑ ගහලා අඩලා තමන්ගේ දුක තුනි කරගන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද?
මගේ චූටි දූ බලන්න මා ගියදා
මහා වැස්සක් ඇද වැටුණා ඇයි මන්දා
වටපිට බැලුවත් කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කීවා කෑගහලා...
මගේ ආදරේ කීවා කෑගහලා...
ඇයි සුදු දෝනී නුඹ තනියෙන් ඉන්නේ
ඇයි නුඹ මාහට එන්නට නොකියන්නේ
මා මෙහි ආවත් නුඹ දුරුකරයි ඉන්නේ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නේ..
මල් ගස් වල මල් පිපිලා පරවෙන්නේ
ඒ මල් විතරද නුඹෙ තනියට ඉන්නේ..
නිහඩව සිටියත් ඇස්නැහැ උහුලන්නේ
ඒවා මාකන්නද මහ වැසි ඇද වැටුනේ...
ගායනය - ඉදුනිල් අන්ද්රමාන

Sunday, January 3, 2021

 කීර්ති  ශ්‍රී  රාජසිංහ  රජුගෙන් හාරිස්පත්තුවට ලැබුණු අපුරු දායාදය .

යාපහුව,  දඹදෙණිය,  කුරුණෑගල  යන  අතීත  රාජධානි  තුනටම  අයත්  වූ  කුරුණෑගල  දිස්ත්‍රික්කයට  අයත්  දළුපොතගම  පුරාණ  පොත්ගුල්  රජමහා  විහාරය  මහනුවර  යුගයට  අයත්  නටඹුන්  පිහිටා  ඇති  පුදබිමකි.  මෙය  මහනුවර  රජ  පෙළපතේ  දායකත්වයෙන්  ඉදිවූවක් බවත්  දළුපොතගම  පුරාණ  පොත්ගුල්  විහාර  ලිපියේ සදහන් වන පරිදි මෙම විහාරස්ථානය සහ මෙම  පොත්ගුල්  විහාරය  මහනුවර  යුගයේ  කීර්ති  ශ්‍රී  රාජසිංහ  රජ  සමයේ  ඉදිකරන  ලද  විහාරස්ථානයක්  ලෙස  සැලකේ.

ඒ අනුව මෙම  විහාරය  කීර්ති  ශ්‍රී  රාජසිංහ  රාජ  සමයේ  දී  එනම්  ක්‍රි .ව  1780  වැනි  කාල වකවානුව  තුළදී  ඉදිවන්නට  ඇති  බව  සැලකෙන  අතර  එය  සනාථ  කිරීමට  මෙම  විහාරය  තුළ  ඇඳ  ඇති  බිතු  සිතුවම්  සාක්ෂි  දරයි.  තවද  මෙහි  අලංකාර ගෘහ  නිර්මාණ  ශිල්පය  ද  මහනුවර  යුගයට ඥාාතීත්වය හිමිකම් කියන අතර  කීර්ති  ශ්‍රී  රාජසිංහ  රජතුමාගේ අණානු භාවය මත  “පල්ලෙවාසල  මහ  මුදලි”  නමැති  ප්‍රාදේශිය  පාලකයා  යටතේ  මෙම  විහාරය  ඉදිකර නිමවා  ඇත-  මෙය ශ්‍රී ලංකාවේ හෙළ උරුමයක් ලෙසට හදුනාගත හැකි අතර මෙය තාමත් ප්‍රසිද්ධියට පාත්‍රවිි නොමැත . පැරණි පුස්තක රාශියකට උරුමකම් කියන මෙම විහාරයහි  පුස්කොළ  පොත්  රාශියක්  ඒකරාශී  කර  තිබූ  පොත්  ගුලක් බවත් දැනට එම පුස්තක වලින් කිහිපයක් ශේෂව පවතින බව නෙතට කදුලක් ගෙන දේ.


මේ  අයුරින්  රචනා  කරන  ලද  ධර්ම  ග්‍රන්ථ  රාශියක්  මෙම  පොත්ගුලේ  දැකගත  හැකි  වන  අතර  ඒවා  බොහොමයක්  පුස්කොළ  පොත්ය.  මෙම  පොත්ගුල්  විහාරයේ  පෙර වැඩ  හිදි විහාරාධිපති  පූජ්‍ය  කිරින්දව  සුමංගල  හිමියන්  වදාරන  පරිදි  මෙම  පොත්ගුල  තුළ  පුස්කොළ  පොත්  වර්ග  කිහිපයක්ම  මෙන්ම  විවිධ  අංශ  යටතේ  රචනා  වූ  පුස්කොළ  පොත්  කිහිපයක්ම  තැන්පත්කර ඇති බවත්,  ප්‍රකාශ කරීමට නොහැකි  දුර්ලභ පුස්තක රාශියක් ඇතිබවත් එම පොත් ප්‍රකාශ කිරීමට නොහැකි බව උන්නානසේ වඩිදුරටත් වදාලන්නට විය. ඒ  අනුව,

සූත්‍ර  ග්‍රන්ථ

සංයුක්ත  හා  දීග  ආදී  නිකාය  ග්‍රන්ථ

බ්‍රහ්මජාල  සූත්‍ර

රිදී  පත්තිරු  සහිත  සූත්‍ර  ග්‍රන්ථ

මෙම  පොත්ගුල  තුළ  මේවනවිටත් තැන්පත්  කර තිබෙන අතර  මින්  සංරක්ෂිත  වටිනාකමකින්  යුත්  පුස්කොළ  පොත්  දෙසිය  අසූ  තුනක්  පමණ  මෙහි  පවතී.  තවද,  මෙම  පොත්ගුල  ආරක්ෂා  කරනු  ලබන  ආරක්ෂක  නාගයෙක්ද  පොත්ගුල  ආශ්‍රිතව  වාසය  කරන  බව  ප්‍රදේශයේ  ජනතාවගේ  විශ්වාසයයි.

මෙම විහාරස්තානය පිහිටා තිබෙන දළුපොතගම  ග්‍රාමයේ  නාමය පට බැඳීම සඳහා ද  පාදක  වී  ඇත්තේ මෙම  පොත්  ගුල්  විහාරය  තුළ  තිබූ  පුස්කොළ  පොතක්  බව  විහාරධිපති වහන්සේගේ හා දළුපොතගම  ග්‍රාමවාසීන්ගේ එවක සිට පැවත එන මතයක් බවත් එම සාක්ෂි ඔප්පු කිරීමට දැනට මෙම පංසලහි ශේෂව ඇති පුරා වස්තු හිමිකම් කියා ඇත.  රාජසිංහ  රජු  විසින්  මෙම  විහාරයට  පූජා  කළ  මෙම  පුස්කොළ පොතෙහි  පිට  කවරය  ඇත්  දළින්  නිමවූවකි. පුරාණ  පොත්ගුල් විහාර  ලිපියහි සදහන් වන ආකාරයට “එදා  කීර්ති  ශ්‍රී  රාජසිංහ  රජතුමා  ඇත්දළවලින්  පන්සිය  පනස්  ජාතකය  කරවා  පුරාණ  පොත්ගුල්  රජමහා  විහාරයට  පූජා  කරන  ලදි.  එතැන්  පටන්  මේ  ගම  “දළපොත”  නම්  විය.  කාලයාගේ  ඇවෑමෙන්  දළුපොත  දළුපොතගම  නමින්  ව්‍යවහාර  විය.” මෙම  පුස්කොළ  පොත  වර්තමානය  වන  විට  විහාරයේ  නොමැති  බවත්  එය  සොරකම්  කර  ඇති  බවත්  හිටපු  විහාරාධිපති  හකුරු  කුඹුරේ  සුමනසිරි  හිමි විසින් පුරාණ  පොත්ගුල්  විහාර  ලිපියහි සදහන් කර ඇත . මහනුවර  යුගයට  අයත්  මෙම  පොත්ගුල්  විහාරය  තුළ  පිහිටා  ඇති  සුවිශේෂිම  ඉදිකිරීමක්  ලෙස  පොහොය  ගෙය  දැක්විය  හැක.  මෙම  පොහොය  ගෙය  තුළ  ඉතා  වටිනා  කලා  ශිල්ප  රැසක්  අන්තර්ගතවී  ඇති  අතර  මෙහි  පිහිටි  චිත්‍ර  ඉතා  වැදගත්  වේ.  එම  සිතුවම්  තුළ  මහනුවර  යුගයේ  කලාකරුවන්ගේ  චිත්‍ර  කලාවේ  එන  සියලු  ලක්ෂණ  අන්තර්ගතවී  ඇති අතර වර්තමාන  විහාර  භූමිය තුළ  ද  සමාන උසින් යුත් ගල්  කණු  පිහිටා  ඇත. විහාර  පොහොය  ගෙය  තුළ  බිත්ති  තුනෙහි  තීරු  තුනක්  ලෙසට  චිත්‍ර  ඇඳ ඇති අතර .

01-   ඉහළ  තීරුව -  සත්  සතිය  හා  සූවිසි  විවරණය.

02-   මැද තීරුව - සොළොස්මස්ථාන / දේවතා  රූප.

03-   පහළ තීරුව - මහා අභිනිෂ්ක්‍රමණය  හා  බුද්ධ චරිතයේ  විවිධ අවස්ථා / වෙස්සන්තර  ජාතකය

යනාදී ඉතාමත්ම පැරණි චිත්‍රයන් හදුනාගත හැකිය. මෙම  විහාර  චිත්‍ර  මහනුවර  දළදා  මාළිගාවේ  චිත්‍ර  වලට  සමාන  බව  හිටපු  විහාරාධිපති  හිමියන්  පවසා  ඇති අතර මෙම  චිත්‍ර  අධ්‍යනය  කරනු  ලබන  ඕනෑම  අයෙකු  හටද  එය  ලෙහෙසියෙන්ම  අවබෝධ  කරගත  හැකි බව නොඅනුමානය.  මෙම  පොහොය  ගෙය  මෑත  කාලීනව  පුරා  විද්‍යා  දෙපාර්තමේන්තුව  යටතේ  සංරක්ෂණය  වී  ඇති බවත් හේවිසි  මණ්ඩපය  මෙහි  දක්නට  ඇති  තවත්  සුවිශේෂි  අංගයකි.  විහාර  ගෙය  හා  පොහොය  ගෙය  අතර  මෙය  පිහිටා  ඇති  අතර  ශබ්ද  පූජා  යනාදිය  පැවැත්වීමට  මෙය  භාවිතා  කරඇති බව විහාරාධීපති වහන්සේ වැඩි දුරටත් සඳහන් කරන්නට විය. විශාල  බුදු  පිළිම  තුනක්  චෛත්‍ය  ගර්භය  තුළ  වැඩ  වාසය  කරයි.  වර්තමාන  විහාර  ගෙය  වර්ෂ  1974  ඉදිකර  ඇති බවත්   කනෝගොම  රතනපාල  නම්  හිමිනමක්  මෙම  කාලය  තුළ  විහාරාධිපතිව  වැඩ  සිටි බවත් විහාර  ගෙය  තුළ  ඇඳ  ඇති  සිතුවම්  ඉතා  විශේෂිත  ආරකින්  යුතුව  නිමකරවා  ඇති බවත් සඳහන් කළ අතර මෙය සිංහල අතිත රජ දවස මෙන්ම බෞද්ධ ශාසනයේ යටි ගියාව හදුනා ගැනීමට ඇති කදිම සාක්ෂියක් බවත් මෙහි විහාරාධිපති හා ප්‍රදේශවාසීනිගේ මතයක් බවට සාක්ෂි සහිතව ඔප්පුවී හමාරය. කෙසේවුත් මෙම ග්‍රාමවාසීන් පවසන ආකාරයට මෙම ඓතිහාසික උරුමයන් මේ වන විටත් වියපත් වෙමින් පවතින අතර නැවත ප්‍රතිසංස්කරනය කර අනාගත පරම්පරාවට ලබා දියයුතු බවය. වර්තමානයේ වැලිවිටියේ පඤ්ඤාසාර හිමි හා මුදුනේ  සුමේධ හිමි මෙම පොත්ගුල් විහාරයේ භාරකාරාධීව කටයුතු කරනු ලැබේ.




                                          සටහන - ප්‍රමොද් මධුරංග ppm.premarathna@gmail.com


Thursday, December 10, 2020

බටහිර සූදු මහතුන්ගේ විජ්ජාවේ ආසියාතික ආගමනය

                                                                                                                        pmadhuranga921@gmail.com

                                                      

සංවර්දන සංන්නිවේදනය දෙවන ලෝක යුද්ධයෙන් පසු 1980 දක්වා වු ක්‍රියාත්මක වීම හා ඉන් අනතුරුව අද දක්වා ක්‍රියාත්මකවීම.

(සංවර්ධන සංන්නිවේදන නිර්වචන ආකෘති පර්යේෂණ හා සංකල්පීය ක්‍රමවේද ) 


සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයයි. ඒ 1950 දශකයේ අග භාගයේදීයි. 1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල්වරට භාවිත කෙරිණ. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේය. එනම්, “සංවර්ධන සන්නිවේදනය යනු රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදා ගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවකි. එමගින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකිය.” දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකෙරිණ. ඒවායේ ප්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක්‍රමෝපායන්  හඳුනා ගැණින. එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිකිරීමට සාධක විය. තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා - අප්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකි අතර මේවා නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල් වශයෙන් හදුනාගත හැකි වේ. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකය ලෙස හැඳින්වෙයි. ඒ අනුව දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.

බටහිර සංවර්ධන ක්‍රමෝපායන් - 

👉 නවීකරනය -

නවීකරණ පරමාදර්ශය තුළ ජනමාධ්‍යයට කේන්ද්‍රීය ස්ථානයක් හිමි විය. ප්‍රයෝජනවත් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහාවූ මාධ්‍ය සහගැන්වීම සඳහා වන මාධ්‍ය, දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපදයේ මනෝවිද්‍යාත්මක යුධ පර්යේෂණ, ව්‍යාප්ති අධ්‍යාපනය වැනි දෑ ප්‍රදේශවලට මාරු කරන ලදී. සංවර්ධනමය තොරතුරු, කෘෂිකාර්මික හා සෞඛ්‍ය ආදී අංශ ව්‍යාප්ත කරමින් මෙම නවීකරනය සදහා ජනමාධ්‍ය ව්‍යාප්ත කරනන්ට විය. එබැවින් අධ්‍යාපනය ක්‍රියාවලිය වේගවත් කිරීමේ තීරණාත්මක වගකීම ජනමාධ්‍ය හරහා පවරා ඇති අතර මෙය බටහිර රටවලට හිතෛෂිව සිදු කරන්නට විය. සංවර්ධනය වෙමින් පවතින රටවල මානව සම්පත් බළමුලු ගැන්වීම මොවුන්ගේ ප්‍රධාන අරමුණවන අතර මේ සදහා ජනමාධ්‍ය යොදාගන්නට විය. සංවර්ධිත රටවලින් ඔවුන්ගේ නව අදහස් හා ආකෘති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රකාශ කිරීම සඳහා නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ගම්බද ප්‍රදේශ දක්වා තොරතුරු විකාශණය කර නවීකරනය කරන්නට විය. රොජර්ස් සහ ස්වේනිං විසින් 1969 වසරේ දක්වන්නේ ඔවුන් බලවත් යැයි සිතා, සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගල හැසිරීම් කෙරෙහි ඒකාකාරී හා සෘජු බලපෑම් ඇති කරනන්ට වූ බවය.   නවීකරණය යන්න අර්ථකථනය කිරීමේදි සමාජ විද්‍යා විශ්වකෝෂයේ ඇති අදහස ද බෙහෙවින් වැදගත් වේ. එහි සඳහන් වන අන්දමට “ නවීකරණය යනු ආර්ථික සංරචක මත සමාජ වෙනස් වීමේ ක්‍රියාවලියයි.” නවීකරණය වු සමාජ ලබා ගත් පොදු සමානකම් පිළිබඳව සැලකීමේදි මෙම ලක්ෂණය බටහිර රටවල, උතුරු ඇමරිකානු රටවල හා ජපානය වැනි රටවලද දැකිය හැකිය. (ෂබඑැරබ්එසදබ්ක ෑබජහජකදචැාස් දf එයැ ීදජස්ක ීැපජැි, 1968, ඡ්ටැ 387) නවීකරණය පිළිබඳ දක්වා ඇති අදහස් අතර පහත  සඳහන් නිර්වචනීය අදහස් ද වැදගත් වෙයි.

මාරියන් ජේ ලෙවි-

 “කාර්යක්ෂම ලෙස මෙවලම් භාවිත කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස නවීකරණය සැලකිය හැක.”       

ඩී. ඒ. රස්ටෝ - 

“වේගවත් ලෙස පුළුල් වෙමින් හා පාළනය වෙමින් ස්වාභාවිකත්වය හරහා මිනිසාට සමීප වුදෙයකි.”

රොබට් එම් කෙන්ඩි -    

“ආසියාවේ හා බොහෝ රටවල පවතින සමාජීය, ආර්ථික, දේශපාලන, මනෝ විද්‍යාත්මක අංශයන්හි සිදුවන සංකීර්ණ පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි නවීකරණය.”         

එස්. සී. ඩියුබි -

 “කිසියම් ක්‍රියාවලියක් සාම්ප්‍රදායික ක්‍රමයේ සිට තාක්ෂණික ක්‍රමයට හැඩගැසීම  සඳහා හවුල් වු  සමාජ ආකෘති, වටිනාකම්, හැඩගැසීම් හා පෙළඹවීම් යනාදියේ එකතුවකි.”         

  

👉 විසරනය -

මෙම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයේ කේන්ද්‍රීයව කටයුතු කළ එවරට් එම් රොජර්ස් පහත සඳහන් ප්‍රධාන දේ හඳුනා ගත්තේය. අදහසක් හෝ නවෝත්පාදනයක් ව්‍යාප්ත කිරීම පිළිබඳ ඕනෑම විශ්ලේෂණයක මූලද්‍රව්‍ය: (1) නවෝත්පාදනය, කුමක් හෝ කිසියම් අදහසක් ලබන්නා විසින් අළුත් දෙයක් ලෙස සලකන්නේද, (2) ඇතැම් නාලිකා හරහා එහි සන්නිවේදනය,(3) සමාජ පද්ධතියක සාමාජිකයන් අතර සහ (4) කාලයත් සමඟ යනාදී අදියර පහක් සංකල්පිතව ඍදටැරි සහ ීයදැප්නැර 1971 කාලයේ දී විස්තාරණය කර තහවුරු කර ඇත. ඒ අනුව මොවුන්ගේ එකම පරමාර්ථය වූයේ සංවර්ධනය වෙමින් පවත්නා යටත් විජිතානුකූල රටවල් තම බල කේන්ද්‍රීය වෙත ඈදෑ ගැනීම වේ. මේ සදහා මොවුන් ජනමාධ්‍ය භාවිතා කොට ඉතා සූක්ෂම ලෙස ඉහළ සිට පහළ තෙක් තොරතුරු ව්‍යාප්ත කරන්නට විය. 

👉 සමාජ වෙළද පොල -

සන්නිවේදන ව්‍යාපාර සමඟ ඒක මාර්ගිකව, ඉහළ සිට පහළ සහ මූළාශ්‍රයනගේ සිට ග්‍රාහක සම්ප්‍රේෂණ ආකෘති භාවිතා කර ඇත. ඉලක්කයට පණිවිඩය ලැබුණු වහාම බලපෑම් ස්වයංක්‍රීයව සිදුවනු ඇතැයි විශ්වාස කරන බව රොජර්ස් විසින් 1973 අදහස් දක්වා ඇත.  මෙමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ මතය හා නායකයින්, වෙනස් කිරීම සඳහා ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය ඒත්තු ගැන්වෙන පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමට භාවිතා කරන ලදී. මෙම උපාය මාර්ගවල උපකල්පනය වූයේ එයයි. එනම්  දැනුම යනු සේවාවක් හෝ නිෂ්පාදනයක් සඳහා භාවිතා කිරීමේ සම්බන්ධව නොවේ එය හුදෙක්ම බටහිර මොවුන්ගේ එකම බලාපොරොත්තුව සංවර්ධනය වෙමින් පවතින රටවල බටහිර සමාජ වෙළදපොළක් ඇති කිරීම වේ. 1970 දශකයේ සමාජ අලෙවිකරණ ශිල්පීය ක්‍රම මගින් අභියෝග ක්‍රමානුකූලව අවධාරණය කරන ලදී. සාරධර්ම හා දැනුම වෙනස් කිරීම මෙන්ම චර්යා රටාවන් ලබන්නන්. සමාජ අලෙවිකරණය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට 1971 දී කෝට්ලර් විසින් හඳුන්වා දෙන ලදී. සැල්ට්මන් විසින් 1971 කාලයේ දක්වන්නේ මෙම සංකල්පය වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාළනය කිරීම මෙන්ම සමාජ අදහස් පිළිගැනීමේ හැකියාව කෙරෙහි සලකා බැලීමට සහ සලකා බැලීමට සම්බන්ධ විය. නිෂ්පාදන, සැලසුම්, මිලකරණය, සන්නිවේදනය, බෙදා හැරීම සහ අලෙවිකරණ පර්යේෂණ මෙම සංකල්පය තුළින් ක්‍රියාත්මක් වන්නට විය.


👉 විනෝදාත්මක අධ්‍යාපන ප්‍රවේශය-

ලෝක යුද්ධයෙන් පසු බටහිර ජාතීන් ක්‍රියාත්මක කළ සංකල්පයක් ලෙස මෙම සංකල්පය හදුනාගත හැකිය. විනෝදාස්වාද හා අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී උපාය මාර්ගයක් නියෝජනය කරයි. සමාජ ගැති අදහස් විනෝදාත්මක මාධ්‍ය නිෂ්පාදන තුළ අන්තර්ගත වේ, සාමාන්‍යයෙන් විශාල කොටසක සමාජ අලෙවිකරණ ව්‍යාපාරය මෙම ප්‍රවේශයේදී අධ්‍යාපනික අන්තර්ගතයන් මාධ්‍ය තුළ අන්තර්ගත වේ. ගුවන්විදුලිය, රූපවාහිනිය, සංගීතය, වීඩියෝ සහ ජන නාට්‍ය වැනි වැඩසටහන් ීසබටය්ක සහ ඍදටැරි විසින් 1999 දී පෙන්වා දෙන්නේ ඒ ඒ වැඩසටහන් සෘජුව හෝ වක්‍රව සමාජ විපර්යාස සඳහා පහසුකම් සපයන බවයි. සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගත හැකි පෙළඹවීම් උපායමාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිවිය. යම් රටක සමස්ත ප්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහලකි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංකල්පය බිහිවිය. 1980 දශකයේදී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරඹිණ. එහිදී සංවර්ධන සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද, යනාදී කරුණු එහිදී අවධානයට ගැණින. රටක ජාතික සංවර්ධන ක්‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකිය. සාම්ප්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි. සංවර්ධනය යන්නෙන් ආර්ථික,  සමාජ,  සෞඛ්‍ය,  සංස්කෘතික හා අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.

ඒ අනුව මෙම සංවර්ධනය සඳහා විවිිධ විද්වතුන් විවිධ අදහස් නිර්වචනය කොට ඇත. ඒ අනුව එම නිර්වචන කිහිපයක් ලෙස,  

සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ බටහිර මතවාද

 👉 මහාචාර්ය විල්බර් ශ්‍රාම් - 

“ජාතික අපේක්ෂා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජාතිකත්වය පිළිබඳ හැඟීම තහවුරු කිරීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇතිකිරීමට ජනමාධ්‍ය භාවිත කළ හැකි බවත් ශ්‍රාම්ගේ මතයෙහි දැක්වෙයි. සාම්ප්‍රදායික සමාජවල නව හැකියා ව්‍යප්තියට ජනමාධ්‍ය භාවිතයට ගත හැකිය. පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ද තිබේ.”

👉එවර්ට් එම්. රොජර්ස් - 

සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාව මැනවින් තේරුම් ගැනීමටත් - නවෝත්පාදන විසරණයටත් සංවර්ධන සන්නිවේදනය භාවිත කෙරේ. ජාතික න්‍යාය පත්‍රය සැකසීමත් - සංවර්ධනය පිළිබඳ විවිධ ගැටලූ සාකච්ඡුාවට පසුබිම සැකසීමත් -සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර සම්බන්ධතාව වටහා ගැනීමටත් සංවර්ධන සන්නිවේදනය පිටිවහලකි.

👉 ඩැනියල් ලර්නර් - 

“මැද පෙරදිග කලාපයට විශේෂිතව කරන ලද පර්යේෂණ අනුව මෙම මතවාදය ඉදිරිපත් කෙරිණ. නාගරීකරණය - සාක්ෂරතාව - ජනමාධ්‍ය භාවිතය - දේශපාලන සහභාගීත්වය ආදී කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මීට අමතරව අදහස් මතවාද වෙනස්කිරීමේ ක්‍්‍රියාවලියට සහවේදනය බලපාන බව ද ඩැනියල් ලර්නර් පෙන්වාදෙයි.

👉 ලූෂන් පායි - 

පෞද්ගලික මත හා සංකල්ප සමාජීය පදනමක් තුළ ඉදිරිපත් කිරීම හා විග්‍රහ කිරීම ජනමාධ්‍යවලින් ඉටුවිය යුතුය. සන්නිවේදන හා දේශපාලන ක්‍්‍රියාවලි අතර ඇති සම්බන්ධතා එමගින් ඔහු විග්‍රහ කරයි. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමෙන් පසු දේශපාලනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබාගත හැකි බව මින් පෙන්වා දී තිබේ.”

👉පෝල් පී. ස්ටීවන් - 

“සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැකියාව හා සමාජ අසමානතාවයි.”

          මේ අනුව බටහිරවාදී සංවර්ධන ක්‍රියාවන් සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවලට හුදෙක් ගැලපුනේ නැත. සංස්කෘතිය, ඇදහිළි, විශ්වාස හා  සාම්ප්‍රධායිකත්වය ආදී ක්‍රමවේද මත බටහිර ජනමාධ්‍ය හා බැඳි සංවර්ධනය ආගන්තුක විය. ඒ අනුව මහාචාර්ය විමල් දිසානායක වැනි විද්වතුන් විසින් මෙම සාම්ප්‍රධායික සංවර්ධනය බටහිර උගුලෙන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද යොදවා ඇත. මීට අමතරව මහත්මා ගාන්ධි, නායර් වයිට්, මාවෝ සේතුං, පෝල් පී ලැසාෆීල්ඞ් ආදී පුද්ගලයන්ගේ පර්යේෂණ මත සංවර්ධනය වෙමින් පවතින්නා වු රටවල සාර්තක ලෙස සංවරධනය කරන්නට විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ  දේශීය ජනයාගේ ඒකරාශි කරලීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනගාරික ධර්මපාල වැනි සුවිශේෂි චරිතයන් ලංකාව තුළ ජනමාධ්‍ය භාවිතා නොකොට මානව හා භෞතික සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වූ පර්යේෂණ සංකල්ප ආදී බිහිවන්නට විය. මහාචාර්ය විමල් දිසානායක මහතා මෙම සංවර්ධනය පිළිබඳ දක්වන්නේ “ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.”

👸 චීනය තුළ සංවර්ධන සන්නිවේදනය

මාඕ සේතුං විසින් චීනය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු මූලික ලක්ෂණ 04 ක් හඳුන්වා දෙන ලදි.

1. ප්‍රජානනය

2. සාරාංශකරණය

3. ප්‍රමාණීකරණය 

4. ක්‍රියාවට පරිවර්තනය කිරීම

ප්‍රජානනය යනු, චීනයේ විවිධ සේවා ශේණි වල නියුක්ත තරුණ කොටස් සමස්ථ චීනයේ ගම් නියම්ගම් වලට පිටත් කර ජනතාව සමඟ වාසය කරමින් ඒ ඒ ප්‍රදේශ වල මානව චර්යාව, මානව අවශ්‍යතා, අදහස් හා ආකල්ප, පහසුකම්, සම්පත් හා අඩුපාඩු හඳුනා ගැනීමත්, ඒ ඒ ප්‍රදේශ වලට වඩාත් උචිත සංවර්ධන ව්‍යාපෘති මොනවාදැයි තෝරා ගැනීමත්ය.

සාරාංශකරණය යනු, ප්‍රජානනය අවස්ථාවේදී එක්රැස් කරගත් තොරතුරු සාරාංශ ගතකොට පාලක පක්ෂය වෙත ඉදිරිපත් කිරීමයි.

ප්‍රමාණීකරණය යනු, පාලක පක්ෂය වෙත ඉදිරිපත් කරනු ලැබූ කරුණු තවදුරටත් ගැඹුරින් විමර්ශනය කර, ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ගැනීමයි.

ක්‍රියාවට පරිවර්තනය කිරීම යනු, පාලක පක්ෂයේ අනුමැතිය ලද ක්‍රියාමාර්ග, සැලසුම් හා ව්‍යාපෘති ප්‍රාදේශිය මට්ටමින් ක්‍රියාවට නැංවීමයි. මේ අනුව පහළ සිට ඉහළට කුඪා කණ්ඩායම් සන්නිවේදනය යොදාගන්නට විය.


 👸 ඉන්දියානු සංවර්ධන ආකෘති:- 

ඉන්දියාවේ මහාචාර්ය ලක්ෂ්මන් රාඕ පෙන්වා දෙන්නේ, දේශීය අවශ්‍යතාවයන් හඳුනාගෙන, දේශයට ගැලපෙන සේ සංවර්ධනය, සැලසුම් කළයුතු බවයි. මතවාද සකස් විය යුතු බවයි.  එමෙන්ම ඉන්දියාවේ මහත්මා ගාන්ධි ද පෙන්වා දෙන්නේ රටට ගැලපෙන පරිදි රටෙහි ඇති සම්පත් පරිභෝජනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

ඉන්දියානු බහුජන සන්නිවේදන සම්ප්‍රදායෙහි අන්තර්ගත කොටසක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද ආගමික හා සංස්කෘතික වාග් ව්‍යවහාර ගාන්ධිතුමා විසින් භාවිත කරන ලදී. ගාන්ධිගේ සන්නිවේදන භාවිතයේ දී යොදා ගන්නා ලද්දේ ඉන්දීය ජන සංස්කෘතිය හා භගවත් ගීතාවයි. එසේ ම හින්දු සම්ප්‍රදායෙහි යෙදුම් හා සංකේත ද ගාන්ධිතුමා විසින් යොදා ගන්නා ලදී. ගාන්ධිතුමා විසින් යම් යම් සම්ප්‍රදායික පද ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති වන පරිදි යොදා ගනු ලැබීය. එහි දී ඔහු යොදා ගත්තේ සංස්කෘත සම්ප්‍රදායේ වාග් මාලාවයි. ලුණු - චරකය හා ස්වරාජ් යන පද ඒ අතර ප්‍රධාන වේ.

ලුණු මගින් නිරූපණය වූයේ ඉංග්‍රීසි විරෝධී සමාජ භාවිතයකි. එය බැඳුණේ ලුණු බද්ද සමග ය. මේ නිසා ඉංග්‍රීසි විරෝධයේ නිර්නායකයක් ලෙස ලුණු භාවිතයෙන් වැළකී සිටීමට ජනයා පොළඹවා ගැනීමට හැකි විය.


චරකය මගින් ස්වදේශීය නිෂ්පාදන පිළිබඳ සංකල්පය ගොඩ නංවන ලදී. චරකය යොදා ගත්තේ අතින් රෙදි විවීම සඳහා ය. ඒ අනුව ඝණ කදාර් රෙදි හැඳීම ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහි අරගලයක් ලෙස ජනයා පිළි ගත්හ.


එසේ ම රාජ රාජ්‍යය පිළිබඳ සංකල්පය ද ඉතා බලවත් ලෙස යොදා ගන්නට ගාන්ධිතුමන්ට හැකි විය. එය යොදා ගත්තේ වීරත්වයෙන් යුතු සමාජයක් බවට ඉන්දියානු සමාජය පත් කර ගැනීමට ය.


💁 ලිපීනයේ මැංගලින් න්‍යාය:-  

මුළු මහත් අග්නිදිග ආසියාවටම පූර්වාදර්ශය සැපයූ පිලිපීන සංවර්ධන සන්නිවේදන ආකෘතියේ ද පැහැදිලි ලෙසම ප්‍රජා ග්‍රාහක කේන්ද්‍රීය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරයි.  එහිදී පෙන්වා දෙන්නේ, “ඔවුන් දන්නා දෙයකින් පටන් ගන්න”, “ඔවුන් සතු දෙයකින් ගොඩනඟන්න” යනුවෙනි.

👲පෝල් ලැසාෆීල්ඞ් ආකෘතිය -

1940 දී පෝල් ලැසාෆීල්ඞ් විසින් හඳුන්වා දුන් මෙම ආකෘතිය අනුව සංවර්ධන සංදේශයක් ගමන් කරන්නේ පියවර දෙකකිනි. පළමුවන පියවරේ දී සංදේශය ජනමත නායකයන් වෙත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත නායකයන් යනු සමාජයේ අන්‍යයන් පිළි ගන්නා ප්‍රමුඛ කණ්ඩායමකි. ජනමත නායකයන් විසින් තමන් ලබා ගන්නා ලද සංදේශය වඩාත් සංවේදී ලෙස ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම සිදු වේ. සෘජුව ම ප්‍රජාව වෙත සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම පියවර දෙක අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව ලැසාෆීල්ඞ් විසින් පෙන්වා දුන්නේ ය. මෙම ආකෘතිය වඩාත් උචිත වූයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා සන්නිවේදනය භාවිත කිරීමට ය.



👬 නායර් හා වයිට්ගේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ හුවමාරු මාදිලිය

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ව්‍යාප්තික ක්ෂේත්‍ර අත්හදාබැලීමක් යටතේ මෙම මාදිලිය යොදවා පර්යේෂණයට ලක් කරන ලදී. එය මෙහෙයවන ලද්දේ පූනා විශ්ව විද්‍යාලය විසිනි. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ මෙම මාදිලියේ සංකල්ප තහවුරු කර ගැනීමත්, එය තව දුරටත් පැහැදිලි කර ගැනීමත් ය.

1. පර්යේෂණ කාර්ය මණ්ඩලය විසින් කණ්ඩායම් ගොඩ නැගීම පිළිබඳ අත්හදා බැලීම කරන ලද්දේ, එකිනෙකා අතර අර්ථාන්විත ක්‍රියාවන් ගොඩ නංවමිනි. එයට ගොවීහු ක්‍රියාකාරී ලෙස සහභාගි වී ඇත.

2. සහභාගිත්ව ප්‍රවේශයක් යොදා ගැනීම මගින් ගම්වැසියන් දිරි ගන්වන්නට හැකි විය. ඒ සඳහා ක්‍රියාකාරී සංවාද ප්‍රයෝජනවත් විය. එම සංවාදයට පර්යේෂකයෝ ද, විශේෂඥයෝ ද ගොවීහු ද එක් වූහ.

3. සහභාගිත්ව සංදේශ සංවර්ධනය සඳහා විද්‍යුත් මාධ්‍ය ප්‍රයෝජනයට ගැනිණි. එහි දී වීඩියෝ ප්‍රධාන විය. එක් අවස්ථාවක දී එක් ගොවි කාන්තාවක් විසින් සංවර්ධනය තුළ ඔවුන්ගේ භූමිකාව නිරූපණය කරන හා ඔවුන්ගේ ගැටලු අනාවරණය කරන වීඩියෝ පටයක් නිර්මාණය කරන ලද්දේ ය. එක් ගම්මානයක දී පර්යේෂකයන් විසින් කාන්තාවකගේ අදහස් ප්‍රකාශ කිරීමේ වීඩියෝ පටයක් සකසා එය ගමේ කාන්තා රැස්වීමක දී ඉදිරිපත් කරනු ලැබීය. එය නැරඹූ කාන්තාවෝ බොහෝ උනන්දුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූහ.



ශ්‍රී ලංකාවේ සංවර්ධන පර්යේෂණ හා ක්‍රමවේද

සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක  ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරික සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ද තම තමන්ගේ සංවර්ධනාත්දක අරමුණු ජය ගැනීම සදහා විවිධ ආකෘති භාවිත කරයි. 

යුනෙස්කෝව මඟින් කරනු ලැබූ අධ්‍යයනයකින් ද පෙන්වා දෙන්නේ, සංවර්ධනය මනිනු ලබන දර්ශකයන් වන දළ දේශීය ආදායම, සාක්ෂරතාව, නාගරීකරණය සහ කාර්මීකරණය යන සාධක හොඳින් වර්ධනය වූ ජනමාධ්‍ය පද්ධතියක් මත රඳා පවතින බවයි.  එමෙන්ම මැක් බ්‍රයිට් විසින් එළිදක්වනු ලැබූ “එක් ලොවක් සඳහා විවිධ හඩවල්” :ඵ්බහ ඪදසජැ ්බා දබැ උදරකා* වාර්තාව තුළින් යහපත් ජනමාධ්‍ය වටපිටාවක් පැවැතීම, සංවර්ධනය මැනීමේ සාධකයක් ලෙස පෙන්වා දෙන ලදි.  ඒ අනුව ජනගහනයෙන් බහුතරයකට ඇති රූපවාහිනි පරිහරණය, ගුවන්විදුලි, පුවත්පත් පරිහරණය, සිනමා ශාලා සහ ආසන සංඛ්‍යාව, සාක්ෂරතා ගුණය වැනි සාධක සංවර්ධනය සමඟ ඇති සබඳතාවය පෙන්වා දෙන ලදි. 

ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සදහා ජනමාධ්‍ය භාවිතය පිළිබද විමසීමේ දී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන් විදුලියක් ලෙස කටයුතු  කරමින් ජනතාවගේ  විවිධාකාර වූ සංවර්ධනයක් සදහා විශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ප්‍රජා ගුවන් විදුලි සේවා පිහිටුවීම මගින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සදහා ගුවන් විදුලී මාධ්‍යට කල හැකි උපරිම සේවාවක් ද සකසා ඇත. 1963 වර්ෂයේ දී ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මගින් ග්‍රාමීය සැදෑ කාලයේ වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිනි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එමපණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු  කරගත් වැඩ සටහන් ද විකාශනය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම , සංස්කෘතිය ආදි විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති, ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.

1970 සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබද පස් අවුරුදු සැලැස්ම සමග සංවර්ධන සන්නිවේදනය පිළිබදව නව අත්දැකීම් ශ්‍රී  ලංකාවට ලැබිණි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා තිබු අතර ආරම්භයේ දී ම 1972 ලේක් හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා  ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරිමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත් විය. එසේ වූවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන  ලද 1967 වර්ෂයේ දී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙසේ දක්වා ඇත. “එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තුවී ඇත.”

1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තුළ ගුවන් විදුලිය සම්පූණයෙන්ම යොමු කරන ලද්දේ එවකට ක්‍රියාත්මක කරමින් තිබු වගා සංග්‍රාමය පිළිබද පණිවිඩය ජනයා වෙත ගෙන යාමටය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සදහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක, කාර්යයකි. එය මාධ්‍යක් වශයෙන් කෙසේ සාර්ථක වූයේ ද යන්න වෙනම විමසා බැලිම යුක්තකි. එසේම වූවත් එකල ප්‍රවෘත්ති, උදා ගී, සංවර්ධනාත්මක පණිඩිඩ රැගත් විවිධ සාකච්ඡා , ප්‍රබුද්ධ ගී, දේශාභිමානි ගී ආදිය ගුවන් විදුලි සමාජ පිහිටුවීත්, ඒවා සමග කෘෂි සංවර්ධ නිලධාරින් හා පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී “කුරුළු බැද්ද”, “දියනිල්ලේ රාළ” සහ “කිවුලේ කුඹුර” යන නාට්‍ය මඟින් ප්‍රභල සංවර්ධන සන්නිවේදන කාර්යයන් ඉටුකර තිබේ. ගොවි දැනුම මෙන්ම විනෝදය ද එයින් සපයා ඇත. විශේෂයෙන් “කිවුලේ කුඹුර” වැනි නාට්‍යය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර ඇත.  “මුවන්පැලැස්ස” සහ “කුඹරේ ගම” යන නාට්‍යය සෘජුවම සංවර්ධනය තේමා කරගෙන තිබේ.  “කොලරාව, මැලේරියාව” මර්ධනය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මක තොරතුරු, ගැමි ජීවන රටාව, මිනිස්කම් ආදිය පිළිබඳ තොරතුරු ද එමඟින් සන්නිවේදනය කර ඇත.  කුඹුරේගම නාට්‍යය තුළින් ග්‍රාම සංවර්ධන සමිති, තරුණ සංවිධාන හා විවිධ ගොවි සමිති පිළිබඳව සාකච්ඡා කර ඇත.  “පහන් සිළුව” වැනි ගුවන්විදුලි නාට්‍ය ප්‍රජා සෞඛ්‍ය හා පවුල් සංවිධාන යන තේමාව මත ගොඩනැඟී තිබේ.

ප්‍රජා ගුවන්විදුලිය -

නූතනයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වේ.  නේපාලයේ “මදන් පොක්රා” ගුවන්විදුලිය, “ලුම්බිණි” ගුවන්විදුලිය ලාභ ලබමින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා ගුවන්විදුලි වේ.  පිලිපීනයේ “තාම්බුලී” නමින් හැඳින්වෙන ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වෙයි. ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ගුවන්විදුලි තුළ බහුල වශයෙන් ඉදිරිපත් වන්නේ, ප්‍රජාවට අවශ්‍ය වන්නා වූ කෘෂිකාර්මික, ආර්ථික, සමාජ සංස්කෘතික තොරතුරුය. මෙම ගුවන්විදුලි, ගොවියන්, ධීවරයින් හා කුඩා ව්‍යාපාරිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩල මඟින් පාළනය කරයි.  තාම්බුලි ගුවන්විදුලිය ක්‍රියාත්මක වන්නේ, පීපෝ සංකල්පයට අනුවය.

1. සහභාගිත්වය  

2. ජනතාව 

3. බලය 

4. බහුවිධකරණය 

මහවැලි ප්‍රජා ගුවන්විදුලිය:- 1981 දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ කරන මෙම ගුවන්විදුලිය පසුව, ගිරාඳුරුකෝට්ටේ සහ මහඉලුප්පල්ලම ලෙස ප්‍රජා ගුවන්විදුලි සේවා දෙකකට වෙන් කරනු ලැබීය.  භෝග වගාව පිළිබඳව, පළිබෝධ පාලන ක්‍රම පිළිබඳව, පොහොර භාවිතය පිළිබඳව, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව, සෞඛ්‍ය තොරතුරු ආදිය ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය:- 1989 යුනෙස්කෝ සංවිධානයේ ආධාර මඟින් ආරම්භ කරන ලද මෙම ගුවන්විදුලිය පසු කාලයේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙස ද පුළුල් කරන ලදි.  සිංහල සහ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින්, කෘෂිකාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමත්, අන්තර්ජාල පහසුකම් ඔස්සේ නවීන තොරතුරු ජනතාවට ළඟාකරදීමත් මෙමඟින් සිදුවේ.

ඌව ප්‍රජා ගුවන්විදුලිය:- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් ලෙස ආරම්භ වන ඌව ප්‍රජා ගුවන්විදුලිය, ඌව පළාතේ වෙසෙන සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන කෘෂිකාර්මික, සංස්කෘතික වැඩසටහන් රැසක් දියත් කරනු ලබයි.  අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම ජාතීන් අතර සුහඳතාවය වර්ධනය කරන වැඩසටහන් කෙරෙහි ද  මෙහිදී අවධානය යොමු වී තිබේ.



රූපවාහිනිය හා සංවර්ධන සන්නිවේදනය

අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධන ක්‍රියාවලියේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නයිජීරියාව, පැමෝවා දේශය, කොලොම්බියාව, අයිවරිකෝස්ට්, ඇල්ජීරියාව ආදී රටවල කරන ලද පර්යේෂණ මඟින් ද එය තහවුරුවී තිබේ.  විධිමත් අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම නොවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ද එහිදී විශේෂ වෙයි.  උදාහරණ:- ත්‍රී ටූ පයිව්, අධ්‍යාපන විකාශය, නුග සෙවන, ලෝකප්‍රකට සෙසම්වීදිය වැඩසටහන. මීට අමතරව ජපානයේ සංවර්ධනය සඳහා ප්‍රධාන ලෙස ඔෂින් වැනි රූපවාහිනී වැඩසටහන් යොදාගන්නට විය.

ජනප්‍රිය රූපාවාහිනි වැඩසටහන් ආකෘතියක් වන ටෙලිනාට්‍යය ද සංවර්ධන අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකිය.  විවිධ දේශපාලනික මතවාද ඉදිරිපත් කිරීම, දූෂණ වංචා හෙළිදරව් කිරීම, මාතෘ හා ළමා සෞඛ්‍ය, ලිංගික සෞඛ්‍ය, බෝවන ලෙඩ රෝග ආදිය පිළිබඳව ද තොරතුරු එමඟින් ඉදිරිපත් කළහැකිය.  උදාහරණ, අප්‍රිකානු මහාද්වීපය තුළ ප්‍රචලිත “විලේජ් හෙඞ් මාස්ටර්” (මුල් ගුරුතුමා), “ඉඳුරු දොර”, “ඇල්ල ලඟ වලව්ව” ආදී නාට්‍ය මඟින් ඒඞ්ස් රෝගය සහ ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීම, “සුර අසුර”, “මේ පාරෙන් එන්න” ආදී නාට්‍ය මඟින් සමාජ ඒකාබද්ධතාවයක් ඇති කිරීම. කෘෂිකාර්මික වැඩසටහන් මඟින් නව බෙහෙත්, පොහොර වර්ග, බීජ වර්ග, වගා නඩත්තුව, පළිබෝධ පාලන ක්‍රම, අස්වනු නෙලීමේ තාක්ෂණය, ජල කළමණාකරණය, පසු අස්වනු තාක්ෂණය, ගබඩා තාක්ෂණය, පසු නිෂ්පාදන ආදිය පිළිබඳ දැනුම සමාජගත කළහැකිය.  උදාහරණ:- “අපි වවමු - රට නගමු”, “ගොවි බිමට අරුණළු”, “රන් කහවනු”. ආදී වැඩසටහන් මෙන්ම ඉහත දැක්වූ ක්‍රමවේද උපයෝගී කොට සංවර්ධනය මේ දක්වා ක්‍රියාත්මක විය.

                                                       

                                                                                                                                                                                                

මූළාශ්‍ර-