pmadhuranga921@gmail.com
සංවර්දන සංන්නිවේදනය දෙවන ලෝක යුද්ධයෙන් පසු 1980 දක්වා වු ක්‍රියාත්මක වීම හා ඉන් අනතුරුව අද දක්වා ක්‍රියාත්මකවීම.
(සංවර්ධන සංන්නිවේදන නිර්වචන ආකෘති පර්යේෂණ හා සංකල්පීය ක්‍රමවේද )
සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයයි. ඒ 1950 දශකයේ අග භාගයේදීයි. 1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල්වරට භාවිත කෙරිණ. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේය. එනම්, “සංවර්ධන සන්නිවේදනය යනු රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදා ගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවකි. එමගින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකිය.” දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකෙරිණ. ඒවායේ ප්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක්‍රමෝපායන් හඳුනා ගැණින. එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිකිරීමට සාධක විය. තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා - අප්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකි අතර මේවා නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල් වශයෙන් හදුනාගත හැකි වේ. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය, ජපානය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකය ලෙස හැඳින්වෙයි. ඒ අනුව දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.
බටහිර සංවර්ධන ක්‍රමෝපායන් -
👉 නවීකරනය -
නවීකරණ පරමාදර්ශය තුළ ජනමාධ්‍යයට කේන්ද්‍රීය ස්ථානයක් හිමි විය. ප්‍රයෝජනවත් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහාවූ මාධ්‍ය සහගැන්වීම සඳහා වන මාධ්‍ය, දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපදයේ මනෝවිද්‍යාත්මක යුධ පර්යේෂණ, ව්‍යාප්ති අධ්‍යාපනය වැනි දෑ ප්‍රදේශවලට මාරු කරන ලදී. සංවර්ධනමය තොරතුරු, කෘෂිකාර්මික හා සෞඛ්‍ය ආදී අංශ ව්‍යාප්ත කරමින් මෙම නවීකරනය සදහා ජනමාධ්‍ය ව්‍යාප්ත කරනන්ට විය. එබැවින් අධ්‍යාපනය ක්‍රියාවලිය වේගවත් කිරීමේ තීරණාත්මක වගකීම ජනමාධ්‍ය හරහා පවරා ඇති අතර මෙය බටහිර රටවලට හිතෛෂිව සිදු කරන්නට විය. සංවර්ධනය වෙමින් පවතින රටවල මානව සම්පත් බළමුලු ගැන්වීම මොවුන්ගේ ප්‍රධාන අරමුණවන අතර මේ සදහා ජනමාධ්‍ය යොදාගන්නට විය. සංවර්ධිත රටවලින් ඔවුන්ගේ නව අදහස් හා ආකෘති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රකාශ කිරීම සඳහා නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ගම්බද ප්‍රදේශ දක්වා තොරතුරු විකාශණය කර නවීකරනය කරන්නට විය. රොජර්ස් සහ ස්වේනිං විසින් 1969 වසරේ දක්වන්නේ ඔවුන් බලවත් යැයි සිතා, සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගල හැසිරීම් කෙරෙහි ඒකාකාරී හා සෘජු බලපෑම් ඇති කරනන්ට වූ බවය. නවීකරණය යන්න අර්ථකථනය කිරීමේදි සමාජ විද්‍යා විශ්වකෝෂයේ ඇති අදහස ද බෙහෙවින් වැදගත් වේ. එහි සඳහන් වන අන්දමට “ නවීකරණය යනු ආර්ථික සංරචක මත සමාජ වෙනස් වීමේ ක්‍රියාවලියයි.” නවීකරණය වු සමාජ ලබා ගත් පොදු සමානකම් පිළිබඳව සැලකීමේදි මෙම ලක්ෂණය බටහිර රටවල, උතුරු ඇමරිකානු රටවල හා ජපානය වැනි රටවලද දැකිය හැකිය. (ෂබඑැරබ්එසදබ්ක ෑබජහජකදචැාස් දf එයැ ීදජස්ක ීැපජැි, 1968, ඡ්ටැ 387) නවීකරණය පිළිබඳ දක්වා ඇති අදහස් අතර පහත සඳහන් නිර්වචනීය අදහස් ද වැදගත් වෙයි.
■ මාරියන් ජේ ලෙවි-
“කාර්යක්ෂම ලෙස මෙවලම් භාවිත කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස නවීකරණය සැලකිය හැක.”
■ ඩී. ඒ. රස්ටෝ -
“වේගවත් ලෙස පුළුල් වෙමින් හා පාළනය වෙමින් ස්වාභාවිකත්වය හරහා මිනිසාට සමීප වුදෙයකි.”
■ රොබට් එම් කෙන්ඩි -
“ආසියාවේ හා බොහෝ රටවල පවතින සමාජීය, ආර්ථික, දේශපාලන, මනෝ විද්‍යාත්මක අංශයන්හි සිදුවන සංකීර්ණ පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි නවීකරණය.”
■ එස්. සී. ඩියුබි -
“කිසියම් ක්‍රියාවලියක් සාම්ප්‍රදායික ක්‍රමයේ සිට තාක්ෂණික ක්‍රමයට හැඩගැසීම සඳහා හවුල් වු සමාජ ආකෘති, වටිනාකම්, හැඩගැසීම් හා පෙළඹවීම් යනාදියේ එකතුවකි.”
👉 විසරනය -
මෙම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයේ කේන්ද්‍රීයව කටයුතු කළ එවරට් එම් රොජර්ස් පහත සඳහන් ප්‍රධාන දේ හඳුනා ගත්තේය. අදහසක් හෝ නවෝත්පාදනයක් ව්‍යාප්ත කිරීම පිළිබඳ ඕනෑම විශ්ලේෂණයක මූලද්‍රව්‍ය: (1) නවෝත්පාදනය, කුමක් හෝ කිසියම් අදහසක් ලබන්නා විසින් අළුත් දෙයක් ලෙස සලකන්නේද, (2) ඇතැම් නාලිකා හරහා එහි සන්නිවේදනය,(3) සමාජ පද්ධතියක සාමාජිකයන් අතර සහ (4) කාලයත් සමඟ යනාදී අදියර පහක් සංකල්පිතව ඍදටැරි සහ ීයදැප්නැර 1971 කාලයේ දී විස්තාරණය කර තහවුරු කර ඇත. ඒ අනුව මොවුන්ගේ එකම පරමාර්ථය වූයේ සංවර්ධනය වෙමින් පවත්නා යටත් විජිතානුකූල රටවල් තම බල කේන්ද්‍රීය වෙත ඈදෑ ගැනීම වේ. මේ සදහා මොවුන් ජනමාධ්‍ය භාවිතා කොට ඉතා සූක්ෂම ලෙස ඉහළ සිට පහළ තෙක් තොරතුරු ව්‍යාප්ත කරන්නට විය.
👉 සමාජ වෙළද පොල -
සන්නිවේදන ව්‍යාපාර සමඟ ඒක මාර්ගිකව, ඉහළ සිට පහළ සහ මූළාශ්‍රයනගේ සිට ග්‍රාහක සම්ප්‍රේෂණ ආකෘති භාවිතා කර ඇත. ඉලක්කයට පණිවිඩය ලැබුණු වහාම බලපෑම් ස්වයංක්‍රීයව සිදුවනු ඇතැයි විශ්වාස කරන බව රොජර්ස් විසින් 1973 අදහස් දක්වා ඇත. මෙමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ මතය හා නායකයින්, වෙනස් කිරීම සඳහා ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය ඒත්තු ගැන්වෙන පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමට භාවිතා කරන ලදී. මෙම උපාය මාර්ගවල උපකල්පනය වූයේ එයයි. එනම් දැනුම යනු සේවාවක් හෝ නිෂ්පාදනයක් සඳහා භාවිතා කිරීමේ සම්බන්ධව නොවේ එය හුදෙක්ම බටහිර මොවුන්ගේ එකම බලාපොරොත්තුව සංවර්ධනය වෙමින් පවතින රටවල බටහිර සමාජ වෙළදපොළක් ඇති කිරීම වේ. 1970 දශකයේ සමාජ අලෙවිකරණ ශිල්පීය ක්‍රම මගින් අභියෝග ක්‍රමානුකූලව අවධාරණය කරන ලදී. සාරධර්ම හා දැනුම වෙනස් කිරීම මෙන්ම චර්යා රටාවන් ලබන්නන්. සමාජ අලෙවිකරණය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට 1971 දී කෝට්ලර් විසින් හඳුන්වා දෙන ලදී. සැල්ට්මන් විසින් 1971 කාලයේ දක්වන්නේ මෙම සංකල්පය වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාළනය කිරීම මෙන්ම සමාජ අදහස් පිළිගැනීමේ හැකියාව කෙරෙහි සලකා බැලීමට සහ සලකා බැලීමට සම්බන්ධ විය. නිෂ්පාදන, සැලසුම්, මිලකරණය, සන්නිවේදනය, බෙදා හැරීම සහ අලෙවිකරණ පර්යේෂණ මෙම සංකල්පය තුළින් ක්‍රියාත්මක් වන්නට විය.
👉 විනෝදාත්මක අධ්‍යාපන ප්‍රවේශය-
ලෝක යුද්ධයෙන් පසු බටහිර ජාතීන් ක්‍රියාත්මක කළ සංකල්පයක් ලෙස මෙම සංකල්පය හදුනාගත හැකිය. විනෝදාස්වාද හා අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී උපාය මාර්ගයක් නියෝජනය කරයි. සමාජ ගැති අදහස් විනෝදාත්මක මාධ්‍ය නිෂ්පාදන තුළ අන්තර්ගත වේ, සාමාන්‍යයෙන් විශාල කොටසක සමාජ අලෙවිකරණ ව්‍යාපාරය මෙම ප්‍රවේශයේදී අධ්‍යාපනික අන්තර්ගතයන් මාධ්‍ය තුළ අන්තර්ගත වේ. ගුවන්විදුලිය, රූපවාහිනිය, සංගීතය, වීඩියෝ සහ ජන නාට්‍ය වැනි වැඩසටහන් ීසබටය්ක සහ ඍදටැරි විසින් 1999 දී පෙන්වා දෙන්නේ ඒ ඒ වැඩසටහන් සෘජුව හෝ වක්‍රව සමාජ විපර්යාස සඳහා පහසුකම් සපයන බවයි. සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගත හැකි පෙළඹවීම් උපායමාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිවිය. යම් රටක සමස්ත ප්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහලකි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංකල්පය බිහිවිය. 1980 දශකයේදී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරඹිණ. එහිදී සංවර්ධන සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා සන්නිවේදනය ද, සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද, යනාදී කරුණු එහිදී අවධානයට ගැණින. රටක ජාතික සංවර්ධන ක්‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකිය. සාම්ප්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි. සංවර්ධනය යන්නෙන් ආර්ථික, සමාජ, සෞඛ්‍ය, සංස්කෘතික හා අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.
ඒ අනුව මෙම සංවර්ධනය සඳහා විවිිධ විද්වතුන් විවිධ අදහස් නිර්වචනය කොට ඇත. ඒ අනුව එම නිර්වචන කිහිපයක් ලෙස,
සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ බටහිර මතවාද
👉 මහාචාර්ය විල්බර් ශ්‍රාම් -
“ජාතික අපේක්ෂා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජාතිකත්වය පිළිබඳ හැඟීම තහවුරු කිරීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇතිකිරීමට ජනමාධ්‍ය භාවිත කළ හැකි බවත් ශ්‍රාම්ගේ මතයෙහි දැක්වෙයි. සාම්ප්‍රදායික සමාජවල නව හැකියා ව්‍යප්තියට ජනමාධ්‍ය භාවිතයට ගත හැකිය. පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ද තිබේ.”
👉එවර්ට් එම්. රොජර්ස් -
සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාව මැනවින් තේරුම් ගැනීමටත් - නවෝත්පාදන විසරණයටත් සංවර්ධන සන්නිවේදනය භාවිත කෙරේ. ජාතික න්‍යාය පත්‍රය සැකසීමත් - සංවර්ධනය පිළිබඳ විවිධ ගැටලූ සාකච්ඡුාවට පසුබිම සැකසීමත් -සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර සම්බන්ධතාව වටහා ගැනීමටත් සංවර්ධන සන්නිවේදනය පිටිවහලකි.
👉 ඩැනියල් ලර්නර් -
“මැද පෙරදිග කලාපයට විශේෂිතව කරන ලද පර්යේෂණ අනුව මෙම මතවාදය ඉදිරිපත් කෙරිණ. නාගරීකරණය - සාක්ෂරතාව - ජනමාධ්‍ය භාවිතය - දේශපාලන සහභාගීත්වය ආදී කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මීට අමතරව අදහස් මතවාද වෙනස්කිරීමේ ක්‍්‍රියාවලියට සහවේදනය බලපාන බව ද ඩැනියල් ලර්නර් පෙන්වාදෙයි.
👉 ලූෂන් පායි -
පෞද්ගලික මත හා සංකල්ප සමාජීය පදනමක් තුළ ඉදිරිපත් කිරීම හා විග්‍රහ කිරීම ජනමාධ්‍යවලින් ඉටුවිය යුතුය. සන්නිවේදන හා දේශපාලන ක්‍්‍රියාවලි අතර ඇති සම්බන්ධතා එමගින් ඔහු විග්‍රහ කරයි. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමෙන් පසු දේශපාලනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබාගත හැකි බව මින් පෙන්වා දී තිබේ.”
👉පෝල් පී. ස්ටීවන් -
“සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැකියාව හා සමාජ අසමානතාවයි.”
මේ අනුව බටහිරවාදී සංවර්ධන ක්‍රියාවන් සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවලට හුදෙක් ගැලපුනේ නැත. සංස්කෘතිය, ඇදහිළි, විශ්වාස හා සාම්ප්‍රධායිකත්වය ආදී ක්‍රමවේද මත බටහිර ජනමාධ්‍ය හා බැඳි සංවර්ධනය ආගන්තුක විය. ඒ අනුව මහාචාර්ය විමල් දිසානායක වැනි විද්වතුන් විසින් මෙම සාම්ප්‍රධායික සංවර්ධනය බටහිර උගුලෙන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද යොදවා ඇත. මීට අමතරව මහත්මා ගාන්ධි, නායර් වයිට්, මාවෝ සේතුං, පෝල් පී ලැසාෆීල්ඞ් ආදී පුද්ගලයන්ගේ පර්යේෂණ මත සංවර්ධනය වෙමින් පවතින්නා වු රටවල සාර්තක ලෙස සංවරධනය කරන්නට විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ දේශීය ජනයාගේ ඒකරාශි කරලීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනගාරික ධර්මපාල වැනි සුවිශේෂි චරිතයන් ලංකාව තුළ ජනමාධ්‍ය භාවිතා නොකොට මානව හා භෞතික සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ වූ පර්යේෂණ සංකල්ප ආදී බිහිවන්නට විය. මහාචාර්ය විමල් දිසානායක මහතා මෙම සංවර්ධනය පිළිබඳ දක්වන්නේ “ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.”
👸 චීනය තුළ සංවර්ධන සන්නිවේදනය
මාඕ සේතුං විසින් චීනය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු මූලික ලක්ෂණ 04 ක් හඳුන්වා දෙන ලදි.
1. ප්‍රජානනය
2. සාරාංශකරණය
3. ප්‍රමාණීකරණය
4. ක්‍රියාවට පරිවර්තනය කිරීම
ප්‍රජානනය යනු, චීනයේ විවිධ සේවා ශේණි වල නියුක්ත තරුණ කොටස් සමස්ථ චීනයේ ගම් නියම්ගම් වලට පිටත් කර ජනතාව සමඟ වාසය කරමින් ඒ ඒ ප්‍රදේශ වල මානව චර්යාව, මානව අවශ්‍යතා, අදහස් හා ආකල්ප, පහසුකම්, සම්පත් හා අඩුපාඩු හඳුනා ගැනීමත්, ඒ ඒ ප්‍රදේශ වලට වඩාත් උචිත සංවර්ධන ව්‍යාපෘති මොනවාදැයි තෝරා ගැනීමත්ය.
සාරාංශකරණය යනු, ප්‍රජානනය අවස්ථාවේදී එක්රැස් කරගත් තොරතුරු සාරාංශ ගතකොට පාලක පක්ෂය වෙත ඉදිරිපත් කිරීමයි.
ප්‍රමාණීකරණය යනු, පාලක පක්ෂය වෙත ඉදිරිපත් කරනු ලැබූ කරුණු තවදුරටත් ගැඹුරින් විමර්ශනය කර, ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ගැනීමයි.
ක්‍රියාවට පරිවර්තනය කිරීම යනු, පාලක පක්ෂයේ අනුමැතිය ලද ක්‍රියාමාර්ග, සැලසුම් හා ව්‍යාපෘති ප්‍රාදේශිය මට්ටමින් ක්‍රියාවට නැංවීමයි. මේ අනුව පහළ සිට ඉහළට කුඪා කණ්ඩායම් සන්නිවේදනය යොදාගන්නට විය.
👸 ඉන්දියානු සංවර්ධන ආකෘති:-
ඉන්දියාවේ මහාචාර්ය ලක්ෂ්මන් රාඕ පෙන්වා දෙන්නේ, දේශීය අවශ්‍යතාවයන් හඳුනාගෙන, දේශයට ගැලපෙන සේ සංවර්ධනය, සැලසුම් කළයුතු බවයි. මතවාද සකස් විය යුතු බවයි. එමෙන්ම ඉන්දියාවේ මහත්මා ගාන්ධි ද පෙන්වා දෙන්නේ රටට ගැලපෙන පරිදි රටෙහි ඇති සම්පත් පරිභෝජනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.
ඉන්දියානු බහුජන සන්නිවේදන සම්ප්‍රදායෙහි අන්තර්ගත කොටසක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද ආගමික හා සංස්කෘතික වාග් ව්‍යවහාර ගාන්ධිතුමා විසින් භාවිත කරන ලදී. ගාන්ධිගේ සන්නිවේදන භාවිතයේ දී යොදා ගන්නා ලද්දේ ඉන්දීය ජන සංස්කෘතිය හා භගවත් ගීතාවයි. එසේ ම හින්දු සම්ප්‍රදායෙහි යෙදුම් හා සංකේත ද ගාන්ධිතුමා විසින් යොදා ගන්නා ලදී. ගාන්ධිතුමා විසින් යම් යම් සම්ප්‍රදායික පද ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති වන පරිදි යොදා ගනු ලැබීය. එහි දී ඔහු යොදා ගත්තේ සංස්කෘත සම්ප්‍රදායේ වාග් මාලාවයි. ලුණු - චරකය හා ස්වරාජ් යන පද ඒ අතර ප්‍රධාන වේ.
■ ලුණු මගින් නිරූපණය වූයේ ඉංග්‍රීසි විරෝධී සමාජ භාවිතයකි. එය බැඳුණේ ලුණු බද්ද සමග ය. මේ නිසා ඉංග්‍රීසි විරෝධයේ නිර්නායකයක් ලෙස ලුණු භාවිතයෙන් වැළකී සිටීමට ජනයා පොළඹවා ගැනීමට හැකි විය.
■ චරකය මගින් ස්වදේශීය නිෂ්පාදන පිළිබඳ සංකල්පය ගොඩ නංවන ලදී. චරකය යොදා ගත්තේ අතින් රෙදි විවීම සඳහා ය. ඒ අනුව ඝණ කදාර් රෙදි හැඳීම ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහි අරගලයක් ලෙස ජනයා පිළි ගත්හ.
■ එසේ ම රාජ රාජ්‍යය පිළිබඳ සංකල්පය ද ඉතා බලවත් ලෙස යොදා ගන්නට ගාන්ධිතුමන්ට හැකි විය. එය යොදා ගත්තේ වීරත්වයෙන් යුතු සමාජයක් බවට ඉන්දියානු සමාජය පත් කර ගැනීමට ය.
💁 ලිපීනයේ මැංගලින් න්‍යාය:-
මුළු මහත් අග්නිදිග ආසියාවටම පූර්වාදර්ශය සැපයූ පිලිපීන සංවර්ධන සන්නිවේදන ආකෘතියේ ද පැහැදිලි ලෙසම ප්‍රජා ග්‍රාහක කේන්ද්‍රීය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරයි. එහිදී පෙන්වා දෙන්නේ, “ඔවුන් දන්නා දෙයකින් පටන් ගන්න”, “ඔවුන් සතු දෙයකින් ගොඩනඟන්න” යනුවෙනි.
👲පෝල් ලැසාෆීල්ඞ් ආකෘතිය -
1940 දී පෝල් ලැසාෆීල්ඞ් විසින් හඳුන්වා දුන් මෙම ආකෘතිය අනුව සංවර්ධන සංදේශයක් ගමන් කරන්නේ පියවර දෙකකිනි. පළමුවන පියවරේ දී සංදේශය ජනමත නායකයන් වෙත ඉදිරිපත් කරනු ලැබේ. ජනමත නායකයන් යනු සමාජයේ අන්‍යයන් පිළි ගන්නා ප්‍රමුඛ කණ්ඩායමකි. ජනමත නායකයන් විසින් තමන් ලබා ගන්නා ලද සංදේශය වඩාත් සංවේදී ලෙස ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම සිදු වේ. සෘජුව ම ප්‍රජාව වෙත සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කිරීමට වඩා මෙම පියවර දෙක අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව ලැසාෆීල්ඞ් විසින් පෙන්වා දුන්නේ ය. මෙම ආකෘතිය වඩාත් උචිත වූයේ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා සන්නිවේදනය භාවිත කිරීමට ය.
👬 නායර් හා වයිට්ගේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ හුවමාරු මාදිලිය
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ව්‍යාප්තික ක්ෂේත්‍ර අත්හදාබැලීමක් යටතේ මෙම මාදිලිය යොදවා පර්යේෂණයට ලක් කරන ලදී. එය මෙහෙයවන ලද්දේ පූනා විශ්ව විද්‍යාලය විසිනි. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ මෙම මාදිලියේ සංකල්ප තහවුරු කර ගැනීමත්, එය තව දුරටත් පැහැදිලි කර ගැනීමත් ය.
1. පර්යේෂණ කාර්ය මණ්ඩලය විසින් කණ්ඩායම් ගොඩ නැගීම පිළිබඳ අත්හදා බැලීම කරන ලද්දේ, එකිනෙකා අතර අර්ථාන්විත ක්‍රියාවන් ගොඩ නංවමිනි. එයට ගොවීහු ක්‍රියාකාරී ලෙස සහභාගි වී ඇත.
2. සහභාගිත්ව ප්‍රවේශයක් යොදා ගැනීම මගින් ගම්වැසියන් දිරි ගන්වන්නට හැකි විය. ඒ සඳහා ක්‍රියාකාරී සංවාද ප්‍රයෝජනවත් විය. එම සංවාදයට පර්යේෂකයෝ ද, විශේෂඥයෝ ද ගොවීහු ද එක් වූහ.
3. සහභාගිත්ව සංදේශ සංවර්ධනය සඳහා විද්‍යුත් මාධ්‍ය ප්‍රයෝජනයට ගැනිණි. එහි දී වීඩියෝ ප්‍රධාන විය. එක් අවස්ථාවක දී එක් ගොවි කාන්තාවක් විසින් සංවර්ධනය තුළ ඔවුන්ගේ භූමිකාව නිරූපණය කරන හා ඔවුන්ගේ ගැටලු අනාවරණය කරන වීඩියෝ පටයක් නිර්මාණය කරන ලද්දේ ය. එක් ගම්මානයක දී පර්යේෂකයන් විසින් කාන්තාවකගේ අදහස් ප්‍රකාශ කිරීමේ වීඩියෝ පටයක් සකසා එය ගමේ කාන්තා රැස්වීමක දී ඉදිරිපත් කරනු ලැබීය. එය නැරඹූ කාන්තාවෝ බොහෝ උනන්දුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන පර්යේෂණ හා ක්‍රමවේද
සංවර්ධන සන්නිවේදනය පිළිබද නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරික සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ද තම තමන්ගේ සංවර්ධනාත්දක අරමුණු ජය ගැනීම සදහා විවිධ ආකෘති භාවිත කරයි.
යුනෙස්කෝව මඟින් කරනු ලැබූ අධ්‍යයනයකින් ද පෙන්වා දෙන්නේ, සංවර්ධනය මනිනු ලබන දර්ශකයන් වන දළ දේශීය ආදායම, සාක්ෂරතාව, නාගරීකරණය සහ කාර්මීකරණය යන සාධක හොඳින් වර්ධනය වූ ජනමාධ්‍ය පද්ධතියක් මත රඳා පවතින බවයි. එමෙන්ම මැක් බ්‍රයිට් විසින් එළිදක්වනු ලැබූ “එක් ලොවක් සඳහා විවිධ හඩවල්” :ඵ්බහ ඪදසජැ ්බා දබැ උදරකා* වාර්තාව තුළින් යහපත් ජනමාධ්‍ය වටපිටාවක් පැවැතීම, සංවර්ධනය මැනීමේ සාධකයක් ලෙස පෙන්වා දෙන ලදි. ඒ අනුව ජනගහනයෙන් බහුතරයකට ඇති රූපවාහිනි පරිහරණය, ගුවන්විදුලි, පුවත්පත් පරිහරණය, සිනමා ශාලා සහ ආසන සංඛ්‍යාව, සාක්ෂරතා ගුණය වැනි සාධක සංවර්ධනය සමඟ ඇති සබඳතාවය පෙන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සදහා ජනමාධ්‍ය භාවිතය පිළිබද විමසීමේ දී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන් විදුලියක් ලෙස කටයුතු කරමින් ජනතාවගේ විවිධාකාර වූ සංවර්ධනයක් සදහා විශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ප්‍රජා ගුවන් විදුලි සේවා පිහිටුවීම මගින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සදහා ගුවන් විදුලී මාධ්‍යට කල හැකි උපරිම සේවාවක් ද සකසා ඇත. 1963 වර්ෂයේ දී ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මගින් ග්‍රාමීය සැදෑ කාලයේ වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිනි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එමපණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු කරගත් වැඩ සටහන් ද විකාශනය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම , සංස්කෘතිය ආදි විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති, ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.
1970 සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබද පස් අවුරුදු සැලැස්ම සමග සංවර්ධන සන්නිවේදනය පිළිබදව නව අත්දැකීම් ශ්‍රී ලංකාවට ලැබිණි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා තිබු අතර ආරම්භයේ දී ම 1972 ලේක් හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරිමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත් විය. එසේ වූවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද 1967 වර්ෂයේ දී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙසේ දක්වා ඇත. “එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තුවී ඇත.”
1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තුළ ගුවන් විදුලිය සම්පූණයෙන්ම යොමු කරන ලද්දේ එවකට ක්‍රියාත්මක කරමින් තිබු වගා සංග්‍රාමය පිළිබද පණිවිඩය ජනයා වෙත ගෙන යාමටය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සදහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක, කාර්යයකි. එය මාධ්‍යක් වශයෙන් කෙසේ සාර්ථක වූයේ ද යන්න වෙනම විමසා බැලිම යුක්තකි. එසේම වූවත් එකල ප්‍රවෘත්ති, උදා ගී, සංවර්ධනාත්මක පණිඩිඩ රැගත් විවිධ සාකච්ඡා , ප්‍රබුද්ධ ගී, දේශාභිමානි ගී ආදිය ගුවන් විදුලි සමාජ පිහිටුවීත්, ඒවා සමග කෘෂි සංවර්ධ නිලධාරින් හා පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී “කුරුළු බැද්ද”, “දියනිල්ලේ රාළ” සහ “කිවුලේ කුඹුර” යන නාට්‍ය මඟින් ප්‍රභල සංවර්ධන සන්නිවේදන කාර්යයන් ඉටුකර තිබේ. ගොවි දැනුම මෙන්ම විනෝදය ද එයින් සපයා ඇත. විශේෂයෙන් “කිවුලේ කුඹුර” වැනි නාට්‍යය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර ඇත. “මුවන්පැලැස්ස” සහ “කුඹරේ ගම” යන නාට්‍යය සෘජුවම සංවර්ධනය තේමා කරගෙන තිබේ. “කොලරාව, මැලේරියාව” මර්ධනය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මක තොරතුරු, ගැමි ජීවන රටාව, මිනිස්කම් ආදිය පිළිබඳ තොරතුරු ද එමඟින් සන්නිවේදනය කර ඇත. කුඹුරේගම නාට්‍යය තුළින් ග්‍රාම සංවර්ධන සමිති, තරුණ සංවිධාන හා විවිධ ගොවි සමිති පිළිබඳව සාකච්ඡා කර ඇත. “පහන් සිළුව” වැනි ගුවන්විදුලි නාට්‍ය ප්‍රජා සෞඛ්‍ය හා පවුල් සංවිධාන යන තේමාව මත ගොඩනැඟී තිබේ.
ප්‍රජා ගුවන්විදුලිය -
නූතනයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වේ. නේපාලයේ “මදන් පොක්රා” ගුවන්විදුලිය, “ලුම්බිණි” ගුවන්විදුලිය ලාභ ලබමින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා ගුවන්විදුලි වේ. පිලිපීනයේ “තාම්බුලී” නමින් හැඳින්වෙන ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වෙයි. ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ගුවන්විදුලි තුළ බහුල වශයෙන් ඉදිරිපත් වන්නේ, ප්‍රජාවට අවශ්‍ය වන්නා වූ කෘෂිකාර්මික, ආර්ථික, සමාජ සංස්කෘතික තොරතුරුය. මෙම ගුවන්විදුලි, ගොවියන්, ධීවරයින් හා කුඩා ව්‍යාපාරිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩල මඟින් පාළනය කරයි. තාම්බුලි ගුවන්විදුලිය ක්‍රියාත්මක වන්නේ, පීපෝ සංකල්පයට අනුවය.
1. සහභාගිත්වය
2. ජනතාව
3. බලය
4. බහුවිධකරණය
මහවැලි ප්‍රජා ගුවන්විදුලිය:- 1981 දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ කරන මෙම ගුවන්විදුලිය පසුව, ගිරාඳුරුකෝට්ටේ සහ මහඉලුප්පල්ලම ලෙස ප්‍රජා ගුවන්විදුලි සේවා දෙකකට වෙන් කරනු ලැබීය. භෝග වගාව පිළිබඳව, පළිබෝධ පාලන ක්‍රම පිළිබඳව, පොහොර භාවිතය පිළිබඳව, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව, සෞඛ්‍ය තොරතුරු ආදිය ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය:- 1989 යුනෙස්කෝ සංවිධානයේ ආධාර මඟින් ආරම්භ කරන ලද මෙම ගුවන්විදුලිය පසු කාලයේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙස ද පුළුල් කරන ලදි. සිංහල සහ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින්, කෘෂිකාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමත්, අන්තර්ජාල පහසුකම් ඔස්සේ නවීන තොරතුරු ජනතාවට ළඟාකරදීමත් මෙමඟින් සිදුවේ.
ඌව ප්‍රජා ගුවන්විදුලිය:- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් ලෙස ආරම්භ වන ඌව ප්‍රජා ගුවන්විදුලිය, ඌව පළාතේ වෙසෙන සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන කෘෂිකාර්මික, සංස්කෘතික වැඩසටහන් රැසක් දියත් කරනු ලබයි. අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම ජාතීන් අතර සුහඳතාවය වර්ධනය කරන වැඩසටහන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
රූපවාහිනිය හා සංවර්ධන සන්නිවේදනය
අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධන ක්‍රියාවලියේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නයිජීරියාව, පැමෝවා දේශය, කොලොම්බියාව, අයිවරිකෝස්ට්, ඇල්ජීරියාව ආදී රටවල කරන ලද පර්යේෂණ මඟින් ද එය තහවුරුවී තිබේ. විධිමත් අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම නොවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ද එහිදී විශේෂ වෙයි. උදාහරණ:- ත්‍රී ටූ පයිව්, අධ්‍යාපන විකාශය, නුග සෙවන, ලෝකප්‍රකට සෙසම්වීදිය වැඩසටහන. මීට අමතරව ජපානයේ සංවර්ධනය සඳහා ප්‍රධාන ලෙස ඔෂින් වැනි රූපවාහිනී වැඩසටහන් යොදාගන්නට විය.
ජනප්‍රිය රූපාවාහිනි වැඩසටහන් ආකෘතියක් වන ටෙලිනාට්‍යය ද සංවර්ධන අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකිය. විවිධ දේශපාලනික මතවාද ඉදිරිපත් කිරීම, දූෂණ වංචා හෙළිදරව් කිරීම, මාතෘ හා ළමා සෞඛ්‍ය, ලිංගික සෞඛ්‍ය, බෝවන ලෙඩ රෝග ආදිය පිළිබඳව ද තොරතුරු එමඟින් ඉදිරිපත් කළහැකිය. උදාහරණ, අප්‍රිකානු මහාද්වීපය තුළ ප්‍රචලිත “විලේජ් හෙඞ් මාස්ටර්” (මුල් ගුරුතුමා), “ඉඳුරු දොර”, “ඇල්ල ලඟ වලව්ව” ආදී නාට්‍ය මඟින් ඒඞ්ස් රෝගය සහ ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීම, “සුර අසුර”, “මේ පාරෙන් එන්න” ආදී නාට්‍ය මඟින් සමාජ ඒකාබද්ධතාවයක් ඇති කිරීම. කෘෂිකාර්මික වැඩසටහන් මඟින් නව බෙහෙත්, පොහොර වර්ග, බීජ වර්ග, වගා නඩත්තුව, පළිබෝධ පාලන ක්‍රම, අස්වනු නෙලීමේ තාක්ෂණය, ජල කළමණාකරණය, පසු අස්වනු තාක්ෂණය, ගබඩා තාක්ෂණය, පසු නිෂ්පාදන ආදිය පිළිබඳ දැනුම සමාජගත කළහැකිය. උදාහරණ:- “අපි වවමු - රට නගමු”, “ගොවි බිමට අරුණළු”, “රන් කහවනු”. ආදී වැඩසටහන් මෙන්ම ඉහත දැක්වූ ක්‍රමවේද උපයෝගී කොට සංවර්ධනය මේ දක්වා ක්‍රියාත්මක විය.
මූළාශ්‍ර-
12 comments:
වටිනවා❤️
👍👍👍
����
Superb👌👌👍👍
👍👍👍👍👍
Godak watina lipiyak.good luck
වැදගත්🤘
වැදගත් දෙයක්.🔥
Best article 👍👍
ගොඩක් වැදගත් ලිපියක් ❤️
මෙම ක්‍රමවේදයේ ශාපය දැන් බුක්ති විදින ආඩම්බර ලාංකිකයෝ වෙති
aththatama meka godak watina lipiyak ,godak sthuuthi
Post a Comment