Followers

Saturday, February 13, 2021

ආදරය ශාපයක් කරගත් ලංකාවේ වැලන්ටයින් ( ඔබ රහසේ කියාදුන්න ආදරයද මේ )

 



ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙසද හැඳින්වෙන වැලන්ටයින් දිනය වාර්ෂිකව පෙබරවාරි 14 වන දින සමරනු ලැබේ. බටහිර ක්‍රිස්තියානි මංගල්‍ය දිනයක් ලෙස වැලන්ටිනස් නම් මුල් සාන්තුවරයන් දෙදෙනෙකුට ගෞරව කිරීම, වැලන්ටයින් දිනය සැලකිය යුතු සංස්කෘතික, ලොව පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රේම සම්බන්ධතා සහ ආදර ප්‍රේමය ආගමික හා වාණිජමය වශයෙන් සැමරීම.

ආදරවන්තයන්ගේ දිනය  1909 වැලන්ටයින් කාඩ්පත ද හැඳින්වේ ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය විසින් නිරීක්ෂණය කරන ලදී බොහෝ රටවල ජනතාව; කතෝලික පල්ලිය [1] ඇන්ග්ලිකන් හවුල ( දින දර්ශනය බලන්න) ලුතරන් පල්ලිය ( දින දර්ශනය බලන්න) වර්ගය ක්රිස්තියානි, ආදර, සංස්කෘතික, වාණිජමය සැමරීම වැදගත්කම ශාන්ත වැලන්ටයින්ගේ මංගල්ය දිනය; ආදරය හා සෙනෙහස සැමරීම නිරීක්ෂණ සුබපැතුම් පත් සහ තෑගි යැවීම, ආලය කිරීම, පල්ලියේ සේවාවන් දිනය පෙබරවාරි 14 ( කතෝලික පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 6 ( නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) ජූලි 30 (නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි) සංඛ්‍යාතය වාර්ෂික  ශාන්ත වැලන්ටයින් පෙබරවාරි 14 වන දිනට සම්බන්ධ විවිධ වැලන්ටයින් හා සම්බන්ධ ප්‍රාණ පරිත්‍යාග කථා රාශියක් ඇත. [3] රෝමයේ ශාන්ත වැලන්ටයින් විවාහය තහනම් කළ සොල්දාදුවන්ට විවාහ උත්සව පැවැත්වීම සහ රෝම අධිරාජ්‍යය යටතේ පීඩා විඳි කිතුනුවන්ට උපස්ථාන කිරීම සම්බන්ධයෙන් සිරගත කිරීම පිළිබඳ ලිඛිත විස්තරයක් ද ඇතුළුව. [4] පුරාවෘත්තයට අනුව, ශාන්ත වැලන්ටයින් තම විනිසුරුවරයාගේ අන්ධ දියණියට පෙනීම යථා තත්වයට පත් කළේය. [5] ඔහු මරණීය දණ්ඩනයට පෙර සමුගැනීමක් ලෙස "ඔබේ වැලන්ටයින්" යනුවෙන් අත්සන් කළ ලිපියක් ලිවීය. ක්‍රි.ව. 266 දී මියගිය රෝමයේ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයාට ගෞරව දැක්වීම සඳහා ක්‍රි.ව. 496 දී පළමුවන ජෙලසියස් පාප්තුමා විසින් ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ආරම්භ කරන ලදී. 

රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනපරියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව පරකට කාරණාවක්. මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්යත්වය නො වන නිසා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වේ.


අද කාලයේ ආදරය ලෙස ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ විනෝදය, ලිංගික සතුට , තෑගිබෝග වැනිදේවල්ය. වැලන්ටයින් කීවාම අපිට මතක් වෙන්නේද , රාගයෙන් මත්වූ තරුණ ජෝඩු හොරෙන් පෙම්සුව විඳින දසුන්ය.වැලන්ටයින් කියද්දී සිහියට නැගෙන දෙවල් අතර , රූම්ස් , බීච් , පාර්ක් සහ බොක්ස් යන දේවල් පෙරමුනේ සිටී. එහෙත් අද කාලයේ ආදරය පලාගොස් ලිංගිකත්වය ඉතිරීවී තිබේ..ප්රථම ලිංගික එක්වීමේදී තම සහකාරියගේ හැසිරීම් රටාව, ඇය පුදුම වෙන ආකාරය, ඇය සතුටුවෙන ආකාරය ඕනෑම කොල්ලෙක් සිතින් අත්විදී.එය ඔහුගේ ජීවිතයේ වටිනාම දවස්වලින් එකකි. එහෙත් කනගාටුවට කාරණාවනම්........අද කාලේ ගොඩක් ගෑනු ළමයි එම සුන්දර අත්දැකීම , තම ජීවන ගමන් මගේ මුනගැහෙන නොවදගත් පුද්ගලයකුට, පරණ පෙම්වතාට, විනෝදයට ඇසුරු කරන පෙම්වතෙකුට ලබාදීමයි.

මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති

එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්රවේසම් වීමට මතක් කරදෙයි

මෙවැනි සංකර සිරිත් ශ්රී ලංකාව වැනි බෞද්ධ රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැත ......ඒ බව අනගාරික ධර්මපාලතුමා ජීවතුන් අතර සිටියදී හොඳින් දැනගෙන සිටියේය ....මේ එතුමාගේ වදන් පෙළකි ...

" මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා."

එදා අනගාරික ධර්මපාලතුමා මෙලෙස පැවසූයේ වර්තමානයේ බෞද්ධයන් සංකර සිරිත්වලට මේ ආකාරයෙන් ගොදුරුවීම නොවේද ?

මෙය දැනටමත් ජාතික ප්රශ්නයක් වී හමාරය..මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල දැරියන්ය .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් දෙයනම් මේ වැලන්ටයින්ය ..මේ දවසට අපේ දැරියන් කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ?...ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ... ආදරේ කරන්න විශේෂ එක් දවසක් ඕන නැත ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි.. දැරියනි ,,මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කර නොගන්න ....මුස්ලිම් ජාතිකයන් මේ වැඩ කරන්නෙ නැත ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...දැරියනි මේ කපටි වැඩ වලට හසුනොවන්න

මෙවැනි දුරාචාර දේවල් අරභයා තමන්ගේ නම ඇඳී තිබීම පිළිබඳව ශාන්ත වැලන්ටයින් පියතුමා දන්නේ නම් සිය දහස් වාරයක් කණගාටුවනවාටද සැක නැත...

වර්තමානයේ ලංකාවේ පමණක් වැලන්ටයින් දිනය තුලදී තරුණියන් 10, 000 කට පමණ කන්‍යාභාවය අහිමි වීම් සිදුවෙන බව වාර්තා වෙනවා.මෙයට මූලික හේතුව කුමක්ද?හේතු ගණනාවක් තිබෙනවා.ඉන් එකක් නම් ආදරය යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබීමයි.ආදරය සහ ආකර්ෂණය එකිනෙක පටලවා ගෙන ඒ තුල ජීවිතය සොයන්නට කාමර ගානේ රස්තියාදු වන තරුණ තරුණියන් වැලන්ටයින් සමරන්නේ මහත් ඉහලින්.එහෙත් සැබෑ ආදරයට වැලන්ටයින් යනු අතිශය සාමාන්‍ය දිනකි.මාධ්‍යකරුවන් සහ වෙළෙන්දන් සිය වෙළඳ උපක්‍රම භාවිතා කරමින් වැලන්ටයින් වෙනුවෙන් විවිධ packages පවා  ඔබට ලබාදෙන්න උත්සහ කරනවා. මේවා මිලදී ගැනීමේ හෝ තෑගී දීමේ වරදක් නොමැති වුනත් ඔබට තමන් ආදරය කරන පුද්ගලයා ට ත්‍යාගයක් දෙන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?නැත්නම් ආදරය හඳුනාගන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?අවුරුද්දේ අනෙක් දවස් 364 ම රණ්ඩු කරගන්නා පෙම්වතුන් සහ තමන්ගේ විවාහ සංවත්සරයවත් මතක නැති ස්වාමි බිරින්දෑවරුන් වැලන්ටයින් දිනයට පමණක්  තෑගි හුවමාරු කරගන්නේ ඇයි? මිල අඩු නිසාද?එසේනම් ඔබ නොදැනුවත්වම වැලන්ටයින් ඔබේ අයිතිය අහිමි කර ඇති බවක් හැඟෙන්නේ ද?


වැලන්ටයින් දිනයට වඩා ආදරය ගැන කියාදෙන්න,හඳුනාගන්න බොහෝ කරුණු දැනගත යුතු කාලයකි මේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට තරුණ තරුණියන් එළඹීමේ සම්භාවිතාවය මේ වන විට වැඩිවී ඇත්තේ ද මෙවන් වූ වෙළඳ උපක්‍රම හේතුකොට ගෙන ය.උලුප්පා දක්වන ව්‍යාජ වැලන්ටයින් දිනය සැබෑ ආදරය යැයි හඳුනාගන්නා ඉතා ලාබාල  දරුවන් නිසි වයසටත් පෙර පවා ආදර සම්බන්ධතා ඇතිකරගනිමින්  සිය පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ දෙමව්පියන්ටත් වඩා වටින්නේ යයි සිතාගෙන අම්මා තාත්තා දෙන  පන්ති සල්ලි එකතු කර ඉගෙනීම කපාහැර වැලන්ටයින් දිනයේ තෑගි මිලටගන්නේ සිය අනාගතයම අඳුරු වේ යන බියක් හෝ නැතුවය.එය ගිනි දැල්ලට  ලං වන පළඟැටියෙකු වැනිය.පළඟැටියා සිතන්නේ එය කදිම අවස්ථාවක් ලෙසයි.එහෙත් වෙන්න ඕනේ දේවල් සිදු වූ පසු “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැඳිරි එළියටත් බයයිනේ” කියා නම් කිසිදු පලක් නොමැත.

ආදරය කිරීම සමාජ සම්මත විවාහය දක්වා දුරදිග යාම ඉතා වැදගත්ය.සැබෑ ආදරය යනු එකිනෙකා ගේ ජිවිත ගැන තීරණය කරන්නට ලැබෙන මැජික් කෙවිටක් නොවේ.අපගේ ජිවිත වල තීරණ ගත යුත්තේ අපිමය.ආදරේ නාමයෙන් කියා කාම සේවනයේ යෙදෙන තරුණ තරුණියන් සිතන්නේ ආදරය එයයි කියාය.ඉතින් වැලන්ටයින් නේද කියමින් කාමර වලින් ආදරය සොයන පෙම්වතුන්  ආදරය  ලිංගිකත්වය ලෙස දැකීම  පුදුමයට කරුණක් නොවේ.”සැබෑ ආදරයක් ඇති අයකු කිසිදා සිය පෙම්වතා හෝ පෙම්වතියට අවැඩක්,අවනම්බුවක්,කරදරයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයේ  කිසිදු දෙයක් යෝජනා හෝ කරන්නේ නැත” යන සරල වුවත් වැදගත්ම කරුණ තේරුම් ගන්නට තරම් වත් අද සමාජය බුද්ධිමත් නැත කියා කීම සම්පුර්ණයෙන්ම නිවැරදි නැත.ඇත්තටම සිදුවන්නේ එය තේරුම්ගැනීමට උත්සහ ගන්නේ නැතිකමය.ඉතින් අවසානයේ මේවා කෙලවර වන්නේ අම්මා තාත්තා නොදක මියයන පුංචි දරුවන්ගෙන්  සහ  විවිධ සමාජ රෝග වලින්ය.

විශේෂයෙන්ම කිවයුතු තවත් කරුණක් ඇත.කන්‍යාභාවය අහිමි වීම පවතින්නේ වැලන්ටයින් දිනය මත පමණක් නොවේ.වැලන්ටයින් නොවුනත් හැම දිනකම සිය පවිත්‍රත්වය ස්ව කැමැත්තෙන්ම අහිමි කරගන්නා තරුණියන් තරුණයන් ඕනෑතරම් සිටියි.ඒවාටම සැදුම්ලත් කූට වෙළෙන්දන් ද මීළඟ බිල්ල කවුදැයි කියා බලාගෙන සිටියි.ඔබ සැබෑ ආදරය හඳුනාගන්න දිනයට  ඔබේ පවිත්‍රත්වය ද ආරක්ෂා  වනු ඇත.සිතන්න,වැලන්ටයින් නමින් ඔබ සමරන්නේ සැබෑවටම ඔබ හඳුනාගත් ආදරය ද? වෙළෙන්දන්ගේ වාණිජ දිනයක්ද?

https://dhamma.ifbcnet.org

https://www.womanly.lk/2017/02/1434/

Monday, February 8, 2021

ආනන්දවත් වූ නමෝ විත්තිය

 සිරිලක ජාතික ගීය පබැඳූ ආනන්ද සමරකෝන්



යම් රටක රාජ්යයක් විසින් අනුමත කරගන්නා ලද ගීතයක් හෝ භාවිතය නිසාම සුවිශේෂී ජන‍ප්‍රසාදය දිනාගත් ගීතයක් එහි ජාතික ගීතයක් විය හැකිය. ජාතික ගීය යනු රටක දේශාභිමානය, ජාතිවාත්සල්යය පමණක් නොව සංස්කෘතිය සහ සම්ප්රදායන් හුවා දක්වන රචනයක් වශයෙන් සරලව දැක්විය හැකිය.
ජාතික ගීය පිළිබඳ විශේෂ අවධානයක් 19 වන සියවසේ යුරෝපයේ ඇති වූ අතර ඉතිහාසයට අනුව ලොව පළමු විධිමත් ජාතික ගීය වශයෙන් සැලකෙන්නේ නෙදර්ලන්තයේ (ඕලන්දයේ) ජාතික ගීයයි. නෙදර්ලන්ත ජාතික ගීය රචනා කර තිබෙන්නේ ක්රි.ව. 1568 - 1572 කාල වකවානුවේදී බව පිළිගැනේ. ඉන් පසුව ක්රි.ව. 1745 වසරේදී පළමුවෙන්ම ගායනා කරන ලද ජාතික ගීය වශයෙන් සැලකෙන්නේ මහා බි්රතාන්යයේ ජාතික ගීතයයි. බි්රතාන්ය ජාතික ගීයෙන් පසුව ස්පාඤ්ඤ ජාතික ගීය ක්රි. ව. 1770 දීද ප්රංශ ජාතික ගීය ක්රි. ව. 1795 වසරේ දීද ප්රකාශයට පත්විය. ඉංග්රීසි, ප්රංශ, ජර්මන්, ස්පාඤ්ඤය වැනි බටහිර ජාතීන්ගේ යටත් විජිත වශයෙන් පැවැති රටවල් බොහොමයක් 20 වන සියවසේදී නිදහස දිනා ගැනීමට සමත් වුවත් එම රටවල් ද බටහිර රටවල් අනුකරණය කරමින් ජාතික ගී නිර්මාණය කරගන්නා ලද බව පැහැදිලිය. කෙසේ වුවත් ශ්රී ලංකාව, ඉන්දියාව, ඉරානය, චීනය වැනි රටවල් ජාතික ගීය සකස් කරගෙන තිබෙන්නේ දේශීය සංගීතයේ ද උපකාරය සහ ආභාෂය ලබාගෙනය.
යම් රටෙක ගීත රචකයෙකු අතින් රචිත ගීයක් එරට ජාතික ගීය බවට පත් වේ නම් එම රචකයාගේ නාමය යුග ගණනක් රැව් පිළිරැව් දේ. ඒ දුර්ලභ අවස්ථාව ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන ආනන්ද සමරකෝන් මහතාට හිමි වන්නේද ඔහුගේ වාසනා ගුණය නිසයි. ශ්රී ලංකා ජාතික ගීයෙහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශුරීන් ගීත රචකයෙකු, ගායකයෙකු, සංගීතඥයෙකු, චිත්ර සහ මූර්ති ශිල්පියෙකු ආදී සකලවිධ ලලිත කලාවන්හි දක්ෂතා පෙන්වූ මෙරට සිටි අග්රගණ්ය කලා ශිල්පියෙකි. 1911 ජනවාරි 13 වනදා කොළඹ දිස්ත්රික්කයේ, පාදුක්ක ප්රදේශයේ, වටරැක ලියන්වල නම් ග්රාමයේදී එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්රඩ් අල්විස් සමරකෝන් යනුවෙන් උප්පත්තිය ලැබූ ඔහුගේ ජාතිය සිංහල වන අතර ආගම ක්රිස්තියානි ධර්මය විය. ඔහුගේ පියා වන සැමුවෙල් සමරකෝන් එවකට යුරෝපීයන් සතුව පැවති මතුරට සමූහ ව්යාපාරයට අනුබද්ධ වග වතුයායේ ප්රධාන ලිපිකරු වශයෙන් කටයුතු කළ අතර මව නුගේගොඩ නාවල ප්රදේශයෙහි පදිංචි ඩොමින්ගා පීරිස් නම් විය. ඔහු පිරිමි ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය.
පිළියන්දල වෑවල ගම්මානයේ පිහිටි රජයේ පාසලෙන් සහ එංගලන්ත සභාවේ මිෂනාරිවරුන් විසින් ශ්රී ලංකාවේ පිහිටුවන ලද ප්රථම පාසල් දෙකෙන් එකක් වන කෝට්ටේ ක්රිස්තියානි විද්යාලයෙන් ඔහු අධ්යාපනය ලැබීය. 1929 මාර්තු මාසයේදී කොළඹ පවත්වන ලද ඊ. ඇස්. ඇල්. සී. (English School Leaving Certificate) විභාගයට පෙනී සිටි ඔහු ලිවීම, අංක ගණිතය, ඉංග්රීසි යන අනිවාර්ය විෂයන් සමඟ භූගෝල විද්යාව සහ චිත්ර කර්මය යන උභය විෂයන්ගෙන් ප්රථම පංති සාමර්ථ්යයක් ලැබූ අතර එවකට අවුරුදු 23ක් වූ සමරකෝන් මහතා 1934 දී කෝට්ටේ ක්රිස්තියානි විද්යාලයෙහි ආචාර්ය මණ්ඩලයට බැඳුනේ චිත්ර සහ සංගීත ගුරුවරයෙකු වශයෙනි. 1937 දී ඔහු සිය මුල් නම අතහැර ආනන්ද සමරකෝන් යන නම භාවිත කරන්නට විය.
1948 පෙබරවාරි 04 දින ශ්රී ලංකාවට නිදහස හිමි වන තුරුම ගායනා කරන ලද්දේ ‘ඨදා ී්ඩැ එයැ ූමැැබ’ නම් වූ බි්රතාන්ය ජාතික ගීයයි. නමුත් ලංකාව බි්රතාන්ය පාලනයෙන් නිදහස ලබා ගැනීමත් සමඟ ජාතික ගීයක අවශ්යතාව මෙරටට තදින් දැනෙන්නට විය. ලංකාවේ සංගීත කලාව දියුණු කිරීමේ අරමුණින් යුතුව පිහිට වූ ගාන්ධර්ව සභාව වෙත එම වගකීම භාර දුනි. ගාන්ධර්ව සභාව විසින් ඒ සඳහා තරගයක් පැවැත්වූ අතර ගාන්ධර්ව සභාවේම නියෝජිතයන් විසින් ඊට නිර්මාණ ඉදිරිපත් කළේය. තරගයෙන් ජයග්රහණය කරන ලද්දේ ද එසේ ගාන්ධර්ව සභාවේ නියෝජිතයන්ගේ ගීයකි. කෙසේ නමුත් ඒ ගීතය ප්රතික්ෂේප වූ අතර ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය වශයෙන් තෝරා ගැණුනි. 1952 නොවැම්බර් 22 වනදා ඒ සඳහා අනුමැතිය ලැබිණි.
“නමෝ නමෝ මාතා” ගීතය සමරකෝන් මහතා රචනා කරන ලද්දේ 1940 දී ගාල්ල මහින්ද විද්යාලයේ ගුරුවරයෙකුව ඉන්නා කාලයේ දී ය. ඔහු මේ ගීතය ලියන ලද්දේ රටේ ජාතික ගීය කිරීමේ අදිටනින් නොවන අතර මහින්දයේ සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කුඩා කල පටන් ගීත රචනයේ දස්කම් පෑ සමරකෝන් මහතා ඉන් නොනැවතී කවි, මුද්රා නාට්ය සහ චිත්ර කලාවන් ඔස්සේ අධිරාජ්යවාදීන්ගෙන් රට මුදා ගැනීමට ජාතිය පුබුදුවාලීය.
1939 දී ගී පද රචනය අරඹන මෙතුමා ලියන ලද පළමු ගීතය වනුයේ ‘ජන සැම මන අධිපතියෙනි තුති වේ’ ගීයයි. ගුවන් විදුලි ගීත වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරමින් ආනන්ද සමරකෝන් මහතා ගුවන්විදුලියට සම්බන්ධ වේ. එවකට ලංකාවේ බොහෝ කලා නිර්මාණ ඉන්දියානු ආරක් ගත් අතර කොපි නිර්මාණ බිහිවීමට හේතු වූයේද ඉන්දියානු අනුකාරක භාවයයි. නමුත් දේශීය ජන සංගීතය ආශ්රයෙන් ගී රචනා කරමින් ගායනා කළ සමරකෝන් මහතා මෙරට චිත්රපට සහ වේදිකා නාට්ය සඳහාද ගී රචනා කරන ලද්දේ සියලු කලා ක්ෂේත්රයන් තුළට දේශීයත්වය රැගෙන යමිනි.
චිත්ර හා සංගීත ගුරුවරයෙක් ලෙස ගුරු වෘත්තිය කරා එළැඹි මෙතුමා රවීන්ද්රනාත් තාගෝර් තුමාගේ මඟපෙන්වීම මත ඉන්දියාවේ ශාන්ති නිකේතනයටද එක් විය. සමරකෝන් මහතා විසින් රචිත ‘කුමුදිනී’ නම් කවි පොතට ද නමෝ නමෝ මාතා ගීතය එක් කරන ලදී. මෙරට ජාතික ගීය තේරීමේ තරගය සඳහා මෙම ගීතය ඉදිරිපත් කරන ලද්දේ සමරකෝන් මහතාගේ ප්රිය බිරිඳයි. කෙසේ වෙතත් මෙරට ජාතික ගීය වශයෙන් තේරී පත් වූ “නමෝ නමෝ මාතා” ගීතය සඳහා ආනන්ද සමරකෝන් මහතා හට රු. 2500 ක මුල්යමය ත්යාගයක් හිමි වන ලදී. සමරකෝන් මහතා ‘කුමුදිනී’ නම් කවි පොත සඳහා මේ ගීය එක් කළ බැවින් එම කෘතියේ මුද්රණකරු සහ ප්රකාශක විසින් නඩු කියා ඔහුට හිමි වූ මුදල උදුරා ගත්තේ ඔහුට කර්තෘ හිමිකමවත් පැවරීමෙන් තොරවයි. 1949 පෙබරවාරි 4 වැනිදා කොළඹ ටොරින්ටන් පිටියේදී මියුසියස් බාලිකාවන් 50 දෙනෙකු ප්රථම වරට ජාතික ගීය ගායනා කරන්නට වූවාය.
1950 දශකයේ ලාංකික ජාතික ගීයේ මුල් වචන අරබයා විවිධ මතභේදාත්මක අදහස් පළ විය. ජාතික ගීයේ ගණ වැරදි බවත් අපායාක්ෂරයකින් එනම් නමෝ නමෝ හි ‘න’ ආරම්භ වන බැවින් නමෝ නමෝ යන්න වෙනුවට
‘ශ්රී ලංකා මාතා’ යන වදන් එක් කරමින් 1961 දී ජාතික ගීයේ පද රචකයාගේ අනුදැනුමකින් තොරව වෙනස් කරන ලදී. පෙර සිදුවීම සේම ජාතික ගීයේ වචන තම අනුදැනුමකින් තොරව වෙනස් කිරීම එතුමා තුළ දැඩි සිත් තැවුලක් ඇති කිරීමට හේතු විය. 1950 දශකයේ අගභාගය වන විට මෙරට ජාතික ගීය කෙතරම් විවේචනයට පාත්රවූයේද යත් එය ජාතියේ වස් කවිය බඳු විය. ආණ්ඩු පෙරළියක් සිදුවීමටත් ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයටත් එකල සිදු වූ බොහෝ විපත්වලටත් හේතු වූයේ ජාතික ගීයේ ‘න’ අක්ෂරය යන මතය පැතිර යාම හේතුවෙන් එය ආනන්ද සමරකෝන් මහතාගේ ජීවිතය කලකිරවීමට සමත් විය. 70 දශකයේදී ද මෙරට ජාතික ගීය යළි මතභේදයට ලක් විය.
1956 සිරිමාවෝ බණ්ඩාරනායක අග්රාමාත්යවරියගේ අදහසකට අනුව මෙරට කලා ශිල්පීන්ට අතදීමේ අරමුණින් සංස්කෘතික කටයුතු අමාත්යාංශය පිහිටුවනු ලැබීය. එහි කලා සහකාර තනතුරක් පමණක් ලැබූ ආනන්ද සමරකෝන් නන් අත විහිදුනු කලා හැකියාවන්ගෙන් යුත්තෙක් විය. හේතු විරහිතව තනතුරෙන් ද සමරකෝන් කලාකරුවා පහකරන ලද්දේ දැඩි අසාධාරණයක් එතුමාගේ කලා ජීවිතයට එක් කරමිනි.
ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන් මහතාගේ පවුල් ජීවිතයද දැඩි ලෙස වියවුල් තත්ත්වයට පත්ව තිබුණි. පසු කලෙක එතුමා දැඩි මානසික පීඩනයට සහ දුර්වල ශාරීරික තත්ත්වයන්ට ලක් විය. දැඩි මානසික අවපාතය හේතුවෙන් මෙරට ජාතික ගීයේ නිර්මාතෘවරයා නිදි පෙති පානය කර 1962 අප්රේල් 5 දින සිය දිවි හානි කරගන්නේ සමස්ත ජාතියටම සිය අගය පෙන්වා දෙමිනි. ගීත රචකයෙක්ගේ අවසරයකින් තොරව මෙලෙස මෙරට ජාතික ගීයේ වචන වෙනස් කිරීම සමරකෝන් මහතා හඳුන්වා දී ඇත්තේ ”ගීතයේ ගෙල සිඳීමක්” ලෙසයි.
කෙසේ වුවත් ශ්රී ලංකාවේ ජාතික ගීය අභිමානයෙන් යුතුව ගායනා කරන සෑම වාරයක් පාසාම එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන්හට ජාතියේ ප්රණාමය, ගෞරවාදරය හිමි වන්නේ නිතැතිණි.
(හෂිනි ඉරේෂා ගුණවර්ධන)

Tuesday, February 2, 2021

පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කල පුවත්පත් කලා වේදියා

පත්තර මහ ගෙදරින් මහ මෙහෙවරක් කල පුවත්පත් කලා වේදියා 

                                                       ඩී. ආර්. විජේවර්ධන. 


ඩී. ආර්. විජේවර්ධනයන් උපත ලැබුවේ 1886 පෙබරවාරි 23 වැනිදාය. පුතුන් හත් දෙනකු සහ දියණියන් දෙදෙනකුට උපත දුන් මුහන්දිරම් තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන සහ හෙලේනා වීරසිංහ මාතාවට දාවයප්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම වෙනුවෙන් සේදවත්ත පාසලට ඇතුළත් වූ එතුමා ද්විතීය අධ්‍යාපනය ලබාගත්තේ මුතුවල්හි ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. එතැන් පටන් අධ්‍යාපනය වෙනුවෙන් තම කාලය වැය කළ තරුණ විජේවර්ධනයන් කේම්බ්‍රිජ් පීටර් හවුස්හි අධ්‍යාපනය ලැබූ අතර එහිදී එතුමන් ලාලා රාජ්පත් රාජ්, බෙපින් චන්ද්‍රලාල්, සුරේන්ද්‍රනාත් බෙනජි සහ ගෝපාල් ක්‍රිෂ්ණ වැනි සුප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරේ තම දැනුම බෙදාගන්නට සමත් විය. එවන් වූ ඉන්දීය අනාගත නායකයන් ඇසුරු කළ විජේවර්ධනයන් අධ්‍යාපනය හැදෑරීමෙන් අහවරව මුලින්ම බැරිස්ටර්වරයකු වශයෙන් පත්වීම් ලැබීය.

නැවතත් තරුණ විජේවර්ධනයන් තම මවුබිමට පා තැබූයේ 1912 දීය. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස තම උපන් බිමට සේවයක් කිරීමේ අරමුණෙනි. නීතිඥයකු ලෙස දිවුරුම් දුන් එතුමා තම හැකියාවන් තුළින් දිගු කලක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළී සිටින්නට විය. මේ අතරතුර 1917 වසරේදී ලංකා පාබල හමුදාවට බැඳුණු තරුණ විජේවර්ධනයන් ලුතිනන්වරයකු ලෙස උසස්වීම් ලබන්නට විය. එතැනින් පසු ඇරඹෙන්නේ ලාංකේය පුවත්පත් කලාවේ නැවුම් ආරම්භයක මඟහසර හෙළිපෙහෙළි වීමයි.
                                              
                                             මුද්‍රිත මාධ්‍ය තෝරා

 

මේ අනුව 19 වන සියවස මුල් කාලයේ සිටම මෙරට පුවත්පත් රැසක් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පළ විය. එම පුවත්පත් විවිධ අරමුණු සහ දේශපාලන මතවාද අනුව පළ වූ පුවත්පත් වූ අතර එසේ ඇරැඹි පුවත්පත්වල පැවැත්මද කෙටි කාලීන විය. යම් තාක් කාලයක් පුවත්පත පැවැතියද එහි පැවැත්ම අසංවිධානාත්මක විය. අනෙක් පසින් එම යුගය වන විට පුවත්පත් කලාව ඇරැඹි තිබුණද පුවත්පත් කලාව සංවිධානාත්මක ව්‍යාපාරයක මුහුණුවර ගෙන නොතිබුණි. එනිසා පුවත්පත් කලාව සමාජයේ ගරුත්වය හිමිකර ගත දෙයක් වුවද එහි දිගුකාලීන පැවැත්ම ගැන සහතිකයක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වුයේ පුවත්පත් පළ වුවද ඒවායේ ප්‍රමිතිය ප්‍රශ්න සහගත වීමය. එවකට පළ වූ ඉංග්‍රීසි පුවත්පත් යම්කිසි ස්ථාවර තත්ත්වයක තිබුණද එය සිංහල පුවත්පත් කලාවට බලපෑවේ නැත. මෙම ක්‍රමය වෙනස් කිරීමට සමත් අයෙකුද එවක සමාජයේ නොසිටි අතර එය විශාල අඩුවක් ලෙස කැපී පෙනුනි.

ඩී. ආර් විජේවර්ධන මහතා වැනි උගත් නව අදහස් ඇති තරුණයන් සමාජයේ කැපී පෙනෙන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. විජේවර්ධන මහතා වැනි තරුණයන් මෙරට ගමන් කළ මාවත වෙනස් කිරීමටත් නව අදහස් ක්‍රියාත්මක කරන්නටත් සැලසුම් කළේද මේ කාලයේදීය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විජයවර්ධන මහතා ගේ සමකාලීනයන් වූයේද ජාතික අරමුණු ඔස්සේ සමාජ වෙනසකට මග සැලසූ ඩී එස් සේනානායක , ෆ්‍රැන්සිස් මොලමුරේ වැනි මහත්වරුය. විජේවර්ධන මහතාමේ අයගේ ඇසුරද තම මතවාදීමය සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් සැලසීය. සේනානායක, මොලමුරේ මහත්වරු ඒ සඳහා සෘජුව දේශපාලනය තෝරා ගත්තද විජයවර්ධන මහතා දේශපාලනයට වෙනුවට තොරා ගත්තේ සමාජයේ මතවාද තැනිය හැකි දේපාලනයට නිසි මග පෙන්වා දිය හැකි ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි. ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනයෙන් පසුව බ්‍රිතාන්‍ය කේන්බ්‍රිජ් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලද ඩී ආර් විජයවර්ධන මහතා යළිත් මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. 1912 දී නැවත මෙරටට පැමිණෙන ඔහුට පහසුවෙන්ම නීති අංශයෙන් හෝ තම පිය පාර්ශ්වයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයාමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණද විජේවර්ධන මහතා එම පහසු මග තෝරා ගත්තේ නැත. ඒ වන විටත් ඔහුගේ සිත ඇදී ගොස් තිබුණේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය වෙතය. ඔහුගේ එම කැමැත්තට ලොකු තල්ලුවක් ලබා දුන්නේ ඔහුගේ සමීතමයකු වන ඩී. බී ජයතිලක මහතාය.


                                                  දිනමිණ පුවත්පත

වර්ෂයේ ආරම්භ වූ දිනමිණ පුවත්පත එම කාලයේ දී මෙරට ජනප්‍රියත්ම පුවත්පතක්ව තිබූ අතර එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච් එස් පෙරේරා මහතා අතර ඔහුගේ රෝගාතුරු වීම නිසා දිනමිණ පුවත්පත පවත්වාගෙන යාම ගැන ගැටලුවක් මතුව තිබුණි. ඒ තත්ත්වය තුළ විජේවර්ධන මහතා තීරණය කළේ ජනප්‍රිය සහ සමාජයට විශාල සේවයක් කළ දිනමිණ වැනි පුවත්පතක් වැසීයා නොදී එහි කලමණාකාරීත්වය පවරා ගැනීමය. ඒ සමග දිනමිණ පුවත්පතට නව පණක් ලැබුණ අතර එයට තිබූ ජනප්‍රියත්වය දෙගුණ විය. මුල්වරට විධිමත් ලෙස පුවත්පතක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය හඳුන්වා දුන් විජේවර්ධන මහතා 1917 වන විට සිලනීස් නමින් පැවැති මුද්‍රණාලයක්ද මිලට ගන්නා අතර එහි අරමුණ වූයේ දිනමිණ මූලික කර ගත් පුවත්පත් සමූහයක් ආරම්භ කිරීම වූ අතර එම අරමුණ සඵල කර ගනිමින් 1918 වන විට ඩේලි නිව්ස් පුවත්පත ආරම්භ වන අතර ස්වදේශිකයකු ආරම්භ කළ ඉංග්‍රීසි පුවත්පතක් ලෙස දේශීය මතවාද අදහස් අධිරාජ්‍යවාදීන් වෙත වහණය කිරීමට මෙම පුවත්පත මහා මෙහෙවරක් කළ බව විචාරකයෝ සඳහන් කරති.

නිදහස් සටන නව වටයකින් ආරම්භ කිරීමේ කඩඉමක් ලෙස මෙම අවදිය සඳහන් කළ හැකි අතර අවි නොදරා මතවාදීමය තලයේ නිදහස් සටන දියත් කිරීමට විජේවර්ධන මහතාගේ පුවත්පත් කලාව විශාව සහයක් ලබා දුන්නේය. එවකට විවිධ අන්තවාදී මතවාද ඔස්සේ ජාතික සටන දියත් කිරීමට සමහර බලවේග කටයුතු කළද විජයවර්ධන මහතා තම පුවත්පත් ඔස්සේ පෙරට ගෙන ආවේ මැදහත් සහ අන්තවාදී නොවන ප්‍රගතිශීලී අදහස්ය.ඔහු කිසිදු විටෙක සිංහල ජාතියට සහ ඉංග්‍රීසි ඌරුවට පමණක් ඇළුම් කළ අයකු යැයි සඳහන් කළ නොහැක්කේ ඔහු විසින් තිනකරන් සහ වාරමංජරී යන දෙමළ ප්‍රකාශන පළ කළ නිසාය.1930 වන විට ප්‍රථමවරට සියලු අංශ නියෝජනය කරන සාහිත්‍ය දේශපාලනය ආගමික යන තුන් පාර්ශවයම රැගත් ඉරිදා පුවත්පතක් ලෙස සිළුමිණ පුවත්පත ආරම්භ කරන අතර අවුරුද්දක් ඇතුළත සිළුමිණ මෙරට ජනප්‍රියතම සිංහල සති අන්ත පුවත්පත වූ අතර ශත දහයේ විශ්වවිද්‍යාලය යන විරුදාවලිය ලබන්නට සිළුමිණ සමත් වන්නේ ඩී ආර් විජේවර්ධන මහතා තුළ තිබූ ඉතා උසස් චින්තන සහ සංකල්ප නිසාය.

 

                                      නිදහස් සටන හා පුවත්පත් කලාව

විජේවර්ධන මහතා ගේ පුවත්පත් සටන සම්පූර්ණ වන්නේ ඉංග්‍රීසි ජාතිකයකු සතුව තිබූ සිලෝන් ඔබ්සවර් පුවත්පත විජේවර්ධන පුවත්පත් ගොන්නට එක් වීම නිසාය. 1932 පමණ වන විට විජේවර්ධන මහතා සතුව භාෂා තුනෙන්ම පළවන ජනප්‍රියම පුවත්පත් හයක් තිබුණි. එනම් දිනමිණ, සිළුමිණ, තිනකරන්,වාරමංජරි, ඩේලිනිව්ස් සහ සන්ඩේ ඔබ්සවර්ය. මෙම පුවත්පත් සමූහය එක ගොන්නක පුවත්පත් වශයෙන් මෙරට නිදහස් සටනට අවශ්‍ය මාධ්‍ය ශක්තිය ලබා දුන් අතර මෙරට එවකට සිටි හොඳම සාහිත්‍යවේදීන් පුවත්පත් කලාවේදීන් වැඩිම ප්‍රමාණයක් එක්ව සිටි අතර සමාජයට දැනුම ලබා දෙන විශ්වවිද්‍යල පද්ධතියක් බවට මෙම පුවත්පත් පත්ව තිබූ අතර කොළඹ කොටුව ලේක්හවුස් මන්දිරය වෙත මෙම සියලු පුවත්පත් එකට ගොණුව තිබුණි.

විජේවර්ධන මහතා තුළ දේශීයත්වය, අපේකම ගැන විජයවර්ධන දැක්ම කෙතෙක්ද යන්න කොළඹ කොටුවේ ලේක්හවුස් මන්දිරය පරික්ෂාවෙන් සනාථ කර ගත හැකිය. දේශීය කැටයම් දේශීය හැඩතල සහ එහි පසුබිම තුළින් තහවුරු කරගත හැකිය. විජේවර්ධන මහතා බටහිර අධ්‍යාපනය තුළින් ජීවිතය ගොඩනගා ගත්තෙකු වුවද ඔහු කැමැති වුයේ දේශීයත්වය, අපේකමටය. තම මතවාදය නිබඳවම තම පුවත්පත් ඔස්සේ ඉදිරියට ගෙන ගියේය.

1915 කැරැල්ල ඇතිවන විට ඩී.ආර්. විජයවර්ධනගේ දිනමිණ පත‍්‍රය රට පුරා ජනතාව කියවමින් සිටියේය.මේ ඓතිහාසික සංසිද්ධියේ දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඇලෙක්සැන්ඩර් විජයවර්ධන ද, සර් ඩී.බී. ජයතිලක, ඩබ්ලියු. . ද සිල්වා, ඞී.ඇස්. සේනානායක සහ සී, බටුවන්තුඩාවේ සමග බි‍්‍රතානය පාලකයන් සැකපිට සිරගත කොට තිබිණි. මේ අර්බුදකාරී යුගයේ අදහස් ප‍්‍රකාශනය තහංචි පනවා තිබිණි. රට සංසුන් වූ වහාම ඩී.ආර්. විජයවර්ධන වැදගත් යයි කල්පනා කළ සියලූ ලේඛන සහ කතු වැකි ප‍්‍රසිද්ධ කිරීමට වග බලා ගත්තේය.

මේ සිද්ධිය චිත‍්‍රනය කරන්නේ ඩී.ආර්. විජයවර්ධන නම් පුවත් පත් ව්‍යාපාරිකයා තුළ සැඟවී සිටි සටන්කාමී පත‍්‍ර කලාවේදියාගේ ආක‍්‍රමණික ස්වරූපය වෙයි.එකල රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ව්‍යවස්ථාදායකය වුණාට සැක නැත. එය සාකල්‍යයෙන්ම සුදු ආණ්ඩුකාරයා විසින් පත් කරනු ලැබු රජයේ සුදු නිලධාරීන් සහ ජාතීන් වෙනුවෙන් පත් වූ යුරෝපීය සහ බර්ගර් ජාතිකයන්ගේ පමණක් සමන්විත එකක් විය. එහි දේශීය ලාංකික නියෝජනයක් හෙවත් රටේ බහුජන වුවමනා සඳහා නිල වේදිකාවක් තිබුණේම නැත.ඩී.ආර්. විජයවර්ධනගේ මේ ජවාධික ක‍්‍රියා ශූරත්වය ලංකා ජාතික සංගමයේ ලේකම් පදවියට ඔසවා තැබීමට හේතු විය. ඒ වන විට ඔහු යන්තම් විසිහත් වියට ලැබුවා පමණකි. එය සිදුවුණේ 1917 ඔක්තෝබර් මස 23 වැනි දාය.


ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා ලෙස ඩී.ආර්. විජයවර්ධන සමග ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුනාචලම් ආදීන් පෙළ ගැසුණේ මෙසේය.ඔහු සර් පොන්නම්බලම් අරුනාචලම් ලවා කොළඹ වික්ටෝරියා ශාලාවෙහි, ‘‘අපේ දේශපාලන  ඕනෑකම්’’ යනුවෙන් ප‍්‍රසිද්ධ කතාවක් කරවීය. එය විසිවැනි සියවසේ ලංකා නිදහස් සටනෙහි පළමු වෙඩිල්ල විය. එය රට තුළ ආන්දෝලාත්මක දේශනයක් විය. සර් පොන්නම්බලම් අරුනාචලම් සිය කතාව අවසන් කළේ නිහඬවත් බාහිර පෙනුමෙන් තොරවත්, වැඩ කරන නමුත්, ඔහු ස්වාභාවධර්මයේ බල වේගයක් මෙන් ක‍්‍රියාශීලී යයි ඩී.ආර්. විජයවර්ධන ජාතියට හඳුන්වා දෙමිනි. ඒ විශිෂ්ට දමිළ පුරවැසියා තම සිංහල ප‍්‍රතිවාදියා පරදවා මුළු ජාතියේම සංකේතය ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පිවිසියේ මේ පදනම යටතේය.අවශ්‍ය වූ සියලූ ශක්තීන් ඔවුන් විසින් ගොනු කරන ලද්දේ සාමාන්‍ය පුරවැසි සංවිධානයක් ලෙසය. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණවාදි හඬ දිනමිණ පත‍්‍රය හරහා රටක් ජාතියක් අවදි කළේය. එය DAILY NEWS  පත‍්‍රය හරහා හිරු නොබසින අධිරාජ්‍යයේ බිහි දොර අසල දෝංකාර දුන්නේ යළි යටත් විජිත පාලනයට භූමි කම්පා ඇති කරවමිනි.

දිනමිණ සහ Dilly news ඒ වන විට ඩී.ආර්. විජයවර්ධනගේ ප‍්‍රවෘත්ති පත‍්‍ර ව්‍යාපාර සතු විශිෂ්ට ප‍්‍රකාශන විය. මෙසේ අධිරාජ්‍යවාදීන් ලවා ආරම්භ කරවූ 1920 ප‍්‍රතිසංස්කරණය. ඩොනමෝර් කොමිෂන් සභාව, සෝල්බරි කොමිෂන් සභාව ආදී ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිටුපස සිටි ඩී.ආර්. විජයවර්ධන සටන අත් නොහැර සිටියේය. එය කෙළවර වුණේ සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය හරහා මේ රට ස්වාධීනත්වය ලැබීමෙනි. සෝල්බරි කොමිෂමේ කොමසාරිස්වරුන් මේ රටෙන් නික්ම යාමට පෙර විජයවර්ධනගේ ආගන්තුකයන් ලෙස එක් සති අන්තයක් දියතලාව සුප‍්‍රකට ආකේඩියා නිවාසයෙහි ගත කළ බව කියැවේ.සෝල්බරි සාමි වරයා විසින්1945අපේ‍ල් මස 06 වැනි දින විජයවර්ධනයන් අමතා ලියූ ලිපියේ මෙසේ දැක්වේ. ‘‘හෙට උදේ අප පිටත්ව යන බැවින් ඔබට ආයුබෝවන් කීමටත්, මටත් කොමිෂමටත් ඔබ කළ සියල්ල ගැන අපේ අවංක ස්තුතිය පිරි නැමීමටත් මේ ලිපිය ලියමි. දුෂ්කර ප‍්‍රශ්නයක් විසඳීමේදී ඔබ අපට දුන් උපදෙස් සහ ආධාර ඉතාමත් උපකාරි විය හැකිය. අද ඬේලි නිවුස් පත‍්‍රයෙහි අප ගැන කාරුණිකවූත්,  උදාරවූත්, වචන වලින් ලියා තිබුණ කතු වැකිය අපට කොතරම් ප‍්‍රසාද ජනක වී ද යත් මම ඒ ගැන ඔබට කෘතඥ වෙමි.’’අපේක්‍ෂා කළ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව බි‍්‍රතාන්‍යයේ කල් මැරීම ඩී.ආර් විජයවර්ධන මෙසේ සිය මිත‍්‍ර ග‍්‍රහණය තුළ සිර තිබුණි. ඩී.ආර්. විජයවර්ධනගේ සහ ඞී.ඇස්. සේනානායකගේ අපේක්‍ෂාව වූයේ බිරතාන් සම්ප‍්‍රදායයේ කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. එය මග හැර යාමට සෝල්බරි කොමිෂමට නොහැකි විය.ඩී.ආර්. විජයවර්ධන සත්‍ය වශයෙන්ම සියල්ල කළේ තම රට ගැන ඇතිවූ කැක්කුමෙනි. ඔහුගේ ලේක් හවුස් පත‍්‍ර සම්ප‍්‍රදාය ඒ ජාතික සේවාව ඔහුට හිමි කළ ඇතුරු පලයක් ලෙස කල්පනා කිරීම ඔහුට කරන ගෞරවයකි.

                             විජේවර්ධනගේ මාධ්‍ය අධිරාජ්‍ය ගොඩ නැංවීම

මහා මාධ්‍ය අධිරාජ්‍යක් ගොඩ නගන්නට විජේවර්ධන මහතා කටයුතු කළද ඔහු කිසිදු විටෙක දේශපාලනය වෙත අවතීර්ණ වීමට සිතුවේ නැත. විජේවර්ධන මහතා ගේ මුලික පරමාර්ථය වුයේ දේශීය අදහස් මතවාද සමඟ මෙරට නිදහස් සටන ශක්තිමත් කිරීම සහ ඒ ඇසුරෙන් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමය. 1940 ,1950 දශකවල ඇතිව 60,70 දශක දක්වා පැතිර ගිය සාහිත්‍ය අධ්‍යාපන ප්‍රමෝදයට මූලිකත්වය ලබා දුන් කරුණ වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහය ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.සිංහල භාෂාවට ඉහළ තැනක් ලබාදීමත්, මෙරට සමාජයෙන් එතෙක් සැඟව තිබූ දියුණු ලෝකයේ දැනුම තොරතුරු ලබා දීම වැනි කරුණුවලදි විජේවර්ධන මහතාගේ ලේක්හවුස් පුවත්පත් සමූහය විශාල කාර්යයක් ඉටුකළේය. හෙතෙම තුළ තිබූ විශ්වාසය වූයේ නිදහස් ජාතියක් යනු සැම අතින්ම දැනුම්වත් වූ පිරිසක් විය යුතුය යන්නයි. ඔහු ඒ සඳහා උපයෝගී කරගත් මාර්ගය වූයේ පුවත්පත් කලාවයි.

මුදල් ඉපැයීම පමණක් අරමුණු කර නොගත් නිසා පුවත්පත් කලාව තෝරාගත් ඩී. ආර් විජේවර්ධන මහතා පුවත්පත් කලාවට වෘත්තීයභාවයක් සහ කර්මාන්තයක් බවට පත්කිරීමට කටයුතු කළේ යැයි සඳහන් කිරීම වඩාත් උචිතය. අද මෙරට පුවත්පත් කලාව යම් ඉහළ ප්‍රමිතියකින් තිබේ නම් කර්මාන්තයක් ලෙස ගොඩ නැගී තිබේ නම් එහි නිර්මාතෘවරයා වන්නේ ඩී. ආර් විජේවර්ධන මහතාය.

විජේවර්ධන මහතා ව්‍යාපාරයක් වශයෙන් පුවත්පත් කර්මාන්තයට සවියක් ලබා දීමෙන් නොනැවතී ලේක්හවුස් ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් සේවකයන් ඇතුළු සැම තරාතිරමකම සේවකයකුගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කළේය. විජේවර්ධනයන් මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ නායකයකු බවට මෙය හොඳම නිදර්ශනයකි.

බොහෝ විට විජයවර්ධන මහතා ගැන අවධානය යොමුකරන බොහෝ අය සිතන්නේ ඔහු පුවත්පත් කලාවටම සියල්ල සීමා කරගත්තෙකු බවය. එහෙත් ඔහුට ඉන් එහා ගිය සටන් ඉතිහාසයක්ද තිබේ. එනම් ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවන සටනයි. එවකට බහුතරයක සහාය තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවිය යුතු බවට මතයයි. එම මතය පිළිගත් විජේවර්ධන මහතා තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින් මේ සටනට සහාය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ රමණීය භූමියක ස්ථාපිත කෙරුණි. විජේවර්ධන මහතා නිතරම සාධාරණ සහ ප්‍රගතිශීලී සටන්වලදී හොඳ සටන් කරුවකු වූ බවට මෙය එක් උදාහරණයක් පමණි.

ඩී ආර් විජේවර්ධන මහතා බිහිකළ පුවත්පත් සමූහය සහ ඔහු ගොඩනැගූ ලේක්හවුස් මන්දිරය අදත් නොසැලී සිටින අතර විජේවර්ධන නාමය සදාකාලික වන්නේ මෙම පුවත්පත් සමූහය ලේක්හවුස් මන්දිරය පමණක් නොව විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය පෙරට රැගෙන යාමය.

                                    

                                  ලේක්හවුස් ආයතනය

 

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය.

මෙරට ප්‍රමුඛතම දිනපතා පුවත්පතක් වන "දිනමිණපුවත්පත ආරම්භ වූයේ 1909 වර්ෂයේ දී එච්.එස්.පෙරේරා මහතාගේ කර්තෘත්වය හා රොබට් බටුවන්තුඩාවේ මහතාගේ කළමනාකාරිත්වය යටතේය. එහෙත් එම පුවත්පත නතර වන තත්වයක් උද්ගත වූ නිසා වර්ෂ 1914 දී ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් තම සොහොයුරා සමඟ එක්ව එම පුවත්පත මිලට ගන්නා ලද අතර එම වර්ෂයේ පටන් පුවත්පතක් ලෙස එය නැවත පළවන්නට විය.

දිනපතා පළ කරනු ලබන ඉංග‍්‍රීසි පුවත්පතක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටි ඩී.ආර්.විජේවර්ධන මහතාට The Ceylonese පුවත්පත වෙන්දේසි කරන බවට ලද ආරංචිය මත එය මිලට ගෙන Daily News නමින් 1918 වර්ෂයේ සිට ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසුව එම පුවත්පත එවකට ජනප‍්‍රියව පැවති Morning Leader පුවත්පත සමඟ කරට කර සටනක නියැලී නොබෝ කලකින්ම එම පුවත්පත අභිබවා යාමට සමත් විය.

දිනපතා පළකරනු ලැබූ පුවත්පත් පවත්වාගෙන ගිය ද ඉරිදාට පමණක් පළවන පුවත්පතක් නොතිබුණු නිසා එම අඩුව සම්පූර්ණ කරමින් ලේක්හවුස් ආයතනයෙන් සිළුමිණ පුවත්පත 1930 වර්ෂයේ දී අරඹන ලදි. එම පුවත්පතේ ප‍්‍රථම කර්තෘත්වයට පියසේන නිශ්ශංක මහතා පත් කිරීම තුළ එම පුවත්පතට ශාස්ත‍්‍රීය මුහුණුවරක් එක්වීම ඔස්සේ "ශත දහයේ විශ්වවිද්‍යාලයනමින් එම පුවත්පත ප‍්‍රකට විය. තව ද කාලයක් පුරා පළවුණු Ceylon Observer පුවත්පත මිලට ගෙන එය ඉරිදා දින පළවන ලංකාවේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පුවත්පත බවට පත් කළේය. එසේම ද්‍රවිඩ බස භාවිත කරන පාඨකයින් වෙනුවෙන් 1932 දී තිනකරන්පුවත්පත අරඹන ලදි.

 මෙසේ භාෂා ත‍්‍රිත්වයෙන්ම මෙරට ජනතාව වෙත පුවත් හා දැනුම සම්පාදනය කළ මෙම පුවත්පත් සමූහය වර්ෂ 1938 දී ලේක්හවුස් ගොඩනැඟිල්ල තුළ ස්ථානගත වීම මඟින් එවකට ක‍්‍රියාත්මක වූ ප‍්‍රබලතම පුවත්පත් ආයතනය බවට මෙම ආයතනය පත්විය1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව ලේක්හවුස් ආයතනයේ කොටස්වලින් 75% ක ප‍්‍රමාණයක් රජයට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ දී මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින පුවත්පත් ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වේ.

.



 

·        නිහාල්.පී.අබේසිංහ    -   "පත්තර මහගෙදරින් මහ මෙහෙවරක් කල ඩී.ආර්.විජේවර්ධන"

                                    2018.02.17

·        චන්ද්‍රසිරි සෙනවිරත්න -    "ජාතිය නැංවීමට අතදුන් ඩී.ආර්.විජේවර්ධන"

 

·        Https:// srilanka.mom.rsf.org/.lk

·        www.silumina.lk

■ (බුදුසරණ) 2015-02-18 සිරිසමන් විජේතුංග