Followers

Thursday, December 23, 2021

කට්ට කාපු මිනිසෙකුගේ කතාවක්

 සුන්දර් පිචෙයි.


2019 වර්ශයේ ගුගල් මව් ආයතනය ගුගල් හී  ceo උනූ sundar pichai හට ඒ වර්ශයේ ඇමෙරිකානු  ceo කෙනෙකුට ගෙවපු වැඩිම මූදල ගෙවනවා .ඒ වර්ශයට ඩොලර් මිලියන 281 ක් පමණ .ඔහුට පල්ලෙහා හිටපූ robert a.  swan හට ගෙවා තිබුනෙ ඩොලර් මිලියන 67 පමණ .


ඉතින් ඇත්තටම ඇයි මේ දකුණු ඉන්දියාවේ ඉදලා ආපූ මේ කලූ මනුස්සයට මෙච්චර ගාණක් ගෙවලා ගුගල් ආයතනය ඔහුව තියාගෙන ඉන්නෙ .


සුන්දර් පිචෙයි උපදින්නෙ දකුණු ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක .  දුෂ්කර ජිවිතයක් තමයි කුඩා අවදියේ සුන්දර් පිචෙයි ගත කෙරුවෙ  tv, refrigerator ,telephone  වගේ දෙවල් ඔවුනට තිබුනෙ නැ තාත්තා ජුනියර් ඉලෙක්ට්‍රික් ඉන්ජිනේරුවකු වූ අතර මව ටයිප් රයිටර් කෙනෙක් . කාමර දෙකක කුඩා නිවසක ජිවත් වුනු ඔවුන් එයිනුත් එක කාමරයක් කුලියට දිලා තිබුනෙ . කුඩා අවදියේ සිටම ඔහුට තිබුනා තාක්ෂණික දෙවල්  පිලිබදව ආශාවක් වගේම කුතුහලයක් .


ඔහූට දක්නට ලැබෙනවා ඔවුන්ගෙ ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාවට පස්සේ නිතරම කුස්සියේ ඉන්න මව කලින්ට වඩා කුස්සියේ ඉන්න කාලය අඩූ උනා කියලා .ඒ වගේම ටෙලිෆෝන් එකක් ගෙනාවට පස්සේ ගමෙ හැමොම ඔහූගෙ ගෙදරට ආපූ හැටි . ඉතින් සුන්දර් පිචෙයිට තෙරෙනවා තාක්ෂණයට කාලය ඉතුරු කරන්න වගේම වැඩ පහසු කරන්නත් ලෙසියෙන් පුලුවන් කියලා .


ඔහූ ඉහල  iq level  එකක් තිබුන කෙනෙක් ඉන්දියාවේ  iit කියන ඔහුගේ යුනිවර්සිටි එකෙ අංක එකෙ ශිෂ්‍යයෙක් වෙනවා වගේම ඔහූට ඇමෙරිකාවේ ස්ටැන්ඩ්ෆොඩ් යූනිවර්සිටි එකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා . පියාගෙන් පඩියෙන් ලබා ගත් ඇඩ්වාන්ස් මුදලකින් තමයි ඔහු ඇමෙරිකාවේ යන්නේ .


එහි අධ්‍යාපනය අවසන් විමෙන් පසුව මැටිරියල් ඉන්ජිනේරුවකු ලෙස මැනෙජ්මන්ට් කන්සල්ට්ටන් ආයතනයක් වූ Mckincy & company කියන ආයතනයට මුලින්ම සම්බන්ධ වෙනවා .


2004 දි product manager & developer කියන තනතුරට ඔහු ගුගල් ආයතනයට සම්බන්ධ වෙනවා . ඔහූ ගුගල් සමග වැඩ කරද්දී ඔහුට පෞද්ගලිකව මුහුණ දෙන්න උනු සිදුවිම් පොදුවේ කාටත් මුහුණ දෙන්න වෙන සිදුවිම් ලෙස අරගෙන එවට විසදුම් විදිහට අපූරු දෙවල් නිර්මාණය කරලා තියෙනවා .


උදාහරණයක් විදිහට ඔහුගේ බිරිඳ එක්තරා පාර්ටි එකකට යනවා . ඔහුට වැඩ අහවර වෙලා එන්න කියලා තමයි බිරිඳ පාර්ටි එකට යන්නේ .ඉතින්  ඇමෙරිකාවට අලුත් වුනු සුන්දර් පිචෙයිට ස්ථානය හොයාගන්න ඉතාමත් අපහසු වෙනවා වගේම ඔහූ එතෙන්ට යද්දි පාර්ටි එක ඉවර වෙලා . පසුවෙනිදා බිරිදගෙන් බැනුම් කොටියයි.


ඉතින් මේ ප්‍රශ්නෙට අපූරු උත්තරයක් ඔහු කල්පනා කෙරුවා .එහෙම තමයි 2005 දි ගුගල් මැප් එක ලොන්ච් වෙන්නේ . 2008 දි එක මුලු ලොකෙටම ව්‍යප්ත වෙනවා .


මේ ආකාරයට ඔහූ මුහුණ දුන්න ගැටලු පොදු ගැටලු විදිහට අරගෙන  , ගුගල් ට්‍රාන්ස්ලෙටර් විශෙෂයෙන් ගුගල් ට්‍රාන්ස්ලෙටර් නිපදවන්නේ ඔහූ චිනෙට ගියපු වෙලාවෙදි මුහුණ දුන්න භාෂා ප්‍රශ්නයක් හින්දා . සංනිවේදන අපහසුතාවට පිලියමක් ලෙස ඔහූ ගුගල් ට්‍රාන්ස්ලෙටර් හදුන්වා දෙනවා .


2008 දි ඔහුට කල්පනා වෙන ප්‍රශ්නයක් තමයි ගුගල් ආයතනයට මයික්‍රොසොෆ්ට් එක්ස්ෆොලර් එක හරහා අන්තර්ජාලයට යන්න සීදුවිම . ඉතින් එතනදී තමයි ගුගල් ක්‍රොම් එක පිලිබදව අදහස සූන්දර් පිචෙයි ගෙන එන්නෙ . සර්ච් නම් ගුගල් කියන තැනට මෙක ගෙන ආවෙ සූන්දර් පිචෙයි . යුටියුබ් කිඩ්ස් ගෙන එන්නෙත් ඔහු යටතෙ වැඩ කරපු කෙනෙක් කියපු දරුවන් යුටියුබ් එකෙ අනවශ්‍ය දෙවල් බලනවා කියපු එක හින්දා ,සිය දියණිය මල් වර්ග කිපයක් පෙන්නලා එවගෙ නම් ඔහුගෙන් විමසනවා.නමුත් ඔහුට උත්තර දෙන්න හැකියාවක් තිබුනෙ නැ .ඔහූ එතනදී ගුගල් ලෙන්ස් කියන ප්‍රඩක්ට් එක හදුන්වා දෙනවා .


2008 දි ඔහු ගුගල් හි වයිස් ප්‍රසිඩන්ට් වෙනවා .2012 දි සීනියර් වයිස් ප්‍රසිඩන්ට් වෙනවා . 2014 දි product chief  බවට ඔහූ පත් වෙනවා . එතකොට ඔහූට ඉහළින් හිටියේ  ceo සහ  owners  ලා විතරයි .


2015 දි ගුගල් අයතනයෙ මව් සමාගම වෙන ඇල්ෆබර්ට් ආයතනය තමන්ගේ ආයතන ස්ට්‍රක්චර් එක වෙනස් කරලා ගුගල් ආයතනයෙ ceo බවට සූන්දර් පිචෙයි පත් කරනවා .


ඔහුගේ තිබුන සාමාන්‍ය ප්‍රශ්න වලට පිලිතුරු සෙවිමෙ හැකියාව ලිඩර් කෙනෙක් විදිහට අනිත් අයට ඇහුම්කන් දිම ආනාගතය දැකිම වැනි ගුණාංග නිසා ගුගල් ආයතනය අද මෙ තියෙන තැනට ගෙනඑන්න ඔහුට පුලුවන් වෙලා තියෙනවා .


2019 දි ඔහුගේ මේ සුවිශේෂී හැකියාවන් නිසාම ගුගල් මව් ආයතනයෙ ceo  තනතුර එහි අයිතිකරුවන් විසින් ඔහුට ලබා දෙනවා . ශෙයා හොල්ඩර්ස්ලා විදිහට විතරක් ඔවුන් සිටිනවා .


එකතරා අවස්ථාවක bbc ආයතනය සුන්දර් පිචෙයිගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයාලගෙ ආයතනය මොකක්ද කියලා ,සර්ච් ආයතනයක් ද ,ඇප් හදන එකක්ද ,ai company  එකක්ද ,ඇඩ්වටයිසින් ෆර්ම් එකක්ද මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා .සුන්දර් පිචෙයි උත්තරයක් දෙනවා අපූරුවට .

" ඔය එකක් වත් නෙවෙයි " අපි කරන්නේ මිනිස්සු ජිවත වෙනස් කරන එක , ඇප්ස් ප්‍රඩක්ට් හදලා මිනිස්සුන්ගෙ ජිවිත ලෙසි කරන එක " 


ඒ සුන්දර් පිචෙයි


උපුටාගැනීමකි.(කතෘ නොදනී)

No comments: