01. සංවර්ධනය සහ සන්නිවේදනය
සංවර්ධනය යනු කුමක්දැයි සරලව පැහැදිලි කිරීම
සංවර්ධනය යන්න මූලික ලෙස විවරණය කිරීමේදී එය මානව ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම භෞතිකමය හා අධ්‍යාත්මික ලෙස පැතිරුණු හිතකර වර්ධනය ලෙස හැඳින්විය හැකිය.
සංවර්ධනය පිළිබඳ නිර්වචන විමසීමේදී විසි වන සියවස මූල භාගය තෙක් හා පසුව පැවැති විග්‍රහයන් මත ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. 20 වන සියවසේ මූල භාගය තෙක්ම විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය පමණ තෙක් පැවැති විග්‍රහයේ හරය වන්නේ, එය මුල්‍යමය, භෞතිකමය, සංඛ්‍යාත්මක ලෙස, ප්‍රමාණාත්මක ලෙස ඇති වන වර්ධනයක් බවයි.
එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම වාතාවරණය වෙනුවට ඒකපුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදන මට්ටම, දළ දේශීය ආදායම, ළදරු හා මාතෘ මරණ අනුපාතය, පෝෂණ මට්ටම, සාක්ෂරතාවය වැනි මිනුම් දඬු සංවර්ධනය මැනීම සඳහා භාවිතා විය.
වර්තමානය වන විට මෙම තත්ත්වය තවදුරටත් පුළුල් වෙමින් විවිධ දේශපාලන ක්‍රම, රටවල්, විෂයයන් පදනම් කොට ගෙන නිර්වචනය ගොඩනැඟී තිබේ. උදාහරණ ලෙස සමාජවාදී විග්‍රහය, ධනවාදී විග්‍රහය, පරිසරවාදී විග්‍රහය, බෞද්ධ විග්‍රහය.
සංවර්ධනය නිර්වචන ආශ්‍රයෙන් විග්‍රහ කිරීම
ඩඩ්ලි සියර්ස් දරිද්‍රතාව, සාක්ෂරතා ඥාණයේ පහත් මට්ටම, විරැකියාව සහ සමාජීය අසමානතාව යනාදී පීඩාවලින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව මුදවා ගැනීම සංවර්ධනයයි.
ගුනාර් මිර්ඩාල් සංවර්ධනය යනු සමස්ථ සමාජ ක්‍රමයේම ඉදිරි ගමන හෝ සමාජය තුළ දක්නට ලැබෙන විප්ලවීය වෙනසකි.
කාල් මාක්ස් සංවර්ධනය ලෙස දකින්නේ ප්‍රාග්ධනය, නිෂ්පාදන කම්කරු පංති අතර බෙදීයාමක් ලෙසය.
විමල් දිසානායක ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජීය සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය යන කොටස් වලින් පරිපූර්ණ වූ ක්‍රියාවලියකි.
සර් ආතර් ලුවිස් සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව, ඕනෑම රටක්, මානව වර්ගයක්, ජාතියක්, භාෂාවක්, ආගමක්, සමාජයක්, දැනුම් ප්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමට පත්කරලීමයි.
ජෝර්ජ් එම් පෝස්ටර් සංවර්ධනය යනු තාක්ෂණික දියුණුව, මහජන සෞඛ්‍ය ආධාර, කෘෂිකාර්මික ව්‍යාපෘති යෝජනා ක්‍රම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධ සකල විධ දියුණුව හා ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට පත්කරලීමත්, සංවර්ධනයේ වාසිදායක තත්ත්වයන් ජනතාව අතර බෙදීයාමට සැලැස්වීමත්ය.
රටක සංවර්ධනයේදී අවධානය යොමු කළයුතු අංශ ආකෘතියක් ඔස්සේ දැක්වීම
👉සංවර්ධනය, භෞතික , අධ්‍යාත්මික, සංවර්ධනය, සංවර්ධනය,ආර්ථික, අධ්‍යාපනය, සංස්කෘතිය,
පාරිසරික, නිෂ්පාදන. සාමාජීය . සෞඛ්‍ය. මානසික, සංස්කෘතික , සදාචාරාත්මක , ආනයන, සංවර්ධනය, සංවර්ධනය, අපනයන, ළඳාම
මිනිස් සංවර්ධන වාර්තාව සඳහන් කරන පරිදි ලෝක ජනතාවගෙන් බිලියනයකටත් වඩා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, අතිශයින්ම දිළිඳු පහෙන් එක් කොටසක ආදායම මෙන් එකසිය පනස් ගුණයක් අතිශයින්ම පොහොසත් පහෙන් එක් කොටසක් වන ජනයා බුක්ති විඳී.
ජාත්‍යන්තර වර්ගීකරණය අනුව, ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 795 - 3125 දක්වා වූ පරාසයට අයත්, පහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයේ රටවල් අතර, ලංකාවේ තත්ත්වය ඉහළ ගොස් ඇත. 2004 වර්ෂයේදී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1000 ඉක්මවන ලදි. 2005 වර්ෂයේදී ඩොලර් 1188 ක් ද, වර්තමානය වන විට ඩොලර් 2000 සීමාවේ ද සිටී.
ලෝකයේ දිනකට මන්දපෝෂණයෙන් මියයන බාල වයස් දරුවන් ප්‍රමාණය 34,000 ක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල අසූ කෝටියක් ජනතාවට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබේ. ශ්‍රී ලංකාවේ පාසල් යන දරුවන් 25% ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, 30% ක් මන්දපෝෂණයෙන් පෙළේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පාචනය, මැලේරියාව, බරවා, ඩෙංගු වැනි රෝග බහුලවීම තුළ සෞඛ්‍ය ගැටළු නිර්මාණය වී ඇත. ලංකාවේ දිනකට බාලවයස්කාර ගැහැණු දරුවන් ගබ්සා 500 කට වඩා සිදුකර ගනී.
ශ්‍රී ලංකාවේ ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහන් වාර්තාව ප්‍රකාශ කරන පරිදි 2009 වර්ෂය අවසානය වන විට ලංකාවේ වාර්තා වී ඇති එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව 1196 කි. ඉන් 309 දෙනෙකු ඒඩ්ස් රෝගයට ගොදුරු වී තිබේ. සිදුවී ඇති මරණ ප්‍රමාණය 202 කි. ලෝකයේ ඒඩ්ස් රෝගය නිසා හටගත් සෘජු හා වක්‍ර පිරිවැය පමණක් ඩොලර් බිලියන 210 ක් ඉක්මවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සංවර්ධනය අවම මට්ටමක පවතින අතර, වෘත්තීයාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් දැකගත නොහැකිය. ලංකාවේ විශ්වවිද්‍යාල වල ඇති අවම පහසුකම් නිසා, වසරකට විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගනු ලබන්නේ 20,000 කට ආසන්න පිරිසක් වන අතර, එය උසස් පෙළ සිසුන්ගෙන් 4% කට ආසන්න වේ.
සංවර්ධනය සන්නිවේදනය යනු කුමක්ද?
සංවර්ධනය, සංවර්ධනය ව්‍යාපෘති, දැනුම ආදිය පිළිබඳවත්, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සන්නිවේදනය මඟින් කෙරෙන කාර්යය සංවර්ධන සන්නිවේදනයයි. නැතහොත් රටක ජාතික සංවර්ධනය සඳහා ජනතාව දැනුවත් කිරීමටත්, පෙළඹවීමටත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිණිය හෝ වෙනත් සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනයයි.
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ අදහස් මුලින්ම මතු වන්නේ 1970 දශකයෙන් පසුය. නෝරා ක්වේබ්රාල්, විල්බර් ශ්‍රාම්, එවරස්ට් එම්. රොජර්ස්, ඉතියල් ද සෝලා ද ෆූල්, ලූෂන් ෆායි, ඩැනියල් ලර්නර් වැනි බටහිර විද්වතුන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳ මෙන්ම සංවර්ධන සන්නිවේදකයන්ගේ කාර්යය භාරය ද න්‍යාය සංකල්ප ගොඩනඟා තිබේ.
“කිසියම් ජනතාවක් දරිද්‍රතාවයේ සිට වඩාත් සමෘද්ධි සම්පන්න තත්ත්වයක් කරා පත් කිරීමටත්, ආර්ථික වෘද්ධිය ඇති කිරීමටත්, සමාජ සමානාත්මතාව පතල කිරීමටත්, මිනිසාගේ නෛසර්ගික ශක්ත්‍යාවලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමටත් අනුබල දෙන සන්නිවේදනය සංවර්ධන සන්නිවේදනයයි.”
මහාචාර්ය විමල් දිසානායක
“සංවර්ධන සන්නිවේදනය යනු, යම් රටක් දුගී දුප්පත්කමින් බැහැර කොට, එහි ආර්ථික හා සමාජ සුබසිද්ධිය ඇති කරවන ක්‍රියාවලියයි. මානව සන්නිවේදනය නැමැති කලාව මෙන්ම විද්‍යාවයි. සංවර්ධන සන්නිවේදනය තුළින් පුළුල් ආර්ථික සහ සමාජ සමානාත්මතාව ඇති කරලිය හැකිවාක් මෙන්ම එමඟින් මානව අවශ්‍යතා සියල්ල සපුරා ලිය හැකිය.
නෝරා C ක්වේබ්රාල්
සංවර්ධනාත්මක සන්නිවේදනයේ මූලික අරමුණ වන්නේ , කිසියම් සමාජයක දියුණුවක්, ප්‍රගතියක් ඇති කිරීමයි. මේ සඳහා පහත් ආදායම් මට්ටමකට උරුමකම් කියන, අධ්‍යාපන පහසුකම් නොලද ජන කොට්ඨාශයක් තුළ ආර්ථික සංවර්ධනයට අදාළ චිත්ත තත්ත්වයක් ඇති කිරීමත්, නව අදහස්, දැනුම් සම්භාරයක් , ආකල්ප හා කුසලතා එම ජනතාව අතර ව්‍යාප්ත කීරීමත්, සන්නිවේදන මාධ්‍යයන් මඟින් සිදුකළ හැකිය. එමෙන්ම සංවර්ධනයට අදාළ වූ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා පෙළඹවිය හැකිය.
නූතනයේ මෙවැනි සංවර්ධන සන්නිවේදනයක් ජනමාධ්‍ය ආයතන වල, රාජ්‍ය ආයතන වල මෙන්ම රාජ්‍ය නොවන ආයතන වල ද දැකගත හැකිය. උදාරහරණ - කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ විද්‍යාඥයින්, කෘෂිකාර්මික උපදේශකවරුන්, කෘෂිකර්ම නිළධාරීන්, කාලගුණික තොරතුරු සපයන්නන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි කළමණාකරුවන් හා නියාමකවරුන්, දේශපාලනඥයින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, තරුණ සේවා නිළධාරීන්, ප්‍රජා සංවර්ධන නිළධාරීන්, සමාජ සේවා නිළධාරින් මෙන්ම නූතන ජනමාධ්‍ය වල සන්නිවේදකයින් ද පෙන්වා දිය හැකිය.
උදාහරණ ලෙස, කෘෂිකර්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ සංවර්ධන සන්නිවේදකයින් මෙන්ම ජනමාධ්‍ය වල සංවර්ධන සංදේශ මඟින් බීජ වර්ග පිළිබඳව, පොහොර වර්ග පිළිබඳව, කෘෂි රසායනික ක්‍රම පිළිබඳව, රෝග හා පළිබෝධ පාලනය පිළිබඳව, පස හා ජලය පිළිබඳව, අස්වනු නෙලීම පිළිබඳව, පසු අස්වනු තාක්ෂණය පිළිබඳව, ගබඩා කිරීම හා ප්‍රවාහනය පිළිබඳව, නවීන තාක්ෂණික ඥාණය ගොවි ජනතාව වෙත සන්නිවේදනය කරනු ලබයි.
02. ග්‍රාමීය සංවර්ධනය සහ එයට උචිත සන්නිවේදන විධික්‍රම
ග්‍රාමීය සමාජය යනු
ග්‍රාමීය ප්‍රදේශ ලෝකයේ සමස්ථ සංවර්ධනය වන 2/3 ක් වන රටවල් ප්‍රමාණයෙන් වැඩි භූමි ප්‍රදේශයක් වසාගෙන තිබේ. මෙම රටවල ජනයා, සාම්ප්‍රදායික ජීවන ක්‍රමයක් සහිත, පහළ යැපුම් මට්ටමේ ආර්ථිකයන්ට හිමිකම් කියන, සැලසුම් සහගත භෞතික පහසුකම් වලින් තොර ප්‍රදේශ වල ජීවත් වන්නේය.
මෙකී ග්‍රාමීය සමාජ පිළිබඳ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන හඳුනාගෙන ඇති විශේෂතා රැසකි. සාම්ප්‍රදායික ජීවන ක්‍රමයකට කාලාන්තරයක් තිස්සේ ගොදුරු වී තිබීම, විදුලිය, ජලය, මහාමාර්ග වැනි භෞතික පහසුකම් අවමවීම, සාම්ප්‍රදායික සමාජ සංස්කෘතික පැවතුම්, නවීකරණය නොවූ නිෂ්පාදන ක්‍රම, පහළ යැපුම් මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රම, ඉඩම් කැබලිකරණය සහ ඵලදායීතාවය අවමවීම, ගොවීන්ට ඉඩම් අයිතිය අහිමිවීම, ප්‍රාථමික නිෂ්පාදන ක්‍රම නිසා නාස්තිය වැඩිවීම, විරැකියාව, මන්දපෝෂණය හා ලෙඩරෝග, ප්‍රාග්ධන හැකියා අවමවීම, විවිධාංගීකරණය අවමවීම, තිරසාර බවක් නොතිබීම, අසංවිධානාත්මක කළමණාකරණය, සෞඛ්‍ය, ප්‍රවාහන සහ අධ්‍යාපනික අවශ්‍යතා ගැටළු සහගත වීම එහිදී ප්‍රමුඛය.
ග්‍රාමීය සමාජ වල පසුගාමී භාවයන් (කේ.ආර්. වොට්සන්ගේ අදහස්):- ගතානුගතික බව, මිත්‍යාවන් පැතිරීම, වෙනස්වීමට ඇති නොකැමැත්ත හා සෙමින් වෙනස්වීම, තරුණ නායකත්වයට ඇති අකැමැත්ත, තරුණයින්ට වගකීම් නොදීම, කටකතා, ඕපාදූප, නූතන ජනමාධ්‍ය අභිබවා සිටීම, ණය බර හා ආර්ථික ගැටළු, සමාජ පංති කුලභේදයන්, භාෂා ආගම් ප්‍රදේශ අතර ගැටුම්.
ග්‍රාමීය සංවර්ධනය යනු
1975 එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය:- “ග්‍රාමීය සංවර්ධනය යනු විශේෂ මිනිස් කණ්ඩායමක් වන ග්‍රාමීය දුප්පතුන්ගේ ආර්ථික, සමාජීය, ජීවිතය දියුණු කරන උපාය මාර්ගයකි. මෙමඟින් ග්‍රාමීය ප්‍රදේශ වල ජීවිකාව සොයමින් සිටින පීඩිතයන්ට සංවර්ධනයේ වාසි හා වරප්‍රසාද පුළුල් කරයි. ග්‍රාමීය අංශය නවීකරණයට යොමු වන සැලසුම් තැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ග්‍රාමීය දුප්පතුන්ගේ සමාජීය, ආර්ථික ජීවිතය දියුණු කිරීම ඉලක්ක කොට ගනියි.”
ලෝක බැංකුව:- “ග්‍රාමීය දරිද්‍රතාවයෙන් පෙළෙන සුවිශේෂි ජන කණ්ඩායම් වල ආර්ථික හා සමාජීය ජීවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති ක්‍රමෝපායන්.”
ග්‍රාමීය සංවර්ධනයේදී අවධානය යොමුකළ යුතු අංශ
ශ්‍රී ලංකාව ගම් 25,000 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් රාජ්‍යයකි. දකුණු ආසියාවේ නාගරිකරණයට ලක්ව ඇත්තේ සියයට 30 ක් පමණි. රටක් සංවර්ධනය වීමට නම් සියයට 40 ක් පමණ නාගරික වර්ධනයක් ඇති විය යුතුය. ග්‍රාමීය සංවර්ධනයේදී අවධානය යොමු කළයුතු ප්‍රධාන ක්ෂේත්‍රයන් කිහිපයක් තිබේ.
භෞතික සංවර්ධනය සන්නිවේදනය, ප්‍රවාහන, කුණු කසළ ඉවත් කිරීම, වාරිමාර්ග,
බලශක්ති, වන සම්පත්, සත්ව සංවර්ධනය, පරිසරය
ආර්ථික සංවර්ධනය කෘෂිකර්මය, ව්‍යාපාර, කර්මාන්ත
සමාජ සංවර්ධනය අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා, දේශපාලන ක්‍රියාකාරකම්
සෞඛ්‍ය සංවර්ධනය පෝෂණය, සනීපාරක්ෂාව, ප්‍රජා සෞඛ්‍ය, ජලය හා වාතය දූෂණය
වීම වලක්වා ගැනීම
ග්‍රාමීය සංවර්ධනයට උචිත සන්නිවේදන විධික්‍රම
ග්‍රාමීය සංවර්ධනයේදී අදහස්, දැනුම, ආකල්ප ඇති කිරීමටත්, ජනතා සහභාගිත්වය ලබා ගැනීමටත්, පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය, දෙපියවර සංකල්පය, සාම්ප්‍රදායික මාධ්‍යය මෙන්ම ජනමාධ්‍යය ද සන්නිවේදන මාධ්‍යයන් ලෙස භාවිතා කළ හැකිය.
ග්‍රාමීය සංවර්ධනයේදී වෙනසක් ඇති කිරීම සඳහා මාධ්‍ය භාවිතයේදී සිදු කෙරෙන කාර්යයන් රැසකි. ජනතාව සංවිධානය කිරීම, දැනුවත්භාවය සෑම ක්ෂේත්‍රයකටම පුළුල් කිරීම, ජීවන ධාරිතාව පුළුල් කරන සුළු රසවින්දනය, ඇඟයීම් සංවර්ධනය කිරීම, නාස්තිය හා දූෂණය පිළිබඳ අවබෝධය, විවෘත භාවය හා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම, ජල පරිභෝජනය හා කෘෂිකාර්මික අවබෝධය පුළුල් කිරීම, බලශක්ති කළමණාකරණය, ඵලදායිතාවය සෑම අංශයකටම පුළුල් කිරීම, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ අවබෝධය හා නීරෝගීභාවය පිළිබඳ පුරුදු වර්ධනය කිරීම, ඉඩම් පරිහරණය, විවිධාංගීකරණය ව්‍යාප්ත කිරීම.
03. ජාත්‍යන්තර සංවිධාන හා සංවර්ධනය
හැඳින්වීම
විසිවන සියවසේ මූල භාගයේ ලෝකයේ ඇති වන දේශපාලන, සමාජ වෙනස්වීම් රැසකි. ප්‍රධාන වශයෙන් පළමු වන ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, සමාජවාදී හා ධනවාදී කඳවුරු අතර තරඟය ඇතිවීම, කලාපීය වශයෙන් රටවල් එකතුවීම ඒ අතර විශේෂ වෙයි. මෙම ජාත්‍යන්තර දේශපාලනික සංවිධාන බිහිවීමේ තීරණාත්මක අවධිය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම හඳුනාගත හැකිය. එය පදනම් කරගෙන පසුව, විවිධ සංවර්ධන සංවිධාන රැසක් බිහිවූ බව පෙනේ.
ලෝක බැංකුවේ සභාපතිවරයා පැහැදිලි කරන පරිදි 21 වන සියවසේ උදාවත් සමඟ ඇති ප්‍රධාන ගැටළුව නව සියවසේ සංවර්ධන ගැටළු ජය ගැනීමයි. ඒවා නම්, දුප්පත්කම, කුසලතා වර්ධනය, මහාමාර්ග, විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය විනය ඇති කිරීම, පර්යේෂණ මඟින් නව දැනුම උත්පාදනය හා අඛණ්ඩව දැනුවත්වීම ආදියයි.
එමෙන්ම සහස්‍ර ඉලක්ක ජය ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය, තිරසාර සංවර්ධනය දිරිමත් කිරීම, නව රැකියා උත්පාදනය, බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්ති උත්පාදනය ආදිය කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය.
ජාත්‍යන්තර සංවිධාන වර්ග කිරීම
දිළිඳුකම පැතිරීම හා සංවර්ධනය අවමවීම, ලෝක පරිමාණයේ ගැටළුවක් බවට පත්වෙමින් පවතී. නවතම තොරතුරු වලට අනුව හඳුනාගෙන ඇත්තේ බටහිර සංවර්ධිත රාජ්‍යයන්ගේ සංවර්ධන ඵලදායිතාවය 3% ත් 5% ත් අතර මට්ටමකට යමින් පවතින බවයි. මෙම තත්ත්වය වඩාත් බරපතල වන්නේ දැනටමත් පහළ මට්ටමේ සිටින සංවර්ධනය වන රටවලටය. එමෙන්ම වර්තමානය වන විට බොහෝ රාජ්‍යයන් වලට තමන්ගේ සංවර්ධන අවශ්‍යතාවයන් තනිව ඉටුකර ගැනීමට ද නොහැකි තත්ත්වයක් පවතී. මෙවැනි ගැටළු වලට මුහුණදීම සඳහා ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන රැසක් බිහිවී තිබේ.
උදාහරණ:- එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,ආසියානු සංවර්ධන බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝව, යුනිසෙෆ් සංවිධානය
මෙම ජාත්‍යන්තර සංවිධාන වල සංවර්ධන කාර්ය භාරය කෙටියෙන් විග්‍රහ කිරීම.
ලෝක බැංකුව:- දිළිඳුකම් අවම කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, අධ්‍යාපනය, පෝෂණය, පවුල් සැලසුම් පිළිබඳව, සාමාජික රටවල ණයබර ලිහිල් කිරීම, පුද්ගලික අංශය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම, වන වගාව, ධීවර කර්මාන්තය, වාරිමාර්ග හා ජලප්‍රවාහන, කාර්මික අංශය වැඩිදියුණු කිරීම, වරාය හා ගුවන්තොටුපල සංවර්ධනය ආදී කාර්යයන් සඳහා ආධාර මෙමඟින් සපයයි.
ලෝක බැංකුවට විරුද්ධ මතවාද ගොඩනැඟී තිබේ. බහුජාතික සමාගම් වල හා ධනවාදයට පක්ෂපාතිවීම, (උදා:- බ්‍රසීලය කඩා වැටීම), ආධාර මඟින් නව යටත් විජිතවාදය ගොඩනැfÛන බව, දුප්පත් රටවල් ණය චක්‍රයට ගොදුරු කිරීම, ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ලෝකයට දීම, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශීය ව්‍යාපෘති බිඳවැටීම ආදී අදහස් ඒ අතර වේ.
ආසියානු සංවර්ධන බැංකුව (්.ෘ.ඊ.):- මෙම කලාපීය බැංකුව 60 දශකයේ බිහිවන අතර, ආසියානු පැසිෆික් කලාපයේ ව්‍යාප්තව පවතී. මූලස්ථානය පිලිපීනයේ පිහිටා තිබේ. දිළිඳුකමින් ආසියානු කලාපය මුදවා ගැනීම පරමාර්ථය කොට ගෙන ඒ සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත්, එම රටවල හැකියාවන් වර්ධනය කිරීමට උපකාර කිරීමත් මෙයින් සිදුකෙරේ. මෙම කලාපයේ ජීවත් වන බහුතරයක් එනම් සියයට 60 කට වැඩි පිරිසක් දිළින්දන්ය. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ මෙම කලාපය තුළ සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ කිරිඳිඔය යෝජනා ක්‍රමයට, යූරියා පොහොර කම්හල ඉඳිකිරිමට, ග්‍රාමීය සංවර්ධනයට උපකාර කිරීම, මහාමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට උපකාර කිරීම, කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉඳිකිරිමට හා ඇඟලුම් ව්‍යාපාරයට උපකාර කිරීම එමඟින් සිදුකර ඇත.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය:- මූලික වශයෙන් සාගින්න හා මන්දපෝෂණය පිටුදැකීම සඳහා කටයුතු කිරීමත්, ග්‍රාම සංවර්ධනය තුළින් ගැමි ජීවන තත්ත්වය නංවාලීමත්, ජල සම්පත රැක ගැනීම, ජල පාලනය, පාංශු සංරක්ෂණය, කෘෂිකර්මාන්තයට නව තාක්ෂණික ඥාණය ලබාදීම, සත්ව පාලනය හා සත්ව රෝග වැලැක්වීම ආදිය මෙන්ම ගොවීන් පුහුණු කිරීම, උපදෙස් ලබාදීම මෙමඟින් සිදුකරයි. ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර කරන්නේ ද එමඟිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය:- සෞඛ්‍ය අධ්‍යාපනය, ආහාර හා පෝෂණය, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, ළමා සෞඛ්‍ය හා පවුල් සැලසුම් ක්‍රම, මාතෘ සංරක්ෂණය, වසංගත රෝග තුරන් කිරීම, ඖෂධ වර්ග සැපයීම, සෞඛ්‍ය ආයතන පිහිටුවීම, ඖෂධ හා උපකරණ සැපයීම ආදී කාර්යයන් රැසක් මෙමඟින් සිදුවෙයි.
යුනෙස්කෝව:- විශේෂයෙන් යුනෙස්කෝව වැනි ආයතන වල කාර්යය භාරය තුළින් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල තොරතුරු ගලනය සක්‍රිය කිරීම, විශේෂඥ දැනුම සැපයීම, තාක්ෂණික උපකරණ සැපයීම, අරමුදල් සැපයීම, පර්යේෂණ සිදුකිරීම, (උදා:- පාසල් සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහන්, ගුරු පුහුණු වැඩසටහන්, ජාතික අධ්‍යාපන ආයතනය, විවෘත විශ්වවිද්‍යාලය ආදියට උපකාර කිරීම මෙන්ම ප්‍රජා ගුවන්විදුලි සේවා ආරම්භ කිරීම සඳහා ආධාර කිරීම.)
විවිධ රටවල ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ද කෙටි විග්‍රහයක් කරන්න.
උදාහරණ:- ශ්‍රී ලංකාවේ සර්වෝදය, වර්ල්ඩ් විෂන් ලංකා, ලංකා සුළු ධීවර සම්මේලනය, ප්ලෑන් ලංකා වැනි සංවිධාන.
04. තිරසාර සංවර්ධනය
තිරසාර සංවර්ධනය යනු
ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් තවම සංවර්ධනය වන රටවල්ය. ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග හා ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් අයත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටය. සංවර්ධන ක්‍රියාවලියේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම සංවර්ධිත රටවල් ද අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
තාක්ෂණික දියුණුව හා කාර්මීකරණයේ වේගවත් බව නිසා පරිසරය ආශ්‍රිතව පැන නැඟී ඇති විවිධාකාර වූ ගැටළු සහගත තත්ත්වයන් නිසා මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතියට භයානක ඵල විපාක වලට මුහුණ දීමට සිදුව ඇති බැවින් සංවර්ධන ක්‍රියාවලිය පරිසර හිතකාමී ආකාරයට පවත්වාගෙන යාම තිරසර සංවර්ධනයෙන් අපේක්ෂා කරයි.
පවත්නා ස්වාභාවික සම්පත් වඩාත් ඵලදායී ලෙස අනාගත පරිභෝජනයට ද ඉතිරි කරමින් සංවර්ධනය කරමින් කෙටිකාලීන හා දිගුකාලීන අවශ්‍යතා සඳහා යොදා ගනිමින් මානව ජීවිතය වඩාත් හිතකර, ඵලදායී ලෙස ගොඩනඟා ගැනීම මෙයින් හඟවනු ලබයි.
මහ බැංකුව:- අනාගත පරම්පරා වල අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති හැකියාවට හානිකර නොවන ආකාරයට වර්තමාන පරම්පරාවේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම තිරසර සංවර්ධනයයි.
පරිසරය හා සංවර්ධනය පිළිබද ලෝක කොමිසම (බෲට්ලන්ඩ් කොමිසම):- මතු පරපුර වල අපේක්ෂාවන් සහ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ සැලසෙන පරිදි වත්මන් පරපුරෙහි අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේ ක්‍රියාවලිය ආශ්‍රිත සංවර්ධනය තිරසර සංවර්ධනයයි.
ලෝක බැංකුවේ පාරිසරික දෙපාර්තමේන්තුව:- පවත්නා සම්පත් අවම වශයෙන් භාවිතා කර ජීවිතයේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම තිරසර සංවර්ධනයට අයත් වේ. එහිදී පවත්නා ස්වාභාවික සම්පත් හා මිනිසා නිර්මාණය කළ වත්කම් අනාගත පරම්පරාවේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට, ආරක්ෂා කරගැනීමට දැඩිව අවධාරණය කරයි.
තිරසර සංවර්ධනය පිළිබඳ අදහස් 18 වන සියවසේ තෝමස් මෝල්තස් ඉදිරිපත් කර ඇති අතර, 1949 යේදී ස්වභාව ධර්මයේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයත්, 1972 මානව පරිසරය පිළිබඳ ස්ටොක් හෝම්ස් සමුළුවත්, 1992 මිහිකත සමුළුවත් තුළින් සක්‍රිය වී තිබේ.
තිරසර සංවර්ධනය සිදුවිය යුතු ආකාරය
තිරසර සංවර්ධනය වඩාත් ගුණාත්මක වන්නේ දෙපැත්තට ගමන් කරමින් ඇති පරිසරය හා සංවර්ධනය යන අංශ දෙක එකම අරමුණක් වෙත යොමුකර අන්‍යෝන්‍ය වශයෙන් ඒවා පෝෂණය වීමට සැලැස්වීම තුළිනි. ඒ අනුව, ජෛව විද්‍යාත්මක, ආර්ථික හා සමාජීය පද්ධතීන් වල සංකලනයකින් තිරසර බවක් ඇති කළ හැකි බව පෙන්වා දී ඇත.
තිරසර සංවර්ධනය පරිපූර්ණ වන්නේ පරිසරය හා ආර්ථික ක්‍රියාවලිය අතර ඇති ඒකාග්‍රතාව, සමාජීය සමානාත්මතාව සහ ආර්ථික ක්‍රියාන්විතය අනාගතයට විස්තීර්ණ කිරීම ආදිය තුළින් බව විද්වතුන් පෙන්වා දී ඇත.
තිරසර සංවර්ධනයේදී අවධානය යොමුකරන විශේෂ කරුණු රැසකි. කර්මාන්තය, නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳ නව පුරුදු ජනතාව අතර ඇති කළයුතුය. ගොවි කටයුතු, බලශක්තිය, ආහාර සකස් කිරීම, ආපදා කළමණාකරණය, පරිසරය සමතුලිත කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජීව ඉන්ධන නිපදවීම, මාධ්‍ය පරිහරණය, ලෙඩරෝග වසංගත පාලනය, නිවාස හා ජනාවාස සැලසුම්කරණය, ජල පරිභෝජනය, යෝග්‍ය තාක්ෂණ භාවිතය, ප්‍රජා අවබෝධය පුළුල් කිරීම, පරිසර හිතකාමි පුරුදු ඇති කිරීම ආදී කරුණු එහිදී වැදගත්ය.
තිරසර සංවර්ධනයේදී මාධ්‍ය භාවිතය
සොබාදහමට හිතකර ආකල්ප ගොඩනැඟීම, දිගුකාලීන අරමුණු ඒත්තු ගැන්වීම, මිනිසා, සොබාදහම හා සංවර්ධනය අතර බැඳීම ඒත්තු ගැන්වීම, සාම්ප්‍රදායික සමාජ විඥාණය ඔස්සේ අධ්‍යාත්මික මානව වාදය ව්‍යාප්ත කිරීම, පොදු බව පිළිබඳ හැඟීම හා සාමුහිකත්වයෙන් තොරව සංවර්ධනය අත්පත් කරගත නොහැකි බව ඒත්තු ගැන්වීම, තනි තනි වශයෙන් හා ගෝලීය වශයෙන් එකඟතා ඇති කිරීම, සංවර්ධනය හුදෙකලා මාතෘකාවක් නොකිරීම, සංරක්ෂණය පිළිබඳ මතවාදය තහවුරු කිරීම, ප්‍රතිචක්‍රීකරණය වැනි සංකල්ප හඳුන්වාදීම, සරළ ජීවිත ක්‍රමයන් ඇගයීම ආදිය මාධ්‍ය මඟින් කළ හැකිය.
05. සංවර්ධනයේ දී සාම්ප්‍රදායික මාධ්‍යය භාවිතයට ගත හැකි ආකාරය
සාම්ප්‍රදායික මාධ්‍යය යනු,
කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිතා වන නූතන කාර්මික තාක්ෂණික මෙවලම් භාවිතා නොවන සන්නිවේදන ක්‍රම සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය. එසේත් නැතහොත් සාම්ප්‍රදායික සමාජ වල ප්‍රභවය ලැබ, ඒවා තුළම ක්‍රියාත්මක වූ මාධ්‍ය, ගැමි මාධ්‍ය හෙවත් සාම්ප්‍රදායික මාධ්‍ය වේ.
නෙවිල් ජයවීර:- සාම්ප්‍රදායික සන්නිවේදනය කෘෂිකාර්මික වූ ගැමි සමාජ වල විශේෂයෙන් ප්‍රභවය ලැබූ සන්නිවේදන විධි වෙයි. ඒවා වර්තමාන තාක්ෂණයෙන් බොහෝ දුරට නිදහස්ය. ප්‍රකාශනය සඳහා ඒවා දේශීය සංස්කෘතිය ඉවහල් කර ගනී.
සාම්ප්‍රදායික මාධ්‍ය වල ගති ලක්ෂණ
තාක්ෂණික කාර්මික මෙවලම් භාවිතා නොවීම, කලාන්තරයක් තිස්සේ ගැමියන් අතර කටකතා හා භාවිතය තුළින් පැවතීම, සීමිත, නිශ්චිත අර්ථ සහිතවීම, විශාල පිරිසකට එකවර ඇමතීමට නොහැකි වීම, තේරුම් ගැනීමට විශේෂ ඥාණයක් අවශ්‍ය නොවීම, ඕනෑම තරාතිරමක අයෙකුට තේරුම් ගත හැකි වීම, සරල හා සාමාන්‍ය වීම, පරිසර හිතකාමිවීම, ආගන්තුක නොවීම හා සමීපභාවය, අවධානය හා පොළඹවන සුළු මනෝවිද්‍යාත්මක බලපෑම, විශ්වාසනීයත්වය, අතිශය නිර්මාණශීලිවීම.
සන්නිවේදනයේදී සම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කිරීමේ ඇති වැදගත්කම
නූතන ජනසන්නිවේදන මාධ්‍යයන් තාක්ෂණිකවීම, පුද්ගලික අංශයට බරවීම, ලාභ පරමාර්ථයෙන් යුක්තවීම, භාවිත සංඥා සංකේත තේරුම් ගැනීමට අපහසුවීම, නාගරික කේන්ද්‍රියවීම, ප්‍රතිචාර, ප්‍රතිපෝෂණ අවමවීම, ජනමාධ්‍ය කෙරෙහි ග්‍රාමීය ජනයාගේ විශ්වාසය හිනවීම ආදිය නිසා සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී.
රටක සංවර්ධන සන්නිවේදනයේදී සම්ප්‍රදායික මාධ්‍යය භාවිතා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක මූලික කරුණු කිහිපයක් ඔස්සේ පෙන්වා දී තිබේ.
1. නවීන ජනසන්නිවේදන මාධ්‍ය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නොපැවතීම.
2. නවීන ජනසන්නිවේදන මාධ්‍ය ගැමි ජනයාට ආගන්තුක වීම.
3. සම්ප්‍රදායික මාධ්‍ය ගැමි ජනයාට මැනවින් හුරු පුරුදු සංඛේත සහ සන්ධර්භ භාවිතා කිරීම.
4. දිළිඳු රටවල ජනමාධ්‍ය සුළු පිරිසකට සීමා වී තිබීම.
5. සම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයින්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය ලබාගැනීමට සමත්වීම.
රටක සංවර්ධනය සඳහා සම්ප්‍රදායික මාධ්‍ය භාවිතයට ගැනීම පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව 1971 දී ලන්ඩන් නුවර පවත්වන ලදි. ඒ පිළිබඳ ප්‍රථම ආසියාතික සමුළුව 1974 දී ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වන ලදි. දිළිඳු රටවල ජනමාධ්‍ය ව්‍යාප්තිය අඩු රටවල සංවර්ධන සන්නිවේදනය සඳහා සම්ප්‍රදායික මාධ්‍ය භාවිතයට ගැනීම අවධාරණය කිරීම එමඟින් වර්ධනය විය.
සාම්ප්‍රදායික මාධ්‍ය සඳහා උදාහරණ
ජනකවි, ජනගීත, ජන ඇදහිලි, අභිචාර විධි ක්‍රම, කෙම්ක්‍රම, විශ්වාස, ගැමි නාටක, රූකඩ, කවි කොළය, ශාන්තිකර්ම, යාතු කර්ම, පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය, අණබෙරය, විරිදුව, ජන නැටුම්, ජන සංකේත, පිංකම්, ජන ක්‍රීඩා, ශ්‍රමදාන, සාකච්ඡා හා දේශනා, කොඩි, සංඥා, සංකේත.
නූතන සංවර්ධන සන්නිවේදනය සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය උදාහරණ ඇසුරෙන් පැහැදිලි
කිරීම
1. ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික දැනුම හා වෙනත් අවශ්‍යතා සන්නිවේදනය සඳහා කුඩා කණ්ඩායම් මඟින් දැනුවත් කිරීම (ණය දෙන සමිති, මරණාධාර සමිති, කාන්තා රැස්වීම්, ගොවි සමිති, ප්‍රජා සමිති).
2. ඒඩ්ස් රෝග මර්ධනය සඳහා රූකඩ භාවිතය, චිත්‍ර භාවිතය, වීථි නාට්‍ය භාවිතය.
3. දකුණු ඉන්දීය ධීවර ප්‍රජාව සඳහා සන්නිවේදනයේ දී චිත්‍ර කතා, වීථි නාට්‍ය භාවිතා කරයි.
4. බෝවන ලෙඩ රෝග සන්නිවේදනය කිරීම සඳහා කොහොඹ අතු එල්ලීම, වීථි නාට්‍ය භාවිතය හා ගැමි නාට්‍ය භාවිතය.
5. නූතන රූපවාහිනී, චිත්‍රපට සහ දැන්වීම්කරණය සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණ බහුලව භාවිතා කිරීම.
6. ග්‍රාමීය මට්ටමේ සෞඛ්‍ය සන්නිවේදනය සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාව, කෘෂිකාර්මික සන්නිවේදනය සඳහා ගොවි නියාමක, ප්‍රජා අවශ්‍යතා සන්නිවේදනය සඳහා සමෘද්ධි නිළධාරීන් ආදීන් ඔස්සේ පුද්ගලාන්තර සන්නිවේදනය භාවිතය.
7. සොකරි නාට්‍ය සශ්‍රීකත්වයේ සහ සමෘද්ධිය ඇති කරවන පණිවිඩ වලින් සමන්විත කලා අංගයකි.
8. දෙවොල් මඩු ශාන්තිකර්ම හරහා ගැමි සමාජ වල අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුකරයි.
9. රට යකුම් හෙවත් රිද්දි යාගය ජන ජීවිතයේ ඉතා වැදගත් වූ දරුපල ලැබීම හා සම්බන්ධ වූ ලිංගිකත්වය හා බැඳුණු දැනුම සන්නිවේදනය කරයි.
10. කවි කොළය සහ කවි ආතෘතිය නූතන සෞඛය සන්නිවේදනය සඳහා භාවිතා කරයි.
06. ජනමාධ්‍ය හා සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවය
හැඳින්වීම
රටක සංවර්ධනය සහ ජනමාධ්‍ය අතර සමීප සම්බන්ධතාවයක් පවතී. විශේෂයෙන් සංවර්ධනාත්මක සංදේශ පුළුල් ප්‍රජාවකට එකවර සන්නිවේදනය කළහැකි වන්නේ, ජනමාධ්‍ය තුළිනි. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව, අන්තර්ජාලය, විඩියෝ පට එහිදී ප්‍රධාන වේ. මහාචාර්ය විල්බර් ශ්‍රාම්, ඩැනියල් ලර්නර්, ලූෂන් ෆායි, ඉතියල් ද සෝලාෆූල්, එවරට් එම්. රොජර්ස් වැනි සන්නිවේදන විද්වතුන් ලෝකයේ විවිධ රටවල සිදුකළ පර්යේෂණ මඟින් ද එය තහවුරු වී තිබේ.
සංවර්ධන ක්‍රියාවලියේදී ජනමාධ්‍යය භාවිතයේ ඇති දායකත්වය පිළිබඳව මහාචාර්ය විල්බර් ශ්‍රාම්, ඩැනියල් ලර්නර් වැනි විද්වතුන් ගැඹුරින් විග්‍රහ කර ඇත. 20 වන සියවසේ 05 වන දශකයේ අග භාගයේදී (1958) ඩැනියල් ලර්නර් පෙන්වා දෙන්නේ ඉහළ ආදායම් ඉපැයීමටත්, දේශපාලන සහභාගිත්වයක් ඇති කිරීමත්, සහවේදනයක් සමාජය තුළ ඇති කිරීමටත් ජනමාධ්‍ය භාවිතා කළහැකි බවයි.
යුනෙස්කෝව මඟින් කරනු ලැබූ අධ්‍යයනයකින් ද පෙන්වා දෙන්නේ, සංවර්ධනය මනිනු ලබන දර්ශකයන් වන දළ දේශීය ආදායම, සාක්ෂරතාව, නාගරීකරණය සහ කාර්මීකරණය යන සාධක හොඳින් වර්ධනය වූ ජනමාධ්‍ය පද්ධතියක් මත රඳා පවතින බවයි. එමෙන්ම මැක් බ්‍රයිට් විසින් එළිදක්වනු ලැබූ “එක් ලොවක් සඳහා විවිධ හඩවල්” (ඵ්බහ ඪදසජැ ්බා දබැ උදරකා) වාර්තාව තුළින් යහපත් ජනමාධ්‍ය වටපිටාවක් පැවැතීම, සංවර්ධනය මැනීමේ සාධකයක් ලෙස පෙන්වා දෙන ලදි. ඒ අනුව ජනගහනයෙන් බහුතරයකට ඇති රූපවාහිනි පරිහරණය, ගුවන්විදුලි, පුවත්පත් පරිහරණය, සිනමා ශාලා සහ ආසන සංඛ්‍යාව, සාක්ෂරතා ගුණය වැනි සාධක සංවර්ධනය සමඟ ඇති සබඳතාවය පෙන්වා දෙන ලදි.
සංවර්ධනය සහ රූපවාහිනිය
රූපවාහිනිය යනු, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි. සෙසු ජන මාධ්‍යයන්ට වඩා ප්‍රබල ලෙස තොරතුරු රැගෙන යාමේ හැකියාව එය සතු වෙයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු යමක් අවබෝධ කරගන්නේ, දැකීමෙන් 83% ක්, ශ්‍රවණය කිරීමෙන් 11%ක්, ගන්ධයෙන් 3.5% ක්, රසයෙන් 1.5% ක් සහ ස්පර්ශයෙන් 1% ක් වශයෙනි. එමෙන්ම යමෙකුට පැය 3කට පසු මතක තබා ගැනීමේ හැකියාව ශ්‍රව්‍ය 70% ක්ද, දෘෂ්‍ය 71% ක් ද, ශ්‍රව්‍ය දෘෂ්‍ය 85% ක් ද වේ. එබැවින් සංවර්ධනාත්මක සංදේශ ග්‍රාහකගත කිරීමේදී සාර්ථකව භාවිතා කළ හැකි මාධ්‍යයක් වන්නේ රූපවාහිනියයි.
සාක්ෂරතාවය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය, ග්‍රාම සංවර්ධනය, අධ්‍යාපනය ආදී විවිධ විෂයය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් දැනුමක් රූපවාහිනි වැඩසටහන් ඔස්සේ ජනතාගත කළහැකි අතර, එම වැඩසටහන් ව්‍යුහය පහත පරිදි හඳුනාගත හැකිය.
වර්තමාන රූපවාහිනී වැඩසටහන් ව්‍යුහය
වානිජ, ජාතික, සංවර්ධන , අධ්‍යාපනික , දේශපාලන, විනෝදාස්වාද , ප්‍රවෘත්ති , විදේශිය වැඩසටහන්, කෘෂිකාර්මික, ව්‍යපාරික, පාරිසරික , සෞඛ්‍ය සමාජ , සංස්කෘතිමය, සදාචාරාත්මක , ආගමික වැඩසටහන්
අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධන ක්‍රියාවලියේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නයිජීරියාව, පැමෝවා දේශය, කොලොම්බියාව, අයිවරිකෝස්ට්, ඇල්ජීරියාව ආදී රටවල කරන ලද පර්යේෂණ මඟින් ද එය තහවුරු වී තිබේ. විධිමත් අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම නොවිධිමත් අධ්‍යාපනික වැඩසටහන් ද එහිදී විශේෂ වෙයි. උදාහරණ:- ත්‍රී ටූ පයිව්, අධ්‍යාපන විකාශය, ලෝකප්‍රකට සෙසම්වීදිය වැඩසටහන.
ජනප්‍රිය රූපාවාහිනි වැඩසටහන් ආකෘතියක් වන ටෙලිනාට්‍යය ද සංවර්ධන අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකිය. විවිධ දේශපාලනික මතවාද ඉදිරිපත් කිරීම, දූෂණ වංචා හෙළිදරව් කිරීම, මාතෘ හා ළමා සෞඛ්‍ය, ලිංගික සෞඛ්‍ය, බෝවන ලෙඩ රෝග ආදිය පිළිබඳව ද තොරතුරු එමඟින් ඉදිරිපත් කළහැකිය. උදාහරණ, අප්‍රිකානු මහාද්වීපය තුළ ප්‍රචලිත “විලේජ් හෙඩ් මාස්ටර්” (මුල් ගුරුතුමා), “ඉඳුරු දොර”, “ඇල්ල ලඟ වලව්ව” ආදී නාට්‍ය මඟින් ඒඩ්ස් රෝගය සහ ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීම, “සුර අසුර”, “මේ පාරෙන් එන්න” ආදී නාට්‍ය මඟින් සමාජ ඒකාබද්ධතාවයක් ඇති කිරීම.
කෘෂිකාර්මික වැඩසටහන් මඟින් නව බෙහෙත්, පොහොර වර්ග, බීජ වර්ග, වගා නඩත්තුව, පළිබෝධ පාලන ක්‍රම, අස්වනු නෙලීමේ තාක්ෂණය, ජල කළමණාකරණය, පසු අස්වනු තාක්ෂණය, ගබඩා තාක්ෂණය, පසු නිෂ්පාදන ආදිය පිළිබඳ දැනුම සමාජගත කළහැකිය. උදාහරණ:- “අපි වවමු - රට නගමු”, “ගොවි බිමට අරුණළු”, “රන් කහවනු”.
සංවර්ධනය සහ ගුවන්විදුලිය
ගුවන්විදුලි මාධ්‍ය තුළ ඇති සක්ෂතා රැසක් නිසා සංවර්ධනය ක්‍රියාවලියේදී සන්නිවේදනය සඳහා එය වඩාත් හොඳින් භාවිතා කළ හැකිය. සාක්ෂරතාවය අවශ්‍ය නොවීම, ක්ෂණිකත්වය, පණිවුඩ බහුලීකරණය, සරල තාක්ෂණය සහ නම්‍යශීලි බව, පරිකල්පනය පුළුල් කළහැකි වීම, විචිත්‍රාංගශීලි සන්නිවේදන රටාව ආදිය නිසා, එහි සාර්ථකත්වය රඳා පවතී.
ඉන්දියාවේ මහාචාර්ය සීතාරාම් පැවැත්වූ පර්යේෂණයක් මඟින් ඔහු මූලික කරුණු දෙකක් මතුකර ඇත.
1. ගැමි ජනතාව තුළ දැනුම හා අවබෝධය පුළුල් කිරීම සඳහා ඉවහල් වන ප්‍රමුඛතම නිවේදනාත්මක මාධ්‍ය ගුවන්විදුලියයි.
2. දිගුකාලීන වශයෙන් ගුවන්විදුලියට සවන් දෙන අකුරු හැකියාව නැති පුද්ගලයින් තුළ අකුරු හැකියාව ඇති එහෙත් ගුවන්විදුලියට සවන් නොදෙන පුද්ගලයින්ට වඩා කාලීන ප්‍රවෘත්ති පිළිබඳ ඇති අවබෝධය පුළුල් බව.
ආසියානු ගුවන්විදුලි සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ චාල්ස් මෝසෙස් කළ අදහස ද මෙහිදී වැදගත්ය. “සමහර ආසියාතික රටවල ජනගහනයෙන් 79% කට පමණ අක්ෂර ඥාණයක් නොමැත. මෙම ලක්ෂ සංඛ්‍යාත ජනකාය ස්වභාෂාවෙන්ම කෙරෙන ගුවන්විදුලි ප්‍රචාර හැරුණු විට, සෙසු මාධ්‍ය වලින් ඈත් වී සිටිති. සංවර්ධනය වෙමින් පවත්නා රටවල සැබෑ ආර්ථික සහ සමාජ ප්‍රගතිය ඇති කිරීම සඳහා ඒ රටවල මුළුමහත් ප්‍රජාවම සම්බන්ධ කරවා ගැනීම අත්‍යාවශ්‍ය බව පිළිගනිමු නම්, ඒ සඳහා විවෘතව ඇති එකම මාධ්‍ය ගුවන්විදුලියයි.”
ගුවන්විදුලිය රටක සංවර්ධන ක්‍රියාවලියේදී භාවිතා කිරීමේදී ඇති ප්‍රබලතාව නිසාම විවිධ ගුවන්විදුලි ව්‍යාපෘති ගණනාවක් ලෝකයේ භාවිතයට පැමිණ ඇත.
1. ගොවි ගුවන්විදුලිය
2. කෘෂිකාර්මික ගුවන්විදුලිය
3. අධ්‍යාපනික ගුවන්විදුලිය
4. ප්‍රජා ගුවන්විදුලිය
5. ප්‍රාදේශිය ගුවන්විදුලිය
එක්ස් කැප් සංවිධානය (ෑංජ්ච) ප්‍රාදේශිය සහයෝගිතා කෘෂි ගුවන්විදුලි ව්‍යාපෘති රාශියක් ලෝකයේ දියත් කර ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පකිස්තානය ආදී රටවල් කේන්ද්‍ර කරගත් ආසියානු කලාප ව්‍යාපෘතියත්, සොලමන් දූපත් මූලික කරගත් ශාන්තිකර කලාපීය ව්‍යාපෘතියත් උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
යුනෙස්කෝ සංවිධානයේ උපදෙස් අනුව, 1959 දී පූනෙයි නගරය කේන්ද්‍ර කර පිහිටුවන ලද ගුවන් විදුලි ගැමි මණ්ඩල හරහා සුළු ගොවීන්, ඉඩම් රහිත වගාකරුවන්, අත් කර්මාන්ත වල යෙදෙන්නන්, කාන්තාවන්, ක්‍රියාශීලි ලෙස මණ්ඩල හරහා සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කරගෙන තිබේ. 1966 වන විට සමස්ථ ඉන්දීය ගුවන්විදුලි සේවය මෙයට සහාය පලකරමින් කාමිනාශක හා පොහොර පිළිබඳව, වැඩි දියුණු කළ නව බීජ පිළිබඳව, ගොවීන් දැනුවත් කිරීම සඳහා මෙන්ම ගොවීන් ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා සමස්ථ ගුවන්විදුලි කාලයෙන් 7% ක් වෙන්කර ඇත.
අග්නිදිග ආසියාව, ලතින් ඇමෙරිකාව හා අප්‍රිකාව වැනි රටවල සංවර්ධන තොරතුරු ජනතාව අතරට ගෙනයාම සඳහා ගුවන්විදුලි නාට්‍ය ක්‍රමවේදය ද භාවිතා කරයි. කෙන්යානු ගුවන්විදුලියෙන් සතිපතා ප්‍රචාරය වන “මෙසී පෙම්බේ” පවුල් සෞඛය වැඩසටහන කදිම නිදසුනකි. කැම්බියානු ගුවන්විදුලිය “කබිවේ කසෝම” නැමැති නාට්‍ය රචකයා “විකෘතිකරණය” නැමැති ගුවන්විදුලි නාට්‍යය හරහා එරට රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි ජනයා සංවර්ධන කාර්යයන් සඳහා යොමු කරවන ලදි.
ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී “කුරුළු බැද්ද”, “දියනිල්ලේ රාළ” සහ “කිවුලේ කුඹුර” යන නාට්‍ය මඟින් ප්‍රබල සංවර්ධන සන්නිවේදන කාර්යයන් ඉටුකර තිබේ. ගොවි දැනුම මෙන්ම විනෝදය ද එයින් සපයා ඇත. විශේෂයෙන් “කිවුලේ කුඹුර” වැනි නාට්‍යය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර ඇත. “මුවන්පැලැස්ස” සහ “කුඹරේ ගම” යන නාට්‍යය සෘජුවම සංවර්ධනය තේමා කරගෙන තිබේ. “කොලරාව, මැලේරියාව” මර්ධනය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මක තොරතුරු, ගැමි ජීවන රටාව, මිනිස්කම් ආදිය පිළිබඳ තොරතුරු ද එමඟින් සන්නිවේදනය කර ඇත. කුඹුරේගම නාට්‍යය තුළින් ග්‍රාම සංවර්ධන සමිති, තරුණ සංවිධාන හා විවිධ ගොවි සමිති පිළිබඳව සාකච්ඡා කර ඇත. “පහන් සිළුව” වැනි ගුවන්විදුලි නාට්‍ය ප්‍රජා සෞඛ්‍ය හා පවුල් සංවිධාන යන තේමාව මත ගොඩනැඟී තිබේ.
ප්‍රජා මාධ්‍ය සහ සංවර්ධනය
දෙවන ලෝක යුද්ධයෙන් පසු, විශේෂයෙන් 60 - 70 දශක වලදී තුන්වන ලෝකයේ ජනමාධ්‍ය තුළ යම් ප්‍රමාණයක වර්ධනයක් ඇති වුවද එම ජනමාධ්‍ය ක්‍රියාත්මක වූයේ, සාධක කිහිපයක් මත බව පෙනේ.
1. දැඩි රාජ්‍ය මැදිහත්වීම
2. වානිජමය පරමාර්ථ
3. නාගරික කේන්ද්‍රයවීම
4. ජනතා සහභාගිත්වය අවම වීම
මෙවැනි මාධ්‍ය ව්‍යුහයක් තුළ ඉහළින් පහළට, තොරතුරු ගලනය වන ක්‍රමවේදයක් පැවතීම නිසා පහළ ප්‍රජාව තුළ හිතකර වර්ධනයක් ඇති නොවීය. හිතකර වර්ධනයක් සඳහා ද්විමාර්ගික සංවර්ධන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය විය. ප්‍රජාව කේන්ද්‍ර කොටගත් ලාභ අරමුණින් තොර ජනමාධ්‍ය සේවාවක් ගොඩනැඟීම සඳහා අවධානය යොමු වන්නේ මේ අනුවය. ඒ අනුව ගොවි ගුවන්විදුලි, කෘෂි ගුවන්විදුලි, ප්‍රජා ගුවන්විදුලි, ප්‍රජා පුවත්පත් ආදිය සඳහා අවධානය යොමු වේ. 70 දශකය තුළ එය ප්‍රායෝගිකව භාවිතා කරනු දැකිය හැකිය.
ප්‍රජා ගුවන්විදුලියක් යනු:- කිසියම් භූගෝලීය සීමාවක් තුළ ජීවත් වන කණ්ඩායම් ලෙස එකිනෙකා නොබෙදුණු, පොදු සමාජ ආර්ථික තත්ත්වයන් හා උවමනාවන් ඇති පිරිසක් ප්‍රජාවක් ලෙස හැඳින්විය හැකිය. එම පිරිස හා බැඳුණු ගුවන්විදුලි සේවා, ප්‍රජා ගුවන්විදුලි සේවා ලෙස සලැකිය හැකිය.
ප්‍රජා ගුවන්විදුලියක මූලික ලක්ෂණ තුනක් විද්වතුන් විසින් පෙන්වා දෙයි.
1. ලාභ පරමාර්ථයෙන් තොරවීම
2. ප්‍රජාවේ හිමිකාරිත්වය සහ කළමණාකාරිත්වය
3. ප්‍රජාවේ සහභාගිත්වය
මෙයට අමතරව ප්‍රජාවට අවශ්‍ය අධ්‍යාපනය හා ධෛර්ය ලබාදීම, ප්‍රජාව සතු දක්ෂතා වර්ධනය කරගැනීමට සහායවීම, ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහායවීම, මාධ්‍ය හා ප්‍රජාව අතර විශ්වාස ගොඩනැඟීම, සංස්කෘතිකමය උරුමයන් රැක ගැනීමට හා වර්ධනයට සහායවීම, ප්‍රජාව අතර සාමය, සමාදානය, සමඟිය හා සාමුහිකත්වය වර්ධනය කරගැනීමට සහායවීම, ප්‍රජා ගුවන්විදුලි සේවා වල මූලික අරමුණ වේ.
1998 දී ඉතාලියේ මිලානෝ නුවර පැවැති ලෝක ප්‍රජා ගුවන්විදුලි නිවේදකයින්ගේ සංගමයේ 7 වන සමුළුවේ දී සම්මත කරගත් සන්නිවේදනය හා මානව හිමිකම් පිළිබඳ මිලාන් ප්‍රඥප්තිය තුළ දක්වා ඇත්තේ සන්නිවේදනයේ මූලිකාංග ලෙස ලඟාවීමට අවස්ථාව ලබාදෙමින් පාරම්පරික ජනතාවගේ හා සුළුතරයේ භාෂා හා සංස්කෘතික අයිතීන් ආරක්ෂා කරගනිමින් ප්‍රජාවේ සංස්කෘතික අයිතීන් ශක්තිමත් කිරීම ප්‍රජා මාධ්‍ය වෙත පැවරෙන භූමිකාවක් බවයි.
නූතනයේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වේ. නේපාලයේ “මදන් පොක්රා” ගුවන්විදුලිය, “ලුම්බිණි” ගුවන්විදුලිය ලාභ ලබමින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා ගුවන්විදුලි වේ. පිලිපීනයේ “තාම්බුලී” නමින් හැඳින්වෙන ප්‍රජා ගුවන්විදුලි සේවා රැසක් ක්‍රියාත්මක වෙයි. ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ගුවන්විදුලි තුළ බහුල වශයෙන් ඉදිරිපත් වන්නේ, ප්‍රජාවට අවශ්‍ය වන්නා වූ කෘෂිකාර්මික, ආර්ථික, සමාජ සංස්කෘතික තොරතුරුය. මෙම ගුවන්විදුලි, ගොවියන්, ධීවරයින් හා කුඩා ව්‍යාපාරිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩල මඟින් පාලනය කරයි. තාම්බුලි ගුවන්විදුලිය ක්‍රියාත්මක වන්නේ, පීපෝ සංකල්පයට අනුවය.
1. සහභාගිත්වය
2. ජනතාව
3. බලය
4. බහුවිධකරණය
මහවැලි ප්‍රජා ගුවන්විදුලිය:- 1981 දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ කරන මෙම ගුවන්විදුලිය පසුව, ගිරාඳුරුකෝට්ටේ සහ මහඉලුප්පල්ලම ලෙස ප්‍රජා ගුවන්විදුලි සේවා දෙකකට වෙන් කරනු ලැබීය. භෝග වගාව පිළිබඳව, පළිබෝධ පාලන ක්‍රම පිළිබඳව, පොහොර භාවිතය පිළිබඳව, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව, සෞඛ්‍ය තොරතුරු ආදිය ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය:- 1989 යුනෙස්කෝ සංවිධානයේ ආධාර මඟින් ආරම්භ කරන ලද මෙම ගුවන්විදුලිය පසු කාලයේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙස ද පුළුල් කරන ලදි. සිංහල සහ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින්, කෘෂිකාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමත්, අන්තර්ජාල පහසුකම් ඔස්සේ නවීන තොරතුරු ජනතාවට ළඟාකරදීමත් මෙමඟින් සිදුවේ.
ඌව ප්‍රජා ගුවන්විදුලිය:- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් ලෙස ආරම්භ වන ඌව ප්‍රජා ගුවන්විදුලිය, ඌව පළාතේ වෙසෙන සිංහළ, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන කෘෂිකාර්මික, සංස්කෘතික වැඩසටහන් රැසක් දියත් කරනු ලබයි. අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම ජාතීන් අතර සුහඳතාවය වර්ධනය කරන වැඩසටහන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
07. සංවර්ධන සන්නිවේදනය පිළිබඳ මතවාද
සංවර්ධන සන්නිවේදනය යනු
යම්කිසි රටක ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හෝ සමාජීය සාධකයන්ගේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනය සඳහා එම රටෙහි පවතින සියළුම සන්නිවේදන මාධ්‍යයන් විධිමත්ව සහ සැලසුම්සහගතව භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනයයි.
සංවර්ධනය, සංවර්ධන ව්‍යාපෘති, දැනුම ආදිය ජනතාගත කිරීම සඳහාත්, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සන්නිවේදනය මඟින් කෙරෙන කාර්යය සංවර්ධන සන්නිවේදනයයි. නැතහොත් රටක ජාතික සංවර්ධනය සඳහා ජනතාව දැනුවත් කිරීමටත්, පොළඹවීමටත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හෝ වෙනත් සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනයයි.
“සංවර්ධන සන්නිවේදනය යනු, යම් රටක් දුගී දුප්පත්කමින් බැහැර කොට, එහි ආර්ථික හා සමාජ සුභසිද්ධිය ඇති කරවන ක්‍රියාවලියයි. මානව සන්නිවේදනය නැමැති කලාව මෙන්ම විද්‍යාවයි. සංවර්ධන සන්නිවේදනය තුළින් පුළුල් ආර්ථික සහ සමාජ සමානාත්මතාව ඇති කරලිය හැකිවාක් මෙන්ම එමඟින් මානව අවශ්‍යතා සියල්ල සපුරාලිය හැකිය.
- නෝරා ක්වේබ්රාල් -
මතවාද පිළිබඳ හැඳින්වීම
ලෝකයේ දේශපාලන සිතියම් දෙවන ලෝක යුද්ධයත් සමඟ තීරණාත්මක ලෙස වෙනස් විය. ප්‍රධාන වශයෙන් බටහිර රටවල් ප්‍රධාන ධනවාදී කඳවුර ලෙසත්, නැගෙනහිර හා පෙරදිග ප්‍රධාන සමාජවාදී කඳවුර ලෙසත් කොටස් දෙකකට බෙදිණ. ඒ සමඟම සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිපත්ති සමඟ සංවර්ධන සන්නිවේදන ක්‍රම සහ ආකෘතින් ද වෙනස් වන අයුරු දැක ගත හැකිය. ප්‍රධාන වශයෙන් සංවර්ධනය පිළිබඳ මත සහ ආකෘතීන් කොටස් දෙකක් ඔස්සේ හඳුනාගත හැකියි.
1. සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර මතවාදය
2. සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පෙරදිග මතවාදය
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර මතවාදය යනු, සංවර්ධිත රටවල වර්තමානයේදී දක්නට ලැබෙන දියුණුව බොහෝ දුරට ජනසන්නිවේදනයේ ප්‍රතිඵලයක් බවත් එය සංවර්ධිත රටවල් ගමන් කළ මාර්ගය ඔස්සේ පියවර නැඟීමෙන් සංවර්ධනය වෙමින් පවතින රට වලට ද දියුණුව ලඟා කරගත හැකි බවයි.
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පෙරදිග මතවාදය යනු, කිසියම් රටක පවතින පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය සහ සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කර භාවිතයේ පවතින ජනමාධ්‍ය හරහා ද යම්තාක් දුරට දැනුවත් කිරීම කළයුතුය යන අදහසයි.
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ බටහිර මතවාදය
සංවර්ධන සන්නිවේදනය යන සංකල්පය බිහි වූයේ 1950 දශකයේ අග භාගයේදීය. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත ප්‍රධාන ජනමාධ්‍යයන් රටක බහුතර පිරිසකගේ සමාජ, ආර්ථික සුභසිද්ධිය සඳහා යෙදවිය යුතුය, යන සංකල්පය බටහිර සන්නිවේදකයින් තුළින් ජනිත විය. 1964 දී මහාචාර්ය විල්බර් ශ්‍රාම් විසින් රචනා කරන ලද ජනසන්නිවේදනය හා ජාතික සංවර්ධනය යන කෘතියත්, 1985 දී ඩැනියල් ලර්නර් විසින් රචිත සාම්ප්‍රදායික සමාජ නවීකරණය යන කෘතියත් එහිදී වැදගත් වේ. බටහිර මතවාදය පෝෂණය කළ විද්වතුන්ගේ සහ ඔවුන්ගේ අදහස් ඇසුරින් මෙම මතවාදය අධ්‍යයනය කළ හැකිය.
1. මහාචාර්ය විල්බර් ශ්‍රාම්
2. එවරට් එම්. රොජර්ස්
3. ඩැනියල් ලර්නර්
4. ලූෂන් ෆායි
5. ඉතියල් ද සෝලා ෆුල්
මහාචාර්ය විල්බර් ශ්‍රාම් 1964
1. ජාතිකත්වය පිළිබඳව හැඟීම් තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
2. ජාතික අපේක්ෂාවන් උසස් මට්ටමට පත්කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
3. සාම්ප්‍රදායික සමාජයෙහි නව හැකියා ව්‍යාප්ත කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
4. පොදු ජනතාව හැකිතාක් දුරට පාලන තන්ත්‍රයට යොමු කිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
5. රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳව ජනතාව තුළ අවබෝධය වර්ධනය කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
එවරට් එම්. රොජර්ස්
1. රටක සංවර්ධනය පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කරලීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
2. ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඉතා වැදගත් සම්බන්ධතාවයක් ඇති බව.
3. නවෝත්පාද විසිරණය සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
4. ජනමාධ්‍ය මඟින් ජාතික න්‍යාය පත්‍රය සකස් කළහැකි බව.
5. ජනමාධ්‍ය මඟින් සංවර්ධනය පිළිබඳ විවිධ ගැටළු සාකච්ඡා කළහැකි බව.
6. ජනසන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර ඇති සම්බන්ධතාවය ඵලදායි ලෙස භාවිතයට ගත හැකි බව.
ඩැනියල් ලර්නර් (මැද පෙරදිග රටවල සිදුකරන ලද පර්යේෂණ ඇසුරින්)
1. නාගරීකරණය
2. අක්ෂර ඥාණය
3. ජනමාධ්‍ය පරිහරණය
4. දේශපාලන සහභාගිත්වය
5. සහවේදනය
නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් අක්ෂර ඥාණය පැතිරෙන බවත්, අක්ෂර ඥාණය වඩාත් පැතිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනමාධ්‍ය භාවිතය පුළුල් වන බවත්, ජනමාධ්‍ය භාවිතය පුළුල් වීමත් සමඟ පොදු ජනයාගේ දේශපාලන සහභාගිත්වය පුළුල් වන බවත් එම සියළු කරුණු සමාජ නවීකරණය සඳහා අවශ්‍ය බවත්, සමාජ නවීකරණයේදී පුරෝගාමීව ක්‍රියා කිරීමට හැක්කේ ජංගම පෞරුෂත්වයක් ඇති පුද්ගලයින්ට බවත්, ලර්නර් පෙන්වා දෙයි.
ලූෂන් ෆායි
1. පුද්ගලික මත, සංකල්ප, සාමාජික පදනමකින් යුක්තව ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කළහැකි බව.
2. පුද්ගලික මත, සංකල්ප විග්‍රහ කිරීමට ජනමාධ්‍ය භාවිතා කළහැකි බව.
ඉතියෙල් ද සෝලා ෆුල්
1. සමාජ නවීකරණය සඳහා ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
2. දේශපාලන සහභාගිත්වය සඳහා ජනතාව පොළඹවාලීමට ජනමාධ්‍ය භාවිතයට ගත හැකි බව.
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ පෙරදිග මතවාදය
පෙරදිග සන්නිවේදන මත සහ ආකෘති වල මූලික ලක්ෂණය වන්නේ, පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය ආදිය භාවිතයට ගැනීමත්, පෙර සඳහන් සන්නිවේදන වර්ග දෙක හරහා දැනුවත් වන ජනතාව භාවිතයේ පවත්නා ජනමාධ්‍ය හරහා දැනුවත් කළ හැකි බවත්, පෙන්වාදීමයි. පෙරදිග විද්වතුන් වන චීනයේ මාඕ සේතුං, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, නායර් සහ වයිට්, මහාචාර්ය ලක්ෂ්මන් රාවෝ වැනි විද්වතුන් මෙන්ම පිලිපීනයේ මැංගලින් න්‍යාය මඟින් ද මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.
චීන සංවර්ධන ආකෘතිය:- මාඕ සේතුං විසින් චීනය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු මූලික ලක්ෂණ 04 ක් හඳුන්වා දෙන ලදි.
1. ප්‍රජානනය
2. සාරාංශකරණය
3. ප්‍රමාණීකරණය
4. ක්‍රියාවට පරිවර්තනය කිරීම
ප්‍රජානනය යනු, චීනයේ විවිධ සේවා ශේණි වල නියුක්ත තරුණ කොටස් සමස්ථ චීනයේ ගම් නියම්ගම් වලට පිටත් කර ජනතාව සමඟ වාසය කරමින් ඒ ඒ ප්‍රදේශ වල මානව චර්යාව, මානව අවශ්‍යතා, අදහස් හා ආකල්ප, පහසුකම්, සම්පත් හා අඩුපාඩු හඳුනා ගැනීමත්, ඒ ඒ ප්‍රදේශ වලට වඩාත් උචිත සංවර්ධන ව්‍යාපෘති මොනවාදැයි තෝරා ගැනීමත්ය.
සාරාංශකරණය යනු, ප්‍රජානනය අවස්ථාවේදී එක්රැස් කරගත් තොරතුරු සාරාංශ ගතකොට පාලක පක්ෂය වෙත ඉදිරිපත් කිරීමයි.
ප්‍රමාණීකරණය යනු, පාලක පක්ෂය වෙත ඉදිරිපත් කරනු ලැබූ කරුණු තවදුරටත් ගැඹුරින් විමර්ශනය කර, ක්‍රියාවට නැංවීමට අවශ්‍ය අනුමැතිය ගැනීමයි.
ක්‍රියාවට පරිවර්තනය කිරීම යනු, පාලක පක්ෂයේ අනුමැතිය ලද ක්‍රියාමාර්ග, සැලසුම් හා ව්‍යාපෘති ප්‍රාදේශිය මට්ටමින් ක්‍රියාවට නැංවීමයි.
ඉන්දියානු ආකෘතිය:- ඉන්දියාවේ මහාචාර්ය ලක්ෂ්මන් රාඕ පෙන්වා දෙන්නේ, දේශීය අවශ්‍යතාවයන් හඳුනාගෙන, දේශයට ගැලපෙන සේ සංවර්ධනය, සැලසුම් කළයුතු බවයි. මතවාද සකස් විය යුතු බවයි. එමෙන්ම ඉන්දියාවේ මහත්මා ගාන්ධි ද පෙන්වා දෙන්නේ රටට ගැලපෙන පරිදි රටෙහි ඇති සම්පත් පරිභෝජනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.
පිලිපීනයේ මැංගලින් න්‍යාය:- මුළු මහත් අග්නිදිග ආසියාවටම පූර්වාදර්ශය සැපයූ පිලිපීන සංවර්ධන සන්නිවේදන ආකෘතියේ ද පැහැදිලි ලෙසම ප්‍රජා ග්‍රාහක කේන්ද්‍රීය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරයි. එහිදී පෙන්වා දෙන්නේ, “ඔවුන් දන්නා දෙයකින් පටන් ගන්න”, “ඔවුන් සතු දෙයකින් ගොඩනඟන්න” යනුවෙනි.
08. සංවර්ධන පර්යේෂණ
පර්යේෂණයක් යනු කුමක්ද?
මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ අදහස වන්නේ, පර්යේෂණයක් හෝ ගවේෂණයක් යනු විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් යම්කිසි ගැටළුවකට පිළිතුරු ලබාගැනීමයි. එසේම පර්යේෂණයක් හෝ ගවේෂණයක් කරන්නේ, යම්කිසි ප්‍රශ්ණයකට පිළිතුරක් සොයා ගැනීමේ බුද්ධි කුතුහලයකින් පෙලුණු විටදීය. පර්යේෂණයක ප්‍රධාන අරමුණ වන්නේ අභිමත මාතෘකාවක් හෝ විෂය පථයක් තෝරාගෙන ඊට අදාළ දත්තයන් ඒකරාශී කරගෙන ඒවා විශ්ලේෂණය කර නිගමන හා නිරීක්ෂණ සහේතුකව පෙන්වාදීම බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අදහසයි. දැනුම ලබාගැනීමේ ක්‍රමානුකූල ප්‍රවේශයක් ලෙසත්, නොදන්නා කරුණු ගවේෂණය කිරීමක් ලෙසත් පර්යේෂණ අර්ථ දැක්විය හැක.
“වඩා විධිමත් වූත්, ක්‍රමානුකූලවූත්, පරිශ්‍රමයකින් කරනු ලබන්නා වූත්, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇසුරින් විශ්ලේශණයට භාජනය වන්නාවූත්, ක්‍රියාවලියක් ලෙස පර්යේෂණ කාර්යය සැලකිය හැකිය.” බෙස්ට් සහ ඛාන්
පර්යේෂණ වර්ගීකරණය
ජීව විද්‍යා පර්යේෂණ
රසායනික විද්‍යා
ස්වාභාවික විද්‍යා පර්යේෂණ
පර්යේෂණ
සන්නිවේදන පර්යේෂණ
පර්යේෂණ මානව හා සමාජ විද්‍යා
පර්යේෂණ සංවර්ධන පර්යේෂණ
සමාජ පර්යේෂණ
ඉංජිනේරු විද්‍යා පර්යේෂණ
ගතිත මිනිත පර්යේෂණ
සංඛ්‍යාලේඛණ පර්යේෂණ
තවදුරටත් පර්යේෂණ පහත පරිදි ද වර්ග කළ හැක.
1. ශාස්ත්‍රීය පර්යේෂණ
2. ප්‍රයෝජ්‍යතා පර්යේෂණ
මෙහිදී මෙම අංශ දෙකම මානවයාගේ සංවර්ධනය හා බැඳෙනු ලැබුව ද, දෙවන කොටස සෘජු ලෙසම මිනිසා හා ඔහුගේ වටපිටාව ආශ්‍රිත සංවර්ධනය ඉලක්ක කරගත් පර්යේෂණ ලෙස දැක්විය හැකිය.
සංවර්ධන පර්යේෂණ යනු මොනවාද?
පෙර සඳහන් මානව සහ සමාජ විද්‍යා පර්යේෂණ, ප්‍රයෝජ්‍යතා පර්යේෂණ ආදී පර්යේෂණ ක්ෂේත්‍රයන් තුළ ඇති පර්යේෂණ වර්ගයක් ලෙස සංවර්ධන පර්යේෂණ හඳුනාගත හැකිය.
විශේෂයෙන් සමාජය සහ එහි ජනතාව පිළිබඳව මෙන්ම, පරිසරය, නිෂ්පාදනය, සේවා කටයුතු, බෙදාහැරීම් කටයුතු, වෙළඳපොල ආදිය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම මඟින් ප්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කර ගත කිරීමේ ක්‍රියාවලීන් ආශ්‍රිතව සිදුවන අධ්‍යයන සංවර්ධන පර්යේෂණ ලෙස හැඳින්විය හැකිය. නැතහොත් කිසියම් රටක පවතින විවිධාකාර වූ සංවර්ධන ගැටළු, සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සඳහාත්, කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමටත්, දියත් කිරීමටත්, අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහාත් සිදුකරන්නා වූ පර්යේෂණ, සංවර්ධන පර්යේෂණ ලෙස අර්ථ දැක්විය හැකිය.
සංවර්ධන ගැටළුවක් හඳුනා ගැනීමේ සිට එය විසඳීම සඳහා අදාළ ක්‍රියාමාර්ග දියත් කිරීම දක්වා වන තෙක් එක් එක් අවස්ථා විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා සිදුකරන අධ්‍යයන ක්‍රියාවලිය සංවර්ධන පර්යේෂණ වේ.
සංවර්ධන පර්යේෂණයක පියවර සහ දත්ත රැස් කිරීමේ ක්‍රමවේද
සංවර්ධන පර්යේෂණයක් සිදුකිරීමේදී එය ක්‍රමානුකූලව සැලැස්මකට අනුව සිදුකළ යුතුය. පර්යේෂණ ක්‍රියාදාමයක අවස්ථා ගණනාවක් පවතී.
1. විෂයය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම
2. පර්යේෂණ ගැටළුවක් හඳුනා ගැනීම.
3. පර්යේෂණ අරමුණු
4. පර්යේෂණ සැලසුම සකස් කිරීම
5. දත්ත රැස්කිරීම
6. දත්ත විශ්ලේෂණය
7. දත්ත අර්ථකතනය කිරීම
8. සමාජය දැනුවත් කිරීම
(අවශ්‍ය නම් මෙය උදාහරණයක් ඇසුරින් පැහැදිලි කිරීම වැදගත්ය)
සංවර්ධන පර්යේෂණ සඳහා දත්ත ලබාගැනීමේදී භාවිතා කරනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙකකි.
ප්‍රමාණාත්මක - සංඛ්‍යාලේඛණ, ගණනය කිරීම්, සම්මුඛ සාකච්ඡා ප්‍රශ්ණාවලි
ගුණාත්මක - සහභාගිත්ව/සහභාගිත්ව නොවන නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා
සංවර්ධන පර්යේෂණ වල අවශ්‍යතාවය සහ වැදගත්කම
ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ, නිදහස් වෙළඳ කලාප, හම්බන්තොට වරාය ඉඳිකිරීම, වේලිඔය ව්‍යාපෘතිය, රන්දෙණිගල, රන්ටැඹේ ආදී සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රගතිය සොයා බැලීම සඳහාත්, එහි බලපෑම සොයා බැලීම සඳහාත්, විටින් විට පර්යේෂණ සිදුකරනු ලබයි.
එබැවින් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙරත්, ආරම්භ කළ පසුත්, වරින් වර පර්යේෂණ සිදු කිරීමෙන් අදාළ ව්‍යපෘතියේ ප්‍රතිලාභ වඩාත් හොඳින් ජනතාවට ලබාදීමට හැකියාව ලැබේ. තවදුරටත් සංවර්ධන පර්යේෂණ වල අවශ්‍යතාවය පහත කරුණු ඔස්සේ ද පැහැදිලි කරගත හැකිය.
1. රටක පවතින සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීමටත් ඊට විසඳුම් සෙවීමේ ව්‍යාපෘති දියත් කිරීමට අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා.
2. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය නව ක්‍රමෝපායන් සොයා බැලීම සඳහා සහ ඵලදායිතාවය මැන බැලීම සඳහා.
3. රටක ආර්ථික ප්‍රතිපත්ති හෝ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේදී.
4. ගණිකා වෘත්තිය, ළමා අපචාර, සියදිවි නසා ගැනීම් ආදී සමාජ ගැටළු හඳුනා ගැනීම සඳහා.
5. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා දියත් කෙරෙන ව්‍යාපෘති වලට අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා.
6. රටකට ගැලපෙන සංවර්ධන ආකෘති හෝ සංවර්ධන සන්නිවේදන ආකෘති හඳුනා ගැනීමේදී.
7. රටක ජනමාධ්‍ය භාවිතයේ ඵලදායිතාවය මැන බැලීම සඳහා.
8. සංවර්ධන ව්‍යාපෘති වල සාර්ථක අසාර්ථක භාවය මැන බැලීම සඳහා.
9. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහා.
10. දරිද්‍රතාවය, දුගී භාවය, ආර්ථික මට්ටම, රැකියා තත්ත්වයන් ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා.
09. ජාතික සංවර්ධනයේ සහ සංවර්ධන සන්නිවේදනයේ ඵලදායිතාවය
හැඳින්වීම
තුන් වන ලෝකයේ රට වලින් තුනෙන් දෙකක් පවතින්නේ ග්‍රාමීය ප්‍රදේශ ලෙසය. ඒවා බොහෝ විට සාම්ප්‍රදායික ජන සමාජ වලින් යුක්ත වේ. එමෙන්ම ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් යුරෝපා රාජ්‍යයන්ගේ යටත් රාජ්‍යයන් ලෙස බොහෝ කාලයක් පැවතිණ. මෙකී රටවල් යටත් විජිතවාදයෙන් මිදුණු පසු නවීකරණය කෙරෙහි අවධානය යොමුකළ බව පෙනේ.
නවීකරණය යනු, කිසියම් රටක සම්පත් බුද්ධිමත් ලෙස උපයෝගී කරගනිමින් වර්තමාන ලෝක යථාර්ථයන්ට මුහුණ දීමට ශක්තියක් ඇති සමාජ බවට පත් කිරීමයි. තාක්ෂණික ශිල්ප ඥාණයෙන් ප්‍රයෝජන ගැනීම, සමාජයේ විවිධ කොටස් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති වීම, පොදු අධ්‍යාපනයක් පැතිර යාම, නාගරිකත්වය කරා ගමන් කිරීම, සාම්ප්‍රදායික ආකල්ප බිඳ වැටීම, ප්‍රාදේශිය බැඳීම් වෙනුවට ජාතිකත්වය පිළිබඳ අදහස ඉස්මතු වීම ආදිය නවීකරණය වන සමාජයන්හි ලක්ෂණයන්ය.
තුන් වන ලෝකයේ රටවල් විදේශාධිපත්‍යයට නතු වීමත් සමඟම කිසියම් ආකාරයකින් නවීකරණයට උචිත පරිසරයක් සකස් විය. බටහිර පාලකයින් සිය රටවල පැවති පරිපාලන ආයතන එම යටත් රටවල ස්ථාපිත කළ අතර විශාල වෙළඳ ව්‍යාපාර ආදිය බිහි කළහ. එමෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකාර්මික සේවා යන ක්ෂේත්‍ර වලද වෙනස්කම් රැසක් සිදු විය.
මෙලෙස ලෝකයේ බොහෝ රටවල යටත් විජිතවාදී පාලන සමයෙහි නවීකරණයට සහ සංවර්ධනයට යම් පරිසරයක් නිර්මාණය විය. නිදහසින් පසුව බොහෝ රටවල් එම පරිසරය තුළින් ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය විවිධ පියවර ගනු ලැබූ අතර ඇතැම් රටවල් වෙනස්කම් තුළින් ඉදිරියට ගමන් කරන්නට උත්සාහ දරනු ලැබීය.
ජාතික සංවර්ධනය සහ මාධ්‍ය
රටක ජාතික සංවර්ධනයේදී ආර්ථික නවීකරණය, කෘෂිකාර්මික නවීකරණය, කාර්මික නවීකරණය, සමාජ නවීකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එය ජාතික සංවර්ධනය ලෙස හඳුනාගත හැකිය. නවීකරණ සහ ජනසන්නිවේදනය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව මහාචාර්ය විල්බර් ශ්‍රාම් දක්වා ඇති කරුණු ජාතික සංවර්ධනය සහ ජනමාධ්‍ය භාවිතය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී ආදේශ කරගත හැකිය.
1. ජාතිකත්වය පිළිබඳ හැඟීම් තහවුරු කිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
2. ජාතික ක්‍රම සම්පාදනය සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
3. නවීකරණය සඳහා අවශ්‍ය විවිධ හැකියා, මහජනයා අතර ව්‍යාප්ත කරවීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
4. කර්මාන්ත වෙළඳ ව්‍යාපාර යනාදිය ජනමාධ්‍ය සමඟ බැඳී පවතින නිසා කාර්මික දියුණුව වෙනස් කරගැනීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
5. නවීකරණය සඳහා විවිධ පුරවැසියන්ට තමන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
6. නවීකරණය සඳහා කිසියම් රාජ්‍යයක් තුළ පවත්නා දේශීය සම්බන්ධතා මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීම.
මෙයින් පැහැදිලි වන්නේ රටක සංවර්ධනයේදී මාධ්‍ය ඵලදායිතාව භාවිතා කිරීම වැදගත් බවයි. ලෝකයේ විවිධ රටවල් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඇතැම් රටවල් සිය සංවර්ධන ක්‍රියාවලියේදී විවිධ මාධ්‍ය ආකෘති ඵලදායිව භාවිතා කර තිබේ. චීනය එවැනි රටකි. එහෙත් ඇතැම් රටවල මාධ්‍ය ඵලදායීව භාවිතා කිරීමේ විවිධ ගැටළු හඳුනාගත හැකිය. ඒවා සංවර්ධන සන්නිවේදන ගැටළු ලෙස ද හඳුනාගත හැකිය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ලෝකයේ අනෙකුත් රටවල ජනමාධ්‍ය ඉතිහාසය හා සසඳන විට මෙරට පුවත්පත් ආරම්භ වන්නේ 19 වන සියවසේ මුල් භාගයේදී පමණය. මෙරට පුවත්පත් මුල් භාගයේදී පුද්ගලික හිමිකාරිත්වය යටතේ වර්ධනය වුවද පසුව රජය මැදිහත් විය. වර්තමානය වන විට විවිධ භාෂා වලින් ලංකාවේ පුවත්පත් ප්‍රකාශන 150 කට ආසන්න ප්‍රමාණයක් පල වන අතර ඒ තුළ සජීවි දිනපතා පුවත්පත් 15 කට ආසන්න ප්‍රමාණයක් ද සති අන්ත පුවත්පත් 20 කට වැඩි ප්‍රමාණයක් ද මුද්‍රණය වේ. විවිධ සමාජ කණ්ඩායම්, ආගම්, පක්ෂ, සංස්කෘතින් ආදී විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන ඒවා ප්‍රකාශයට පත්වේ.
ලෝකයේ සෙසු රටවල ගුවන්විදුලි මාධ්‍යයේ බිහි වීම හා සමකාලීනව මෙරට ද ගුවන්විදුලිය බිහි විය. දකුණු ආසියාවේ පළමුවෙන්ම ගුවන්විදුලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේය. ආරම්භයේ සිට අවුරුදු 65 ක් පමණ රාජ්‍ය අංශයේ පැවති ගුවන්විදුලිය පසුව පුද්ගලික අංශයට ද නිරාවරණය විය. මේවන විට කේබල් නාලිකා, ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි ද ඇතුළුව ගුවන්විදුලි නාලිකා ප්‍රමාණය 49 ක් පමණ වේ. වෙබ් නාලිකා ද විශාල ප්‍රමාණයකි.
වසර 100 කට වඩා පැරණි සිනමා ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය. ආරම්භයේදී විදේශිය ආකෘති සහ අන්තර්ගතයන්ගෙන් සමන්විත වුවද 70 දශකයේ රජය මැදිහත් වීමත් සමඟ දේශීය ලක්ෂණ ඉස්මතු කරන්නට විය. විටින් විට වානිජ රැල්ලට හසු වුවද නූතනය වන විට විවිධ කලාත්මක අත්හදා බැලීම් මෙන්ම පුළුල් ව්‍යාපාරයන් ලෙස ද සිනමාව ගොඩනැfÛමින් පවතී.
80 දශකයේ මෙරට ආරම්භ වන රූපවාහිනිය වසර 30 කට වඩා වැඩි කාලයක ඉතිහාසයක් පසු කරමින් සිටී. ජනයා අතර වඩාත්ම ජනප්‍රිය ජනමාධ්‍ය බවට පත්ව ඇත්තේ රූපවාහිනියයි. වර්තමානය වන විට රූපවාහිනි නාලිකා 17 කට ආසන්න ප්‍රමාණයක් ලෙස සමාජය තුළ දැකගත හැකි අතර සැටලයිට් රූපවාහිනි සේවාවන් ද රැසකි.
ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට මෙරට ජනමාධ්‍ය ප්‍රමාණාත්මක බවින් ඉහළ මට්ටමක ලා සැලකිය හැකිය. එසේ වුවත් ගුණාත්මක මට්ටම පිළිබඳව හෝ ජාතික සංවර්ධනය සඳහා එහි ඇති ඵලදායිතාවය විවාද සම්පන්නය. සමාජ සංවර්ධනයට, සදාචාරාත්මක වර්ධනයට, සාක්ෂරතා වර්ධනයට, ජනමත පෝෂණයට ඉවහල් වන ජනමාධ්‍ය භාවිතයක් පවතී ද යන්න විවාද සම්පන්නය.
මෙරට පළමු ගණයෙහි ලා සැලකිය හැකි පුවත්පත් බිහිවී ඇති බවක් දැකගත නොහැකිය. වර්තමානය වන විට ගුවන්විදුලි මාධ්‍ය තාක්ෂණික වශයෙන් අති දැවැන්ත ධ්‍රැවීකරණ වර්ධනයකට ලක් වී ඇති නමුත් සමාජයේ උප සංස්කෘතිය පෝෂණය කිරීමට සමාජ වගකීම් හඳුන්වා දීමට සමාජයේ විචාරශිලිත්වය ඇති කිරීමට අපේක්ෂිත කාර්යභාරය ගුවන්විදුලියෙන් ඉටුවේද යන්න ගැටළු සහගත වේ.
මෙරට සිනමා මාධ්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට පරිණත වෘත්තීයමය සිනමාවක් අප සතුවන්නේ ද යන්න ගැටළු සහගතය. වසර 30 කට අධික රූපවාහිනි කලාවෙහි දේශීය රූපවාහිනී ලක්ෂණ විද්‍යමාන නොවන බව පෙනේ. රූපවාහිනී නාලිකා අතරින් බහුතරයක විකාශය වන වැඩසටහන් වලින් 80% ක් පමණ දැකගත හැක්කේ විදේශීය ආකෘතිය.
තවදුරටත් ශ්‍රී ලංකාවේ පවතින සංවර්ධන සන්නිවේදන ගැටළු ඔස්සේ විග්‍රහ කරගත හැකිය.
1. සමාජයේ බහුවිධභාවය, බහු මතවාදය, ව්‍යාප්ත කිරීම වෙනුවට විරුද්ධ මත නොඉවසන ගුණය ව්‍යාප්ත කිරීම.
2. සමාජ වගකීම් ආරක්ෂා කරනු වෙනුවට සමාජ සාරධර්ම සහ පුරුෂාර්ථ බිඳහෙලන තත්ත්වයක් නිර්මාණය කිරීම.
3. සමාජය තුළ නිදහස නිර්මාණය කරනු වෙනුවට වාරණය සහ අසීමාන්තික සීමාවන් ගොඩනැංවීම.
4. රටෙහි පවතින ජනමාධ්‍යයන්ගෙන් බහුතරයක් දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් යුක්ත වීම.
5. රාජ්‍ය අංශය යටතේ පවතින මාධ්‍යයන්ට දැඩි රාජ්‍ය මැදිහත්වීම සහ පුද්ගලික මාධ්‍ය ආයතන බහුතරයක් දේශපාලන බලමූලයන් යටතේ පැවතීම.
6. බොහෝ මාධ්‍ය ආයතන වෙළඳ දැන්වීම් සහ වානිජමය අනුග්‍රහය මත යැපීම නිසා පුද්ගලික අරමුණු සහ වානිජමය නැඹුරුතාවයකින් යුක්ත වීම.
7. සංවර්ධනයට අදාළ ආයතන සහ මාධ්‍ය අතර සම්බන්ධීකරණයක් නොපැවැතීම.
8. ජනමාධ්‍ය පරිහරණය කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වීම.
9. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ස්ථිරසාර ප්‍රතිපත්තියක් හෝ ආචාර ධර්ම පද්ධතියක් නොමැති වීම.
10. මාධ්‍ය නිදහසක් නොමැති වීම.
11. සදාචාරය කෙරෙහි බලපෑම.
12. අපරාධ සහ ප්‍රචණ්ඩත්වය කෙරෙහි බලපෑම.
13. ජනකලා ක්‍රම වලින් දුරස් වීම.
14. ජනතාවගේ රසවින්දනය පිරිහීම.
15. අනවශ්‍ය අවශ්‍යතා නිර්මාණය කිරීම.
16. බොහෝ මාධ්‍ය ප්‍රචාරාත්මකවාදී සන්නිවේදන රටාවකට නැඹුරුවීම හා විවිධ බල කණ්ඩායම් වල අරමුණු ඉටුකර දීමට නැඹුරු වීම.
17. සංවර්ධන සන්නිවේදනයට අදාළ පුහුණු විශේෂඥ සන්නිවේදකයින් ජනමාධ්‍ය තුළ හිඟකම.
10. සංවර්ධන ව්‍යාපෘති
හඳුනා ගන්නා ලද සංවර්ධන ගැටළුවක් විසඳීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විධිමත් සංවිධානාත්මක වැඩසටහන, සංවර්ධන ව්‍යාපෘති ලෙස හැඳින්වේ.
කිසියම් ක්ෂේත්‍රයක් තුළ පොදුවේ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා හඳුනා ගන්නා වූ ගැටළුවක් හෝ ගැටළු කිහිපයක් විසඳීම අරමුණු කොට ගෙන සැලසුම් කොට ක්‍රියාවට නඟනු ලබන වැඩසටහන් සංවර්ධන ව්‍යාපෘති ලෙස අර්ථ දැක්විය හැකිය. නැතහොත් නියමිත කාල පරිච්ඡේදයක් තුළ දී නිශ්චිත සංවර්ධන අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටුකර ගැනීම සඳහා සැලසුම් කරන ලද ක්‍රියාදාමයක් ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත හැකිය. එවැනි ව්‍යාපෘතියක ප්‍රධාන ලක්ෂණ 04 කි.
1. අරමුණක් හෝ අරමුණු කිහිපයක් තිබීම.
2. නිශ්චිත කාලසීමාවක් තිබීම.
3. ආයෝජනයක් සිදුකිරීම.
4. ප්‍රතිලාභ හිමිවන නිශ්චිත කොටසක් සිටීම.
ආයතනමය හා කළමණාකරණ ව්‍යුහය වශයෙන් ගත් කල ප්‍රධාන ක්ෂේත්‍ර හතරකට ව්‍යාපෘති වර්ග කළ හැකිය.
1. රාජ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති:- මහවැලි ව්‍යාපාරය, උමා ඔය ව්‍යාපාරය, පහළ ඌව සංවර්ධන ව්‍යාපෘතිය, මැලේරියා මර්ධන ව්‍යාපාරය, මූලික වසංගත රෝග වැලැක්වීමේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය, දැදුරු ඔය ව්‍යාපෘතිය, වගා සංග්‍රාම ව්‍යාපෘතිය.
2. රාජ්‍ය නොවන සංවිධාන ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති:- මේවා දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සංවර්ධන ව්‍යාපෘති ලෙස කොටස් කළ හැක. දේශීය රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ලෙස සර්වෝදය ගම්මානය වැඩසටහන, සණස ණයදෙන සමිති වැඩසටහන, හම්බන්තොට කාන්තා බැංකු ව්‍යාපෘතිය දැක්විය හැකිය. විදේශිය රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ලෙස තෙරඩෙස්හෝම් සුනාමි නිවාස ව්‍යාපෘතිය, ලංකා සුළු ධීවර සම්මේලනය, වර්ල්ඩ් විෂන් ලංකා, ප්ලෑන් ඉන්ටර්නැෂන